Thank you very much
Soyura Obage hengeem apata notherenawa nemei. Mamath me huye dapu 1 geethaya 20-25 dena gannawa dekala thiyenawa. Namuth sthuthi karanne 5-6 denai. Meka oyata , mata withrak siduwena deyak nemei. aneka api yamkisi geethayak methanata denne anek sahodara sahodariyange rasawindanaya pinisa misak, newath prathi upakarayak , prasansawak laba geneeme chethanawen nemeine.E nisa adairyata path wenna epa.
Thanks
මගේ සීයා අද සවස මියගියා.. ඔබ සියලු දෙනාටම දෑනුම් දීම මගේ යුතුකමක් කියා සිතමි..
Oneda kiyala ahanna epa. Methanata demmanam neda honda.Ethakota kemathi kenek araganivi neda.සේනානායක වේරලියද්ද මහත්මයා ගේ සින්දු ඕනද ?![]()
Oneda kiyala ahanna epa. Methanata demmanam neda honda.Ethakota kemathi kenek araganivi neda.






Obata sthuthie.
na ithin meke nathi sinduwak nathi tharam ne...
aniwaryenma me sindu tikath athi..
dala thiyena dewal ai aith upload karana eke therumak naha kiyala hithuna nisai ahuwe..
mama dannam ...![]()
දිග වැඩි නම් සමා වෙන්න ඕනෙ. දිවයින පත්‍රයේ ගිය ලිපියක්...මෙතනට ගැලපෙන නිසා මම කලින් දුන්න ගීත කීපයේ ලින්ක් එකත් දෙන්නම්...
ප්‍රවීණ ගායක ඇන්ටන් ජෝන්ස් මේ ලිපිය ගත්තෙ මෙතනින්
නටන මිනිහා ජාතික ගීයටත් නටනවා
ප්‍රවීණ ගායක ඇන්ටන් ජෝන්ස්
බොහෝ සිදුවීම් අතීතයට එක්ව වැළලී ගොසිනි. එදවස මෙරට බොහොමයක් "සුවිශේෂ" සිදුවීම් වැඩි දෙනෙකු මතකයට නඟා ගන්නේ අහම්බෙන් හෝ ඒ පිළිබඳව සඳහන් ඇතොත් පමණි.![]()
එහෙත් මේ අතීතයට එක්වූ බොහෝ සිදුවීම් නිරන්තරයෙන් සිහිපත් කරන ගීත සමුදායක් අපේ සංගීත ක්ෂේත්රයට දායාද කළ ශිල්පියෙකු ද වේ.
ඒ "ඇන්ටන් ජෝන්ස්"ය. ඇන්ටන් ජෝන්ස් මෙරට සංගීත ක්ෂේත්රයේ ප්රකටව සිටින්නේ බයිලා ගායකයෙකු ලෙසය. එලෙසම මේ "බයිලා" වල සුවිශේෂ බවක්ද ඇත. ඒ ඔහුගේ ගීත සියල්ල "සත්‍ය සිදුවීම්" ඇසුරින් නිර්මාණය වූ ඒවා වීමය. "පොඩි විඡේ, මරුසිරා, ප්‍රේමවතී මනම්පේරි, මතුගම සමන් කුමාර" ආදිය ප්‍රධානව ගීත ගණනාවක් නිදසුන් ලෙස දැක්විය හැකිය. ප්‍රවීන ගායක "ඇන්ටන් ජෝන්ස්" හදිසියේ රෝගාතුරව සුවය ලබා මේ මොහොත වන විට විවේකී සුවයෙන් නිවසට වී කාලය ගෙවන මොහොතක, ඔහු හමුවීමට ගියේ පෙර කී අතීත මතකය අවදි කරනු පිණිසය.
ප්රශ්නය:- ඔබ බයිලා ගායනයට පිවිසෙන්නේ ප්‍රකට බයිලා ගායකයෙකු වන "වොලී බැස්ටියන්" ගේ ඇසුර සමගිනි.
පිළිතුර:- ඔව්... ඒ යුගයේ වොලී බැස්ටියන්ගේ ගෲප් එකක් තිබුණා. මට මගේ ඥතීන් හරහා ඒකට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ කියන්නේ මගේ මාමලා, වොලි බැස්ටියන්ගේ ගෲප් එකේ සිංදු කියන්න යනවා. ඉතිං මමත් ඒ අය එක්ක යනවා. එහෙම ගිහින් අවසානයේ මම එහි අත්වැල් ගායනයට සම්බන්ධ වුණා. අවසානයේ මටත් ගෲප් එකේ ඉහළ තැනක් ලැබුණා.
ප්රශ්නය:- 50 දශකය වන විට මෙරට ගීත ක්ෂේත්රයේ "බයිලාව"ට හිමිව තිබුණු තැනත් එක්ක ඔබ බයිලා ගායනයට පිවිසෙනවා.
පිළිතුර:- ඔව් ඒකත් සිද්ධ වෙන්නේ ඒ යුගයේ වොලී බැස්ටියන්ට සෑහෙන වැඩ තිබුණා. එයාට හැම සංගීත සංදර්ශනයකටම යන්න බැරිවුණා ඔහු පොලිසියේ සේවය කරමින් සිටි නිසා. ඒ අඩුව පුරවන්න ඔහුගේ ගීත ගායනා කරන්න ගියේ මම. ඇත්තටම ඒ ගීත ගායනා කරමින් තමයි මම ක්ෂේත්රයට ආවේ.
ප්රශ්නය:- නමුත් ඔබ ඔබේම අනන්‍යතාවයක් ගොඩනඟාගන්න සමත් වෙනවා.
පිළිතුර:- ඔව් මට මතක හැටියට "කන්තෝරුව... කන්තෝරුව" ගීතය තමයි මගේ මුල්ම ගීතය. එතැන ඉඳලා මම මගේ ගීත ගායනා කරන්නට පටන් ගත්තා. මේ 60" දශකයේ වගේ තමයි මට මතක.
ප්රශ්නය:- කාලානුරූපව ඔබේ ගීතවලට වස්තු බීජ ලැබුණා. 70" දශකයේ "යාර ගණන් රෙදි ඉල්ලපු කාලේ නැතිවුණා. ගීතය මෙටි්රක් ක්‍රමයට රට හැරුණු විට නිර්මාණය වුණ ගීතයක්.
පිළිතුර:- ඒ දවස්වල අද වගේ නෙවෙයි ගීතවලට ඕනෑ තරම් වස්තු බීජ තිබුණා. එකිනෙකට වෙනස් ඒවා. අද හැම තැනම මිනීමැරුම්... දවස ගානේ සිංදු දුසිමක් විතර හදන්න පුළුවන්. ඒත් එදා එහෙම නොවෙයි, අනුවේදනීයම සිද්ධිය ඇසුරින් හොඳ වැඩක් කරන්න හැකියාව තිබුණා.
ප්රශ්නය:- ඔබේ ජනප්‍රිය ගීතයක් වන ඝණ්ටා නාදේ අවට ඇසෙන්නේ ගීතයේ මුල් ගායකයා වොලී බැස්ටියන්... ඒත් ගීතය ජනප්‍රිය වුණේ ඔබ නිසා.
පිළිතුර:- ඒ කාලයේ අද වගේ කැසට්පට තිබුණේ නැහැ. ඉතිං වොලී බැස්ටියන්ගේ ඔය ගීතයට එතරම්ම ප්‍රචාරයක් ලැබුණේ නැහැ. පසු කලෙක මම එය දිගින් දිගටම ගායනා කළ නිසාත් කැසට් පටවලට ඇතුළත් වූ නිසාත් ජනප්‍රිය වුණා. සංයුක්ත තැටි අටක් පමණක්, කැසට් පටි තිස් පහක් පමණත් මේ වන විට මා නිකුත් කර තිබෙනවා.
ප්රශ්නය:- වර්තමානයේ ඔබේ යුගයේ ජීවත් වූ බොහෝ ගායක ගායිකාවන් ජීවතුන් අතර නැහැ. අතීතය ගැන මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ.
පිළිතුර:- ඒ කාලය හරිම සුන්දරයි. එච්. ආර්. ජෝතිපාල, මිල්ටන්, එම්. එස්., ෆේරඩී සිල්වා මේ වගේ ක්ෂේත්රයේ ජනප්‍රිය ගායක ගායිකාවන් රාශියක් රට පුරා සංගීත සංදර්ශනවලට යන්නේ "සියෑක්" බස් එකේ. ඒක අයිතිව තිබුණේ සියෑක් එන්ටර්ටේට්මන්ට් ආයතනයටයි. ඒ දවස්වල අපි සංදර්ශනවලට යාපනයේ යන්නේ ඒ බස් එකේ. අපි හැමෝම එකේම ගිහින් මහ රෑම ආපහු එනවා.
ප්රශ්නය:- ඔබ වෘත්තීය ගායකයෙක් නොවෙයි. ඔබ
රැකියාවක් කළා.
පිළිතුර:- ඔව් මම ලංකා බැංකුවේ සේවය කළේ. වසර 35 ක් මම එහි සේවය කළා. කොච්චර රෑ තිස්සේ සංගීත සංදර්ශනවලට ගියත් මම උදේ 8.00 වෙනකොට රැකියාවට යනවා. මම නිවාඩු අරගෙන නැති තරම්. විදේශ සංචාරවලට පමණක් නිවාඩු අරන් තියෙනවා.
ප්රශ්නය:- ඒ යුගයේ එවැනි ගායක ගායිකාවන් රැසක් හිටියා. එම්. එස්., සිසිර සේනාරත්න, වෝල්ටර් ප්‍රනාන්දු වැනි අය උදාහරණ හැටියට දක්වන්න පුළුවන්.
පිළිතුර:- ඔව්... අපි සමකාලීනයන් හැටියට රැකියාවත්. සංගීත ක්ෂේත්රයේ වැඩ කටයුතුත් සමබරව කළා. ඇත්තටම වෘත්තීමය ගායකයන් නොවුණත් අපි එහි ගරුත්වය රකිමින් වැඩ කටයුතු කළා කිව්වොත් හරි.
ප්රශ්නය:- බයිලා ගීතය "ලුම්පන්" පන්තියේ කලාවක් හැටියට ප්‍රතික්ෂේප කරන පසුබිමකුත් තියෙනවා.
පිළිතුර:- ඒ වුණාට අද හැමෝම කියන්නේ "බයිල"නේ. ඒ ගීත මොනවද කියන්න තේරෙන්නේ නැහැ. බයිලා කියන්නේ රාග තාල සහිත ගීත විශේෂයක්. බොහෝ ප්රබුද්ධ කියන අයගෙත් මේ ඝනයේ ගීත තිබෙනවා. අපි බයිලාවලට කියන්නේ "වේග රිද්මයේ" ගීත කියලයි.
ප්රශ්නය:- "වේග රිද්මය" ගීතවලට අනුවේදනීය සත්‍ය සිද්ධීන් මුසුකර ඒවාට රසිකයන් "නැටවීම" පිළිබඳව චෝදනාවකුත් ඒ දිනවල ඔබට එල්ල වුණා.
පිළිතුර:- ඉතිං රසිකයන් කැසට් නිෂ්පාදකයන් ඉල්ලන්නේ ඒවානම් මොකද කරන්නේ. අද ජාතික ගීයටත් නටනවා, පිරිත් ඇහුවත් නටනවා. ජන ගායනාවක් ඇහුනත් නටනවා. නැත්නම් හරි නැහැ වගේ.
ප්රශ්නය:- ඔබට ගීත රචනා කළ පිරිසක් සිටියා සේම බොහෝ පද රචනා ඔබ විසින්ම සකස් කළ ඒවා.
පිළිතුර:- කේ. ඩී. සුමනපාල වැනි අය මෙහිදී සිහිපත් කළ යුතුයි. මගේ මුල්ම ගීතවල පද රචකයා ඔහුයි. මරු සිරා, කන්දේ හැපුණු මහ වනාන්තරේ වැනි ගීත මවිසින්ම රචනා කළ ඒවා. බොහෝ ගීත සඳහා තනු නිර්මාණය කළෙත් මමමයි.
ප්රශ්නය:- වර්තමානයේ දවස ගත කරන්නේ කොහොමද?
පිළිතුර:- ඇත්තටම 2007 සංයුක්ත තැටියක් නිකුත් කළාට පස්සේ අද වන තුරු යමක් කරන්න ලැබුණේ නැහැ. රෝගාතුරව සිටීම නිසා. සුව වූ විගස යමක් කරන්න හිතාගෙන ඉන්නවා.
සංවාදය - උදේශ ගමගේ
ඡායාරූපය - කමල් වන්නිආරච්චි
![]()
this is my favorite...... u cannot avoid tears in ur eyes... just listen... here
MIHI MADALE - http://www.sendspace.com/file/wwtb29

බොහොම ස්තුතියි මිත්‍රයා සින්දු ටිකට. "කන්තෝරුව" සින්දුව එතුවා ගේ 1 වෙනි සින්දුව ලු නේද? ඒක ම්0 ගොඩක් කැමති සින්දුවක්. ම0 ඔක්කොම ටික ගත්තා. ඊට පස්සේ ඔයාගෙ පෝස්ට් එක හොයා ගන්න පොඩ්ඩක් වෙලා ගියා. ඒකයි ස්තුති කරන්න පරක්කු වුණේ.
මේ සාකඦ්ඦාවත් interesting. Thanks හොඳේ.



machooo ......link aka wade naneeeeeeee..................![]()