කැලණියේ දේශපාලන මැරයෝ ජවිපෙ රැස්වීමකට දෙ
කැලණියේ දේශපාලන මැරයෝ ජවිපෙ රැස්වීමකට දෙවරක්ම පහරදෙති
කිරිබත්ගොඩ ඊයේ (22) සවස පැවැත්වූ ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රචාරක රැස්වීමකට ප‍්‍රදේශයේ ඇමැතිවරයකුගේ සහාය ලබන මුහුණ බැඳගත් මැරයෝ පිරිසක් පහරදීම නිසා ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයකු තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
මෙම පහරදීම නිසා අඩාල වූ රැස්වීම නැවත පැවැත්වීමට ජවිපෙ කටයුතු කළ අතර එහිදී රැස්වීම පැවැත්වෙන අතරතුර යලි එහි කඩා වැදුණු මුහුණු බැඳගත් මැරයන් පිරිස ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් රැස්වීම කඩාකප්පල් වී තිබේ.
එහිදී මෙම මැරයින් පාලනය කිරීමට පොලීසිය කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගත්තේ යයි එම අවස්ථාවේ එහි සිටි ජවිපෙ සාමාජිකයකු අප හා පැවැසීය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද දිනයේදී ජනාධිපතිවරණය පිළිබඳව ප‍්‍රකාශයක් නිකුත් කරන්නට සූදානම් ව සිටින අවස්ථාවක දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහනයේ සිටින ප‍්‍රමුඛ දේශපාලන පක්‍ෂයක් වන ජවිපෙට මෙසේ ප‍්‍රහාර එල්ල වීම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ලවෙමින් පවතින බරපතල ප‍්‍රහාරයක් බව දේශපලන පක්‍ෂ පෙන්වා දෙයි.
Source :-
http://wp.me/pI5Gy-3W