SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Ron aiya mamath EK wala active member kenek thamai...mama office eke hitiyath ude indan hawas wenakan EK online... podi free time ekak hambunama threads balanna enawa.. mama EK rules walata garu karanawa... !! I'm also anandian as you aiya...mamath oyage kavi rasa windinawa.. habai comments danne naa .. aei mage heti... mama gena poddak anjala nangi gen ahala balanna.. mamath eyata meka mai kiyala thiyenne.

mama samantha kiyana user ta PM ekak demma PW dalada thiyenne kiyala..kiwwa poddak iwasala inna weda wediy kiyala.. habai anith aya sindu aran thanks kiyanawa.. mata mei dakwa PW dunne naaa.:no: api kaleth ekka duwana kattiya aiya... ithin upload karanna welawak naa... namuth mage EK join wechcha kalayawath balanna thibuna..mokada mama FAKE ID ekak wath NEW USER kenek wath nowana nisa...:( madhu4gr & Shiwantha la mama sindu request karama mata sindu dunne PM karala aiya !!:) meka honda chethanawen patan gatta thread ekak... samahara wita mama upa kalpanaya karapu widiha weradi ethi.. namuth mata gamya une "sindu dunnoth witharai lebenne kiyana theruma thamai "

PW kathawe story eka nam nam mama danne naa aiya...

bohoma stuthiy reply karata..

මල්ලියා මුලින්ම ආදී ආනන්දියෙකු වීම ගැන මා බොහෝ සෙයින් ආඩම්බර වෙනවා.

මල්ලියා කාගෙන් හෝ අපේ කට්ටියගෙන් නොදැනුවත්ව password එක ඔබට ලබා දීමට අතපසු වුනා නම් ඒකට සමාවෙන්න..

අපි ආනන්දියන් වශයෙන් ඉවසීම හොඳට ප්‍රගුණ කරපු අයනේ..ඒකනේ අපේ උදෘත පාඨය වෙන්නේ හා විය යුත්තේ....

ඉතින් මල්ලීත් පුළුවන් වෙලාවට අපේ මහගෙදරට ගොඩවැදිලා යන්න එන්නකෝ. අවශ්‍ය ගිතයක් තිබේ නම් හෝ password එක ලබා ගන්න අසීරුතාවයක්, ප්‍රමාදයක් මතුවුනොත් කරුණාකර මට pm එකක් එවන්නකෝ.

එහෙනම් මල්ලී අපි සියලූ වාද විවාද අමතක කර එකට එක්වී සිටිමු...

ඔබට ජය....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
Please help me to find this song..

This is the theme song from the TeleDrama "Siwu Siya Gawu"

Karamba Malak Wage Numba [FONT=verdana, arial]by Rohan Bulegoda & Samitha Mudunkotuwa [/FONT]​
[FONT=verdana, arial]

If anyone has this, please upload.


Thanks

Kawuruth Neddooooo...
[/FONT]

I hope you will be able to obtain this very soon.

let's keep our fingers crossed..

good luck bro....
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මළහිරු බසිනා යාමේ පායා හිනැහෙන සේකර....

අදට (ජනවාරි 14 වෙනිදාට) යෙදෙන මහගම සේකර අනුස්මරණ දිනය නිමිත්තෙනි


(සිළුමිණ පුවත්පතින් උපුටා ගන්නා ලදී..)

මකට වඩා වටින්නේ මහගමසේකර වගේ ප්‍රතිභාසම්පන්න කලාකාරයෙක් ද, එසේත් නැත්නම් බෝක්කුවක්වත් හදාගන්න පුළුවන් හැකියාවක් ඇති ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයෙක් ද? මේ ප්‍රශ්නය මගේ සිතට නැඟුණේ ප්‍රවීණ සාහිත්‍යධර කේ. ජයතිලකයන් වරක් පුවත්පතකට කර තිබූ එක්තරා ප්‍රකාශයක් දැකීමෙන්. මහගමසේකර රටේ කොයිතරම් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණත් ගමට එක බෝක්කුවක් බැඳදීම තරම්වත් සේවයක් ඔහු කර දී නැති බව සේකරගේ අවමඟුල් උත්සවයේදී හමුවූ රදාවාන ගැමියකු තමාට පැවසූ බව ජයතිලකයන් කියා තිබෙනවා. සේකර ගේ අවසන් කටයුතු පැවැත්වුණේ ඔහු උපන් රදාවාන ගමේ තුංමංහන්දියෙදි.

එහෙත් ඊට ගමෙන් සහභාගි වුණේ ටික දෙනයි. ඊට හේතු විමසීමකදි තමයි අර ගැමියා ජයතිලකයන්ට ඒ වගේ ප්‍රකාශයක් කරලා තිබෙන්නේ.

මහගමසේකර කවියකු, ගීත රචකයකු, චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු යනාදි වශයෙන් කලා ක්ෂේත්‍ර ගණනාවකම විශිෂ්ටයකු වුණාට ගමේ අයට එය ඒ තරම් මහ කජ්ජක් වෙලා නැති බවක් පෙනී යනවා. ගමේ අයට ඔහු නිකම්ම නිකම් ජෝන් සිංඤෝගේ පුතා පමණක් වුණා.

මහගමසේකර අධ්‍යක්ෂණය කළ ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ ඇතැම් දර්ශන රූ ගැන්වුණේ ඔහු උපන් ගමේදීමයි. එහි එක් රූපගත කිරීමකදි ගමේ අය දැක්වූ ප්‍රතිචාරයක් ‘මහගමසේකර සහ සමාජ යථාර්ථය’ කියන පොතේ මෙසේ සටහන්ව තිබෙනවා.

”අර කවුද ඉන්නේ... ජෝ අබේවික්‍රම... එකෙක් කීය.
’අර ඉන්නේ ස්වර්ණා මල්ලවආරච්චි’ තවකෙකුගේ හඬ ඇසිණි.
’අර ඉන්නේ ජෝන් අයියගේ පුතා.’ එකෙක් සේකර දෙසට ඇඟිලි දිගුකොට කීය.
මහගමසේකර ගැන අනුස්මරණ සටහනක් ලියපු අපේ ‘කසුරි’ මහත්තයා (‘සිළුමිණ’ ප්‍රධාන කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා) තම සටහන නිම කර තිබුණේ මේ ලෙසින්.

”ඔහු කවියෙක්; ගීත රචකයෙක්; නවකතාකරුවෙක්; චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්; අධ්‍යාපන නිලධාරියෙක්; චිත්‍ර ශිල්පියෙක්; පොත් කවර නිර්මාණ ශිල්පියෙක්; කථිකාචාර්යවරයෙක්. ඒ ඔක්කොම හරි. ඒත් මසිත කියන්නේ මහගමසේකර හඳුන්වන්න පුළුවන් හොඳම නිර්වචනය ඒ එකක්වත් නොව ‘සරල මනුස්සයෙක්’ යන්න බවය.”

සොයිලියස් මැන්දිස් හා නිත්තවෙල ගුණයා ගුරුන්නාන්සේ හැරුණම මම අහලා තියෙන විදියට අපේ රටේ හිටපු ඉතා නිර්ව්‍යාජම කලාකාරයා මහගමසේකර. ඔහු කීර්තියක් අත්පත් කරගත්තේ කුර්තා ඇඳුම්වලින්වත් පිනට ගත් සාම විනිසුරු පදවිවලින්වත් ඉන්දියාවේ වෛකල්පිත විද්‍යා ආයතනවලින් මිලට ගත් ආචාර්ය උපාධිවලින්වත් නෙමෙයි. ඔහු නිර්මාණය කළ අග්‍රගණ්‍ය කලා කෘතිවලින්මයි.

කලා මාධ්‍යයක පදනම විය යුත්තේ අව්‍යාජත්වය බව මහගමසේකරම වරක් ලිපියක් ලියමින් කියා තිබෙනවා.
සේකර ගමෙත් නගරයෙත් කොතැනත් ජීවත් වුණේ ඉතාම සරල, අල්පෙච්ඡ, නිර්ව්‍යාජ පුද්ගලයෙක් විදියටයි. රස්සාව ඉවර වෙලා ගෙදර ඇවිත් අමුඩෙ ගහගෙන ළිඳෙන් නාන්න පුළුවන්කම ඔහුට තිබුණා. ගමේ වෙල්එළියේ උඩුකය නිරුවතින් ඇවිදීමට පුළුවන්කම ඔහුට තිබුණා.

සේකර ගමේදි කා එක්කත් කතා කළේ ‘උඹ, බං, බොලං’ කියලයි. කොටින්ම ඔහුගේ අම්ම තාත්ත එක්කත් කතා කළේ ඒ අයුරින්. ‘තුංමංහන්දිය’ චිත්‍රපටයේ තිරනාටකය කියවු අවස්ථාවකදී ලද අත්දැකීමක් ගැන ප්‍රවීණ ලේඛක හේමරත්න ලියනආරච්චි මෙසේ කියා තිබෙනවා. එහිදි ඔවුන්ට පානය කිරීමට සිගරැට් ඕනැ වෙලා තියෙනවා. සේකර නිදා සිටින තම පියා අමතනවා.

”තාත්තේ තාත්තේ නැගිටපංකෝ.” පුතාගේ කටහඬ අපට ඇසේ.
”මොකද යකෝ මේ කරදරේ. නිදාගන්නවත් දෙන්න එපා.” ඒ පියාගේ් කටහඬය.
”අනේ තාත්තේ... අපේ සිගරැට් ඉවරයි. අපිට සිගරැට් ටිකක් ගෙනත් දීපංකෝ... අනේ”
”යකෝ මේ අනෝරා වැස්සේ.” පියා නැඟිට ඇඳෙහි හිඳ ගත්තා සේය.
”අනේ මං අර මගේ චිත්‍රපටි කතාව මේ යාළුවන්ට කියනවා. අපි ගියොත් මේ වැඩේ නවතිනවනේ. අනේ සිගරැට් ටිකක් ගෙනැත් දීපං. උඹට පින් සිද්ධවෙයි.”

සේකර කලාව කළේ අද හුඟාක් කලාකාරයන් වගේ සල්ලි බලාගෙන නෙමෙයි. ඔහුගේ චිත්‍ර ඉහළ මිලකට ගණනය වුණත් ඔහු ඒවා වික්කේ නැහැ. අද ලක්ෂ ගණනින් වටිනාකම් කිවහැකි චිත්‍ර ඔහු ඇතමුන්ට දීලා තියෙන්නේ සතයක්වත් අය නොකර.

සේකර ජීවත් වුණේ අවුරුදු 46 යි. ඔහු මේ ඔක්කොම කළේ ඒ ටික කාලය ඇතුළත. ඔහු අපේ රටට වටිනා කලා කෘති රැසක් දායාද කරමින් කලාව, සංස්කෘතිය පෝෂණය කළා.

ඒත් මේ රටෙන් සේකරට ලැබුණේ මොනවද?

වරක් සේකර තමාගේ ‘බෝඩිම’ කවි පොතේ පිටපත් ටිකක් සංස්කෘතික දෙපාර්තමේන්තුවට විකුණගන්න ගියාම සල්ලි නැතැයි කියා ඔහු ආපසු හරවා එව්වා. ඔහු ගේ ගී තැටි වලට ඉරි ඇන්දා. (තමාගේ තැටිවලට ඉරි ඇඳීම තමාට දැනුණේ පපුවට පිහි පාරක් ඇන්නා වගෙයි කියලා සේකරම වරක් කියලා තියෙනවා) 1996 දි රුපියල් දෙකක වටිනාකමකින් යුත් මහගමසේකර සමරු මුද්දරයක් නිකුත් කළා.

ඒත් එහි නම සඳහන් වෙලා තිබුණේ ‘ශාන්ත කුමාර මහගමසේකර’ කියලයි. (පස්සේ ඒ මුද්දර දස ලක්ෂයම අවලංගු කළා) මහගමසේකරගේ නමවත් හරිහැටි දන්නෙ නැති රාජ්‍ය නිලධාරින් ඉන්න මේ සිංහල අපගේ රටකයි සේකර ජීවත්වෙලා මිය ගියේ.
 
Last edited:

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මෙක අපි පොඩිකාලෙ ගොඩක් ආසාවෙන් රසවින්ද සින්දුවක්
    මොනවද මුත්තේ මොකද කරන්නේ
    -රෝහන විරසින්හ-




    " වාසිටි කොල්ලෝ..."

    කැලිප්සෝ මුල් සංගීතය




    " ලස්සන ලෝකේට පා ඔසවාලා..."​

    කැලිප්සෝ මුල් සංගීතය




    වික්ටර් නිරංජලා විරල ගීතයක්

    ගඟ ගැඹුරුයි




    Man Hitha aethi : Charitha Priyadharshani(?)

    මං හිත ඇති මට හිත නැති කවදාවත් මට හිමි නැති

    මට පිං නැතිනම්_මර්වින් පෙරේරා

    මට පිං නැති නම් කුමට හඩාලා
    නුඹෙ අත ගන්නට අද දවසේ
    විරහා වේදනා මෙලස විදින්නට
    හමු නොවෙමූ සසරින් සසරේ

    ලස්සන සිංදුවක්


    Mata pin nethinam: Mervin Perera








    පලමුවෙන්ම සියළුදෙනාටම සුභ දවසක් වේවා! මේ සියලුම ගීත මම අරගත්තා. ඔබ සියලු දෙනාටම ගොඩාක් ස්තූතියි.

     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.



    වික්ටර් නිරංජලා විරල ගීතයක්

    ගඟ ගැඹුරුයි

    http://www.mediafire.com/?wz1z2udtg2j

    මට පිං නැතිනම්_මර්වින් පෙරේරා

    මට පිං නැති නම් කුමට හඩාලා
    නුඹෙ අත ගන්නට අද දවසේ
    විරහා වේදනා මෙලස විදින්නට
    හමු නොවෙමූ සසරින් සසරේ


    ලස්සන සිංදුවක්


    Mata pin nethinam: Mervin Perera


    " වාසිටි කොල්ලෝ..."

    කැලිප්සෝ මුල් සංගීතය​

    " ලස්සන ලෝකේට පා ඔසවාලා..."​

    කැලිප්සෝ මුල් සංගීතය​

    " සමුදුරු දේවී..."​

    කැලිප්සෝ මුල් සංගීතය​

    " විනෝද ගමන..."​

    කැලිප්සෝ මුල් සංගීතය​

    Thanks Mama Me Tika Gattha UL Karapu Semata Thanks
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    සෑහෙන දවසකින් අදයි ත්‍රෙඩ් එක හරියට බැලුවෙ.
    සමන්ත අයියට ගොඩක් ස්තූතියි මේ සින්දු අප් කලාට.
    පුළුවන් වෙලාවක මට පාස්වර්ඩ් එවන්න, තෑන්ක්ස් කරන්න ලින්ක් හොයන්න අමාරු හින්දයි මෙහෙම දැම්මේ

    මල්ලියා මම ඔයාට මුර පද එවල ඇති.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සුබ දවසක්!
    සුබ උදෑසනක් වේවා!

    සුබම සුබ උදැසනක් mdee සහෝදරයා ඔබටත්..samantha සොයුරාටත් මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝටමත්....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අදට යෙදෙන මහගම සේකර අනුස්මරණය වෙනුවෙන්,

    මා මළ පසු සොහොන් කොතේ -ඩබ්.ඩී.අමරදේව

    මං ගොඩාක් කැමැති ගීතයක්..

    සහෝදරයට බොහොම පින් මේ ගීතය අද වැනි දවසක මහගමසේකරයානන්ට උපහාරයක් වශයෙන් අපට මෙලෙසින් පුද කලාට.....

    අපේ තරුන පරපුර ශ්‍රවනය කොට රස විඳිය යුතුම ගීතයක් ලෙසටයි මා මෙය හඳුන්වන්නේ..

    ඔබට ජය...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මං ගොඩාක් කැමැති ගීතයක්..

    සහෝදරයට බොහොම පින් මේ ගීතය අද වැනි දවසක මහගමසේකරයානන්ට උපහාරයක් වශයෙන් අපට මෙලෙසින් පුද කලාට.....

    අපේ තරුන පරපුර ශ්‍රවනය කොට රස විඳිය යුතුම ගීතයක් ලෙසටයි මා මෙය හඳුන්වන්නේ..

    ඔබට ජය...
    රොන් සොයුරාගෙ මළහිරු බසිනා යාමේ පායා හිනැහෙන සේකර.... Post එක කියවා මා මෙ ගීය ඇහුවා. මෙ අපූරු කලා කරුවා ගැන ඇත්තේ වචන කරන්න නොහැකි ගෞරවයක්...

    සමන්ත සොයුරා ලබා දුන් ගීය අපෙ යොවුන් මිතුරන්ට වටිනා තෑග්ගක් අද දින.
     

    NoWayOut

    Member
    May 13, 2009
    578
    13
    0
    මළහිරු බසිනා යාමේ පායා හිනැහෙන සේකර....

    අදට (ජනවාරි 14 වෙනිදාට) යෙදෙන මහගම සේකර අනුස්මරණ දිනය නිමිත්තෙනි

    මේ වැදගත් දිනය මතක් කරල දුන්නට ස්තූතියි සහෝදරයා. ඒ එක්කම උපුටා දක්වා තිබු ලිපියත් අපූරුයි. ඉතින් සේකර විසින් රචනා කරන ලද මා ලඟ තිබූ ගීත කීපයක් ඔබලත් සමඟ බෙදාගන්න හිතුවා.......

    Maa Mala Dawasata - Edward Jayakody

    Wasanthaye Mal - Amaradeva

    Dathe Karageta - Amaradeva

    Pile Padura - Amaradeva

    Sannaliyane - Amaradeva

    Rathnadeepa Janmabhumi - Amaradeva

    Wakkada Langa - Amaradeva

    Obe Namin Seya - Amaradeva

    Me Sinhala Apage Ratay - Nanda Malini
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මේ වැදගත් දිනය මතක් කරල දුන්නට ස්තූතියි සහෝදරයා. ඒ එක්කම උපුටා දක්වා තිබු ලිපියත් අපූරුයි. ඉතින් සේකර විසින් රචනා කරන ලද මා ලඟ තිබූ ගීත කීපයක් ඔබලත් සමඟ බෙදාගන්න හිතුවා.......

    Maa Mala Dawasata - Edward Jayakody

    Wasanthaye Mal - Amaradeva

    Dathe Karageta - Amaradeva

    Pile Padura - Amaradeva

    Sannaliyane - Amaradeva

    Rathnadeepa Janmabhumi - Amaradeva

    Wakkada Langa - Amaradeva

    Obe Namin Seya - Amaradeva

    Me Sinhala Apage Ratay - Nanda Malini
    සේකරයන් සිහිකරන අද දින මෙය මහඟු තිලිණයක්.
     
    Status
    Not open for further replies.