Sarath Supporters Attacked by Thugs in Akkarapaththuwa

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
අක්කරපත්තු නගර ආසන්නයේදී නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් පිරිසකට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් එල්ල කරන ලද ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. එහිදී 20කට අධික පිරිසක් තුවාල ලබා අක්කරපත්තුව හා අම්පාර රෝහල්වලට ඇතුළත් කර ඇත.

තිරුක්කෝවිල් නගරයේ පැවැත්වෙන රැලියකට සහභාගිවීම සඳහා සරත් ෆොන්සේකා මහතාගේ ආධාරකරුවන් බස් රථ හා වෑන් රථවලින් ගමන් කරමින් සිටියදී මෙම මැර ප‍්‍රහාරයට ලක්ව තිබේ. ප‍්‍රහාරය වැළැක්වීමට පොලිසිය කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති අතර කරුණා අම්මාන්ගේ හා පිල්ලයාන්ගේ සන්නද්ධ මැරයින් සිටින බැවින් රැස්වීමට නොයන ලෙසත් එහි ගියහොත් ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවත් පොලිසිය පවසා ඇත.

LT