ඊයේ රතු ඉර - කුජීතයි [Rathu Ira] 01.08.10
ඊයේ රාත්‍රියේ රතු ඉර වැඩසටහන ඔබ සෑම දෙනාම බැලුවාට සැක නැත. ජනාධිපති අපේක්ශක ජෙනරාල් සරත් ෆොන්සෙකා ට එරෙහිව පවතින අවි ආයුධ ගනුදෙනුව පිලිබඳව ප්‍රසිද්ධ විවාදයක් ඊයේ රාත්‍රියේ විකාශව වීමට තිබුනද කෙසේ හෝ එම විවදය සිදු කෙරුනේ නැත. එය ඉදිරියේ කෙසේ හෝ පවත්වන්නේ යැයි කියා අපි බලාපොරොත්තු වෙමු .
අප සියළු දෙනාම දන්නා පරිදි මෙම විවාදයට මුල් වූයේ විමල් වීරවංශ මහතා විපක්ශයට කල අභියෝගයයි. එනම් ජනාධිපති අපේක්ශක ජෙනරාල් සරත් ෆොන්සෙකා ට එරෙහිව පවතින අවි ආයුධ ගනුදෙනුව පිලිබඳව ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන ලෙස කල අභියෝගයයි. එතුමාගේ අභියෝගය වූයේ මෙම විවාදයට විපක්ශය නියෝජනය කරමින් කවුරුන් හෝ පැමිනෙන ලෙසයි. විපක්ශයෙන් දෙදෙනෙකු පැමිනෙයි නම් රජය පාර්ශවයෙන් දෙදෙනෙකු පැමිනෙන බවත් විපක්ශයෙන් එක්කෙනෙකු පැමිනෙයි නම් රජය නියෝජනය කරමින්ද එක් අයෙකු පැමිනෙන බවයි. එනම් විවාදයට පැමිනෙන නියෝජිතයන් ගණන තීරනය කිරීමට විමල් වීරවංශ මහත විපක්ශයට අවස්ථාව ලබ දුන්නේය .
එම අභියෝගය එල්ල කර දින දෙකක් හෝ තුනක් යාමට මත්තෙන්ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම අභියෝගය බාර ගනු ලැබීය . එනම් විපක්ශය නියෝජනය කරමින් තමන් පැමිනෙන බවත් එනම් විපක්ෂයෙන් පැමිනෙන්නේ එක් අයෙකු බවත් වීරවංශ මහතාගේ අභියෝගයට පරිදි රජයෙන්ද එක් අයෙකු විවාදයට පැමිනෙන ලෙස එතුමා අභියෝග කළේය.
මේ අතර ස්වර්නවාහිනි නාලිකාවෙන් විශේෂ රතු ඉර වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. ඒ අනුව සියළු දෙනා බලාපොරොත්තුවෙන් සිටියේ විවාදයට පැමිනෙන්නේ දෙදෙනෙකු බවත් ඒ විපක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර මහතා හා රජය නියෝජනය කරමින් වීරවංශ මහතා බවත්ය.
නමුත් සියළු ප්‍රේක්ශකයින් වික්ශිප්ත කරමින් ඊයේ රාත්‍රියේ රජය නියෝජනය කරමින් වීරවංශ මහතාට අමතරව රාජිත සේනාරත්න මහතාද විවාදයට පැමින සිටියේය. ඒ අනුව රජය නියෝජනය කරමින් දෙදෙනෙකු පැමින සිටියහ. එය අභියෝගයට පටහැනිය. මක් නිසාදයත් වීරවංශ මහතා තම අභියෝගයෙන් කියා සිටියේ විපක්ශයෙන් පැමිනෙන ගනනට සමාන ගණනක් රජයෙන් පැමිනෙන බවය .එසේ නොමැතිව රජයෙන් පැමිනෙන ගණනට සමාන ගණනක් විපශයෙන් පැමිනිය යුතු බව නොවේ. දයාසිරි ජයසෙකර මහතා පැහැදිලිව කියා සිටියේ විපක්ෂයෙන් පැමිනෙන්නේ තමා බවය. එනම් එක් අයෙකු බවය. එවිට රජයෙන් පැමිනිය යුත්තේ එක් අයෙකි. එසේ තිබියදී රජයෙන් නියෝජිතයන් දෙදෙනෙකු සහභාගී වීම කොතරම් සදාචාරාත්මකද ? කොතරම් සාධාරණද ??

එසේ පැමිනියාට කම් නැත ඒ ඔවුන් තුල පවත්නා බිය නිසා විය හැක. නමුත් වරද ඔවුන් අත තිබියදීත් එම වරද අනුන් පිට පැටවීමට ඔවුන් ගත් උත්සහය පිළිකුල් සහගතය. කුජීතය. ඔවුන් අවසානයේ පැවසූයේ විපක්ෂය මෙම විවාදය මහ හැරිමට එසේ ක්‍රියා කල බවයි .
විවාදය මග හැරීමට අවශ්‍ය නම් දයාසිරි මන්ත්‍රීතුමා එම අභියෝගය බාර ගනීවිද ?? විවාදය මග හැරීමට කටයුතු කළේ කවුදැයි අපට දැන් පැහැදිලිය.
වීරවංශ මහතාට විවාද කර පුරුදු නැත . ඔහුට පුරුදු රජයේ නාලිකාවක හෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක පැල් බැඳ ගෙන මඩ ගැසීමටය.
ඔතරම් සාක්ෂි තිබේනම් අධිකරණයට ගොස් ෆොන්සේකා මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට මෙසේ බොරු අභියෝග එල්ල කරමින් බොරු ලියකියවිලි ඉදිරිපත් කරමින් ජනතාව නොමග යවන්නේ මන්ද ?? එයින්ම පැහදිලි වන්නේ මෙම ලියකියවිලි සියල්ල ව්‍යාජ ඒවා බවත් සරත් ෆොන්සේකාට එරෙහිව පවතින චෝද්නාව නිකන්ම නිකන් පුහු චෝදනාවක් පමණක් බවත්ය.
රජය අවශ්‍ය සියලු ලියකියවිලි තිබේනම් නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන නිකන් බලා සිටීවි යැයි කියා ඔබ සිතනවාද ??
නීතිමය ක්‍රියාමර්ගයක් ගෙන ෆොන්සේකා මහතා වරදකරුවෙක් බවට පත් කලහොත් ඔහුට ජනාධිපතිවරනයටවත් ඉදිරිපත් විය නොහැක . එවිට නිතරඟයෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහනය කරයි .
එසේ කිරීමට අවස්ථාව තිබියදීත් මෙසේ බොරු අභියෝග එල්ල කරමින් , විවාද පවත්වමින් ජනතාව නොමග යැවීමට ගන්නා උත්සහය පිළිකුල් සහගත නොවේද ?? 

wimal kiwwe wipakshayen ena gaanak anduwen enawa kiyala . ithin wimal challenge kara gaman dayasiri kiwwane wipakshayen enne ekkenai e eya kiyala

ko dammada 