SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය තියෙන්නෙ එළකිරි වගේ. ඔහොම යමු. හරි සතුටුයි.

    thank u !! mama oyalata kisima waradak kare naha !! :no: mama kare waradak pennala dunna eka witharai !!:) kawda thawa amana porak ewith methana prashnayak dala.. eya kawda kiyala oyalata adama therei !!:yes: magen oyalata hith ridena monawa hari kiya una nam samawenna !!:)
     

    sadissalk

    Member
    Jan 1, 2010
    4
    0
    0
    To Se. member Janaka

    Hallo Jan! What do U know about MR? First He appointed MP of Beliatta. He was a good friend of passed Anura Bandaranayake. They are the fathers of "Rest house appointment" for lady teachers. You may be to-day/ yesterday boys. If U want more detail asked Beliatta grand people. So please dont mix "goma" in to this "elakiri."
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයා ආනන්දියෙක් වගේම මම ආදි නාලන්දියෙක්. අපේ පාසැල් 2 අතර ලොකු බැඳීමක් තියෙනවානෙ නේද?


    mei monawa kiyanawada ?? dukedi sepedi thiyana isskola dekane !!:lol: nice to knw ur school !!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔයා ආනන්දියෙක් වගේම මම ආදි නාලන්දියෙක්. අපේ පාසැල් 2 අතර ලොකු බැඳීමක් තියෙනවානෙ නේද?

    ඔව් ඔව් මමත් ඉතින් ඔය බිග් මැට්ච් එකේ නෙවෙයි සුලෝහිත සංග්‍රාමයේදි හොදට පිස්සු නටපු එකෙක් තමයි ඒ කාලේ... පේන්නේ නැද්ද මගේ font color එකම
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    mei monawa kiyanawada ?? dukedi sepedi thiyana isskola dekane !!:lol: nice to knw ur school !!


    ඒකනෙ කියන්නෙ අපි කොච්චර ගහ,මරා ගත්තත් අපි සහෝදරයෝ. දිගටම අපිත් එක්ක ඉන්න. සුභ දවසක්.
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    Kaha Maliye.MP3

    ගම අවුලංඥං අළුත් ප්‍රසංගේ බලලා එන්න ගියා ගිය ඉරිදා :P:rofl:

    කහමලියේ අන්නර කහමලියේ
    අන්නර කහමලියේ අන්නර කහමලියේ
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ

    පැහෙන ගොයමේ කහ පාට ගාන
    කහමලියා..කහමලියා
    ගෝල බාලොලියා
    සිනහ කැකිර වගෙ කෝඩුකාර
    කහමලියා..කහමලියා
    බිංතැන්නට පෑහෙනා
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ

    කහමලියේ අන්නර කහමලියේ
    අන්නර කහමලියේ අන්නර කහමලියේ
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්
    තරිකිට ගුගුද ගුදම් තරිකිට ගුගුද ගුදම්

    ආවේ කරකාරෙට ගන්නයි සෝඩි නගේ
    බෝසේ සරු විදානෙකී මම බින්තැන්නේ
    බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ බොළ බින්තැන්නේ
    තෝත් නටාපිය මාත් නටන්නම් විදානෙ රාළගෙ බින්තැන්නේ



    අමුතු වචන පෙළක් නිසා මමත් අරගෙන අහලා බැලුවා. ඔබට ස්තුතියි අමිල අපිට මෙවැනි නෑසෙන ගීතයක් ලබා දුන්නාට.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකනෙ කියන්නෙ අපි කොච්චර ගහ,මරා ගත්තත් අපි සහෝදරයෝ. දිගටම අපිත් එක්ක ඉන්න. සුභ දවසක්.


    ow neda ??:):) mama oyalath ekka digatama innawa....puluwan welawata mama upload karannam !!:)
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0

    දුක් විඳින වැඩකරන ජනතාව ගැන කියැවෙන ඉතා අර්ථවත් කාලීන ගීතයක්. දුප්පතාගෙ මළගම වෙනුවෙන් මොන රජමැදුරෙද සුදු කොඩි නැගුනේ?. මොනතරම් සත්‍යයක්ද?
    ටී.එම්.ගේ අඳුරු කුටිය තුල ගීතයත් සිහියට එනවා.

    ඔබට බොහොම ස්තුතියි මේ ගීතයට.

     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මළහිරු බසිනා යාමේ පායා හිනැහෙන සේකර....

    අදට (ජනවාරි 14 වෙනිදාට) යෙදෙන මහගම සේකර අනුස්මරණ දිනය නිමිත්තෙනි


    (සිළුමිණ පුවත්පතින් උපුටා ගන්නා ලදී..)

    මකට වඩා වටින්නේ මහගමසේකර වගේ ප්‍රතිභාසම්පන්න කලාකාරයෙක් ද, එසේත් නැත්නම් බෝක්කුවක්වත් හදාගන්න පුළුවන් හැකියාවක් ඇති ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයෙක් ද? මේ ප්‍රශ්නය මගේ සිතට නැඟුණේ ප්‍රවීණ සාහිත්‍යධර කේ. ජයතිලකයන් වරක් පුවත්පතකට කර තිබූ එක්තරා ප්‍රකාශයක් දැකීමෙන්. මහගමසේකර රටේ කොයිතරම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණත් ගමට එක බෝක්කුවක් බැඳදීම තරම්වත් සේවයක් ඔහු කර දී නැති බව සේකරගේ අවමඟුල් උත්සවයේදී හමුවූ රදාවාන ගැමියකු තමාට පැවසූ බව ජයතිලකයන් කියා තිබෙනවා. සේකර ගේ අවසන් කටයුතු පැවැත්වුණේ ඔහු උපන් රදාවාන ගමේ තුංමංහන්දියෙදි.

    එහෙත් ඊට ගමෙන් සහභාගි වුණේ ටික දෙනයි. ඊට හේතු විමසීමකදි තමයි අර ගැමියා ජයතිලකයන්ට ඒ වගේ ප්‍රකාශයක් කරලා තිබෙන්නේ.

    මහගමසේකර කවියකු, ගීත රචකයකු, චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු යනාදි වශයෙන් කලා ක්ෂේත්‍ර ගණනාවකම විශිෂ්ටයකු වුණාට ගමේ අයට එය ඒ තරම් මහ කජ්ජක් වෙලා නැති බවක් පෙනී යනවා. ගමේ අයට ඔහු නිකම්ම නිකම් ජෝන් සිංඤෝගේ පුතා පමණක් වුණා.

    මහගමසේකර අධ්‍යක්ෂණය කළ ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ ඇතැම් දර්ශන රූ ගැන්වුණේ ඔහු උපන් ගමේදීමයි. එහි එක් රූපගත කිරීමකදි ගමේ අය දැක්වූ ප්‍රතිචාරයක් ‘මහගමසේකර සහ සමාජ යථාර්ථය’ කියන පොතේ මෙසේ සටහන්ව තිබෙනවා.

    ”අර කවුද ඉන්නේ... ජෝ අබේවික්‍රම... එකෙක් කීය.
    ’අර ඉන්නේ ස්වර්ණා මල්ලවආරච්චි’ තවකෙකුගේ හඬ ඇසිණි.
    ’අර ඉන්නේ ජෝන් අයියගේ පුතා.’ එකෙක් සේකර දෙසට ඇඟිලි දිගුකොට කීය.
    මහගමසේකර ගැන අනුස්මරණ සටහනක් ලියපු අපේ ‘කසුරි’ මහත්තයා (‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා) තම සටහන නිම කර තිබුණේ මේ ලෙසින්.

    ”ඔහු කවියෙක්; ගීත රචකයෙක්; නවකතාකරුවෙක්; චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්; අධ්‍යාපන නිලධාරියෙක්; චිත්‍ර ශිල්පියෙක්; පොත් කවර නිර්මාණ ශිල්පියෙක්; කථිකාචාර්යවරයෙක්. ඒ ඔක්කොම හරි. ඒත් මසිත කියන්නේ මහගමසේකර හඳුන්වන්න පුළුවන් හොඳම නිර්වචනය ඒ එකක්වත් නොව ‘සරල මනුස්සයෙක්’ යන්න බවය.”

    සොයිලියස් මැන්දිස් හා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ හැරුණම මම අහලා තියෙන විදියට අපේ රටේ හිටපු ඉතා නිර්ව්‍යාජම කලාකාරයා මහගමසේකර. ඔහු කීර්තියක් අත්පත් කරගත්තේ කුර්තා ඇඳුම්වලින්වත් පිනට ගත් සාම විනිසුරු පදවිවලින්වත් ඉන්දියාවේ වෛකල්පිත විද්‍යා ආයතනවලින් මිලට ගත් ආචාර්ය උපාධිවලින්වත් නෙමෙයි. ඔහු නිර්මාණය කළ අග්‍රගණ්‍ය කලා කෘතිවලින්මයි.

    කලා මාධ්‍යයක පදනම විය යුත්තේ අව්‍යාජත්වය බව මහගමසේකරම වරක් ලිපියක් ලියමින් කියා තිබෙනවා.
    සේකර ගමෙත් නගරයෙත් කොතැනත් ජීවත් වුණේ ඉතාම සරල, අල්පෙච්ඡ, නිර්ව්‍යාජ පුද්ගලයෙක් විදියටයි. රස්සාව ඉවර වෙලා ගෙදර ඇවිත් අමුඩෙ ගහගෙන ළිඳෙන් නාන්න පුළුවන්කම ඔහුට තිබුණා. ගමේ වෙල්එළියේ උඩුකය නිරුවතින් ඇවිදීමට පුළුවන්කම ඔහුට තිබුණා.

    සේකර ගමේදි කා එක්කත් කතා කළේ ‘උඹ, බං, බොලං’ කියලයි. කොටින්ම ඔහුගේ අම්ම තාත්ත එක්කත් කතා කළේ ඒ අයුරින්. ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ තිරනාටකය කියවු අවස්ථාවකදී ලද අත්දැකීමක් ගැන ප්‍රවීණ ලේඛක හේමරත්න ලියනආරච්චි මෙසේ කියා තිබෙනවා. එහිදි ඔවුන්ට පානය කිරීමට සිගරැට් ඕනැ වෙලා තියෙනවා. සේකර නිදා සිටින තම පියා අමතනවා.

    ”තාත්තේ තාත්තේ නැගිටපංකෝ.” පුතාගේ කටහඬ අපට ඇසේ.
    ”මොකද යකෝ මේ කරදරේ. නිදාගන්නවත් දෙන්න එපා.” ඒ පියාගේ් කටහඬය.
    ”අනේ තාත්තේ... අපේ සිගරැට් ඉවරයි. අපිට සිගරැට් ටිකක් ගෙනත් දීපංකෝ... අනේ”
    ”යකෝ මේ අනෝරා වැස්සේ.” පියා නැඟිට ඇඳෙහි හිඳ ගත්තා සේය.
    ”අනේ මං අර මගේ චිත්‍රපටි කතාව මේ යාළුවන්ට කියනවා. අපි ගියොත් මේ වැඩේ නවතිනවනේ. අනේ සිගරැට් ටිකක් ගෙනැත් දීපං. උඹට පින් සිද්ධවෙයි.”

    සේකර කලාව කළේ අද හුඟාක් කලාකාරයන් වගේ සල්ලි බලාගෙන නෙමෙයි. ඔහුගේ චිත්‍ර ඉහළ මිලකට ගණනය වුණත් ඔහු ඒවා වික්කේ නැහැ. අද ලක්ෂ ගණනින් වටිනාකම් කිවහැකි චිත්‍ර ඔහු ඇතමුන්ට දීලා තියෙන්නේ සතයක්වත් අය නොකර.

    සේකර ජීවත් වුණේ අවුරුදු 46 යි. ඔහු මේ ඔක්කොම කළේ ඒ ටික කාලය ඇතුළත. ඔහු අපේ රටට වටිනා කලා කෘති රැසක් දායාද කරමින් කලාව, සංස්කෘතිය පෝෂණය කළා.

    ඒත් මේ රටෙන් සේකරට ලැබුණේ මොනවද?

    වරක් සේකර තමාගේ ‘බෝඩිම’ කවි පොතේ පිටපත් ටිකක් සංස්කෘතික දෙපාර්තමේන්තුවට විකුණගන්න ගියාම සල්ලි නැතැයි කියා ඔහු ආපසු හරවා එව්වා. ඔහු ගේ ගී තැටි වලට ඉරි ඇන්දා. (තමාගේ තැටිවලට ඉරි ඇඳීම තමාට දැනුණේ පපුවට පිහි පාරක් ඇන්නා වගෙයි කියලා සේකරම වරක් කියලා තියෙනවා) 1996 දි රුපියල් දෙකක වටිනාකමකින් යුත් මහගමසේකර සමරු මුද්දරයක් නිකුත් කළා.

    ඒත් එහි නම සඳහන් වෙලා තිබුණේ ‘ශාන්ත කුමාර මහගමසේකර’ කියලයි. (පස්සේ ඒ මුද්දර දස ලක්ෂයම අවලංගු කළා) මහගමසේකරගේ නමවත් හරිහැටි දන්නෙ නැති රාජ්‍ය නිලධාරින් ඉන්න මේ සිංහල අපගේ රටකයි සේකර ජීවත්වෙලා මිය ගියේ.


    ඔබට බොහොම පින් මෙම පුවත්පත් තොරතුරු අප සමඟ බෙදා ගත්තාට.
    සේකර තම ගමේ මිනිසුන් අතර අගැයීමට ලක් නොවීම පුදුම විය යුතු කරුණක් නොවේ. ශුද්ධවූ බයිබලයේද කියා තිබෙනවා ශාස්තෲන් වහන්සේලා සිය උපන් බිමෙහි අගැයීමක් නොලබන බව.
    සේකර සහ ඔහුගේ පියා අතර "බං බොලං" කතාව කොයිතරම් සෙනෙහෙවන්තද? ගමේ සුවඳ අපගේ නැහැයට දැනෙන තරම් !
     
    Status
    Not open for further replies.