ශ්‍රී ලංකා ආර්ථිකයට උසස් වීමක්!
දැන් අපි දිළිඳු බවින් ගොඩ! මහ බැංකුව කියයි ජන,21,(විමසුම) –
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මධ්‍යම ගණයේ නැගී ගෙනඑන අදායම් ලබන රටක් ලෙසට උසස් වීමක් ලබාදී ඇතැයි මහ බැංකුව කියයි.
මේ අනුව, මේ රට මෙතෙක් හඳුනා ගෙන තිබූ දිළිඳුකම පිටුදැකීමේ හා වර්ධනය සඳහා අධාර ඇවැසි රටවල් වර්ගීකරණයෙන් ඉවත් කර තිබෙන බවත් ඒ අනුව ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය හා ප්‍රාග්ධන වෙළෙඳ පොළේ වඩා විශ්වාසනීයත්වයක් ගොඩනැංවීමට ඉඩ සැලසී ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි.
ජාත්‍යන්තර සංවර්ධන ආයතනයේ ඒක පුද්ගල අදායම් දත්ත (මෙය ඩොලර් 2,014 ඉක්මවා ඇත.) පදනම් කර පසුගිය 11 දා සිට බලපැවෙත්වෙන පරිදි ලංකාවට මෙම උසස් වීම ලැබී ඇත්තේ මේ සම්බන්ධයෙන්පසුගිය පස් වසරක තිස්සේ කරන ලද අධීක්ෂණයෙන් පසුවය.
එමෙන්ම ඉහළ ගිය තෙල් මිල, ඇගළුම් සම්බන්ධයෙන් වූ බහු කෙඳි ගිවිසුම් අහිමි ව යාම් හමුවේ ලංකා ආර්ථිකය දැක්වූ සමත්කම්, මූල්‍ය අරමුදල පසුගියදා ලබා දුන් සහන ණයේ හිතකර ප්‍රවණතා, මෑතකදී නිකුත් කළ සෛවයිරී බැඳුම්කර සඳහා අධි ඉල්ලුමක් ලැබීම හා රාජ්‍ය ණය අඩුවීමේ ප්‍රවණතා මේ සඳහා සලකා බලා ඇති සෙසු සාධක වේ.