අල්ලස්-කතාට-ගෙතූවන්ටම-පාරාවළල්ලක් වෙලා - &#351

shonax

Member
Oct 7, 2009
824
33
0
අල්ලස්-කතාට-ගෙතූවන්ටම-පාරාවළල්ලක් වෙලා - &#351

ජෙනරාල් ‍ෆොන්සේකා මහතාගේ පාර්ශවයට දිනා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 300 ක් අල්ලස් ලෙස ලබා දුන් බව කියන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයාගේ බොරුව ඔවුන්ටම දැන් පාරාවළල්ලක් වී ඇති බව මාධ්‍ය විපරම සංවිධානය පවසයි. එම සංවිධානය මගින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් මේ බව දක්වා ඇත. එම නිවේදනය මෙසේය.
පාරාවළල්ලක් වී ඇති ලක්ෂ තුන්සියයේ අල්ලස් කතාව

රුපියල් ලක්‍ෂ තුන්සියයක අල්ලසක් ලබා ගත් බව ප‍්‍රසිද්ධියේ පිළිගෙන ඇති මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාට එරෙහිව වහාම නීතිය කි‍්‍රයාත්මක කරන්නැයි එක්සත් ජාතික පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි.මේ පිළිබඳව ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නීතිඥයින් දැනටමත් අල්ලස් කොමසාරිස්වරයා වෙත නීත්‍යානුකූළ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ජනරාල් ෆොන්සේකා මහතාගේ පාර්ශ්වයට දිනා ගැනීම සඳහා තමාට රුපියල් ලක්‍ෂ තුන්සියයක අල්ලසක් දුන් බව අදාල මන්තී‍්‍රවරයා මාධ්‍ය සාකච්ඡාවකදී ප‍්‍රසිද්ධියේ පිළිගත්තේය.මෙම මාධ්‍ය සාකච්ඡාව හමුවේ කථා කළ විමල් වීරවංශ මන්තී‍්‍රවරයා මෙම මුදල පුවත්පත් ප‍්‍රචාරක දැන්වීම් පල කිරීම සඳහා තමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇති බව ද ඔහු කියා සිටියේය.

සරත් ෆොන්සේකා මහතට අපහාස කිරීම සඳහා මේ මන්තී‍්‍රවරුන් දෙදෙනා ගෙතු මහා බොරුව දැන් ඔවුන්ටම පාරා වළල්ලක් බවට පත්වෙමින් තිබේ.මොවුන්ගේ මෙවැනි අමුලික පට්ටපල් බොරු මහජනතාව කිසි ලෙසකින් විශ්වාස කළේ නැත.එහෙත් මොවුන්ගේ මෝඩකමේ මහත ඔවුහු මේ මුදල් මිටි මාධ්‍ය හමුවේදී පෙන්වූහ.එම දර්ශන සියළුම රූපවාහිනි මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට මේ රටේ මහජනතාවට අවස්ථාව ලැබිණි.

මේ රටේ අල්ලස් නීතිය අනුව අල්ලස් දෙන පුද්ගලයා මෙන්ම අල්ලස් ගන්නා තැනැත්තාද යන දෙදෙනාම නීතිය ඉදිරියේ වැරදි කරුවෝ වෙති.දැන් තමා අල්ලස් ලබා ගත් බව මන්තී‍්‍රවරයා ප‍්‍රසිද්ධියේ පිළිගෙන ඇත.එබැවින් ඔහුට අල්ලස් හෝ දුෂණ කොමිසම ඉදිරියේ ගැලවීමක් නැත. තමන් මේ මුදල් අතින්වත් ඇල්ලූවේ නැතැයි ඔවුන් කරන ප‍්‍රකාශ මගින් නීතියෙන් ගැලවිය නොහැකිය.

මෙම අල්ලස් කථාව සත්‍යයක් නම් ඔවුන් කළ යුතුව තිබුණේ අල්ලස් දෙන අවස්ථාවට අල්ලස් කොමිෂමේ නිලධාරියෙකු රහසින් සහභාගිකරවා ගැනීමය.මෙම ඊනියා අල්ලස් දීමේ අවස්ථාවට අල්ලස් කොමිසමේ නිලධාරින් සහභාගි කරවා ගත්තේ නම් ඔවුන්ට ඇත්ත වශයෙන්ම විශාල ප‍්‍රචාරයක් ලබා ගන්නට ඉඩ තිබිණ.එහෙත් ඒ කිසිවක් මෙහිදි සිදු වී නැත.අල්ලස් කොමිසමට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන ලෙස කරන අභියෝගයද ඔවුහු භාර නොගනිති.

ඔවුන් කියන්නේ තමන් නීත්‍යානුකූලව පමණක් කටයුතු කරන බවයි.අල්ලස් සිද්ධියකදී නීත්‍යානුකූලව කටයුතු කළ හැකි එකම මාර්ගය අල්ලස් කොමිසමට ඒ බව පැමිණිලි කිරීමයි. එහෙත් මේ කිසිවක් නොකළ මන්තී‍්‍රවරුන් දෙදෙනා හුදෙක් තමන්ට ලැබුණු බව කියන සල්ලි මිටි කිහිපයක් පෙන්වා ඒවා ජනාධිපතිතුමාට භාර දෙන බව කියා සිටියහ.මේ අනුව අල්ලස් ලබා ගැනීමට අනුබල දීම ගැන විමල් වීරවංශ මන්ති‍්‍රවරයාද සැක කරුවෙකු බවට පත් වේ.

ජනාධිපතිවරයාට මේ මුදල්වලින් ප‍්‍රචාරක කටයුතු කළ නොහැකිය.මන්ද එසේ කළහොත් නීති විරෝධී මුදල් භාවිතය පිළිබඳව ඔහු වරදකරුවකු වන බැවිනි.දැන් මොවුන්ට ගැලවීමට ඇති හොඳම මාර්ගය අල්ලස් කොමිසම වෙත ගොස් සත්‍ය තත්වය හෙලිදරව් කිරීමය.බරපතල අර්බුදයකට පත් වී සිටින මේ මන්ති‍්‍රවරු ප‍්‍රශ්නය ගොඩින් බේරා ගැනීම සඳහා විපක්‍ෂයේ මන්ති‍්‍රවරුන්ට කථා කරන්නට පටන් ගෙන ඇති බවටද රාවයක් පවතී.

දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගත නොහැකිය. අල්ලස් කොමිසමේ නිලධාරින් වහාම කි‍්‍රයාත්මක වී මේ මුදල් තොගය තම භාරයට ගන්නා ලෙස අපි කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිමු. විමල් වීරවංශ මහතා මීට කලින් ගැසු සියලූ තුරුම්පු මෙන්ම මේ අල්ලස් තුරුම්පුවද දැන් පුස්සක් වී ඔවුන්ටම ආපසු කැර කැවී තිබේ.මේ රටේ ජනතාව මෙවැනි අභූත චෝදනා පිලිගැනීමට තරම් මෝඩයෝ නොවෙති.මෙවැනි කි‍්‍රයා ජනතාවගේ බුද්ධියට නිගා කිරීමට දරන වෑයමකි.

ශිරාල් ලක්තිලක,
මාධ්‍ය ප්‍රකාශක,
මීඩියා වොච්.


මෙම සිදුවීම පිළිබඳව ඊයේ පුවත්පත්වල පළ කර තිබූ කාටූනයකි මේ

kakkutta.jpg
 

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
අනේ විමලේ උබ මෙවා දැකලා දිවිනසා ගන්න එපා... බඩ පැලෙන්න හිනා වෙන්න , ඇගෙ තියෙන ලේ ටික පිරිසිදු වෙන්න අපිට උබ වගේ ජෝකර්ලා නතුව බැහැ .
 

shonax

Member
Oct 7, 2009
824
33
0
අනේ විමලේ උබ මෙවා දැකලා දිවිනසා ගන්න එපා... බඩ පැලෙන්න හිනා වෙන්න , ඇගෙ තියෙන ලේ ටික පිරිසිදු වෙන්න අපිට උබ වගේ ජෝකර්ලා නතුව බැහැ .
:lol:
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අනේ විමලේ උබ මෙවා දැකලා දිවිනසා ගන්න එපා... බඩ පැලෙන්න හිනා වෙන්න , ඇගෙ තියෙන ලේ ටික පිරිසිදු වෙන්න අපිට උබ වගේ ජෝකර්ලා නතුව බැහැ .
    :lol::lol::lol:
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    අනේ විමලේ උබ මෙවා දැකලා දිවිනසා ගන්න එපා... බඩ පැලෙන්න හිනා වෙන්න , ඇගෙ තියෙන ලේ ටික පිරිසිදු වෙන්න අපිට උබ වගේ ජෝකර්ලා නතුව බැහැ .
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    DChany

    Member
    Jan 4, 2010
    152
    2
    0
    Mee news eka ITN eke 8mins withara damma... staff eke untawath
    allas ganna eka gana hithune nadda???
    media wala gon harak hithanne lankawe anith minissuth gon harak kiyala....
    ane uuruwansha.....
    kata nisa maluwa nasii.... mooda kama nisa uuruwanshath nasii....