අවධාරණය පිණිසයි

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
අවධාරණය පිණිසයි

ත්‍රිවිධ හමුදාවේ වඩාම සුදුසු නිලධාරීන් සුදුසු තැන්වලට පත් කරමින් ලොව බලවත්ම හා බිහිසුණුම ත්‍රස්‌තවාදී සංවිධානය වූ එල්.ටී.ටී.ඊ. ය විනාශ කිරීම සඳහා අවශ්‍ය හමුදා පිරිස්‌ බලය හා අවි බලය එක්‌රැස්‌ කරමින්, රට එක්‌සේසත් කිරීමේ සටන සැලසුම් කළ දේශප්‍රේමී ජාතිමාමක ආරක්‍ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව රටටම හානි කර වන්නා වූ ප්‍රකාශයක්‌ එ.ජා.ප. හිතවාදී ඉංගී්‍රසි පුවත්පතකට ලබාදෙමින් නව යටත් විජිතවාදී බලවේගයන්ට අවශ්‍ය ආකාරයෙන් ක්‍රියා කළ තැන් පටන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කෙරෙහි අප තුළ වූ ගෞරවනීය ආකල්පය වෙනස්‌ කරන්නට සිදුවී තිබේ. කොටි ත්‍රස්‌තවාදී නායකයන් සුදු කොඩි ඔසවාගෙන යටත් වන්නට පැමිණෙද්දී ඔවුන් මරා දමන්නට නියෝග කළේ යෑයි කියමින් දේශප්‍රේමී ජාතිහිතෛෂී ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා සටන් බිමේ සිටි රණවිරුවන්ට එරෙහි වන ප්‍රකාශයක්‌ කරන්නට පෙර මේ ලිපිය ලියන මම හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මුළු හදින් ගෞරව කළෙමි. කොටි ත්‍රස්‌තවාදයට එරෙහි සටනේදී මරණය පෙනෙන තරම් බරපතල ලෙස තුවාල වීමෙන් පසු පවා සැබෑ වීරයකු ලෙස හමුදාවන්ට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා කෙරෙහි වූ ගෞරවාදරය නිසාම ඔහු සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට එරෙහිව ජනාධිපති අපේක්‍ෂකයකු වන්නට සූදානම් වෙද්දී පවා රට, දැය, සමය වෙනුවෙන් ජීවිතයම කැප කළ මම මධ්‍යස්‌ථව මැදහත් සිතින් බලා සිටියෙමි.

රට පුරා ගමක්‌ නගරයක්‌ පාසා යමින් පන්සල්, පිරිවෙන්, දහම් පාසල් හා රජයේ පාසල් මෙම පොදු ජනතා සංවිධානවලද දේශන පවත්වමින් දේශප්‍රේමී ජාතික ඉතිහාසයේ වීරෝදාර ජීව ගුණය ළමා, තරුණ, වැඩිහිටි හදවත් තුළට කාවද්දමින් කොටි ත්‍රස්‌තවාදයෙන් රට බේරාගැනීම සඳහා හමුදාවලට බැඳෙන්නට තරුණයින් පොළඹවමින් ආත්ම පරිත්‍යාගයෙන් කටයුතු කළ අනගාරික පුද්ගලයකු ලෙස සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හා සරත් ෆොන්සේකා ජෙනරාල්වරයා අතර වන ජනාධිපතිවරණ සටනේදී තවදුරටත් මධ්‍යස්‌ථව බලාසිටිය නොහැකි තත්ත්වයට අප පත්ව ඇත. අප එඇ තත්ත්වයට පත් කරන ලද්දේ රට එක්‌සේසත් කිරීමේ සටනේ සැලසුම්කරුවා වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව යමින් ලෝක ජනමතය හමුවේ අසරණව සිටි කොටි ත්‍රස්‌තවාදීන්ට හා දෙමළ ඊළාම් හිතවාදී ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරී බලවේගයන්ට වාසිදායක වන අන්දමේ ද්වේශ සහගත ප්‍රකාශයක්‌ කරන ලද්දේ ජෙනරාල් සරත් ෆොන්සේකා විසිනි. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ එම ප්‍රකාශයෙන් පසු එක්‌සත් ජාතීන්ගේ නිල නියෝජිතයන් පවා උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී ජාතිමාමක නායකයිනට හා දේශප්‍රේමී රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර ප්‍රචාරක ව්‍යාපාරයක්‌ දියත් කිරීමේ අවස්‌ථාව බී.බී.සී. වැනි නව යටත් විජිතවාදී ප්‍රචාරක මාධ්‍යයන්ට ලැබී තිබේ. මේ තත්ත්වය තුළ ජීවිතයම රට, දැය, සමය වෙනුවෙන් කැප කළ අපට ජෙනරාල් සරත් ෆොන්සේකාගේ කොටි ත්‍රස්‌ත විරෝධී අතීත වාර්තාව ගැන සලකා ඔහුගේ වත්මන් ක්‍රියාකාරීත්වය හමුවේ තවදුරටත් මධ්‍යස්‌ථව සිටිය නොහැක.

වසර විසි ගණනක දේශපාලන නායකත්වයේ වැරදි නිසා නැවත නැවතත් පසුබසින්නට සිදුවී හමුදා හැරයන තත්ත්වයට පත්වී සිටි ශ්‍රී ලංකාවේ තරුණ පරපුර යළිත් වරක්‌ හමුදාවලට බැඳෙන්නට පෙළඹුණේ ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා වූ මහා සංඝරත්නයේ ආශිර්වාදය හා අනුග්‍රහය ලබා ජනාධිපති ධුරයට පත්වූ මහින්ද රාජපක්‍ෂ මහත්මාගේ නායකත්වය කෙරෙහි ඇතිවූ විශ්වාසය නිසා බවට සැකයක්‌ නැත. මානුෂික මෙහෙවරක්‌ බවට පත්වූ මාවිල්ආරුවෙන් ඇරැඹුණු රට එක්‌සේසත් කිස්රීමේ සටන් ව්‍යාපාරයේදී දිවිපිදූ රණවිරුවන්ගේ මෘත දේහයන් ගමින් ගමට ගෙන එනු ලබද්දී එඇ රණවිරු අවමඟුල්වල හඬා වැටෙන දෙමාපිය සහෝදරාදීන්ගේ දුක්‌ කඳුළු දකිමින් සෝ සුසුම් විලාප අසමින් වසර දෙකහමාරක්‌ තුළ එක්‌ලක්‍ෂ දොළොස්‌ දහසක්‌ තරම් තරුණ පිරිසක්‌ හමුදාවලට බැඳී බිහිසුණු රණබිමට යන්නට පෙළඹුණේ මහා සංඝරත්නය විසින් අත්නෑරම ගෙනගිය ජාතිය අවදි කිරීමේ ප්‍රයත්නයන් නිසාය. දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමග පලස්‌තීන ගම් කීපයකට එල්ලවූ සමූහ ඝාතන යුදෙව් ප්‍රහාරයන් හමුවේ පලස්‌තීනය අතහැර අවට රටවලට පලාගිය ලක්‍ෂ විස්‌සක්‌ පමණ වූ පලස්‌තීන අනාථයින් මෙන් කොටි ත්‍රස්‌තවාදී කුරිරු ප්‍රහාරයන් හමුවේ රජරට හැර නොගොස්‌ තම දරුවන් හමුදා සේවයට කැප කරමින් රජරට වැසියන් නොසැලී සිටියේ දෙදහස්‌ පන්සිය වසරක දේශප්‍රේමී ඉතිහාස ක්‍රියාදාමය ඔස්‌සේ ඉදිරියටම ගිය මහා සංඝරත්නයේ මඟපෙන්වීම හා දේශප්‍රේමයේ සජීවී දේශපාලන සංකේතය බවට පත්වු සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය කෙරෙහි වූ විශ්වාසය නිසා බව නිසැකය. එහෙයින් මාතෘ දේශය එක්‌සේසත් කිරීමේ හා රට, දැය, සමය රැකගැනීමේ නායකත්වයට එරෙහිව යමින් සරත් ෆොන්සේකා ජෙනරාල්වරයා ගත් ක්‍රියාමාර්ගය හමුවේ තවදුරටත් නිහඬව බලා සිටීමට කිසිම දේශප්‍රේමියකුට නොහැකි බව අවධාරණය කළ යුතුව තිබේ.

දැවෙන ලොව නිවා සනහන බුදුදහම අනුව ලොව ලොකුම පාපය සංඝභේදය හෙවත් උතුම් අරමුණකින් එක්‌වූ සමූහයා භේද කිරීමයි. සංඝභේදයත් රහතුන් මැරීමත්, දෙමාපිය ඝාතනත්, බුදුන්ගේ ලේ සෙලවීමත් එක හා සමාන මහා පාප කර්මයන්ය. රට, දැය, සමය රැකගැනීමේ උතුම් අරමුණින් එක්‌වී සිටි ජාතිය භේද භින්න කර රට දෙකඩ කිරීම ද එඇ හා සමාන මහා පාප කර්මයකි. එබඳු වූ මහා පාපයකින් රට, දැය බේරාගැනීමට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් විසින් කරන ලද්දේ ඉතිහාස යුග ගණනක සම්භාවනාවට ලක්‌විය යුතු මහා පුණ්‍යකර්මයකි. එවන් මහා පින්කමකට නායකත්වය දුන් සේනාධිනායක ජනාධිපතිතුමන්ට එරෙහිවීම ද බරපතල පාපයක්‌ වනු ඇත. කෝට්‌ටේ හයවැනි පැරකුම්බාවන්ගෙන් පසු සැබෑ ලෙසම රට එක්‌සේසත් කරන ලද්දේ දේශප්‍රේමී ජාති හිතෛෂී ශාසන මාමක ජනතාවගේ ආත්ම පරිත්‍යාගී ආධාරය හා අනුබලය ලැබූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් බවට සැකයක්‌ නැත. පැරැණි යටත්විජිතවාදීන්ගෙන් අධිපතිවාදී උපායශීලී ක්‍රියාමාර්ගය වූයේ රටත් ජනතාවත් භේද භින්න කර බෙදා පාලනය කිරීමේ කුමන්ත්‍රණකාරී පිළිවෙතයි. පළමුව උඩ, පහත, දෙරට වශයෙනුත් පසුව සිංහල, දෙමළ. මුස්‌ලිම් වශයෙනුත් භේද කරනු ලැබු ලක්‌වැසි ජනතාව පළාත් වශයෙන් භේද භින්න කරන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි.

උතුර, නැගෙනහිර දෙපළාත දෙමළ කතා කරන ජනතාවගේ නිජබිම ලෙස හඳුන්වමින් දෙමළ බෙදුම්වාදයට මුල පුරන ලද්දේ ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි. එසේ පැරැණි යටත්විජිතවාදය මගින් ජන වර්ග භේදවාදයේ බීජ වපුරනු ලැබූ අතර බෙදුම්වාදයට ආධාර අනුබල දීමේ නව යටත්විජිතවාදී කූට කුමන්ත්‍රණ ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය වූයේ ලොව බිහිසුණුම ත්‍රස්‌ත ව්‍යාපාරය වූ දෙමළ ඊළාම් කොටි සංවිධානයයි.

නව යටත් විජිතවාදී කුමන්ත්‍රණකාරී බලවේගයන්ගේ ආධාර අනුග්‍රහ ලබා ජාත්‍යන්තර වශයෙන් බලවත් වූ දෙමළ ඊළාම් කොටි ත්‍රස්‌තවාදයට රාජ්‍ය මට්‌ටමේ පිළිගැනීමක්‌ ලබාදුන් ඊනියා සටන් විරාම ගිවිසුමත් සමග ත්‍රස්‌තවාදී කොටි හමුදාවට මෙන්ම ඔවුන්ගේ ෆැසිස්‌ට්‌වාදී ප්‍රාදේශීය පාලනයට ද රට තුළත් ජාත්‍යන්තරවත් කිසියම් නීත්‍යානුකූල පිළිගැනීමක්‌ ලබාගත හැකි විය. සටන් විරාමයට මුවා වී කොටි ත්‍රස්‌තවාදීන් විසින් දියත් කරන ලද සාපරාධී ක්‍රියාමාර්ගය මූලික මානව අයිතියක්‌ වූ ජලය අවහිර කරන තරම් කුරිරු විය. එඇ මානව විරෝධී කෲරත්වය මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් ලෝකය හමුවේ හෙළිදරව් වීමත් සමග සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා රට එක්‌සේසත් කිරීමේ මානුෂික මෙහෙවරට නායකත්වය දෙමින් සිය සොයුරු ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්ගේ සැලසුම් අනුව සටන ඉදිරියට ගෙන යැම සඳහා අවශ්‍ය දේශප්‍රේමී ජාතික දේශපාලන පදනම සකස්‌ කරමින් ජාත්‍යන්තර සහාය ලබාගැනීම සඳහා අවශ්‍ය පියවර තැබූ බව මුළු රටම දන්නා සත්‍යයකි.

ත්‍රස්‌තවාදී යුද්ධයෙන් නිදහස්‌ වූ එඇකීය ශ්‍රී ලංකා රාජ්‍යය නැවත ස්‌ථාපිත කළ හැකි වූයේ ඊළාම් හිතවාදී බෙදුම්වාදී කුමන්ත්‍රණකාරී ජාත්‍යන්තර බලවතුන්ගේ බලපෑම්වලට අභීතව මුහුණ දෙමින් නොසැලී ක්‍රියා කළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය නිසා බව නොදන්නා දේශප්‍රේමියෙක්‌ නැත. සියලු සැබෑ දේශප්‍රේමීන් දන්නා එඇ සත්‍යයට පිටුපා යන කූට ක්‍රියාමාර්ගයක රූකඩ නායකත්වයට සරත් ෆොන්සේකා ජෙනරාල්වරයා පත්වී සිටීම ෙ€දජනකය. එහෙයින් සරත් ෆොන්සේකා ජෙනරාල්වරයා ඉදිරියට දමාගෙන ගෙන යන පාපී කූට දේශපාලනයෙන් රට, දැය, සමය බේරා ගැනීම මහා ජාතික පුණ්‍යකර්මයක්‌ වන බව අවධාරණය කරමින් ආත්ම ලාභයෙන් තොරව පිරිසිදු සිතින් ලියන මේ ලිපිය මගින් ජනාධිපතිවරණ සටනට බැස සිටින සියල්ලන්ගෙන් මා සාදර කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයෙන් පසු රට, දැය, යළි නගාසිටුවීම සඳහා සමගිව එක්‌වීමට බාධා වන අන්දමින් එකිනෙකාට එරෙහිව ද්වේශ සහගත සිතින් අභූත චෝදනා නොනගා නීතිය, සාමය හා සදාචාරය රැකගෙන සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදී වූ ඡන්ද ව්‍යාපාරයක යෙදෙන ලෙසයි. එඇකීය ශ්‍රී ලංකාව සුරක්‍ෂිත වේවා! සාමය, සමගිය හා සෞභාග්‍ය උදාවේවා!! සියලු සත්වයෝ සුවපත් වේවා!!!
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    20235_102325103129627_100000564129054_61125_559703_n.jpg

     

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    Army eke usas wim dena piliwela anuwa khomath hamudapathi wenna hitiye sf thama.
    Mahinda adareta dunna newei mona janadipathi hitiyath rank eka anuwa sf hamudapathi wenna hitiye
    amathila 116k thiyan inna eka mokada ethakota
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙම දැන්වීම් හැරුනු කොට තවත් දැනිවීම් තිබේද???

    අපෝ තව ඕනා තරම් තිබේ....... :yes:

    ප්‍රශ්නේ තියෙන්නේ ජූනියර් මෙම්බර්ස්ලත් මගේ රෙප් (-) කරන්න දගලන දැගලිල්ල ගැන දුකක් ඇතිවීම පමණි.......!! :shocked::lol::growl:

    කරුණාකර අදහස් වලට, අදහස් වලින් ප්‍රහාර එල්ල කරන්න (මේක ඔයාට කියන එකක් නෙවේ) රෙප් (-) කරන්න හදන අමනයින්ට පමණක් වලංගු ප්‍රකාශයකි........!! :angry: :angry:


    15969_370858815466_819705466_10147925_1448973_n.jpg
     
    • Like
    Reactions: nipuna777

    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    අපෝ තව ඕනා තරම් තිබේ....... :yes:

    ප්‍රශ්නේ තියෙන්නේ ජූනියර් මෙම්බර්ස්ලත් මගේ රෙප් (-) කරන්න දගලන දැගලිල්ල ගැන දුකක් ඇතිවීම පමණි.......!! :shocked::lol::growl:

    කරුණාකර අදහස් වලට, අදහස් වලින් ප්‍රහාර එල්ල කරන්න (මේක ඔයාට කියන එකක් නෙවේ) රෙප් (-) කරන්න හදන අමනයින්ට පමණක් වලංගු ප්‍රකාශයකි........!! :angry: :angry:


    ඒ සියල්ල ඔබ සන්තකේම තබා ගන්න මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ පවසනා වු පරිදිම අදහස් වලට අදහස් වලින්ම පිළිතුරු සපයන්න , දැන්වීම් දැමීමෙන් වළකින්න.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒ සියල්ල ඔබ සන්තකේම තබා ගන්න මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ පවසනා වු පරිදිම අදහස් වලට අදහස් වලින්ම පිළිතුරු සපයන්න , දැන්වීම් දැමීමෙන් වළකින්න.


    http://www.elakiri.com/forum/showpost.php?p=6266907&postcount=2

    මෙහි කර ඇත්තේ එය තමා.......!! :yes: අදහස පින්තූරයකින් පෙන්වීමේ වරදක් මම නම් නොදකිමි.......!! :no:
     

    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    http://www.elakiri.com/forum/showpost.php?p=6266907&postcount=2

    මෙහි කර ඇත්තේ එය තමා.......!! :yes: අදහස පින්තූරයකින් පෙන්වීමේ වරදක් මම නම් නොදකිමි.......!! :no:


    මාගේ ලිපියට අනුකූල වන්නාවු පිළිතුරක් අපේක්ෂා කරමි... ඉන් පිට අදහස් ඉදිරිපත් කිරීමෙන් ඵ්ලක් නොවන්නේය..
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Monawa kiyannada??

    Godak aya karanne prashnayak ho tharkayak demmama Uthara nethiwa wal pal dodawanawa. nethinam kunuharupa kiyanawa. Uththara ne.

    Ekko kiyai "api sinhayo Uuran ekka satanata enne ne" kiyala.
    Nethinam kiyai modainta pilithuru denne ne kiyala.
    Oya wage monawa hari kiyala shep wenawa.
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    oya kyla tynawa Sf kotinta wasi dayaka prakashayak kala kyla
    ath gotabaya awenuwen sunday leader1ta boru news1k damma kyla nadu dala tynawa
    SF entarawasi yawala tynawa
    anika fredrika janesge interview eke tape1 ko?ai aaka idiripath nokaranne?
    anduwa UN 1ta kiwa SF ehema prakashayak karala na sunday leader eke gyapu news1 prathikshapa kala kyla ath ratata kynawa ehema kiwa kyla
    meken oppu wenne sunday leader eke boru news eken anduwa projana ganna bawa neda?
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    oya kyla tynawa Sf kotinta wasi dayaka prakashayak kala kyla
    ath gotabaya awenuwen sunday leader1ta boru news1k damma kyla nadu dala tynawa
    SF entarawasi yawala tynawa
    anika fredrika janesge interview eke tape1 ko?ai aaka idiripath nokaranne?
    anduwa UN 1ta kiwa SF ehema prakashayak karala na sunday leader eke gyapu news1 prathikshapa kala kyla ath ratata kynawa ehema kiwa kyla
    meken oppu wenne sunday leader eke boru news eken anduwa projana ganna bawa neda?

    Me okkotama passe Rathnapuredi oya kathawaa aapahu kiyala thiyenawa kiyala radio eke ahuwa. ???