චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

අප 30 වසරකට අධික කාලයක් ජාතිවාදී-වර්ගවාදී ම්ලේච්ජ යුද්ධයකට මැදිව මේ දඹරන් පොළොව රුධිරයෙන් තෙමා-ඇස් හිස් මස් දන්දී යන්තම් සැනසුම් සුසුමක් හෙළන්න මුල පිරුවා පමණයි.දේශය මේ කුරිරු ශාපයෙන් දේශය මුදවා ගන්න දිවි හිමියෙන් කැපවූ රණවිරුවන්ට නිඟා දෙමින් නැවත නැවතත් පටු දේශපාලන වාසි තකා ජාතිවාදය,සැක, බිය අවුළුවාලමින් වංචනික ගිවිසුම් හා සංධාන ඇතැයි රට මුළා කරන අයුරු ඉතා ඛේදනීයයි.
රනිල් හා මහ කොටියා අතර රට පාවා දීමේ ගිවිසුමක් ඇතැයි වරෙක රට මුළා කල හැටි අපි දුටිමු.එහෙත් එවැන්නක් කිසිදාක එළිපිට සනාථ කරන්නට තවමත් කිසිවෙක් සමත්ව නැත.
ඉතිහාසය යළිත් ජාතිය හමුවේ සරදම් කරමින් සිටී. සරත්&සම්බන්ධන් ඊළාම් ගිවිසුම නමින් ව්‍යාජ ලියව්ල්ලක් අවසාන දිනයේ බෙදා හැරීම පිණිස බොරුල්ලේ තැනක මුද්රණය වෙමින් පවතින බව මොහොතකට පෙර තිස්ස අත්තනායක සිරස ඔස්සේ සාධක සහිතව කියා සිටියා.
‍ලංකාවේ චන්දය දිනීම සඳහා ඇති හොඳම තුරුම්පුව සිංහල ජනයාගේ සිත් තුළ දෙමළ ජනයා කෙරෙහි සැක බිය ඇති කිරීම හැර වෙනත් විකල්පයක් නැති තරමට රජය බංකොළොත් වී තිබෙන බව දෙතුන් වතාවක්ම අපි දුටුවෙමු.

ම්ලේච්ජ දේශපාලුවනි! චන්දය දිනා ගනිල්ලා...ඒත්, අහස පොළොව නුහුළන බොරු බේගල් මවා පෙන්වා දෙවියන්ගෙ නාමයෙන් රටත්, ජාතියත් බේද භින්න නොකරවු !!!
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    කිසි දිනක දෙමළ ජනායාගේ බලාපොරොත්තුව ඊළමක් වුනේ නෑ , එය ත්‍රස්තයන්ගේ වුවමනාවක් වූවා පමණි , දෙමළ ජාතික සන්ධානය යනු එල්ටීටීයී යේ දේශපාලන පක්ශයයි , එම පක්ශයේ මන්ත්‍රී වරුන් තිදෙනෙකු ගිවිසුමක් පිළිබදවද සදහන් කර තිබේ , එය වැරදියැයි ඔවුන් කිසි විටකත් පවසා නැත , ඊට අමතරව ආර් සම්බන්ධන් එක්සත් රටක බලය බෙදීමක් ගැන සදහන් කරයි , එක්සත් පදනම නම් සන්දීය රාජ්‍ය සංකල්පය බව අමුතුවෙන් කිව යුතු නැත ,
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    ම්ලේච්ජ දේශපාලුවනි! චන්දය දිනා ගනිල්ලා...ඒත්, අහස පොළොව නුහුළන බොරු බේගල් මවා පෙන්වා දෙවියන්ගෙ නාමයෙන් රටත්, ජාතියත් බේද භින්න නොකරවු !!!
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    funny-pictures-president-cat-is-safe.jpg
     
    කිසි දිනක දෙමළ ජනායාගේ බලාපොරොත්තුව ඊළමක් වුනේ නෑ , එය ත්‍රස්තයන්ගේ වුවමනාවක් වූවා පමණි , දෙමළ ජාතික සන්ධානය යනු එල්ටීටීයී යේ දේශපාලන පක්ශයයි , එම පක්ශයේ මන්ත්‍රී වරුන් තිදෙනෙකු ගිවිසුමක් පිළිබදවද සදහන් කර තිබේ , එය වැරදියැයි ඔවුන් කිසි විටකත් පවසා නැත , ඊට අමතරව ආර් සම්බන්ධන් එක්සත් රටක බලය බෙදීමක් ගැන සදහන් කරයි , එක්සත් පදනම නම් සන්දීය රාජ්‍ය සංකල්පය බව අමුතුවෙන් කිව යුතු නැත ,
    එම පක්ශයේ මන්ත්‍රී වරුන් තිදෙනෙකු ගිවිසුමක් පිළිබදවද සදහන් කර තිබේ ,
    ඔය ගහන්නෙ පරණ තැටියම නේ?කෝ ඒ ගිවිසුම?සම්බන්ධන්ම නැහැයි කියන ඒ ගිවිසුම කොහෙද තියෙන්නෙ?
    "ඉතිහාසය යළිත් ජාතිය හමුවේ සරදම් කරමින් සිටී.රනිල් හා මහ කොටියා අතර රට පාවා දීමේ ගිවිසුමක් ඇතැයි වරෙක රට මුළා කල හැටි අපි දුටිමු.එහෙත් එවැන්නක් කිසිදාක එළිපිට සනාථ කරන්නට තවමත් කිසිවෙක් සමත්ව නැත."
     
    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    කොටින්ට උදව් කළැයි චෝදනාව මත අත්අඩංගුවේ සිට නිදහස ලැබූ TNA මන්ත්‍රී මහින්දට සහය දක්වයි

    ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සතාසිවම් කනගරත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන බව අද වව්නියාවේදී පවසා ඇත. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 8 කට වැඩි කාලයක් රජයේ අත්අඩංගුවේ සිටි කනගරත්නම් නිදහස් කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයට සහාය පළ කරන ලෙස ඔහුට බල කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පසුගියදා පවසා තිබිණි.

    යුද්ධය අවසන් වන තෙක් කොටි සංවිධානය හා එක්ව කටයුතු කිරීම හේතුවෙන් කනගරත්නම් රජයේ ආරක්‍ෂක අංශ භාරයේ පසුවූ අතර තමා නිදහස් කිරීම සඳහා කොන්දේසියක් ලෙස ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේදී ඔහුට සහාය පළ කළ යුතු බවට තමාගෙන් ඉල්ලා සිටි බව මන්ත‍්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් කීපදෙනකු දුරකථනයෙන් අමතා පැවසූ බව TNA හි ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරයකු පසුගියදා මාධ්‍යයක් හමුවේ පවසා තිබිණි.

    රජය විසින් වවුනියා මන්නාරම පාරේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ නිවාස සංකීර්ණයේ පිහිටි නව නිවාසයක් මන්ත‍්‍රීවරයාට ලබාදී ඇති අතර නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යංශයේ වාහනයක් ද ලබාදී ඇතැයි පැවසේ. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී කොටි සංවිධානය විසින් සිදුකළ ගුවන් ප‍්‍රහාරය සම්බන්ධව මන්ත‍්‍රීවරයාගේ පුත‍්‍රයා තවමත් ආරක්‍ෂක අංශවල අත්අඩංගුවේ පසුවන බවද ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි. නිදහස ලැබූ මන්ත‍්‍රීවරයා පසුගිය 16 දා මුලතිව් බලා ගොස් රජයෙන් දුන් ට‍්‍රැක්ටර් රථ බෙදා දීමේ උත්සවයකට සහභාගී වූ බවත්, එහිදී අදහස් පළ කර ඇති කනකරත්නම් මන්ත‍්‍රීවරයා තමන් සමග ජනාධිපතිවරයාට සහාය දීමට TNA මන්ත‍්‍රීවරු තිදෙනෙකු සිටින බවද පැවසූ බව lankaenews වෙබ් අඩවිය පසුගියදා දක්වා තිබිණි.

    දෙමළ සංධාන මන්ත‍්‍රී
    ජනපති පැත්තට
    ( ඕමන්තේ ප‍්‍රියන්ත හේවගේ*
    ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්‍ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිට නිදහස ලැබු දෙමළ සංධාන මන්ත‍්‍රී සතාසිවම් කනගරත්නම් මහතා මහින්ද රාජපක්‍ෂ ජනපතිට සහාය දෙන බව වවුනියාවේදී අද පැවැසීය. දෙමළ ජනතාවට නිදහස ලබා දුන් ජනපති සමග දෙමළ ජනතාව සිටින බව ඔහු කීවේය
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    එම පක්ශයේ මන්ත්‍රී වරුන් තිදෙනෙකු ගිවිසුමක් පිළිබදවද සදහන් කර තිබේ ,
    ඔය ගහන්නෙ පරණ තැටියම නේ?කෝ ඒ ගිවිසුම?සම්බන්ධන්ම නැහැයි කියන ඒ ගිවිසුම කොහෙද තියෙන්නෙ
    "ඉතිහාසය යළිත් ජාතිය හමුවේ සරදම් කරමින් සිටී.
    රනිල් හා මහ කොටියා අතර රට පාවා දීමේ ගිවිසුමක් ඇතැයි වරෙක රට මුළා කල හැටි අපි දුටිමු.එහෙත් එවැන්නක් කිසිදාක එළිපිට සනාථ කරන්නට තවමත් කිසිවෙක් සමත්ව නැත.

    සම්බන්ධන් කෙසේ වෙතත් ‍ඔහුගේ මන්ත්‍රීවරයෙක් ගිවිසුමක් ගැන කර තිබෙන ප්‍රකාශය ගැන ඔහු කිසිවක් කිය‍න්නේ නෑ. ගිවිසුමක් නැත්නම් මැතිවරණ ප්‍රකාශයට ඒකීය බව ඇතුලත් නොකළේ ඇයි? අමතකවීමකින්ද?

    සිංහල ජනයාට දෙමළ ජනයා ගැන සැකයක් ඇති බව පෙනෙන ඔබට සිංහලයින් තුළ මේ රටේ ඒකීයත්වය හා තම ජාතියේ පැවැත්මට ඇති තර්ජන පිළිබඳව ඇති සැකය නොපෙනෙන්නේ ඇයි?
     
    Last edited:
    සම්බන්ධන් කෙසේ වෙතත් ‍ඔහුගේ මන්ත්‍රීවරයෙක් ගිවිසුමක් ගැන කර තිබෙන ප්‍රකාශය ගැන ඔහු කිසිවක් කිය‍න්නේ නෑ. ගිවිසුමක් නැත්නම් මැතිවරණ ප්‍රකාශයට ඒකීය බව ඇතුලත් නොකළේ ඇයි? අමතකවීමකින්ද?

    දෙමළ ජනයාට සිංහල ජනයා ගැන සැකයක් ඇති බව පෙනෙන ඔබට සිංහලයින් තුළ මේ රටේ ඒකීයත්වය හා තම ජාතියේ පැවැත්මට ඇති තර්ජන පිළිබඳව ඇති සැකය නොපෙනෙන්නේ ඇයි?
    මොන කෙහෙල්මල් ඒකීයක් ගැන දොඬවනවද මන්දා.දැන් මේක ඒකීය එක්සත් රටක් නේන්නම්.තව මොනවද ඒකීය කරන්න තියෙන්නේ?ඒකීය වචනය අනවශ්‍ය තැනටත් පාවිච්චි කරන කෝකටත් තෛලයක්ද?
    මැතිවරණ
    ප්‍රකාශයක් අල්ලා ගෙන විකාර දොඩවන්නේ ව්‍යවස්ථාවෙන්ම මේ රට ඒකීය රටක් නේන්නම්.ඕක අලුතෙන් කඩදහිවල ලියා ගෙන පිටේ එල්ලාගන්න ඕනද?
    සිංහල ජාතියට තිබෙන ලොකුම තර්ජනය දෙමලුන් නොව ඔබ වැනි සිංහල මිනිසුන්ගේ මනසට බොරු බහුබූත මනස්ගාත පුරවන පාදඩ ‍පක්‍ෂ දේශපාලනයයි.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මං මේ මඟුල් පක්ෂ දේශපාලනයට හා රට අගාධයට යවන ඡන්දයට කැමති නෑ

    මොන කෙහෙල්මල් ඒකීයක් ගැන දොඬවනවද මන්දා.දැන් මේක ඒකීය එක්සත් රටක් නේන්නම්.තව මොනවද ඒකීය කරන්න තියෙන්නේ?
    තව කොච්චර කල් මේ "ඒකියත්වය" තියෙයිද?

    ඕක නැතිවෙන්න බැරිද?
    ලංකාවේ විධායකයට බැරිද ඕක අහෝසි කරන්න :nerd:

    සිංහල ජාතියට තිබෙන ලොකුම තර්ජනය දෙමලුන් නොව ඔබ වැනි * සිංහල මිනිසුන්ගේ මනසට බොරු බහුබූත මනස්ගාත පුරවන පාදඩ ‍පක්‍ෂ දේශපාලනයයි.
    සිංහල ජාතියට තිබෙන ලොකුම තර්ජනය සිංහලයන් දෙකට තුනට බෙදී හැම දේටම උඩින් පක්ෂය හා තම දේශපාලන මතයට එකඟ වන ඕනෑම දෙයක් නිවැරදියැයි පැවසීම හා රට ජාතිය ගැන කතා කරන අයවලුන්ට ජාතිවාදීන් අන්තවාදීන් යැයි හංවඩු ගැසීම :oo:
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    මොන කෙහෙල්මල් ඒකීයක් ගැන දොඬවනවද මන්දා.දැන් මේක ඒකීය එක්සත් රටක් නේන්නම්.තව මොනවද ඒකීය කරන්න තියෙන්නේ?ඒකීය වචනය අනවශ්‍ය තැනටත් පාවිච්චි කරන කෝකටත් තෛලයක්ද?
    මැතිවරණ
    ප්‍රකාශයක් අල්ලා ගෙන විකාර දොඩවන්නේ ව්‍යවස්ථාවෙන්ම මේ රට ඒකීය රටක් නේන්නම්.ඕක අලුතෙන් කඩදහිවල ලියා ගෙන පිටේ එල්ලාගන්න ඕනද?
    සිංහල ජාතියට තිබෙන ලොකුම තර්ජනය දෙමලුන් නොව ඔබ වැනි සිංහල මිනිසුන්ගේ මනසට බොරු බහුබූත මනස්ගාත පුරවන පාදඩ ‍පක්‍ෂ දේශපාලනයයි.

    දැන් ඒකීයයි තමයි. ඒත් ඔයාට පේන්නෙ නැද්ද ඔය සම්බන්ධන්ලට අඩුම වශයෙන් ඕනෙ ඒකීය බව නැති වෙන බලය බෙදීමක් කියල? ඒ වගේ අදහස් තියෙන අය ඉන්න නිසා නිසා තමයි "ඒකීය" කියන වචනේ අද ඉතාම වැදගත් වෙන්නේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මං මේ මඟුල් පක්ෂ දේශපාලනයට හා රට අගාධයට යවන ඡන්දයට කැමති නෑ

    තව කොච්චර කල් මේ "ඒකියත්වය" තියෙයිද?

    ඕක නැතිවෙන්න බැරිද?
    ලංකාවේ විධායකයට බැරිද ඕක අහෝසි කරන්න :nerd:

    මොකද බැරි මේක කෑලි කෑලි වලට කඩල , ෆෙඩරල් රාජ්‍යක් කරන්නත් පුලුවන්
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    සිංහල ජාතියට තිබෙන ලොකුම තර්ජනය සිංහලයන් දෙකට තුනට බෙදී හැම දේටම උඩින් පක්ෂය හා තම දේශපාලන මතයට එකඟ වන ඕනෑම දෙයක් නිවැරදියැයි පැවසීම හා රට ජාතිය ගැන කතා කරන අයවලුන්ට ජාතිවාදීන් අන්තවාදීන් යැයි හංවඩු ගැසීම :oo:

    හරියට හරි.
     
    • Like
    Reactions: amila_90210

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මොන කෙහෙල්මල් ඒකීයක් ගැන දොඬවනවද මන්දා.දැන් මේක ඒකීය එක්සත් රටක් නේන්නම්.තව මොනවද ඒකීය කරන්න තියෙන්නේ?ඒකීය වචනය අනවශ්‍ය තැනටත් පාවිච්චි කරන කෝකටත් තෛලයක්ද?
    මැතිවරණ
    ප්‍රකාශයක් අල්ලා ගෙන විකාර දොඩවන්නේ ව්‍යවස්ථාවෙන්ම මේ රට ඒකීය රටක් නේන්නම්.ඕක අලුතෙන් කඩදහිවල ලියා ගෙන පිටේ එල්ලාගන්න ඕනද?
    සිංහල ජාතියට තිබෙන ලොකුම තර්ජනය දෙමලුන් නොව ඔබ වැනි සිංහල මිනිසුන්ගේ මනසට බොරු බහුබූත මනස්ගාත පුරවන පාදඩ ‍පක්‍ෂ දේශපාලනයයි.

    කෙහෙම්මල කෙසේ වෙතත් කිසිම තේරුමක් නැති විකාර දොඩවන්නේ ඔයාම නේද? මේක ඒකීය එක්සත් රටක් කියල කවුද ඔයාට කියල දුන්නෙ? මේක ඒකීය රටක්. ‍රටේ ඒකීය බව විනාශ කරන්න ගත් විශාල උත්සාහය පරාජය කර වසරක්වත් ගතවෙන්නට පෙර ඒකීය බව කෙහෙම්මලක් වුණේ කොහොමද?

    සිංහල ජාතියට දෙමළ ජාතිකයින් තර්ජනයක් බව මම කීවේ කොතනද? නොකී දේවල් කී බව කියමින් මඩ දේශපාලනයේ යෙදෙන්නේ ඔබද මමද? පටු ජාතිවාදය ඇවිස්සෙන්නේ එවැනි මඩ ප්‍රකාශ වලින් නේද?
     
    මං මේ මඟුල් පක්ෂ දේශපාලනයට හා රට අගාධයට යවන ඡන්දයට කැමති නෑ

    තව කොච්චර කල් මේ "ඒකියත්වය" තියෙයිද?

    ඕක නැතිවෙන්න බැරිද?
    ලංකාවේ විධායකයට බැරිද ඕක අහෝසි කරන්න :nerd:
    ඉර හඳ පවතින තාක් මේ රට බෙදන්න බෑ කාටවත්.සමුබුද්ධ ශාසනය පවතින-බුදු අනුහස් ඇති කිසිලෙසකින් යටත් කරගත නොහැකි ලෝකයේ ඇති එකම රට ලංකාවයි(අධිරාජ්‍යවාදීන් සුළු කලක් පාලනය කලත්,සමස්ථයක් ලෙස රට වෙනස් වුනේ නෑ)විධායකයෙක් කවුරුහරි මේක වෙනස් කරනවා නම් මේ රටේ සියළු සිංහලයන් මිය ගිය දාක තමයි ඒකක කරන්න වෙන්නෙ.ඉංදියාව පවා රට දෙකඩ වීම සපුරාම අනුමත නොකරන තත්වයක ඉංදියාවටත් ඉහළින් වැඩ කරන්න සක්විති රජෙක් එන්න ඕන.මේක නිකං හිතළුවක්.දිය බේසමේ කිඹුලන් දකින්න සිංහල සමාජය බියවද්දා දේශපාළුවෝ රට හූරා කනවා.

    සිංහල ජාතියට තිබෙන ලොකුම තර්ජනය සිංහලයන් දෙකට තුනට බෙදී හැම දේටම උඩින් පක්ෂය හා තම දේශපාලන මතයට එකඟ වන ඕනෑම දෙයක් නිවැරදියැයි පැවසීම හා රට ජාතිය ගැන කතා කරන අයවලුන්ට ජාතිවාදීන් අන්තවාදීන් යැයි හංවඩු ගැසීම :oo:
    මෙන්න මේකයි රට ඉදිරියේ ඇති ලොකුම අනතුර.නැතුව දෙමළ හෝ වෙනත් විදේශ බලවේගයක් නෙවෙයි.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මොන කෙහෙල්මල් ඒකීයක් ගැන දොඬවනවද මන්දා.දැන් මේක ඒකීය එක්සත් රටක් නේන්නම්.තව මොනවද ඒකීය කරන්න තියෙන්නේ?ඒකීය වචනය අනවශ්‍ය තැනටත් පාවිච්චි කරන කෝකටත් තෛලයක්ද?
    මැතිවරණ
    ප්‍රකාශයක් අල්ලා ගෙන විකාර දොඩවන්නේ ව්‍යවස්ථාවෙන්ම මේ රට ඒකීය රටක් නේන්නම්.ඕක අලුතෙන් කඩදහිවල ලියා ගෙන පිටේ එල්ලාගන්න ඕනද?
    සිංහල ජාතියට තිබෙන ලොකුම තර්ජනය දෙමලුන් නොව ඔබ වැනි සිංහල මිනිසුන්ගේ මනසට බොරු බහුබූත මනස්ගාත පුරවන පාදඩ ‍පක්‍ෂ දේශපාලනයයි.

    ඒකීය රාජ්‍යක් සහ එක්සත් රාජ්‍යක් කියන්නේ දෙකක් හරිද?
    ඒකීය කියන්නේ බලය මධ්‍යගතයි , එකසත් කියන්නේ බලය පතුරුවා හරින ලද , විමධ්‍යගත , ඒක තව දුරට ගියොත් ෆෙඩරල් වෙන්නත් පුලුවන් , එතකොට මේ කාරණාදෙක හරි වටිනව
    ඕන්නම් ව්‍යවස්ථාව වෙනස් කරල මේක ෆෙඩරල් කරන්නත් පුලුවන් , විකාර දෙඩවිල්ලක් නෙමේ , මේක හරියට වටිනව ඔබට නොතේරුනාට
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    ඉර හඳ පවතින තාක් මේ රට බෙදන්න බෑ කාටවත්.සමුබුද්ධ ශාසනය පවතින-බුදු අනුහස් ඇති කිසිලෙසකින් යටත් කරගත නොහැකි ලෝකයේ ඇති එකම රට ලංකාවයි(අධිරාජ්‍යවාදීන් සුළු කලක් පාලනය කලත්,සමස්ථයක් ලෙස රට වෙනස් වුනේ නෑ)විධායකයෙක් කවුරුහරි මේක වෙනස් කරනවා නම් මේ රටේ සියළු සිංහලයන් මිය ගිය දාක තමයි ඒකක කරන්න වෙන්නෙ.ඉංදියාව පවා රට දෙකඩ වීම සපුරාම අනුමත නොකරන තත්වයක ඉංදියාවටත් ඉහළින් වැඩ කරන්න සක්විති රජෙක් එන්න ඕන.මේක නිකං හිතළුවක්.දිය බේසමේ කිඹුලන් දකින්න සිංහල සමාජය බියවද්දා දේශපාළුවෝ රට හූරා කනවා.

    පහුගිය අවුරුදු 26ක්ම මේ රට බෙදිල තිබුණ බව ඔයාට ඔච්චර ඉක්මනට අමතක වුණාද? අපි උඩ බලාගෙන හිටියොත් මහා බ්‍රඃමයටවත් බෑ මේ රට ආරක්ශා කරන්න. මේ රට රැකගන්න ඕනෙ අපිමයි.
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    කෙටියෙන්ම කියනවනම්....
    වසර 30ක් තිස්සේ රටේ තිබ්බ වසංගතය නිමා කරාට පස්සේ ඒ වසංගතයට නැවත හිස ඔසවන්න දෙනවද නැද්ද කියන එක තමන්ම තීරණය කරගන්න....:)