යුද ජයගzහණයේ හිමිකම හා ගෞරවය!

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    යුද ජයගzහණයේ හිමිකම හා ගෞරවය!

    fea.jpg

    කොටි ත්‍රස්‌තවාදයෙන් මව්බිම බේරා ගැනීම දේශපාලන නායකත්වයේ සහ යුද නායකත්වයේ ප්‍රතිඵලයකි. ඒ අනුව ඊට තනි අයිතියක්‌ කියා පෑමට කිසිවකුටත් නොහැකිය.

    කොතරම් දක්‌ෂ යුද නායකත්වයක්‌ තිබුණද එතුළින් පමණක්‌ යුද්ධය ජය ගැනීමට නොහැකි බව අතීතය අපට කියා දෙනු ඇත.

    යුද්ධය ජය ගැනීමට යුද නායකත්වයම පමණක්‌ ප්‍රමාණවත් නම් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිඳුන් යටතේ යුද්ධය නිමාවට පත්වී මේ වන විට බොහෝ කාලයක්‌ ගතවී ගොසිනි.

    කොබ්බෑකඩුව රණවිරුවා කොතරම් දක්‌ෂ යුද නායකත්වයක්‌ ලබා දුන්නද ඔහුට අවසන් යුද ජයග්‍රහණය කරා යුද්ධය මෙහෙයවීමට එදා හැකි නොවිණි. ඒ ඔහුගේ අදක්‌ෂතාවක්‌ හෝ දුර්වලතාවක්‌ නිසා නොව එදා නිසි දේශපාලන නායකත්වයක්‌ නොතිබීම නිසාවෙනි.

    ඓතිහාසික වඩමාරච්චි සටන හෙවත් විමුක්‌ති මෙහෙයුම තුළින් කොටි නායක ප්‍රභාකරන් වැල්වැටිතුරෙයි ප්‍රදේශයට කොටුකර ඔහු ජීවග්‍රහයට ගැනීම හෝ ඝාතනය කිරීම තුළින් කොටි ත්‍රස්‌තවාදය අවසන් කිරීමේ තීරණාත්මක අවසන් අවස්‌ථාව කරා ළඟා වෙමින් සිටියදී මෙහෙයුම නවතා දමා ආපසු යැමට හමුදාවට සිදුවිය.

    ඉහළින් ආ දේශපාලන නියෝගයකට අනුව තම හමුදාව ආපසු හරවා ගෙන ඒමට එදා ජෙනරාල් කොබ්බෑකඩුවට සිදුවූයේ හමුදාමය තීරණයක්‌ නිසා නොව දේශපාලනමය තීරණයක්‌ නිසා බව සත්‍යයකි.

    එසේ නම් යුද්ධය දිගටම කරගෙන යනවාද නැතිනම් අතරමඟ නතර කරනවාද යන්න තීරණය කරනුයේ හමුදා නායකත්වය නොව දේශපාලන නායකත්වය විසින් බව පෙන්වා දීමට වඩමාරච්චි මෙහෙයුමට අත්වූ ඉරණම උදාහරණයකි.

    එදා ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට මෙහෙයුම නවතා දමන ලෙස බලපෑම් එල්ල වූයේ ඉන්දියාවෙන් පමණි. අද මෙන් නොව එදා හයෙන් පහක අසීමිත බලයක්‌ සහිතව රට පාලනය කළ ජයවර්ධන ජනාධිපතිවරයා එසේ ඉන්දියාවට අවනතවී හමුදාවට ආපසු හැරෙන ලෙස නියෝග කළේ එදා යුද්ධයට සෘජු දේශපාලන නායකත්වයක්‌ නොතිබූ බව තහවුරු කරමින් බව පැහැදිලි වේ.

    එතැන් පටන් 2005 වසර අවසානය තෙක්‌ම කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය විසඳීම කෙරෙහි පැහැදිලි දේශපාලන ස්‌ථාවරයක්‌ සහ සෘජු දේශපාලන නායකත්වයක්‌ නොතිබූ බව නොරහසකි. යුද මෙහෙයුම්, සටන් විරාම, සාම ගිවිසුම්, සාම සාකච්ඡා, සුදු නෙළුම් සහ තවලම් සාම ව්‍යාපාර ආදිය ක්‍රියාත්මක වූ අයුරු නිරීක්‍ෂණය කිරීමේදී ඒ බව හොඳින් තහවුරු වනු ඇත.
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සිට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය දක්‌වා රට පාලනය කළ කිසිදු රාජ්‍ය නායකයකුට කොටි ත්‍රස්‌තවාදයෙන් රට බේරා ගැනීම සඳහා නිසි ප්‍රතිපත්තියක්‌ හෝ වැඩපිළිවෙළක්‌ නොතිබිණි.

    එසේ වුවද ඩී. බී. විඡේතුංග ජනාධිපතිවරයා පමණක්‌ මෙම ප්‍රශ්නය හමුවේ පැහැදිලි ස්‌ථාවරයක සිටි බව ඔහුගේ පාලන සමය තුළ කරන ලද ප්‍රකාශවලින් පෙනී යයි. මෙරට ඇත්තේ ජනවාර්ගික අර්බුදයක්‌ නොව ත්‍රස්‌තවාදයක්‌ බවත් ඊට පිළිතුරු යුද්ධය පමණක්‌ බවත්, ඔහු සෘජුවම ප්‍රකාශ කළේය. ඔහුට එම යුද්ධයට නිසි දේශපාලන නායකත්වයක්‌ ලබාදීමට තරම් කාලයක්‌ නොතිබුණද ඔහුගේ එම නොසැලෙන සෘජු අදහස්‌ පිළිබඳව විඡේතුංග ජනාධිපතිවරයාට අප සැමගේ ගෞරවය හිමිවිය යුතුව ඇත.

    චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ පාලන සමයේදී සාම සාකච්ඡා, සටන් විරාම, සාම ගිවිසුම් ක්‍රියාත්මක වුවද, කිසියම් ප්‍රමාණයකට යුද මෙහෙයුම් ද ක්‍රියාත්මක විය. යාපනය අර්ධද්වීපය කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමේ "රිවිරැස" ඇතුළු ප්‍රධාන මෙහෙයුම් කීපයක්‌ ඒ සමයෙහි සාර්ථකව සිදු කෙරිණි.

    එමෙන්ම දැවැන්ත හමුදාමය පසුබෑම් සහ පරාජයන්ද සිදුවූ අතර කොටි හිතවාදී දෙස්‌ විදෙස්‌ බලපෑම්වලට ජනාධිපතිවරිය යටත් වූ අවස්‌ථාද තිබිණි.

    යුද්ධයට නිසි දේශපාලන නායකත්වයක්‌ හිටපු ජනාධිපතිනියගෙන්ද නොලැබුණු බවට පැහැදිලි වූයේ එක පසෙක යුද්ධය කෙරීගෙන යද්දී තවත් පසෙක සාම මෙහෙයුම් සිදුකර ගෙන යැමේදීය.

    "සුදු නෙළුම්" සහ "තවලම" යනුවෙන් එදා ක්‍රියාත්මක වූ එම ඊනියා සාම ව්‍යාපාරයන් මෙහෙයවූවේ එවක ඇමැතිවරයකු වූ මංගල සමරවීර මහතා බව ද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත.

    එම සාම ව්‍යාපාර එදා ආරක්‌ෂක හමුදාවන්හි චිත්ත ධෛර්ය හා යුද මානසිකත්වය අඩපණ කර දැමීමටත් සතුරු බලවේගයන්හි උද්දාමයටත් හේතුවිය.

    වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසු පෙර අන් කවර කලෙකවත් නොතිබූ නිසි දේශපාලන නායකත්වයක්‌ යුද්ධය උදෙසා ලැබුණු බව කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන්ම විනාශ කර දමනතුරු එකම ස්‌ථාවරයක හිඳ ක්‍රියාකිරීම තුළින් පෙනී යයි.
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    එදා ඉන්දියාවේ බලපෑම් වලට බියවී යුද්ධය නැවැත්වීමට නියෝග කළ ඡේ. ආර්. ජයවර්ධන මහතා මෙන් මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධය නවත්වන ලෙස නියෝග කළේ නැත. මෙහි විශේෂත්වය නම් එදා ඡේ. ආර්. ට බලපෑම් එල්ල වූයේ ඉන්දියාවෙන් පමණක්‌ වුවද, මෙදා ජනාධිපතිවරයාට ලොව බලවත් රටවල් රැසකින්ම බලපෑම් එල්ලවීමය. එහෙත් එම කිසිදු විදේශ බලවේගයකට අවනත නොවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය නායකයා සහ සේනාධි නායකයා වශයෙන් නොසැළී හිඳිමින් යුද්ධය අවසානය දක්‌වා කරගෙන යැමට ආරක්‌ෂක හමුදා වෙත සෘජු නිවැරැදි දේශපාලන නායකත්වය ලබා දුන්නේය.

    එය එසේ නොවන්නට අද යුද්ධයේ ජයග්‍රහණයේ තනි අයිතිකාරයා ලෙස පෙනී සිටිමින් රටේ පාලන බලය ලබා ගැනීමට කෑදරව දේශපාලන පොර පිටියේ සටන් වදින ජෙනරාල් සරත් ෆොන්සේකාට යුද්ධයට යුද නායකත්වය දී යුද වීරයකු බවට පත්වීමට ඉඩ සැලසෙනු නැත.

    අප මෙම ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි මව්බිම රැකගත් යුද ජයග්‍රහණයේ තනි අයිතිය එක්‌ පුද්ගලයකුට පමණක්‌ හිමිකර ගැනීමට නොහැකි බව ඉන් පැහැදිලිවනු ඇත. යුද ජයග්‍රහණය සඳහා දේශපාලන නායකත්වය අත්‍යවශ්‍යම කරුණකි. දේශපාලන නායකත්වය විසින් යුද්ධය පිළිබඳව නිසි තීරණ තීන්දු නොගතහොත් යුද නායකයන්ට මෙහෙයවීමට යුද්ධයක්‌ පවතින්නේ නැත. යුද්ධයට අවශ්‍ය බලතල පහසුකම්, සම්පත් ආදිය නිසි කලට නිසි පරිදි ලබාදීමට දේශපාලන නායකත්වය ක්‍රියා නොකළා නම් මෙවන් යුද ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට නොහැකි වනු ඇත.

    දේශපාලන නායකත්වයේ අනුග්‍රහය මත යුද්ධය මෙහෙයවන යුද නායකත්වයටද එහි ජයග්‍රහණයේ කිරුළ තනිවම හිස පළඳවා ගැනීමට කිසිදු ඉඩක්‌ නැත. එම ජයග්‍රහණය සමස්‌ත ආරක්‌ෂක හමුදාවන්හි සාමුහික දායකත්වයක ප්‍රතිඵලයක්‌ විනා යුද හමුදාවේ පමණක්‌ තනි ජයක්‌ නොවනු ඇත.

    යුද්ධයේදී ගොඩබිම් මෙහෙයුම්වල නිරත ප්‍රධාන හමුදාව ලෙස යුද හමුදාවට ප්‍රධාන තැනක්‌ හිමිවන බව සත්‍යයකි. එහතේ ජයග්‍රහණයේ ගෞරවය සහ අයිතිය යුද හමුදාවට පමණක්‌ ලබාදීම සෙසු හමුදාවන්ට කෙරෙන අසාධාරණයකි. ඒ අනුව යුද ජයග්‍රහණයට අදාළ යුද නායකත්වය පිළිබඳ ගෞරවය යුද නායකයන් කීප දෙනකු අතර බෙදී යනු ඇත. ඒ යුද, ගුවන්, නාවික යන ප්‍රධාන හමුදා තුනට සහ පොලිසිය, විශේෂ කාර්ය බළකාය සිවිල් ආරක්‌ෂක බළකාය යන සෙසු ආරක්‌ෂක අංශද නියෝජනය වන පරිදිය.

    යුද නායකත්වයේ හිමිකම හා ගෞරවය එසේ බෙදී ගියද දේශපාලන නායකත්වයේ හිමිකම සහ ගෞරවය බෙදී නොගොස්‌ එය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පමණක්‌ හිමිවනු ඇත. යුද්ධයට යුද නායකයන් කීප දෙනකු සිටියදී දේශපාලන නායකයන් සිටියේ එක්‌ අයකු පමණි. ඒ රාජ්‍ය නායක හා සේනාධිනායක වශයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා දුන් එඩිතර, නිවැරැදි, සෘජු දේශපාලන නායකත්වය පමණක්‌ බවට විවාදයක්‌ නැත. එසේ නම් කොතරම් දක්‌ෂ හමුදා නායකයන් සිටියද දක්‌ෂ දේශපාලන නායකත්වයක්‌ නොතිබිණි නම් දශක තුනක කුරිරු යුද්ධය වසර තුනක කෙටි කාලයකින් නිමාකර මව්බිමට ස්‌ථිර සාර සාමයක්‌ උදාකර දීමට නොහැකි වන බව ඉතා පැහැදිලි කරුණකි. හිටපු යුද හමුදාපති සහ ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකාට මෙම ජයග්‍රහණයට අදාළ යුද නායකත්වයේ කොටස්‌කරුවකු බවට පත්වී එහි ගෞරවය සහ කීර්තිය අත්පත් කර ගැනීමට ඉවහල් වූයේද ජනාධිපතිවරයා යුද්ධයට දුන් දේශපාලන නායකත්වය නිසාය.

    හිටපු ජනාධිපතිනිය විසින් යුද හමුදාපති තනතුරට පත් නොකර විශ්‍රාම යෑවීමට තීරණය කර තිබූ ජෙනරාල් සරත් ෆොන්සේකාට යුද හමුදාපති තනතුර පිරිනමා යුද්ධය කරගෙන යැමට අවශ්‍ය බලතල පවරා ඉන් යුද වීරයකු වීමට අවශ්‍ය වේදිකාව සකසා දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව දැන් අමතක වී ඇත.
     
    • Like
    Reactions: life
    මේ ලිපිය මෙහි උපුටා දැක්වීමෙන් ඔබ අදහස් කරන්නේ මුළු රටම ජනපතිට යුද ජයග්‍රහණයේ ගෞරවය නොදෙන බවද? ඔබ හිතන්න එපා රටේ මිනිස්සු මැරිලා ඉපදුනා නොවේ.ජනපති දුන් දේශපාලන නායකත්‍වය ඇස් කන් සිහි බුද්ධිය ඇති කිසිවෙකුට අමතක කල නොහැකියි.එතුමාට ඒ ගෞරවය අනිවාර්යයෙන්ම හිමි විය යුතුමයි.එහෙත් වරදවා වටහා ගන්න එපා එය යුද ජයග්‍රහණයේ අයිතිය නොවේ.
    යුද ජයග්‍රහණයේ අයිතිය සෙරෙප්පු මහන -වැසිකිළි හෝදන සෙබලාගේ සිට විරුද්ධව සිටිමින් වුව අහස උසට බදුබර දරා සිටි සමස්ථ රට වැසියාටම පොදු අයිතියක්
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63

    sampurna aththa
     
    Thrasthwadinta thrasthawadin yai kiyanna bayauna rataka minissu...
    hamuda kadauru issaraha koti kollo chu karapu ugayak me rate tibba..e wage anthima binduwata watunu manasikathwayak nathi karala janathawage ha hamudawe me udda jaganna manasikathwayak athi kale me janadipathi...eke gavrawaya wena kenekta ganna ba..eka uddayata kisima udawwak nokala kandayamakata labaganna dena ekada hari?

    (oya mata kiyanne me wage lipiyak noda Fonsekata mada gahana poster methana dannada?)
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    Kauda palamuwenma YUDA Jayagrahanaya badaganna giye
    Mewa gen adahas wanne ape rata kochchara durwalada kiyalai
    Akata aka ne
    Samagiya balaya we kiyanne nikan nowe
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Kauda palamuwenma YUDA Jayagrahanaya badaganna giye
    Mewa gen adahas wanne ape rata kochchara durwalada kiyalai
    Akata aka ne
    Samagiya balaya we kiyanne nikan nowe

    aniwaryenma ....samagiyen eka jathiyak widiyata nagitinna tibba hodama awasthawa api winasha kara gaththa
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    මේ ලිපිය මෙහි උපුටා දැක්වීමෙන් ඔබ අදහස් කරන්නේ මුළු රටම ජනපතිට යුද ජයග්‍රහණයේ ගෞරවය නොදෙන බවද? ඔබ හිතන්න එපා රටේ මිනිස්සු මැරිලා ඉපදුනා නොවේ.ජනපති දුන් දේශපාලන නායකත්‍වය ඇස් කන් සිහි බුද්ධිය ඇති කිසිවෙකුට අමතක කල නොහැකියි.එතුමාට ඒ ගෞරවය අනිවාර්යයෙන්ම හිමි විය යුතුමයි.එහෙත් වරදවා වටහා ගන්න එපා එය යුද ජයග්‍රහණයේ අයිතිය නොවේ.
    යුද ජයග්‍රහණයේ අයිතිය සෙරෙප්පු මහන -වැසිකිළි හෝදන සෙබලාගේ සිට විරුද්ධව සිටිමින් වුව අහස උසට බදුබර දරා සිටි සමස්ථ රට වැසියාටම පොදු අයිතියක්

    ela sahodaree ela
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මේ ලිපිය මෙහි උපුටා දැක්වීමෙන් ඔබ අදහස් කරන්නේ මුළු රටම ජනපතිට යුද ජයග්‍රහණයේ ගෞරවය නොදෙන බවද? ඔබ හිතන්න එපා රටේ මිනිස්සු මැරිලා ඉපදුනා නොවේ.ජනපති දුන් දේශපාලන නායකත්‍වය ඇස් කන් සිහි බුද්ධිය ඇති කිසිවෙකුට අමතක කල නොහැකියි.එතුමාට ඒ ගෞරවය අනිවාර්යයෙන්ම හිමි විය යුතුමයි.එහෙත් වරදවා වටහා ගන්න එපා එය යුද ජයග්‍රහණයේ අයිතිය නොවේ.
    යුද ජයග්‍රහණයේ අයිතිය සෙරෙප්පු මහන -වැසිකිළි හෝදන සෙබලාගේ සිට විරුද්ධව සිටිමින් වුව අහස උසට බදුබර දරා සිටි සමස්ථ රට වැසියාටම පොදු අයිතියක්
    රටවැසියාට කියන්නේ ඔබත් මමත් එතැනට අයිතියිනේ.
    ඒත් ප්‍රශ්නය වෙන්නේ යම් හෙයකින් යුද්ධය පැරදුණානම් එහි වගකීම කාටද කියන එකයි.
    ජයග්‍රහණයේ අයිතිය සැමට ‍හිමිවිය යුතුයි. නමුත් සැමට සමව හිමි නොවිය යුතුයි. යුද ජයග්‍රහණයේ සැබෑ හිමිකාරීත්වයේ වැඩිබර හමුදාව මෙන්ම රට වැසියාද මේ ජයග්‍රහණය කරා මෙහෙයවූ ජනාධිපති තුමාට හිමි විය යුතුයි
     
    • Like
    Reactions: tchin123

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    .එහෙත් වරදවා වටහා ගන්න එපා එය යුද ජයග්‍රහණයේ අයිතිය නොවේ.
    යුද ජයග්‍රහණයේ අයිතිය සෙරෙප්පු මහන -වැසිකිළි හෝදන සෙබලාගේ සිට විරුද්ධව සිටිමින් වුව අහස උසට බදුබර දරා සිටි සමස්ථ රට වැසියාටම පොදු අයිතියක්

    විශිෂ්ඨ කියමනක්.

    ඔය කියන දේශපාලකයාට පමණයි අයිතිය තියෙන්නේ කියන අයට මතක නැති දේවල්;

    1] ඔය නායකයාම ප්‍රභාකරන් සමග ගිවිසුම් ගසා උතුරේ මිනිසුන්ගේ චන්ද බලය උදුරාගත් බව.

    2] සාමය සඳහා සුදු නෙලුම හා තවලම ව්‍යාපෘති කල මංගල සමරවීරම, චන්ද්‍රිකා ලවා මහින්දට අපේක්ශක කමදී, මුලු පක්ශයම කර අරිද්දි ජන්තා විමුක්ති පෙරමුණ සමග රට වටේ ගොස් ඔහුව දිනවූ බව.

    3] පාවාදීමේ ගිවිසුමට විරුද්දව මහින්දව බලයට පත් කරන්නට අනුපමේය මෙහෙයක් සිදුකල අලස් පවුලෙන්ම පලිගෙන ඔවුන්ගේ ව්‍යාපාර විනාශ කර ඔවුන්ට කොටි ලේබල් ගසා විනාශ කල බව

    4] සාම ගිවිසුමට පක්ශව, යුද්ධයට විරුද්දව මහින්දට ගැසිය හැකි හැම පහරක්ම ගසූ රාජිත සේනාරත්න වැන්නවුන් කර මතට ගනීම.
     
    ube kathawa wala hina wenawa arenna man mukuth kiyanne naa:lol::lol::lol: