Rathu Era ~ Swarnawahini

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ස්වර්ණවාහිනියේ ‘රතු ඉර’ ආණ්ඩුවට කඬේ ගිය හැටි මෙන්න..........!! :angry::angry:


    2ufvfy0.jpg


    (ලංකා ඊ නිව්ස් -2010.ජන.11, ප.ව.5.00) තමන් අපක්‍ෂපාතී ස්වාධීන රූපවාහිනි නාලිකාවක් බව කියා ගන්නා ‘‘ස්වර්ණවාහිනිය’’ පසුගිය 8 වනදා රාත‍්‍රී 10 ට ‘රතු ඉර’ දේශපාලන වැඩසටහන විකාශය කිරීම සැලැසුම් කර ඇත්තේ ආණ්ඩුවේ න්‍යාය පත‍්‍රයකට අනුව බව අනාවරණය වෙයි.


    ජෙනරාල් ෆොන්සේකා මහතා හමුදාපති වශයෙන් සිටියදී ඔහුගේ බෑණාට අයත් යැයි කියන කොම්පැණියකින් හමුදාවට අවශ්‍ය උපකරණ මිලදී ගත්තේ යැයි ආණ්ඩුව කරන චෝදනාව මෙම වැඩසටහනට මාතෘකාව විය.


    ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවකදී මෙම චෝදනාව සම්බන්ධව රූපවාහිනි නාලිකාවක විවාදයකට එන ලෙස විවෘත ආරාධනයක් කරමින් එයට සිංහයකු, සුනඛයකු, හංසයකු බැරිනම් ඕනෑම සතකු සහභාගි කරවිය හැකි බවත් තමා ඕනෑම කෙනකු සමග තනිව විවාදයට සූදානම් බවත් ප‍්‍රකාශ කොට තිබිණ. එජාපය හා ෆොන්සේකා මහතා වෙනුවෙන් ආරාධනය පිළිගත් දයාසිරි ජයසේකර මහතා තනිවම ආණ්ඩු පක්‍ෂයේ ඕනෑම කෙනකු සමගම විවාදයකට සූදානම් බවද ප‍්‍රකාශ කළේය.


    මේ ප‍්‍රකාශවලින් පසු විවාදයට අවස්ථාව සලසා දෙන්නට ඉදිරිපත් වූ ‘ස්වර්ණවාහිනි’ නාලිකාව කටයුතු කළ ආකාරය ගැන අපට ලැබුණ අභ්‍යන්තර තොරතුරු මෙසේ වාර්තා කරමු.


    විවාදයට සම්බන්ධ කර ගන්නා දෙදෙනා තෝරා ගැනීම සඳහා එම වැඩසටහන මෙහෙයවන බුද්ධික කුලසේකර මහතා දෙපාර්ශවයේම අයට කතා කොට විවාදය සඳහා දෙදෙනකු තෝරා ගැනීමේ උත්සාහයක යෙදුණේය. ‘ස්වර්ණවාහිනිය’ රතු ඉර දේශපාලන වැඩසටහනට හැමදා සහභාගි කරවා ගත්තේ ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ දෙදෙනකු පමණි. එසේ තිබියදී වැඩසටහන මෙහෙයවන්නාට ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා දැනුම් දී තිබෙන්නේ ආණ්ඩු පක්‍ෂයෙන් විවාදයට දෙදෙනකු සහභාගි කරවන බවයි. මේ දැනුම් දීම අනුව බුද්ධික කුලසේකර මහතා පොදු අපේක්‍ෂක ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට කතා කොට ආණ්ඩු පක්‍ෂයෙන් දෙදෙනකු විවාදයට සහභාගි වන බව දැනුම් දී ඇති බැවින් විපක්‍ෂයෙන් ද දෙදෙනකු සහභාගි කරවන ලෙසට ඉල්ලීමක් කර ඇත. එම කාර්යාලයෙන් දැනුම් දී තිබෙන්නේ රතු ඉර වැඩසටහනට හැමදාමත් සහභාගි කරවා ගත්තේ දෙදෙනකු පමණක් බැවින් මෙම විවාදයට දෙදෙනකු සහභාගි කරවන්නැයි ඉල්ලා සිටින්නේ මන්දැයි විමසා ඇත. එසේම මේ අවස්ථාවේ එම ඉල්ලීම ඉටුකරන්නට බැරි බව හා ස්වර්ණවාහිනිය මෙම වැඩසටහන මුල සිට පවත්වාගෙන ගිය ආකාරයට කරන්නැයි එම කාර්යාලයෙන් දැනුම් දී ඇත.


    මේ අතර විවාදයට තමන් තනිව සහභාගි වන බව දයාසිරි ජයසේකර මහතා ස්වර්ණවාහිනියට දැනුම් දුන්නේය. මේ අනුව ‘රතු ඉර’ විවාදයට විමල් වීරවංශ හා දයාසිරි ජයසේකර මහත්වරුන් සහභාගි වන බව ස්වර්ණවාහිනිය පූර්ව දර්ශන විකාශය කරමින් පාඨකයිනට ඉඟියක් දුන්නේය. විවාදයට සහභාගිවන්නට විමල් වීරවංශ හා දයාසිරි ජයසේකර මහත්වරුන් විවාදය පැවැත්වෙන මැදිරියට පැමිණෙන දර්ශනද විකාශය කෙරිණ. එහෙත් විවාදයට ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරමින් විමල් වීරවංශ මහතා සමග ඇමැති රාජිත සේනාරත්න මහතාද සහභාගි විය.


    ස්වර්ණවාහිනිය උත්සාහ කළේ රජයේ පාර්ශවයේ දෙදෙනා සහභාගි කරවා ගෙන විවාදය පැවැත්වීමටය. ජයසේකර මහතා එයට එකඟ නොවී එ් දෙදෙනා ඕනෑම කෙනකු සමග තමා විවාදයට සූදානම් බව ජයසේකර මහතා වැඩසටහන මෙහෙයවන්නට දැනුම් දුන්නේය. විවාදයට පෙර ජයසේකර මහතා කළ කරුණු පැහැදිලි කිරීමෙන් පසු විවේකයක් ලබා ගනිද්දී ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා බුද්ධිකට දුරකතනයෙන් කතා කොට ජයසේකර මහතා විවාදයෙන් ඉවත්ව යනවා නම් එයට ඉඩදී ආණ්ඩුවේ පාර්ශවයේ දෙදෙනා සමග විවාදය ආරම්භ කරන්නයි දැනුම් දීමක් කර ඇත. අලහප්පෙරුම ඇමැතිවරයාගේ ප‍්‍රකාශය බුද්ධික ජයසේකර මන්ත‍්‍රීවරයාට දැනුම් දී ඇති අතර ජයසේකර මහතා සෘජුවම ප‍්‍රකාශ කර තිබෙන්නේ තමා විවාදයෙන් පැන නොයන බවත් ආණ්ඩුවේ පාර්ශවයේ ඕනෑම කෙනකු සමග විවාදයට සූදානම් බවත්ය. මේ අතර විවාදයට සහභාගි වන ලෙස එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ද දුරකතනයෙන් ජයසේකර මහතාට දැනුම්දීමක් කර තිබේ.


    විවාදය පවත්වනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීම සඳහා වරින් වර විවේක කාල ලබාගනිද්දී ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බුද්ධිකට කතා කොට දයාසිරි මන්ත‍්‍රීවරයා යනවා නම් ආණ්ඩුවේ නියෝජිතයන් සමග විවාදය තනිව පවත්වන්නයි දැනුම් දීමක් කර ඇත. තීරණයක් ගත නොහැකි තත්ත්‍වයකට අසරණවූ බුද්ධික විවාදය අරඹන ලෙසට ජයසේකර මන්ත‍්‍රීවරයාට දැනුම් දෙමින් විරෝධය ප‍්‍රකාශ කර විවාදයෙන් ඉවත්වීමට හැකි බව දැනුම් දී ඇත. මේ අවස්ථාවේ විමල් හා රාජිත සේනාරත්න මහත්වරුන් පවසා තිබෙන්නේ ජයසේකර මහතා ඉවත්ව ගියත් ඔවුන් විවාදය කරගෙන යන බවයි.


    විවාදය කරගෙන යායුතු බවට ආණ්ඩු පක්‍ෂයෙන් දිගින් දිගටම බලපෑම් වෙද්දී ස්වර්ණවාහිනියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ජීවක එදිරිසිංහ මහතා වැඩසටහන මෙහෙයවන්නට දුරකතනයෙන් කතා කොට කවුරුන් බලපෑම් කළත් ඒකපාර්ශවීයව සහභාගිත්වයකින් විවාදය නොපවත්වන ලෙසත් එය අසාධාරණ බැවින් විවාදය අත්හිටුවන ලෙසත් දැනුම් දී ඇත.


    අනතුරුව ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයින්ද තනිව විවාදය කරන්නට කැමැත්ත දැක්වූයේ නැත. ‘රතු ඉර’ විශේෂ විවාදය නතර වූයේ මේ අන්දමට ය.



    Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=11903
     
    Last edited:
    • Like
    Reactions: mylove

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    Api ithin dekkane ban mokada une kiyala...Weerawanshage "Weera" munath dekka e welawe..ha ha eka dekkama pawu kiyala thama hithune...balamuko eelanga paara mokada wenne kiyala...:D
     
    Nov 29, 2009
    115
    3
    0
    38
    galle
    :P:P
    විවාදය මඟ හැර ගියාට දයාසිරිට එජාපයෙන් දොස්

    දුරකථනයත් අක්‍රීය කරලා


    එක්සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිසා මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ස්වර්ණවාහිනී විවාදය මඟහැරයාම පිළිබඳව එම පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ගේ අප්‍රසාදය පළවී තිබේ.

    විශ්‍රාමික ජනරාල්වරයාගේ ආයුධ ජාවාරම් පිළිබඳව විවාදයකට පැමිණෙන්නැයි ආණ්ඩු පක්‍ෂය කළ අභියෝගය භාර ගෙන සහභාගී වූවා නම් විවාදය නොකර මඟහැර යාම එක්සත් ජාතික පක්‍ෂයට සිදුවූ බලවත් පහරක් බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරයාට චෝදනා කර ඇති බවද ආරංචිමාර්ග පවසයි.

    විවාදයට ආණ්ඩු පක්‍ෂයෙන් දෙදෙනකු සහභාගි වූ බැවින් තනි අයෙකුට දෙදෙනෙකු සමඟ සාකච්ඡා කළ නොහැකි බවට දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ආණ්ඩු පක්‍ෂය ඉදිරිපත් කරන චෝදනා සඳහා ඉදිරිපත් කිරීමට කරුණු නොමැති බැවින් බවත් ජනරාල්වරයා එම ආයුධ ගනුදෙනු සිදුකර ඇති බව ඉන් සනාථ වූ බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කරයි.

    එජාපයේ දෝෂදර්ශනයට පත්වී සිටින ජයසේකර මහතා මේ දිනවල දුරකථනය පවා අක්‍රීය කර තිබෙන බව එජාපයේ මන්ත්‍රීවරු පවසති.