යුද ජයගzහණයේ හිමිකම හා ගෞරවය!
කොටි ත්‍රස්තවාදයෙන් මව්බිම බේරා ගැනීම දේශපාලන නායකත්වයේ සහ යුද නායකත්වයේ ප්රතිඵලයකි. ඒ අනුව ඊට තනි අයිතියක් කියා පෑමට කිසිවකුටත් නොහැකිය.
කොතරම් දක්ෂ යුද නායකත්වයක් තිබුණද එතුළින් පමණක් යුද්ධය ජය ගැනීමට නොහැකි බව අතීතය අපට කියා දෙනු ඇත.
යුද්ධය ජය ගැනීමට යුද නායකත්වයම පමණක් ප්‍රමාණවත් නම් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිඳුන් යටතේ යුද්ධය නිමාවට පත්වී මේ වන විට බොහෝ කාලයක් ගතවී ගොසිනි.
කොබ්බෑකඩුව රණවිරුවා කොතරම් දක්ෂ යුද නායකත්වයක් ලබා දුන්නද ඔහුට අවසන් යුද ජයග්‍රහණය කරා යුද්ධය මෙහෙයවීමට එදා හැකි නොවිණි. ඒ ඔහුගේ අදක්ෂතාවක් හෝ දුර්වලතාවක් නිසා නොව එදා නිසි දේශපාලන නායකත්වයක් නොතිබීම නිසාවෙනි.
ඓතිහාසික වඩමාරච්චි සටන හෙවත් විමුක්ති මෙහෙයුම තුළින් කොටි නායක ප්රභාකරන් වැල්වැටිතුරෙයි ප්‍රදේශයට කොටුකර ඔහු ජීවග්‍රහයට ගැනීම හෝ ඝාතනය කිරීම තුළින් කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමේ තීරණාත්මක අවසන් අවස්ථාව කරා ළඟා වෙමින් සිටියදී මෙහෙයුම නවතා දමා ආපසු යැමට හමුදාවට සිදුවිය.
ඉහළින් ආ දේශපාලන නියෝගයකට අනුව තම හමුදාව ආපසු හරවා ගෙන ඒමට එදා ජෙනරාල් කොබ්බෑකඩුවට සිදුවූයේ හමුදාමය තීරණයක් නිසා නොව දේශපාලනමය තීරණයක් නිසා බව සත්‍යයකි.
එසේ නම් යුද්ධය දිගටම කරගෙන යනවාද නැතිනම් අතරමඟ නතර කරනවාද යන්න තීරණය කරනුයේ හමුදා නායකත්වය නොව දේශපාලන නායකත්වය විසින් බව පෙන්වා දීමට වඩමාරච්චි මෙහෙයුමට අත්වූ ඉරණම උදාහරණයකි.
එදා ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට මෙහෙයුම නවතා දමන ලෙස බලපෑම් එල්ල වූයේ ඉන්දියාවෙන් පමණි. අද මෙන් නොව එදා හයෙන් පහක අසීමිත බලයක් සහිතව රට පාලනය කළ ජයවර්ධන ජනාධිපතිවරයා එසේ ඉන්දියාවට අවනතවී හමුදාවට ආපසු හැරෙන ලෙස නියෝග කළේ එදා යුද්ධයට සෘජු දේශපාලන නායකත්වයක් නොතිබූ බව තහවුරු කරමින් බව පැහැදිලි වේ.
එතැන් පටන් 2005 වසර අවසානය තෙක්ම කොටි ත්‍රස්තවාදී ප්රශ්නය විසඳීම කෙරෙහි පැහැදිලි දේශපාලන ස්ථාවරයක් සහ සෘජු දේශපාලන නායකත්වයක් නොතිබූ බව නොරහසකි. යුද මෙහෙයුම්, සටන් විරාම, සාම ගිවිසුම්, සාම සාකච්ඡා, සුදු නෙළුම් සහ තවලම් සාම ව්‍යාපාර ආදිය ක්‍රියාත්මක වූ අයුරු නිරීක්ෂණය කිරීමේදී ඒ බව හොඳින් තහවුරු වනු ඇත.