ජනාධිපතිට හිරේ යන්න වෙනවා.. මේක විහිළුවකš

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    ජනාධිපතිට හිරේ යන්න වෙනවා.. මේක විහිළුවකš

    Sarath-Fonseka--300x300.jpg




    දේශපාලනය පසෙකින් තබා තමා කතා කරන්නේ ජාතික ආරක්‍ෂාව ගැන පමණක් යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු හමුදාපති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේදී සිදුකළ ආමන්ත‍්‍රණයන් මුළු රටේම අවධානයක් දිනාගත් අදහස් දැක්වීම් බවට පත්විය.

    මතුව ඇති අනාරක්‍ෂිත තත්ත්වය, සිදුව ඇති අඩුපාඩුකම්, ඉදිරියේ දී ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ ඇතුළු තවත් කරුණු කාරණා පිළිබඳ විමසීමට ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාව සම්මුඛ සාකච්ඡුාවක් සඳහා එක්කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ එම සම්මුඛ සාකච්ඡුාවයි.

    ප‍්‍රශ්නය – එල්.ටී.ටී.ඊ. කුරිරු ත‍්‍රස්තවාදය අවසන් කර මාතෘභූමියට විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාදීමේ කාර්යයේ දී යුද හමුදාවට නායකත්වය ලබාදුන් ඔබ, ඉන් වසර දහයක් අවසානයේ රට මෙවන් අනාරක්‍ෂිත තත්ත්වයකට පත්වේවි යැයි කෙදිනක හෝ සිතුවාද?

    පිළිතුර – නැහැ. කවදාවත් මම එහෙම හිතුවේ නැහැ. මොකද අපි එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් සමූලඝාතනය කර එය අවසන් කළා. අපි රටට සියයට දාහක් සාමය ගෙනාවා. ඊට පස්සේ දේශපාලන ප‍්‍රජාව, හමුදා ප‍්‍රධානීන් ඇතුළු වගකිවයුතු අනෙකුත් බලධාරීන් සියලූ දෙනා රට ගැන බලන්නේ නැතුව ලැබූ නිදහස සීමාවෙන් එහා ගොස් උපරිමයෙන් භුක්ති විඳ තිබෙනවා. ඒ නිසා රටේ ආරක්ෂාව දුර්වල වෙලා තිබෙනවා. ඒකේ ප‍්‍රතිඵලයක් තමයි මේ ප‍්‍රහාරය. ආරක්ෂාව නැති තැන ත‍්‍රස්තවාදීන්ට නිජ භූමියක්.

    ප‍්‍රශ්නය – ඔබත් ආණ්ඩුවේ කොටස්කරුවෙක්….

    පිළිතුර – ඔව්. පසුගිය රජය සමයේ වගේම මමත් ආණ්ඩුවට ආවට පස්සෙත් ඒ දුර්වලතාව තිබිලා තිබෙනවා. ඒ ගැන මම දිගින් දිගටම කතා කර තිබෙනවා. දැන් රටේ ජනතාවට තර්ජනයක් තිබෙනවා. ඒ වගේම ආර්ථිකයට මරු පහරක් එල්ල වෙලා.

    ප‍්‍රශ්නය – යුද්ධයෙන් පසු නිදහස වැඩිපුර භුක්ති විඳීම පමණද අපට වැරදුණ තැන?



    පිළිතුර – නිදහස භුක්ති විඳීම වගේම රටේ ජාතික ආරක්‍ෂාව ගැන වගකිවයුත්තන් වගකීම් ඉටු නොකිරීම මේ තත්ත්වයට හේතුවයි.

    ප‍්‍රශ්නය – මේ තත්ත්වයට වගකිවයුත්තන් කවුරුන්ද?

    පිළිතුර – මෙහි වගකීම ගන්න ඕන අනිවාර්යයෙන්ම රටේ ප‍්‍රධානියායි. ඔහු තමයි ආරක්‍ෂක ඇමැති. එතුමා හරිහැටි ඔහුගේ වගකීම ඉටුකළා නම් ඔහු යටතේ ඉන්න අයට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ වගකීම් ඉටුකරන්න වෙනවාමයි. ආරක්‍ෂක ඇමැති ප‍්‍රශ්න තිබෙන්නේ කොහේද කියලා තේරුම්ගෙන නැහැ. ඔහු ඔහුගේ වගකීම් ඉටුකරලා නැහැ. ඔහුගේ න්‍යායපත‍්‍රයේ ජාතික ආරක්‍ෂාවට වඩා වෙන න්‍යාය පත‍්‍රයක් තමයි තිබුණේ.

    ප‍්‍රශ්නය – ඔබ මේ චෝදනාව එල්ල කරන්නේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාටයි.

    පිළිතුර – ඔව්. අනිවාර්යයෙන්ම. ඔහුට පමණක් නෙමෙයි එතුමාගේ යටතේ ඉන්න අයත් එහි වගකීම ගන්න ඕන.

    ප‍්‍රශ්නය – නමුත් රට තුළින් මෙන්ම විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලින් නැෙඟන චෝදනාවන් වන්නේ එක්සත් ජාතික පක්‍ෂය රටේ බලයට පත්වූ සෑම අවස්ථාවකදීම ජාතික ආරක්‍ෂාව බරපතළ ලෙස අනතුරකට ලක්වූ බව කියන කාරණාව.

    පිළිතුර – මෙය දේශපාලනඥයන්ගේ තිබෙන දුර්වලකමක්. මීට ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ද වගකිව යුතුයි.

    ප‍්‍රශ්්නය – පාස්කු ඉරිදා ප‍්‍රහාරය වළක්වාගත හැකිව තිබූ ප‍්‍රහාරයක් යැයි ඔබ සිතනවාද…?

    පිළිතුර – අනිවාර්යයෙන්ම ඔව්. මේ අනතුරු ගැන එක් එක් පාර්ශ්වයන් අදාළ තැන්වලට රපෝර්තු කරලා තිබෙනවා. ආරක්ෂක අංශ ප‍්‍රධානීන්, ආරක්ෂක කවුන්සිලය ඒවා ගණන් ගෙන නැහැ. යන යන තැන, හාරන හාරන තැන හමුවන අවි ආයුධවලින් පේනවා නේද මේ අය නිර්වින්දනය වෙලා ඉඳලා තියෙන්නේ කියලා.

    ප‍්‍රශ්නය – ඉස්ලාම් ත‍්‍රස්තවාදය වගේම තව්හිද් ජමාත් අන්තවාදී සංවිධාන ගැන විවිධ පාර්ශ්වයන් දිගු කලක පටන් රටේ ජනතාව මෙන්ම ආණ්ඩු දැනුවත් කර තිබෙනවා.

    පිළිතුර – ඔය තව්හිද් ජමාත් ගැන ආරක්ෂක කවුන්සිලයේ පහළොස් වතාවක් පමණ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් කතා කර තිබෙනවා. මට දැන ගන්න තිබෙන ආකාරයට ඒ සෑම අවස්ථාවේදීම ජනාධිපතිතුමා උඩ බලාගෙන හිටියලූ. උඩ බලාගෙන හිටියා විනා ඒ සම්බන්ධව ගත යුතු පියවරක් හෝ උපදෙසක් ලබා දුන්නේ නැතිලූ. දැනුත් එළියට ඇවිත් මාධ්‍ය ඉදිරියේ මොනවා හරි කිව්වට ඔහු අදටත් උඩ බලාගෙන තමයි ඉන්නේ.

    ප‍්‍රශ්නය – පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදී ආරක්ෂක අංශ ප‍්‍රධානී ලෙස ජනාධිපතිවරයා ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව ඔබට සෑහීමකට පත්විය හැකිද…?

    පිළිතුර – කිසිසේත් බැහැ. හරි නම් පළමු ෆ්ලයිට් එකෙන්ම ලංකාවට එන්න ඕනා. ඔහු මෙරටට ආවේ දොළහට විතර.



    ප‍්‍රශ්නය – එතුමා සිංගප්පූරු බනානාලීෆ් අවන්හලේ ආහාර ගනිමින් සිටි බව ඔබ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා…

    පිළිතුර – ඔව්. එතුමා මේ ප‍්‍රශ්න අස්සේ එතුමාගේ සාමාන්‍ය වැඩපිළිවෙළ කරගෙන ගිහින් තිබෙනවා. බනානාලීෆ් එකේ දවල් කෑම කාලා මුස්තාෆා සුපර් මාර්කට් එකේ මුළු පවුලම ෂොපින් කරලා තිබෙනවා. ප‍්‍රහාරයෙන් පසු මෙවන් වෙලාවක පැයක් දෙකක් තුළ කරන්න කෙතරම් වැඩ කොටසක් තිබෙනවාද? දවල් දොළහ වෙනකොට මේ ප‍්‍රහාරය ගැන පරීක්‍ෂා කරන්න කමිටුවක් දාපු එකෙන්ම පේනවා මෙහි වගකීම කාට හරි පටවන්න ඔහු මුලසිටම කටයුතු කර ඇති බව. කමිටු වාර්තා එන්න කලින් පොලිස්පතිට සහ ආරක්ෂක ලේකම්ට වරද පැටෙව්වානේ. දැන් කමිටු වාර්තාවෙනුත් එයම කියාවි.

    ප‍්‍රශ්නය – මෙවන් හදිසි අවස්ථාවක ගත යුතු ඉදිරි තීන්දු තීරණ ගැනීම සඳහා ආරක්ෂක කවුන්සිලය කැඳවීම අනිවාර්යය කාරණයක්. නමුත් ජනපති රට තුළ නැති අවස්ථාවක අගමැතිට ආරක්ෂක කවුන්සිලය කැඳවන්න නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

    පිළිතුර – ඔව්. අපට ආරංචි ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ට අගමැතිවරයාගේ උපදෙස් පිළිගන්න එපා කියා තිබෙනවා. අගමැතිවරයාගේ කැඳවීම් පිළිනොගන්නා ලෙසත්, එතුමා උපදෙස් දී තිබෙනවා. මේ වෙලාවේ සිදුව තිබෙන්නේ එයයි. මොවුන් ආරක්ෂක කවුන්සිලය ජොලියේ හිටපු තැනක් කරගෙන තිබෙනවා. විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් ආරක්ෂක කවුන්සිලයේ වාඩිවෙලා තිබෙන්නේ ඒ නිසානේ. ජනාධිපති ආණ්ඩුව එක්ක ආරක්ෂක කවුන්සිලය නොතියා විපක්ෂයේ අයත් එක්ක ආරක්ෂක කවුන්සිලය තියලා. එතුමාට මේවාට අනාගතයේදී උත්තර දෙන්න වුණොත්, කවුරු හරි අනාගතයේ දී අධිකරණයට ගියහොත් ඔහුට අනිවාර්යයෙන්ම දඬුවම් විඳින්න සිදුවේවි. මේක විහිළුවක් නෙමෙයි. එතුමා අදටත් මෙය විහිළුවක් කියලා හිතාගෙන ඉන්නේ.

    ප‍්‍රශ්නය – මේ ප‍්‍රහාරයන්ට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් දෙතුන් දෙනෙක් පමණක් නිදැල්ලේ සිටින බව ජනාධිපතිවරයා

    පසුගියදා මඩකලපුවේදී ප‍්‍රකාශ කළා.

    පිළිතුර – එතුමා කාටද මේ බොරු කියන්නේ. ඊට කලින් දවසේ පාර්ලිමේන්තුවේදී එතුමා කිව්වේ ත‍්‍රස්තවාදීන් එකසිය පනහකට අඩු ගාණක් ඉන්නේ, මේ වනවිට පනස් හයක් අල්ලලා තිබෙන්නේ කියලා. ඒ කියන්නේ තව අනූ ගණනක් අල්ලන්න ඉන්නවා. ඊට පසුදා මඩකලපුවේදී තව දෙතුන් දෙනයි ඉන්නේ කියනවා. රටක ජනාධිපතිවරයෙක් මෙහෙම මිනිස්සු රවට්ට රවට්ට රට වටේ යනවා. ලබන 13 වැනිදා සිදුවිය හැකි ප‍්‍රහාරයක් ගැන පොලිසියෙන් මගේ ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා. එහෙම තිබියදී ජනතාවට කියනවා සාමාන්‍ය ජන ජීවිතය ගතකරන්න කියලා. යුද්ධ කාලයේදී පොඩි තොරතුරක් ආවනම් ඒ තොරතුරේ අන්තයටම අප ගමන් කළා. දැන් ත‍්‍රස්තවාදියව අල්ලනවා. ඊට පස්සේ ඔහුගේ බිරිඳව අල්ලනවා. පසුව ඔහුගේ මාමව, තාත්තව අල්ලනවා. එහෙම කළා කියලා මේ ජාලය විනාශ කරන්න පුළුවන්ද? මොළේ් කළඳක් තිබෙනවා නම් මෙහි ගැඹුර තේරුම් ගන්න ඕන නේද? අවුරුදු ගාණක් තිස්සේ තිබුණු ජාලයක් දෙතුන් දෙනෙක් අල්ලලා විනාශ කරන්න පුළුවන්ද? ගෙවල් බිඳින හොරෙක් වගේ ත‍්‍රස්තවාදියා මෝඩද…? හතර අතට ගහලා මෙය විසඳන්න බැහැ.

    ප‍්‍රශ්නය – මෙය මාස තුනෙන් අවසන් කළ හැකි බව ආරක්ෂක අංශ ප‍්‍රධානියකු සඳහන් කර තිබුණා…



    පිළිතුර – කිසිසේත් බැහැ. මෙය ජාල කිහිපයක් පුරා කි‍්‍රයාත්මක වෙන්න පුළුවන්. අඩුම තරමේ මෙහි තුන් හාරසියයකට වැඩි පිරිසක් අනිවාර්යයෙන්ම සිටින්න පුළුවන් එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ් පළමු වෙඩිල්ල දොරේ අප්පාට තබා වසර දෙකකට පමණ පසුයි ඔවුන් දෙවැනි වෙඩිල්ල ඉන්ස්පෙක්ටර් බැස්ටියන් පිල්ලේට තිබ්බේ. තෙවැනි වෙඩිල්ල යාපනයේදී සෙබළෙකුට තිබ්බේ ඉන් වසර හතරකට පමණ පසුවයි. අපි 1983 වෙනකොට ප‍්‍රභාකරන්ගේ දෙවැනියෝ දෙදෙනකුව ඝාතනය කර තිබුණා. ඒ හැම වෙලාවකම අපි හිතුවේ ප‍්‍රශ්නය ඉවරයි කියලා. මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් වුණත් ඔවුන්ගේ පැත්තෙන් බලන කල ඔවුන් විශාල කැප කිරීමක් කරන අයයි. එතැන ඉගෙන ගත්ත අය හිටිය. එවන් පිරිසක් මෙය සුමානෙන් දෙකෙන් අතහරීද? මේ විෂබීජය රටින් නැතිකර ජනතාවට සහතිකයක් දෙන්න අඩුම තරමේ වසර දෙකක්වත් යනවා.

    ප‍්‍රශ්නය – ඔබ කියන්නේ රට තවම අනාරක්‍ෂිතයි කියන එකද?

    පිළිතුර – අනිවාර්යයෙන්ම ඔව්.

    ප‍්‍රශ්නය – මෙම අනාරක්‍ෂිත බවින් රට මුදාගන්න රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග ගැන ඔබට සෑහීමකට පත්විය හැකිද?

    පිළිතුර – බැහැ. උපායමාර්ගික ක‍්‍රමවේදයේ අඩුවක් තිබෙනවා. මම සටන් කරන විට සම්ප‍්‍රදායික ක‍්‍රමවේදයෙන් පිට ගිහින් උපාය මාර්ගයක් හැදුවා. කිළිනොච්චිය අල්ලලා වසර දෙකකට පසු හමුදාව නැගෙනහිර දෙසට හැරෙනකම් මගේ ඔළුවෙ මොකක්ද තිබුණේ කියලා ජෙනරාල්වරුන්වත් සේනාංකාධිපති වරුන්වත් දැනන් හිටියේ නැහැ. පුදුකුඩිඉරුප්පුවලට පහරදෙන කොට තමයි ඒ අය දැනගත්තේ මෙතන තමයි අවසන් ඉලක්කය කියලා. ඒ වගේ සම්ප‍්‍රදායෙන් බැහැර වූ සැලසුමක් සාදාගත යුතුයි. මොකද සාම්ප‍්‍රදායික ක‍්‍රම ගැන ත‍්‍රස්තවාදීන් හොඳින් දන්නවා.

    ප‍්‍රශ්නය – ඇත්තටම ඔබතුමාට මේ ප‍්‍රශ්නය අවසන් කිරීම සඳහා වන සැලසුමක් ඔළුවේ තිබෙනවාද?

    පිළිතුර – එහෙම වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න පුළුවන් කියලා මම හිතනවා.

    ප‍්‍රශ්නය – එජාප ආණ්ඩුවට මේ ප‍්‍රශ්නයට මුහුණදිය හැකි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවාද?

    පිළිතුර – නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. අගමැතිතුමා සහ ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමා ආරක්ෂක කවුන්සිලයට දැන් යනවා. නමුත් ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ දේශන අහලා ඒ අය නැවත එනවා. එහෙම නැතිව මේ තත්ත්වයට මුහුණ දිය හැකි පරිසරය ඔවුන් හදාගෙන නැහැ.

    ප‍්‍රශ්නය – ඔබට නීතිය හා සාමය ඇමැති ධුරය ලබාදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය දැඩි උත්සාහයක නියැළී සිටිනවා.

    පිළිතුර – ඔව්. පක්‍ෂය තුළින් මෙන්ම රට තුළින් ඒ හඬ එනවා.

    පසුගියදා අගමැතිවරයා ප‍්‍රමුඛ එජාප ඉහළ පිරිසක් ජනාධිපතිවරයා මුණගැසී මේ බව සඳහන් කර තිබුණා. එහිදී ඔහු සියල්ල ඇහුම්කන්දී අවසන පිළිතුර දී තිබුණේ ආරක්ෂක ඇමැතිකම ෆීල්ඞ් මාර්ෂල්ට දුන්නොත් එයා මාව එකටම හිරේදායි කියලයි. ජනාධිපති ඉන්නේ අත්අඩංගුවට පත්වෙයි කියලා බියෙන් නම් වෙන මොනවද… ඔබතුමාට එහෙම බියක් දැනිලා තියෙනවද…

    වැරැදි කරල නැත්නම් ඔච්චර බය වෙන්නේ ඇයි… ජනාධිපති ඝාතන තැතක් ගැන කියමින් මාව ඊට ඈඳා ගන්න කොතරම් උත්සාහ කළාද… මම ඒ ගැන බයේ හිටියේ නැහැනේ… අපි ඒ බොරු චෝදනාවන්ට බය නැහැ.

    ප‍්‍රශ්නය – ඔබට වෙනත් ඇමැතිකමක් ලබාදීම ගැන ජනාධිපති අවධානය යොමු කර ඇති බව සඳහන් වෙනවා…

    පිළිතුර – ඔව්. මට වෙන ඇමැතිකමක් දී ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් දීමට හැකි බව ඔහු කියා තිබුණා.

    ප‍්‍රශ්නය – ඒ ඇමැතිකම ඔබ පිළිගන්නවාද?

    පිළිතුර – නැහැ. එය මම ප‍්‍රතික්ෂේප කළා. ඒ හදන්නේ උපදේශකකමක් දී මගේ කට වහන්නයි.

    ප‍්‍රශ්නය – සිදුවීම් පෙළගැහෙන ආකාරය අනුව ඔබට ආරක්ෂක ඇමැතිකම නොලැබෙයි වගේ…

    පිළිතුර – අනිවාර්යෙන්ම ලැබෙන එකක් නැහැ. ඔහු ඉන්නේ ඔහුගේ දේශපාලන න්‍යායපත‍්‍රයේ. තාමත් එයාට ඇහැ ඇරිලා නැහැ.

    ප‍්‍රශ්නය – බුද්ධි අංශ අකර්මණ්‍යද…

    පිළිතුර – යුද්ධය අවසන් වූදා පටන් බුද්ධි අංශ හරි මාර්ගයේ ගියේ නැහැ. ඔවුන් දේශපාලන අතකොළු වුණා. ඔවුන් අපේ ළමයි ගැන, අපි ගැන හොයන්න තමයි ඒ කාලයේ පාවිච්චි කළේ. බුද්ධි අංශ කිහිප දෙනෙක් අත්අඩංගුවේ සිටියා කියා සමස්ත බුද්ධි අංශය අකර්මණ්‍ය වෙන්න විදිහක් නැහැ. නමුත් දිගු කලක් හිරේ තබාගෙන සිටිය යුතු නැහැ. කොහොම වුණත් ඔවුන් නිසි ජවයෙන් දැන් වැඩක් කරන්නේ නැහැ.


    ප‍්‍රශ්නය – ඔත්තුකරුවන්ට මුදල් දීම ගැන දැන් දේශපාලනඥයන් කතා කරනවා. එලෙස මුදල් දීම සාමාන්‍යය දෙයක් නොවේද?



    පිළිතුර – ඔව්. එය සාමාන්‍ය දෙයක්. අපි යුද්ධ කළ කාලයේ සිංහල, දෙමළ, මුස්ලිම් හැම ජාතියකම ඔත්තුකරුවන් සිටියා. ඔවුන්ට මුදල් ගෙව්වේ විශේෂ ගිණුමකින්. එම ගිණුමේ විගණනයක් වන්නේ නැහැ. හමුදාපතිගේ අවංක භාවය මත ඒවා වියදම් කරනවා. යුද්ධය කාලයේ නම් මමත් ඒ වියදම් සඳහා අත්සන් කරලා ඇති. මෙම ගෙවීම් අනුමත කරන්න ඕන ජනාධිපතිවරයායි. ඒ කාලේ ජනාධිපතිවරයා ගෝඨාභයට ඒ බලය දී තිබුණද කියලා මම දන්නේ නැහැ. සාමාන්‍ය පිළිවෙත හමුදාපති එය නිර්දේශ කර ජනාධිපතිට යොමුකළාම ඔහු එය අත්සන් කරලා එවනවා.

    ප‍්‍රශ්නය – මේ තොරතුරු පිළිබඳව දේශපාලනඥයන් කතා කිරීමෙන් බුද්ධි තොරතුරු ඔත්තුකරුවන් ගැන නිරාවරණය වනවා නොවේද? මීට පෙරත් එජාප රජය යටතේ මිලේනියම් සිටි පාවාදීම සිදු වෙනවා.

    පිළිතුර – මේ ප‍්‍රශ්නය ඔබ විමසුව නිසා මම මේ දේ කියන්නම්. මිලේනියම් සිටි කණ්ඩායම එවැනි අවි ආයුධ තියාගත්තේ ඇයි කියන එක මටත් ප‍්‍රශ්නයක්. කොළඹ සේෆ් හවුස් එකක රොකට්, ග්‍රෙනේඞ්, යුද ටැංකි නාශක අවි කොළඹ තියාගෙන හිටියේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. දේශපාලනඥයෝ නොමඟ හරින්න හමුදාවෙන් කතා ගෙතුවා. ඒවා වලින් දේශපාලනඥයෝත් ප‍්‍රයෝජන ගත්තා. මොනවා වුණත් කවුරු හරි වැරැදි කළොත් දඬුවම් විඳින්න ඕනා. මේ වගේ ප‍්‍රශ්න සිදු වුණහම නීතිය හමුවේ යම් යම් දේ හෙළි කරන්න හමුදාවට සිදු වෙනවා. ඒ අවදානම තිබෙනවා.


    ප‍්‍රශ්නය – දේශපාලනඥයන්ට ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණයේ දී තිබෙන දැනුම ඉතා අල්පයි කියල ඔබට හිතෙන්නෙ නැතිද…

    පිළිතුර – ඔව් අනිවාර්යෙන්ම. අප රටේ දේශපාලනඥයන්ට ඒ දැනුම නැහැ. පත්තරයක් බැලූවම, යුද්ධය ගැන පොතක් බැලූව කියලා ඒ දැනුම ලැබෙන්නේ නැහැ. ඒ දැනුම ඇඟට මොළයට ස්පර්ශ වෙන්න නම් යුද අත්දැකීම් තිබෙන්න ඕනා. එහෙම නැතිනම් එවැනි අයගෙන් උපදෙස් ගන්න ඕනා. ඒවාට ඇහුම්කන් දෙන්න ඕනා. ජේ. ආර්. ජනාධිපතිවරයාට උපදෙස් දෙන්න හමුදා කර්නල් කෙනෙක් හිටියා. චන්ද්‍රිකා ජනාධිපතිනියට ජෙනරල් රත්වත්තේ හිටියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෝඨාභය හිටියා. මම මහින්ද රාජපක්‍ෂ සමග ගනුදෙනු කරන විට ගෝඨාභය එතැන හිටපු නිසා මට ලේසි වුණා. නමුත් වර්තමාන ජනාධිපති ආරක්ෂක අමාත්‍යාංශයේ එයාගේ බෑණ තියලා ඉන්නවා. එයා ස්ටුඩියෝ එකක් දාගෙන හිටපු කෙනෙක් මම හිතන්නේ. ඉතින් හමුදා ශක්තිය, දැනුම උපදෙස් එයාගෙන් එනවද… මම රෙකමන්ඞ් කළ මේජර් ජෙනරාල් වරයෙක් හිටියා. නමුත් එයා ඒ තැනැත්තාගෙන් වෙන වැඩ කරගත්තේ. තමන් සියල්ලම දන්නවා කියලා ඇඳගත්තොත් ඒ දේශපාලනඥයාට හරි යන්නේ නැහැ. මම වනජීවී ඇමැතිවෙලා ඉන්නකොට වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්ගේ උපදෙස් අවවාද මම පිළිපැද්දා. හීනමානෙන් ඔළුව උදුම්මවා ගත්තොත් වැඩ කරන්න බැහැ.

    ප‍්‍රශ්නය – ඔබ පසුගියදා කළ සියලූ කතාවල මතු කළ වැදගත්ම කාරණයක් තමයි මම කතා කරන්නේ රට වෙනුවෙන්ය කියන කාරණය. එහිදී ඔබ ගෝඨාභය රාජපක්ෂ මා ගැනත් යම් යම් අදහස් දැක්වීම් කළා. ඒ අදහස් දැක්වීම් ඔබ පක්‍ෂයේම ඇතැම් පිරිස් වැරැදියට අල්ලාගෙන ඔබ සහ ගෝඨාභය නැවත එක්වනවා වගේ අදහස් දක්වා තිබෙනවා නේද?

    පිළිතුර – සමහරු එය වැරැදියට අල්ලාගෙන තිබෙනවා. මම කතා කරන්නේ රටේ ආරක්ෂාව ගැන ප‍්‍රමුඛතාව දීලයි. එතැනදී මට දේශපාලනය වැඩක් නැහැ. මොකද අපි රට වෙනුවෙන් කැපවුණු මිනිස්සු. මේ ගැන හරියට දන්නේ නැති මිනිස්සු, දේශපාලනය ගැන හිතන මිනිස්සු වෙන වෙන අර්ථකථන දෙනවා.

    ප‍්‍රශ්නය – මේ ගැන අදහස් දක්වමින් ඔබ පාර්ලිමේන්තුවේදී ‘කොට මොඩල් ළඟ පිකප්’ චරිතයක් ගැන කතා කළා. ඇත්තටම කවුද මේ කොට මොඩල් ළඟ පිකප් චරිතය.

    පිළිතුර – ඔබ කවුරු කියලද හිතන්නේ…

    ප‍්‍රශ්නය – මට හරියට හිතන්න බැහැ. මොකද ඔබ තමයි එය දන්නේ. නමුත් ඔබ එහිදී දත් ගලවනවා හැරෙන්න ඔහු අනිත් සේරම දන්නවා කියනවා. ඉන් දොස්තර කෙනෙක් පිළිබඳ ඉඟි කරනවා වගේ පේනවා.

    පිළිතුර – මම කියන කෙනා දත් ගලවනවා හැර අනිත් සේරම දන්නවා.

    ප‍්‍රශ්නය – ඔබ ඇයි එහෙම දෙයක් කිව්වේ…

    පිළිතුර – මහානායක හාමුදුරුවන් බැහැදැක එළියට පැමිණෙන විට මාධ්‍යවේදියකු මගෙන් විමසුවා මේ සිදුවීම් පිටුපස ගෝඨාභය ඉන්නවාද කියලා. මගේ පිළිතුර වුණේ… මම එහෙම හිතෙන්නේ නැහැ. ඔහුට එහෙම කිරීමට හැකියාවක් නැති බවයි. මොකද වෙන අය වගේ මට ජනතාවට බොරු කියන්න බැහැ. මේ ප‍්‍රකාශය පිළිබඳ රාජිත සේනාරත්න, මම ගෝඨාභයව ආරක්ෂා කරනවා කියලා වෙන ඇමැතිවරුන්ට කියලා තිබෙනවා. ඔහු එහෙම මතයක් ගොඩනඟන්න හැදුවා. ඒ නිසයි මම මගේ පැහැදිලි කිරීම පාර්ලිමේන්තුවේදී කළේ. ඊට දින දෙකකට කලින් අපේ ෆී‍්‍ර කැබිනට් මීටිමේදීත් මම ත‍්‍රස්තවාදය ගැන කතා කරද්දී ඔහු මට ත‍්‍රස්තවාදය ගැන උගන්වන්න ගියා.

    ප‍්‍රශ්නය – පාසල් ආරම්භ කිරීම ගැන ප‍්‍රශ්න මතුව තිබෙනවා. ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්නා පුද්ගලයා වුණා නම් ඔබ පාසල් විවෘත කරනවාද…

    පිළිතුර – නැහැ. පාසල් විවෘත කිරීමේ පරිසරය හැදිලා නැහැ. යුද්ධය කාලයේ තිබූ වැඩපිළිවෙළ තවම කි‍්‍රයාත්මක බව පේන්න නැහැ. තව ඉවසන්න තිබුණා කියලයි මම හිතන්නේ. නමුත් අධ්‍යාපන ඇමැතිතුමාගෙන් මේ ගැන මම විමසූ විට පාසල් විවෘත කිරීම ප‍්‍රමාද නොකිරීමටත් හේතු ගණනාවක් ඇති බව පැහැදිලි වුණා.


    ප‍්‍රශ්නය – ජාතික ආරක්ෂාව සලසා ගැනීමේ කටයුත්තට වත්මන් රජය අනුගත වී නොමැති බව ඔබගේ අදහස් දැක්වීමෙන් පැහැදිලි වෙනවා. ජාතික ආරක්ෂාවක් නැතිව රටකට ඉදිරියට යන්න බැහැ. ඇත්තටම අපි හදාගන්න ඕන කොතැනද?

    පිළිතුර – ජාතික ආරක්ෂාව ගැන සැලසුමක්, උපාය මාර්ග තියෙන්න ඕනා. හමුදා පොලිසිය සිටිය පළියට සැලසුමක් උපාය මාර්ග තිබෙනවද කියලා කියන්න බැහැ. මොකද සැලසුමක්, උපාය මාර්ග තිබුණා නම් මෙවැනි ප‍්‍රහාරයක් එල්ල වන්නේ නැහැ. ප‍්‍රහාරයක් එල්ල වුණත් එහිදී කටයුතු කළ යුතු සැලසුම් උපාය තියෙන්න ඕනා. එහෙම එකක් තිබෙන බවක් පේන්න නැහැ. දැනුත් එහෙම එකක් නැහැ. දේශපාලනඥයා ඉදිරි මැතිවරණය ගැන හීන දකිමින් වැඩ කරනවා හැරෙන්න මේ ප‍්‍රශ්නය විසඳන්න වැඩ කරන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවක් තිබෙනවා නම් මට ආරක්ෂක ඇමැතිකම දෙන්න එපැයි.

    ප‍්‍රශ්නය – හිටපු ඇමරිකානු සහකාර ලේකම් රොබට් ඕ. බ්ලේක් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බුද්ධි මෙහෙයුම් පිළිබඳ පසුගියදා ප‍්‍රශංසනාත්මකව කතා කර තිබුණා.

    පිළිතුර – ඔව්… ඔහු ඒ කාලේ මෙහේ ඇමරිකානු තානාපතිවරයායි. ඔහු අප සමඟ ළඟින් වැඩ කළා. ඔහු ඒ කාලේ දැකපු දේවල් සිහිපත් කරන්න ඇති. දැනට වඩා ඒ කාලේ හැම දෙයක්ම අපි මීට වඩා හොඳට සංවිධානය කර ශක්තිමත්ව තිබුණා. ගෝඨාභය කොළඹ බුද්ධි මෙහෙයුම් තමයි වැඩිපුර බැලූවේ. උතුර නැගෙනහිර අපි කළේ. කොටි නැව් නමයක් නාවික හමුදාව විනාශ කළා. ඒ නැව් අටක් ගැන තොරතුරු දුන්නේ මගේ යුද හමුදා බුද්ධි අංශයි. අනිත් නැව ගැන විදෙස් රටක් තොරතුරු දුන්නේ. බුද්ධි අංශ පමණක් නෙමෙයි ඒ කාලේ හැම දෙයක්ම මීට වඩා ශක්තිමත්ව තිබුණා.

    ප‍්‍රශ්නය – ඔබ 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී මේ මොහොතේ ඉදිරිපත් වුණා නම් හොඳ යැයි හිතන්නේ නැද්ද…

    පිළිතුර – දේශපාලනඥයන් රටට හරියට වැඩ නොකරන නිසයි එදා මම ඉදිරිපත් වුණේ. එදා මං ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණා නම් මහින්ද රාජපක්‍ෂ නිතරගයෙන් දිනන්නේ. එජාපයත් එදා බිංදුවට වැටිලා තිබුණේ. එජාපයේ විශාල පිබිදීමක් ඇති කරන්න මට හැකි වුණා.

    ඒ නිසා එදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා කියල මම පසුතැවෙන්නේ නැහැ. ගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ අපේක්‍ෂකයා ගැන මගේ විරුද්ධත්වය මම පළ කළා. එහි වරද චන්ද්‍රිකා මැතිනිය ගන්න ඕනා. නමුත් දැන් කරන්න දෙයක් නැහැ. ආණ්ඩුවට රට තුළින් මතුව ඇති අප‍්‍රසාදය නැති කරගන්න නම් දැන්වත් හරි තීරණ ගත යුතුයි.

    – divaina

    source https://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7-%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%9A-%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80/
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොනිල් හාමුට මොකද කරන්නේ ?දෝෂාබියෝගයක් ගෙනල්ල, හිටන්ව පන්නලා පොනිල්ව ජනාධිපති කරමුද ?

    ටිකිරි මොලේ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    පොනිල් හාමුට මොකද කරන්නේ ?දෝෂාබියෝගයක් ගෙනල්ල, හිටන්ව පන්නලා පොනිල්ව ජනාධිපති කරමුද ?

    ටිකිරි මොලේ

    ඇයි උබ හිතුවද උබල වගේම අපිත් වහල්ලු කියාලා
    මේ වල පයයි ගොඩ පයයි තියන් ඉන්න නාකින්ව මාකට් කරන්න
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඇයි උබ හිතුවද උබල වගේම අපිත් වහල්ලු කියාලා
    මේ වල පයයි ගොඩ පයයි තියන් ඉන්න නාකින්ව මාකට් කරන්න
    හරි ඉතින් හිටන්ව පැන්නුව කියමුකෝ....ඊට පස්සේ හිස්වෙන ජනාධිපති පුටුවට කව්ද දාන්නේ කියපන්කෝ ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :lol:මෙයාට ඕන රටේ අාරක්‍ෂාව අරගෙන ලංකාවෙ උන්ට වැඩ පෙන්නල අායෙත් ජනපති පට්ටමට ඉල්ලන්න.ෆාෙනීට තාමත් හිතාගන්න බැරි වෙලා තියෙන්නෙ සිරා වගේ පඹයෙක් ජනපති උනානම් මිනිහට බැරි උනේ මොකෝ කියල.අපි නොදන්න චෙස්..:rofl:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    හරි ඉතින් හිටන්ව පැන්නුව කියමුකෝ....ඊට පස්සේ හිස්වෙන ජනාධිපති පුටුවට කව්ද දාන්නේ කියපන්කෝ ?

    up
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    up නෙමෙයි බන්...එකතුවෙලා උත්තරයක් හොයමු ... උඹට මොකද හිතෙන්නේ?

    මටනම් බං මේ නාකි හුට්ටප්පර ටික කොහේ හරි මහලු මඩමකට යවන්න ඕනේ
    මුන් ඔක්කොම 55 පැනපු නාකි ඩයල් මිනිස්සු 55 න් විශ්‍රාම යවන්නේ ඇයි ? මොකද එතකොට මිනිස් ක්‍රියාකාරීත්වය අඩුවෙනවා , කල්පනාව නෑ , මතක නෑ එක එහෙම තමයි උබලගේ ගෙවල් වල එහෙම වයසක අය නැද්ද ?


    දැන් පලපන් ප්‍රන්ශේ මාර්කෝනි ඒ රටේ ප්‍රශ්න විසදන ලස්සන යෙලෝ වෙස්ට් මුව්මන්ට් එකට මුහුණදෙන විදිහ

    සිරියාවේ අසාද් මම දැනට දකින ලෝකේ ඉන්න හොදම දේශපාලන පවුර්ශයක් (political personality) තියෙන නායකයා. දැනට ලෝකේ ISIS / ඇමෙරිකාව / රුසියාව කියන ප්‍රබලම බලවේග 3ට එකපාර මුහුණදෙන සහ තමන්ට ඕන විදිහට ප්‍රශ්න විසදගන්න නායකයෙක් .

    කොලොම්බියාවේ හිටපු ජනාධිපති ගර්වියා නියම smart leaders ලා
    පොඩ්ඩක් හොයල කියවපල්ලා එතකොට තේරෙයි අපේ රටේ ඉන්නේ මොන ආඥකොරොස් ඩයල් ද කියල

    දැන් උබල කියයි අපිට ගොටබය ඉන්නවා කියල ( මිනිහත් 60 පැනලා )
    එත් උබල මිනිහගේ පිට ඔපේට වශීවෙලා නිසා මම වැඩිය කියන්නේ නෑ
    මිනිහ වැඩ පෙන්නුවේ අයිය ජනාධිපති වෙලා , මිනිහට තිවිද හමුදාවම අතේ තියන්
    කරන වැඩ ඔඩිට් කරන්න කෙනක් නෑ .
    ගහපු ගැහිලි එලිකරපු එවුන් සුදු වැන් වල යැව්වා

    සරලව කියනවනම් මිනිහ රුපියල් 1000ක් අතේ තියන් රුපියල් 100ක වැඩ කරපු පොරක් ( අනිත් 900 මාටියා )

    අපේ රටට ඕනේ රුපියල් 100 ක් අතේ තියන් රුපියල් 1000ක වැඩ කර පොරක්

    දැන් අගිල දිහා බලන්න එපා හද දිහා බලන්න
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    :lol:මෙයාට ඕන රටේ අාරක්‍ෂාව අරගෙන ලංකාවෙ උන්ට වැඩ පෙන්නල අායෙත් ජනපති පට්ටමට ඉල්ලන්න.ෆාෙනීට තාමත් හිතාගන්න බැරි වෙලා තියෙන්නෙ සිරා වගේ පඹයෙක් ජනපති උනානම් මිනිහට බැරි උනේ මොකෝ කියල.අපි නොදන්න චෙස්..:rofl:


    ඉන්න එකාට වඩා නම් පාරේ යන බල්ලොත් හොඳයි
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මටනම් බං මේ නාකි හුට්ටප්පර ටික කොහේ හරි මහලු මඩමකට යවන්න ඕනේ
    මුන් ඔක්කොම 55 පැනපු නාකි ඩයල් මිනිස්සු 55 න් විශ්‍රාම යවන්නේ ඇයි ? මොකද එතකොට මිනිස් ක්‍රියාකාරීත්වය අඩුවෙනවා , කල්පනාව නෑ , මතක නෑ එක එහෙම තමයි උබලගේ ගෙවල් වල එහෙම වයසක අය නැද්ද ?


    දැන් පලපන් ප්‍රන්ශේ මාර්කෝනි ඒ රටේ ප්‍රශ්න විසදන ලස්සන යෙලෝ වෙස්ට් මුව්මන්ට් එකට මුහුණදෙන විදිහ

    සිරියාවේ අසාද් මම දැනට දකින ලෝකේ ඉන්න හොදම දේශපාලන පවුර්ශයක් (political personality) තියෙන නායකයා. දැනට ලෝකේ ISIS / ඇමෙරිකාව / රුසියාව කියන ප්‍රබලම බලවේග 3ට එකපාර මුහුණදෙන සහ තමන්ට ඕන විදිහට ප්‍රශ්න විසදගන්න නායකයෙක් .

    කොලොම්බියාවේ හිටපු ජනාධිපති ගර්වියා නියම smart leaders ලා
    පොඩ්ඩක් හොයල කියවපල්ලා එතකොට තේරෙයි අපේ රටේ ඉන්නේ මොන ආඥකොරොස් ඩයල් ද කියල


    ඕක සාපේක්ෂයි මචන්...උදාහරණ දෙකක් දෙන්නම්.

    1. ලංකාවේ විශ්‍රාම යන්නේ 55න උනාට Australia වේ 67 න්..රටවල් දෙකේ වෙනස දන්නවනේ
    2.Sir Winston Churchill අගමැති වෙන්නේ වයස අවරුදු 77දී

    උඹ කියන එක වැරදියි කියනවා නෙමෙයි....




    දැන් උබල කියයි අපිට ගොටබය ඉන්නවා කියල ( මිනිහත් 60 පැනලා )
    එත් උබල මිනිහගේ පිට ඔපේට වශීවෙලා නිසා මම වැඩිය කියන්නේ නෑ
    මිනිහ වැඩ පෙන්නුවේ අයිය ජනාධිපති වෙලා , මිනිහට තිවිද හමුදාවම අතේ තියන්
    කරන වැඩ ඔඩිට් කරන්න කෙනක් නෑ .
    ගහපු ගැහිලි එලිකරපු එවුන් සුදු වැන් වල යැව්වා

    සරලව කියනවනම් මිනිහ රුපියල් 1000ක් අතේ තියන් රුපියල් 100ක වැඩ කරපු පොරක් ( අනිත් 900 මාටියා )

    අපේ රටට ඕනේ රුපියල් 100 ක් අතේ තියන් රුපියල් 1000ක වැඩ කර පොරක්
    චෝදනා ඔප්පුකරනකල් මේවා චෝදනා විතරයි මචන්...ඔප්පු කරන්න අවරුදු 4ක් තිබ්බනේ..දැන් මේවා චෝදනා චෝදනා චෝදනා වෙලා පට්ට මඩ වෙලා තියෙන්නේ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    චෝදනා ඔප්පුකරනකල් මේවා චෝදනා විතරයි මචන්...ඔප්පු කරන්න අවරුදු 4ක් තිබ්බනේ..දැන් මේවා චෝදනා චෝදනා චෝදනා වෙලා පට්ට මඩ වෙලා තියෙන්නේ...

    :yes::yes::yes::yes::yes:

    dan tiyena widiyen chodana oppu karanna barinam eka kiyala adugane system eka change karanna ona. nagita ganna pana nathi ponnayatai, lolu mangalalai ekka mona wenasak da :dull::dull:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අගෝස්තුවේ මරාගෙ පවුලම හිරේ ගියානේ, ඒ වගේම හිටංවත් හිරේ යවනවද..
    :rofl:

    පාර්ලිමේන්තුවම එකම පවුලක් කියල නොදන්න උබල වගේ එවුන්ට වෙන කියන්න දෙයක් නැහැ.. :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,648
    87,013
    113
    ආශ්චර්යමත් රටක
    අගෝස්තුවේ මරාගෙ පවුලම හිරේ ගියානේ, ඒ වගේම හිටංවත් හිරේ යවනවද..
    :rofl:

    පාර්ලිමේන්තුවම එකම පවුලක් කියල නොදන්න උබල වගේ එවුන්ට වෙන කියන්න දෙයක් නැහැ.. :yes:

    :yes::yes::sorry::sorry::sorry:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,673
    13,420
    113
    ඕක සාපේක්ෂයි මචන්...උදාහරණ දෙකක් දෙන්නම්.

    1. ලංකාවේ විශ්‍රාම යන්නේ 55න උනාට Australia වේ 67 න්..රටවල් දෙකේ වෙනස දන්නවනේ
    2.Sir Winston Churchill අගමැති වෙන්නේ වයස අවරුදු 77දී

    උඹ කියන එක වැරදියි කියනවා නෙමෙයි....


    Churchill කියන්නේ සාර්ථකම නායකයෙක් නෙමයි ගොඩක් උපහාසයට ලක්වෙච්ච නායකයෙක්


    චෝදනා ඔප්පුකරනකල් මේවා චෝදනා විතරයි මචන්...ඔප්පු කරන්න අවරුදු 4ක් තිබ්බනේ..දැන් මේවා චෝදනා චෝදනා චෝදනා වෙලා පට්ට මඩ වෙලා තියෙන්නේ...

    ඔව් මේවා චෝදනා විතරයි මචන්
    මොකද චෝදනා ඔප්පු කරලා හොරු හිරේ දාන්න අපි ගියපාර යවපු සෙට් එක හොරුත් එක්ක නිදි වැද්දා

    චෝදනා ඔප්පු බැරි හොරුන්ගේ දක්ෂකම නිසා මිසක් හොරකමක් නොකරපු නිසා නෙමයි

     
    Last edited:
    අගෝස්තුවේ මරාගෙ පවුලම හිරේ ගියානේ, ඒ වගේම හිටංවත් හිරේ යවනවද..
    :rofl:

    පාර්ලිමේන්තුවම එකම පවුලක් කියල නොදන්න උබල වගේ එවුන්ට වෙන කියන්න දෙයක් නැහැ.. :yes:

    :yes: