[for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මං පාලිනම් දන්නෙ නැහැ. මං මේක උපුටා ගත් තැන තේරුම දීල තිබුණෙ ඔහොම. (ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ' පොතේ) මම හිතං හිටියෙ ඔය වචනෙට 'මනාව සවන් දීම' කියන තේරුම ඇතුව. නමුත් මෙතනදි කියන තේරුම ශ්‍රද්ධාව කියන අර්ථයට කිට්ටුයි නේද?

ඕක ශ්‍රද්ධාව වෙන්න ඕනි...කොහොමත් ධර්ම ශ්‍රවණයේදි ශ්‍රද්ධාවක්නෙ ඇතිවෙන්නෙ...ආසාව කියලා සලකන්න බෑ..මොකද ආසාව, තණ්හාව දුකට මුලනෙ...

පටිච්චසමුප්පාදයේ විදියටත් ශ්‍රද්ධාව තමයි රහත්භාවයට මූලිකවම අවශ්‍ය වෙන්නෙ...

File0057.jpg
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව්, මාර්ගයට පිවිසෙන්නෙම ශ්‍රද්ධානුසාරී වෙලානෙ. මෙතනදි සරල බසින් කියනකොට ධර්මය ඇසීමට ඇති ආශාව කියල ඇත්තෙ ශ්‍රද්ධාවට, නැත්නම් ඒ සඳහා වන කැමැත්තට.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔව්, මාර්ගයට පිවිසෙන්නෙම ශ්‍රද්ධානුසාරී වෙලානෙ. මෙතනදි සරල බසින් කියනකොට ධර්මය ඇසීමට ඇති ආශාව කියල ඇත්තෙ ශ්‍රද්ධාවට, නැත්නම් ඒ සඳහා වන කැමැත්තට.

අන්න හරි...දැන් නිරවුල්...:)

ශ්‍රද්ධාවත් "අමූලිකා" , "අකාරවතී" විදියට බෙදෙනවා නේද...:)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ම්ම්ම්. අමූලිකා කියන්නෙ කවුරුත් කියන්නන් වාලෙ අන්ධ භක්තියෙන් ඇති කර ගත් ශ්‍රද්ධාව; ආකාරවතී කියන්නෙ අවබෝධයෙන් ඇති කර ගත් ශ්‍රද්ධාව, නෙහ්?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ම්ම්ම්. අමූලිකා කියන්නෙ කවුරුත් කියන්නන් වාලෙ අන්ධ භක්තියෙන් ඇති කර ගත් ශ්‍රද්ධාව; ආකාරවතී කියන්නෙ අවබෝධයෙන් ඇති කර ගත් ශ්‍රද්ධාව, නෙහ්?

ඔව්, මම අද ශ්‍රද්ධාව ගැන ලියවුණ බ්ලොග් ලිපියක් කි‍යෙව්වා..ඒකෙ තමයි තිබ්බෙ...http://dhammamedicine.blogspot.com/2009/11/04.html

මමත් මේ සම්බන්ධ එච්චර දැනුමක් නෑ...දහම් පාසල් පොතේ නං ශ්‍රද්ධාව ගැන පාඩමක් තිබ්බා...කොහෙද ඉතින් ඒ කාලෙ දහම් පාසල් කට් කරානෙ...:baffled:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව්, මම අද ශ්‍රද්ධාව ගැන ලියවුණ බ්ලොග් ලිපියක් කි‍යෙව්වා..ඒකෙ තමයි තිබ්බෙ...http://dhammamedicine.blogspot.com/2009/11/04.html

මමත් මේ සම්බන්ධ එච්චර දැනුමක් නෑ...දහම් පාසල් පොතේ නං ශ්‍රද්ධාව ගැන පාඩමක් තිබ්බා...කොහෙද ඉතින් ඒ කාලෙ දහම් පාසල් කට් කරානෙ...:baffled:

මමත් ටිකක් තේරෙන කාලෙ ඤාණානන්ද හාමුදුරුවන්ගෙ පරිවර්තනවලින් සහ පැහැදිලි කිරීම්වලින් තමයි ආකාරවතී ශ්‍රද්ධාවක් ඇති කර ගත්තෙ. ඔයා දක්වල තියෙන ලිපිය හොඳයි.
ශ්‍රද්ධාව, සති, විරිය, පඥ්ඥා...ඇති කර ගන්න කියනව නේද ධර්ම මාර්ගයේ ගමන් කරන අයට?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මමත් ටිකක් තේරෙන කාලෙ ඤාණානන්ද හාමුදුරුවන්ගෙ පරිවර්තනවලින් සහ පැහැදිලි කිරීම්වලින් තමයි ආකාරවතී ශ්‍රද්ධාවක් ඇති කර ගත්තෙ. ඔයා දක්වල තියෙන ලිපිය හොඳයි.
ශ්‍රද්ධාව, සති, විරිය, පඥ්ඥා...ඇති කර ගන්න කියනව නේද ධර්ම මාර්ගයේ ගමන් කරන අයට?

සති, විරිය, පඥ්ඥා ගැන නම් මට එච්චර අවබෝධයක් නෑ...:no::no::baffled:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
සති, විරිය, පඥ්ඥා ගැන නම් මට එච්චර අවබෝධයක් නෑ...:no::no::baffled:

ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ පොතේ මුල තියෙනව සද්ධර්මය යන වචනයට දෙන අර්ථකතනයක්- පාසාදික සූත්‍රයෙන් (දී.නි.)

සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධාන වීර්යය, සතර සෘද්ධිපාද, (සද්ධා, විරිය, සති, සමාධි, පඥ්ඥා යන අවබෝධය පිණිස තමා තුළ පිහිටන) ඉන්ද්‍රිය ධර්ම පස, බල ධර්ම පස, බොධ්‍යංග ධර්ම සත, ආර්ය අෂ්ඨාංගික මාර්ගය යන කරුණු ටික.

භාවනා කරන්න උපදෙස් දුන් ස්වාමින්වහන්සෙත් මේ ගැන කිව්වා, ශ්‍රද්ධාව ඇති කෙනා වීර්ය වඩලයි සතියක් (සිහිය) උපදවා ගන්නෙ, එයිනුයි සමාධියක් ඇති කර ගත හැක්කෙ, ප්‍රඥාව දියුණු කර ගත හැක්කෙ කියල. (මමනම් වීර්ය කියන එකේදිම හිර වෙනව.):(

මේ කරුණු ගැන කතා කරන්න ඇත්නම් හොඳයි. මේවා අපිට ඒ තරම් හුරු නැහැ; පැහැදිලිත් නැහැ. ටිකක් විස්තර දන්න අය කියල දෙනවනම් ගොඩක් වටිනවා.
 
මේක නං හරි වටින ධර්ම කරුණක්...අන්තිම පේලියේ කීවා වගේ විස්තර වශයෙන් කතා කරන්න පුලුවන් නං වටිනවා...:)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අමා නිවන් සුව බොහෝ දුර නොවේ පොතේ මුල තියෙනව සද්ධර්මය යන වචනයට දෙන අර්ථකතනයක්- පාසාදික සූත්‍රයෙන් (දී.නි.)

me potha hoyaganna puluwannan hugak watinawa...Ebook widiyata nadda...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
me potha hoyaganna puluwannan hugak watinawa...Ebook widiyata nadda...

මං හිතන්නෙ තියෙනවා. මගෙ ලඟ තියෙන්නෙ කරදහි පොත. :rofl: ඒක මං අත් පොතක් විදිහට පාවිච්චි කරන්නෙ. මේ මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කෙරෙන පොත. බොහොම වටිනවා.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මං හිතන්නෙ තියෙනවා. මගෙ ලඟ තියෙන්නෙ කරදහි පොත. :rofl: ඒක මං අත් පොතක් විදිහට පාවිච්චි කරන්නෙ. මේ මහා සතිපට්ඨාන සූත්‍රය විස්තර කෙරෙන පොත. බොහොම වටිනවා.

:yes::yes:

මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්නං..නැතිවෙන්න විදියක් නෑ...:D
 
jayalakmal

Member
Oct 7, 2007
13
1
3
Sri Lanka
:yes::yes:

මම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්නං..නැතිවෙන්න විදියක් නෑ...:D

Go to the following link and download the ebook "E Ama Niwan Suwa Boho Dura Nowe" (PDF)
It is the ebook that you are searching...

Link:
http://www.4shared.com/file/160958438/d5538ae/E_Ama_Niwan_Suwa_BohoDura_Nowe.html

Theruwan Saranai !!! :)

(I uploaded the ebook to 4shared.com because, these days Mahamevnawa web sites are temporary down for maintenance...)
 
Last edited:
  • Like
Reactions: ela_eluwa120

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අන්තර්භවය කියන සංකල්පය ගැන මෙතන කතා කලොත් හොදයි කියලා හිතුනා...