~ ළමා ගී එකතුව/Lama Gee ~

Jan 15, 2009
9,238
368
0
  • Like
Reactions: dilrasan

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අත්තම්මා නිවන් ගිහින් - හර්ෂණ දිසානායක
    Aththamma Niwan Gihin - Harshana Dissanayeke

    අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
    හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි
    ඒ වුණාට කියා දුන්න කවි සීපද වාරම්
    අත්තම්මගෙ තාලයට ම මට තාමත් පාඩම්

     
    Jan 15, 2009
    9,238
    368
    0

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    අත්තම්මා නිවන් ගිහින් - හර්ෂණ දිසානායක
    Aththamma Niwan Gihin - Harshana Dissanayeke

    අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
    හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි
    ඒ වුණාට කියා දුන්න කවි සීපද වාරම්
    අත්තම්මගෙ තාලයට ම මට තාමත් පාඩම්


    me song ekatay ara Tsunami ekata gahapu Song ekai man asai...i feel them...for the Tsunami Song tears came..:rofl::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිච්ච කැකුළු - හර්ෂණ දිසානායක හා කස්තුරි සූරියකුමාර්
    Pichcha Kakulu - Harshana Dissanayeke & Kasthuri Sooriyakumar

    පිච්ච කැකුළු මල් මාලය කොන්ඩෙ පළන්ඳා
    සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ
    අම්ම අප්ප කොයි ගිහින් ද ඇයි තනියම පන්සලේ
    අර සුවඳ හමන පිච්ච කැකුළු කෝ අද උඹෙ කොන්ඩයේ

    අම්ම අප්ප ගියා උදෙන් වැඩට මාළු වාඩියෙ
    මහ මුහුද ඇවිත් දෝරෙ ගියා වාඩියවත් නෑ එහේ
    වෙච්ච කරච්චල් කියන්න සාමිත් නෑ කෝවිලේ
    ලොකු හාමු‍දුරුවො අපට ඇවිත් ඉන්න කීව පංසලේ

    කැඩිච්ච කෝවිල හදන්න ටික දවසක් යයි නගේ
    අපි බුදු සාදුට වැඳල අහමු අම්ම අප්ප ගැන නුඹේ
    මෙච්චර කල් කවදාවත් පන්සලකට නෑ ගියේ
    අපි හැමදාමත් දුක කීවේ දෙවියන්ටයි කෝවිලේ

    දෙවියො බුදුන් කාටත් දුක තේරෙනවා එක වගේ
    අපි බුදුසාදුට වැඳල පස්සෙ කෝවිලටත් යමු නගේ
    ඒනම් මට කියා දෙන්න වඳින විදිය පන්සලේ
    බුදු සාදුට පූජා කරන්න පිච්ච මලක් නෑ අතේ
    අත්පොඩි දෙක එකට තියල වඳින ලෙසම කෝවිලේ
    සුදු අරලිය මල් පූජ කරමු ඒවත් සුවඳයි නගේ




     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මං ආසම සින්දුවක් :)

    හර්ෂන දිසානායක-රත්නපුරෙන් ගෙන ආ
    Harshana Dissanayaka-Rathnapuren Gena Aa

    (ori ul sandun thilaka)

    රත්නපුරෙන් ගෙනා ආ සමන් මල් සුවඳින් හද පුරවා
    කලා වැවෙන් සුදු නෙලුම් නෙලාගෙන දෝත පුරා
    රුහුණු පුරෙන් එන ලා කෑල මල් සුවඳ කොකුම් තවරා
    අලිමංකඩ තොටමුනට වෙලා අපි බලා හිඳිනවා
    නාගදීපයේ දොරගුළු ඇරෙන තුරා


     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පේලි පේලි පේලි සැදී
    Peli Peli Peli Sedii

    පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
    පේලි පේලි පේලි සැදී නැට්ටුවො එනවා
    බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
    පාර දිගේ විහාරයට පෙරහැර යනවා
    අපේ ගමේ විහාරයට පෙරහැර යනවා//