චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව#
අප 30 වසරකට අධික කාලයක් ජාතිවාදී-වර්ගවාදී ම්ලේච්ජ යුද්ධයකට මැදිව මේ දඹරන් පොළොව රුධිරයෙන් තෙමා-ඇස් හිස් මස් දන්දී යන්තම් සැනසුම් සුසුමක් හෙළන්න මුල පිරුවා පමණයි.දේශය මේ කුරිරු ශාපයෙන් දේශය මුදවා ගන්න දිවි හිමියෙන් කැපවූ රණවිරුවන්ට නිඟා දෙමින් නැවත නැවතත් පටු දේශපාලන වාසි තකා ජාතිවාදය,සැක, බිය අවුළුවාලමින් වංචනික ගිවිසුම් හා සංධාන ඇතැයි රට මුළා කරන අයුරු ඉතා ඛේදනීයයි.
රනිල් හා මහ කොටියා අතර රට පාවා දීමේ ගිවිසුමක් ඇතැයි වරෙක රට මුළා කල හැටි අපි දුටිමු.එහෙත් එවැන්නක් කිසිදාක එළිපිට සනාථ කරන්නට තවමත් කිසිවෙක් සමත්ව නැත.
ඉතිහාසය යළිත් ජාතිය හමුවේ සරදම් කරමින් සිටී. සරත්&සම්බන්ධන් ඊළාම් ගිවිසුම නමින් ව්‍යාජ ලියව්ල්ලක් අවසාන දිනයේ බෙදා හැරීම පිණිස බොරුල්ලේ තැනක මුද්‍රණය වෙමින් පවතින බව මොහොතකට පෙර තිස්ස අත්තනායක සිරස ඔස්සේ සාධක සහිතව කියා සිටියා.
ලංකාවේ චන්දය දිනීම සඳහා ඇති හොඳම තුරුම්පුව සිංහල ජනයාගේ සිත් තුළ දෙමළ ජනයා කෙරෙහි සැක බිය ඇති කිරීම හැර වෙනත් විකල්පයක් නැති තරමට රජය බංකොළොත් වී තිබෙන බව දෙතුන් වතාවක්ම අපි දුටුවෙමු.

ම්ලේච්ජ දේශපාලුවනි! චන්දය දිනා ගනිල්ලා...ඒත්, අහස පොළොව නුහුළන බොරු බේගල් මවා පෙන්වා දෙවියන්ගෙ නාමයෙන් රටත්, ජාතියත් බේද භින්න නොකරවු !!!