‘Sunday leader මෙහෙයවන්නේ ඔබයි.. මේක වහාම නවත්වන්න..’’
ෆොන්සේකා රනිල්ට බැණවදී
පසුගිය ඉරිදා සන්ඬේ ලීඩර් පුවත් පත කියවමින් සිටින අතරතුර සරත් ෆොන්සේකා විසින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ වෙත දුරකථන ඇමතුමක් මඟින් බැණ වැදී ඇත. මීට හේතු වී ඇත්තේ එම පුවත් පතේ මුල්පිටුවේ පළවී තිබූ ප‍්‍රධාන පුවතත්, එමෙන්ම ඊට පෙර සතියේ සන්ඬේ ලීඩර් පුවත් පතට අදාල තම කරුණු පැහැදිලි කිරීම පල කර තිබෙන ආකාරයත් ය.
මෙවර සන්ඬේ ලීඩර් පුවත්පතේ පල වී තිබුනේ මීලඟ ආණ්ඩුවේ විධායක අගමැති බවට පත් වන්නේ තමන් බවට විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ විසින් සිදු කරන ලද ප‍්‍රකාශයකි. එම ප‍්‍රවෘත්තිය සම්බන්ධව ජවිපෙ නායකයන් තමන්ගෙන් ප‍්‍රශ්ණ කල බවත්, ඡන්දය නිමා වන තුරු මෙබඳු ප‍්‍රවෘත්ති ඵල කිරීමෙන් වලකින ලෙසත් ෆොන්සේකා මෙහිදී රනිල් වික‍්‍රමසිංහගෙන් ඉල්ලා ඇත. ඒ සම්බන්ධව රනිල් ප‍්‍රකාශ කර ඇත්තේ, දෙමළ සහ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් හිතන ජනතාවට තමන් විධායක අගමැති වන බව කිවහොත් පමණක් සරත් ෆොන්සේකාට ඡන්ද වැටෙනු ඇති බැවින්, තමන් එම ප‍්‍රකාශය කලේ ඒ නිසා බවය.
‘‘ඔබ හිතනවද දෙමළ ජනතාවටහා කොළඹ ඉහල මැද පංතිය ඔබට ඡන්දය දෙයි කියලා. ඔවුන් බයයි ආමිකාරයෙකුට. ඒ බය නැති වෙන්නෙ මම දිනනව කියල කිවුවොත් විතරයි. ජවිපෙ ලව්වා පෝස්ටර් ටික ගහගන්න. දැන් ඒ ගොල්ලන්ට එච්චර වෝට් බෙස් එකක් නෑ. මම මේ පණිවුඩය දෙන්නෙ දෙමළ හා ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් හිතන හා කථා කරන පිරිසට.’’
අනතුරුව සරත් ෆොන්සේකා තම අප‍්‍රසාදය ඵල කර ඇත්තේ, ඊට පෙර ඉරිදා ලීඩර් පුවත් පතේ තමන් ප‍්‍රකාශ කල බවට ගෝඨාභය රාජපක්‍ෂගේ නම සඳහන් කරමින් ගිය පුවතට අදාලව තමන් යොමු කල කරුණු පැහැදිලි කිරීම එහි ඵල කර ඇති ආකාරය සම්බන්ධයෙනි.
‘‘මගේ පැහැදිලි කිරීම විතරයි දාල තියෙන්නෙ. ඇයි ඔවුන්ගේ සටහනක් දාල ඒක පිළිගෙන නැත්තෙ’’
මෙම ප‍්‍රශ්ණයට පිළිතුරු ලෙස වික‍්‍රමසිංහ පවසා ඇත්තේ එය විමසිය යුත්තේ පුවත් පතේ කතුවරියගෙන් බවය. එවිට ෆොන්සේකා පවදා ඇත්තේ ‘‘එහි අයිතිකාරයා ඔබනෙ. ඒකයි මේ ඔබට කිවුවෙ.’’ කියාය.
මෙහිදී විපක්‍ෂනායකවරයාට කෝපයේ බැන වැදී ඇති ෆොන්සේකා දුරකථනය එකවරම විසන්ධි කර ඇත.