Udaharana Deela Wistharayak Denna puluwanda?
හොදයි මෙහෙම උදාහරණයක් සළකමු.
A, B කියලා යාළුවො දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්නා හෝටලේකට ගිහින් තේ දෙකක් ඉල්ලනවා..වේටර් තේ දෙකක් ගෙනත් දෙනවා..හැබැයි සීනි නැතිව...කැමති කෙනෙකුට කවුන්ටරේ උඩ තියන සීනි බෝතලෙන් සීනි ගන්න පුළුවන්..ඉතිං A සීනි නැතිව තේ බොන්නෙ, B සීනි එක්ක..දැන් B, Aට කියනවා "මචං අර කවුනටරේ තියන සීනි බෝතලෙන් මගෙ තේකට සීනි ටිකක් දාන් එන්න කියලා"...ඉතිං A, Bගෙ තේ කෝප්පෙත් අරන් යනවා..
අවස්ථාව එක
A කවුන්ටරේ ගාවට ගිහින් සීනි බෝතලේ අරන් Bගෙ තේකට සීනි දානවා..හැබැයි බෝතලේ තිබිලා තියෙන්නෙ වස..ඒක බීලා B මැරෙනවා..ඒත් මෙතනදි Aට අකුසලයක් සිද්ධ වෙන් නෑ..එයා දන්නෑ බෝතලේ වස තියනවා කියලා..සීනි කියලා තමයි හිතුවෙ..Bව මරන චේතනාවකුත් තිබ්බෙ නෑ..
අවස්ථාව දෙක
කලින් අවස්ථාවම ගමු. ඒත් මේ පාර බෝතලේ තියෙන්නෙ සීනි..එතකොටත් මරණ චේතනාවක් නෑ..අකුසලයක් නෑ..
අවස්ථාව තුන
මේ සැරේ A කවුන්ටරේ ගාවට ගිහින් කලින් විදියටම සීනි බෝතලේ ගන්නවා..හදිස්සියේ ම දකිනවා බෝතලේ "වස" කියලා ලේබල් එකක් ගහලා තියනවා...Bව මරන්න කියලා හිතාගෙනම තේකට වස දානවා...ඒත් බෝතලේ තිබිලා තියෙන්නෙ වස නෙමේ සීනි..ඒක නිසා B මැරෙන් නෑ..ඒත් Aට මරණ චේතනාවක් තිබුණ නිසා මෙතනදි අකුසලයක් වෙනවා..
අවස්ථාව හතර
මේ සැරේ බෝතලේ ලේබල් එක "වස"..ඇතුලේ තියෙන්නෙත් වස..ඕනකමින්ම මරණ චේතනාවෙන් ම A, B තේ කෝප්පෙට වස දානවා..ඒක බීලා B මැරෙනවා...මෙතනදි පැහැදිලිවම Aට අකුසලයක් සිද්ධ වෙනවා..