අපේ මේ සෝම හාමුදුරුවෝ වගේ ඉස්සරත් සෝම හාමුදුරුවරු හිටියා..
ඒ අයත් අයුක්තිය අසාධාරණය හමුවේ ඇස්, කන් පියාගෙන නොසිට සාම්ප්රදායික පොතේ බණ දෙසනවාට වඩා ඇත්ත ඒ අයුරින්ම ජනතාවට තේරුම් කර දුන්නා..
ඇත්ත පෙන්නලා ජනතාව දැනුවත් කල වරදට ජීවිතයෙන් වන්දි ගෙව්වා..
මේක මේ ධනේශ්වර සමාජ ක්රමයේ පවතින එක් බියගුලු ම්ලේච්ජ ක්රියා දාමයක්..
තමන්ට එරෙහි වන්නා කුමන හෝ සැලසුමකින් මෙලොවින් තුරන් කිරීම ගජ රාමෙට එදා සිටන් අද මේ මොහොත දක්වාත් සිදුවුනා හා සිදුවෙමින් පවතිනවා...
හෙට දවසට ඇවැසි යහපත් තරුන පරම්පාරවක් ගොඩ නගමින් සිටිය ඒ අභීත යතිවරයාණන් වනසා දමා උන් අපිට නැති කලේ අපේ ජීවිත විතරක් නෙවෙයි අපේ දූ දරුවන්ගේ හා ඉදිරි පරපුරේත් ජීවිත..
ඒත් එක සෝම හාමුදුරු කෙනෙක් වනසනකොට තව සෝම හාමුදුරුවරු දස දහසක් උන්වහන්සේ එලි කොට දුන් මග යන්නට සැදී පැහැදි සිටිනා බව උන්ට තේරුම් ගන්න තරම් ශක්තියක් හා බුද්ධියක් නැහැ...
සෝම හාමුදුරුවනි...මතු බවයක හෝ හමුවී ඔබවහන්සේගෙන් හරවත් දෙසුමක් අසන්නට මට අවසර.....
මල්ලියා මේ කෙටි කාලයට මං ඔයාගෙන් දැකපු කාලීන වැදගත්කමක් ඇති විශිෂ්ඨ නිර්මානයක් මේක..
අද දවසේ නිර්මානකරුවන්ගේ හිඩැස පිරවීමට ඉදිරියට ඇවිත් ඉන්න මල්ලියා වගේ අය දැක්කම ඉදිරි පරපුර ගැන පුංචි ධනාත්මක චින්තනයක් හදේ කොනක රඳව ගන්න මට අවකාශය ලැබෙනවා..
දිගටම ලියන්න ...ඔබට ජය...