Shame! Election Commissioner, Shame!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :growl::growl: දයානන්ද දිශානායක, තොප තවම හෙලුවෙනි | Shame! Election Commissioner, Shame!! :growl::growl:


    vngpiv.jpg

    අපි දෙන්නා එක්වීලා, සහයෝගෙන් වැඩේ දෙන්නේ...​


    “හරිමි රජ සැපා…මම ලක්දිව තී නිසා…” මැතිවරණ කොමසාරිස් ධුරන්ධර දයානන්ද දිශානායක තෙමේ පරැණි රසාංගයක්ද ශ්‍රැතියෙන් පිට පැන ගායනා කෙරෙමින් විඩාබර දවසක අවසානයේ උල්පැන් ගෙය තුළට වැද සිහිලාරෙක පහස විඳ ගන්නේය. ඔහු අරමුණ මොහොතෙකට ඉහත ගන්නා ලද බියර් වීදුරු දෙකෙහි මත නිවී යන්නට මත්තෙන් කලෙකින් ඉසඹුවක් නොලද ලෝකාස්වාදරතියෙහි නිරත වීමය. කාටත් තේරෙන බාසාවෙන් කීවොත් පොඩි සොමියක් ගැනීමය.


    සාළුවක් ඉණවටා දවටා ගෙන උල්පැන්ගෙයින් එළියට එන හෙතෙම ඉස්සකු සේ ඒ උනා දමමින් සයනයට පනියි. මෙතෙක් බොරු නින්දක් මවා පා සිටි ඔහු ඇඹෙණියද හැඳි සළු පිළි සමඟ පුරුදු විලිබියද ඉවත ලන්නී, ඔහුට උණුසුමට තුරුළු වෙමිනි.


    අවාසනාවෙක මහත! “මට මහළු වයසේ, බැරිය වෙණ ගායනා පෙරසේ” කීවාක් මෙන් දිශානායකගේ ඉන්ද්‍රියයෝ ඔහුට කීකරු නොවෙති. කිහිප වතාවක් උත්සාහ දැරීමෙන් අනතුරුවද කටයුත්ත සාර්ථක නොවන කල්හි ඔහුට මළ පනින්නේය.


    “මළ කෙළියයි. මට ඕනැ වෙලාවට මේකා කෙළින් වෙන්නේ නෑනේ. අනේ ඩාලිං ඉතින් මං මොනව කරන්ඩද? ඔයා වෙන කෙනෙකුට කියල හරි කර ගන්ඩ බලන්ඩ හොඳේ!” දිශානායක පියඹට මුමුණන්නේය.


    මේ දයානන්ද දිශානායකගේ අප නොදුටු, සිතින් මවාගත් නිශා හැසිරීමය. මොහුගේ අප දකින රාජකාරි හැසිරීමද ඊට නොවෙනස්ය.



    Source :- http://taboosubjects.wordpress.com/2010/01/21/111/

    Thanks a lot Taboo Subjects. :) :)
     
    • Like
    Reactions: malinrock

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දයානන්ද දිශානායක මැතිවරණ කොමසාරිස් හැටියට තමන්ට ලැබී ඇති බලතල භාවිතා කොට රාජ්‍ය මාධ්‍ය දෙකකට පමණක් (ඔහු ඉතිරිවා අත හරින්නේ මන්ද යන්න තවත් රහසෙකි.) බලධරයකු පත් කරන්නේ පැහැදිළිවම ඒවායින් ඒකපාක්ෂික මැතිවරණ ප්‍රචාරයක් සිදුවන බැවිනි. බලධරයාද “දෙන්නං තොට!” කියා දිගට හරහට විධාන නිකුත් කරන්නේය. රූපවාහිනී හා රජයේ රෙදෙව් බලධරයෝ මේ නිවේදන තුට්ටුවකට නොසලකා තම පුරුදු කඩේයාම කරගෙන යති. කවුදෝ කීවේ උන් දිශානායකගේ විධාන මළපහ කොට පස්ස පිස දැමීමට ගන්නා බවය. ඉන්පසු දිශානායක තමා දැඩි අප්‍රසාදයට පත්ව ඇති බවක් අප්‍රසිද්ධියේ කියා තමන්ගේ ‘වැඩ-බැරි-දාස’ ඉල්ලා අස් කර ගනී.


    මෙහිදී දිශානායක පුරවැසියන් වන අපට කියන්නේද නිදියහනේදී බිරිඳට කියන කතාවමය. “ඒකා කෙළින් වෙන්නේ නැත්නම් මම මොනව කරන්ඩද? වෙන කාට හරි කියල වත් කර ගන්ඩ බලන්ඩ!”


    අත දිග හැර මේකාගේ කණ හරහා පාරක් ගහන්නට හිතෙන්නේ නම් ඒ ඔහුගේ බිරිඳට පමණක් නොවේ. පුරවැසියන් වන අපටද හිතෙන්නේ ඒ ටිකය. දයානන්ද දිශානායකගේ බිරිඳට සේම අපටද අල්ලපු ගෙදර මිනිහාට කියා එය කර ගත නොහැකිය. ඔහුගේ නෝංජල් හැසිරීම ගැන අපට කේන්ති යන්නේ එහෙයිනි.


    Source :- http://taboosubjects.wordpress.com/2010/01/21/111/

    Thanks a lot Taboo Subjects. :) :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැතිවරණ කොමසාරිස් හැටියට දයානන්ද දිශානායකගේ හැසිරීම රජයේ උසස් නිලධරයකුට කිසිසේත්ම නොහොබිනා ආකාරයට පක්ෂග්‍රාහී බවද, දීන බවද අපි මීට පෙරද ලීවෙමු. එක මැයක් ගැන දෙවරක් ලිවීමේ සිරිත කෙතෙක් අනුචිත වුවද නැවත මේ ලියන්නට සිදුව ඇත්තේ මේ අපෘෂ්ඨවංශිකයාට අනුකම්පාවිරහිතව බැට දෙන්නට නොවේ. වයසින් අප පියාණන්ට සමාන මොහු ගැන අප අනුකම්පාකළ යුතු බව සැබැවි. එහෙත් මොහුගේ මේ දීන පක්ෂග්‍රාහී හැසිරීම රටේ අනාගතයට ඍජු ලෙස බලපෑම් කරන්නට පටන්ගෙන ඇති කල්හි අපට නිහඬව සිටීමද අසීරු කාරණාවකි.


    දයානන්ද දිශානායක මෙහිදී තම නිදහසට කරුණු නොකීවද ඔහුට අනුකම්පා පාන්නෙක් මෙසේ කිව හැකිය. “අනේ අහිංසකයා, මූ මොනව කරන්ඩද? මහතැනට ඕනැ හැටියටනෙ මූත් වැඩ කරන්ඩ ඕනැ.”


    මේ අපූරු තර්කයකි. මැතිවරණ අවස්ථාවෙක මැතිවරණ කොමසාරිස් ක්‍රියා කළ යුත්තේ ඡන්දාපේක්ෂකයින්ට ඉහළ තලයක සිටය. ඉන් එක් ඡන්දාපේක්ෂයකකු රටේ වර්තමාන ජනාධිපති වූ පළියට ඔහුට විශේෂයක් කිරීමේ බලයක් මැතිවරණ කොමසාරිස්ට නැත. එසේම තමන්ගේ විධාන අනෙකුන් නොපිළිපදින්නේය කියා අසාධාරණය පෙනි පෙනී නීතිය ක්‍රියාත්මක නොකොට සිටීමේ හැකියාවක්ද නැත. මැතිවරණ පැවැත්වීම ජනාධිපති කාර්යාලයෙන් නොකොට ඊට මහජන මුදලින් වැටුප් ගෙවා, වරප්‍රසාද සපයා කොමසාරිස් කෙනකු පත්කොට ඇත්තේ එනිසාය. නැත්නම් ඒකත් හැම එකකටම “යේස් සෑර්” කියා බයාදු ලෙස හිස නමන ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගටම කර ගන්නට භාර දෙන්නට තිබුණා නෙවැ?


    Source :- http://taboosubjects.wordpress.com/2010/01/21/111/

    Thanks a lot Taboo Subjects. :) :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සියළු පාර්ශවයන්ට සාධාරණයක් ඉටුවන ලෙස යම් මැතිවරණයක් නොපැවැත්වේ නම් එය අවලංගු කිරීමේ බලය පවා මැතිවරණ කොමසාරිස් සතුය. ඒ අන්තයට යන්නැයි අපි ඔහුගෙන් නොඉල්ලමු. තමන්ට නීතියෙන් ලැබී ඇති බලතල අනුව ඔහුට ගත හැකි ඉතාම සරල පියවරක් නම් දෙස් විදෙස් මාධ්‍යවේදීන් මාධ්‍යහමුවකට කැඳවා මේ ටික කියන එකය.


    “මේ සාධාරණ මැතිවරණයක් නොවෙයි. රාජ්‍ය මාධ්‍ය හැසිරෙන්නේ ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයකු වන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නැමැත්තාට නියත වාසියක් ලැබෙන ලෙස ඒකපාක්ෂිකවයි. රාජ්‍ය මාධ්‍ය, ඒ කියන්නේ ජාතික හා ස්වාධීන රූපවාහිනී සේවාවන්, රජයේ ගුවන් විදිලිය, ඒ එක්කම ලේක් හවුස් පුවත්පත් හැසිරෙන්නේ ඉතාම නරක විදියට ඒකපාක්ෂිකව. ඒ මදිවාට වර්තමාන ජනාධිපතිවරයා වන පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ වාසියට රාජ්‍ය ආයතන ගණනාවක් මහජන මුදල් නීති විරෝධීව වියදම් කරනවා. අරලිය ගහ මන්දිරයේදී මහජන මුදලින් දෙන නීති විරෝධී ‘දන්සැල්’ නතර කරන්නය කියා මා ජනාධිපති ලේකම්ට ලිඛිතව දන්නා ඇතද ඒ ගැන කිසිම පියවරක් ගෙන නැහැ. කටවුට් ඉවත් කරන්නය කියා කීවාට පොලීසිය ඒ ගැන මන්දෝත්සාහීයි. මැතිවරණ කොමසාරිස් හැටියට මට නිදහසේ මගේ රාජකාරිය කරගෙන යන්න දෙන්නේ නැහැ. මේ ටික ප්‍රසිද්ධියේ කියන්න සිදුවන්නේ ඒ නිසයි.”



    Source :- http://taboosubjects.wordpress.com/2010/01/21/111/

    Thanks a lot Taboo Subjects. :) :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ කිසි ලෙසෙකින්වත් අසත්‍යයක් නොවන්නාසේම මැතිවරණ කොමසාරිස් හැටියට දයානන්ද දිශානායකට කළ නොහැක්කක්ද නොවේ. අඩු තරමින් එවිට මේ ජනාධිපතිවරණය අන්ත දූෂිත එකක් බව අවශේෂ ලෝකයාට අවබෝධ වනු ඇත්තේය. එවිට රාජපක්ෂ සුළුඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළද, ඒ ‘බිලෝ ද බෙල්ට්’ ගසා නීතිවිරෝධී හැසිරීම් තුළින් ලබා ගත් දූෂිත ‘ජයග්‍රහණයක්’ බවද ලෝකයා දැනගන්නවා ඇත. මැතිවරණ කොමසාරිස් හැටියට දයානද දිශානායක මේ සරල කටයුත්ත වත් නොකරන්නේ නම් අපට බැස ගත හැකි එකම නිගමනය ඔහු රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සයිඩ් සපෝර්ට් එකක් දෙන බවය.


    දිශානායකගේ මේ පක්ෂග්‍රාහී දීන හැසිරීමේ ප්‍රතිඵල භයානක විය හැකිය. රාජ්‍ය බලය හිමි එක් අපේක්ෂකයකු තම බලය අයුතු ලෙස යොදවනවා මදිවාට මැතිවරණ කොමසාරිස්ද තමන්ට ඕනෑ හැටියට නටවා ගන්නට සැරසෙන්නේ නම් එහි තේරුම මොනතරම් උත්සාහයකින් පසුවත් අන් කිසිම අපේක්ෂකයකුට ජනාධිපතිවරණය ජයග්‍රහණය නොකළ හැකි බවය. එය ඡන්දයක් නොපවත්වනවාට වඩා භයානකය. මේ මුග්ධ ක්‍රියාවලින් රටේ නීතිය පිළබඳව කිසිම විශ්වාසයක් නැතිව ඉච්ඡා භංගත්වයට පත්වන්නෝ මෙරට තරුණයෝය. ඔව්හු මේ වන විට තෙවරක්, උතුරේදී වරක් හා දකුණේදී දෙවරක් ආයුධ අතට ගත්හ. දයානන්ද දිශානායකට අවශ්‍ය වී ඇත්තේ මේ කෲර ඉතිහාසයේ පුනරාවර්තනයක්ද?


    Source :- http://taboosubjects.wordpress.com/2010/01/21/111/

    Thanks a lot Taboo Subjects. :) :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප සාමාන්‍යයෙන් සිතන්නේ මේ රටට වින කටින්නේ පොලිතීසියන් බවය. එහෙත් දයානන්ද දිශානායක බඳු රාජ්‍ය නිලධරයන් තමන්ට ජීවිත කාලය තිස්සේ වැටුප් ගෙවූ මහජනතාවට තම අක්‍රියාකාරීත්වය තුළින් කරන විනාශය ඊට සිය ගුණෙයකින් විශාලය. පුරවැසියන් විසින් මෙවැන්නට කිසිසේත් අනුකම්පා නොකළ යුතු යැයි ලේඛකයා සිතන්නේය. “අනේ මං අහිසකයා. ඕවට ආවොත් මං මීට පස්සෙ මේ පළාතෙ වත් එන්නෙ නෑ” වැනි බබා පාට් වලට අප රැවටිය යුතුද? මොහු මේ කරන්නේ පැහැදිළිවම රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් නීතිවිරෝධී ලෙස දරදිය ඇද තමන්ගේ අත සෝදා ගැනීමක් නොවන්නේද?


    Source :- http://taboosubjects.wordpress.com/2010/01/21/111/

    Thanks a lot Taboo Subjects. :) :)
     

    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    සියළු පාර්ශවයන්ට සාධාරණයක් ඉටුවන ලෙස යම් මැතිවරණයක්
     

    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    Paw bun uta benala wedak ne uta karaganda deyak ne bun he just said that today he cnt continue his work with this goverment and he want to quit from this job because government forcing to him always any one can see it is so easy turn on the tv and watch ITN and Rupavahini... So Court said u cant leave now u should stay and control this election and IM ASKING WHY DA HELL THIS BLOODY GOVERMENT DSNT HAVE A FAIR SENSE I MEAN IN POLITICS CALLING " DEMOCRATIC " WTF THIS WORD'S MEANING NOW


    SHAME ABOUT THIS GOVERNMENT
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    monawada ban me ketha weda?
    eka eka mada gahanne
    uba athdekimen liwa ekak nam kamak ne
    aththatama ubata wena wedak nedda ban
    uba maha cha porak ne ban
    shame shame kiyala topic eka demmata
    shame on u 2 machan:baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    monawada ban me ketha weda?
    eka eka mada gahanne
    uba athdekimen liwa ekak nam kamak ne
    aththatama ubata wena wedak nedda ban
    uba maha cha porak ne ban
    shame shame kiyala topic eka demmata
    shame on u 2 machan:baffled:


    Source :- http://taboosubjects.wordpress.com/2010/01/21/111/

    Thanks a lot Taboo Subjects. :) :)

    DONT YOU SEE THIS.........?? :oo::rofl::P

    වර්ණ අන්ධතාවයක් තියෙනවද බං .............?? :P:P
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,833
    476
    83
    Sri Lanka
    monawada ban me ketha weda?
    eka eka mada gahanne
    uba athdekimen liwa ekak nam kamak ne
    aththatama ubata wena wedak nedda ban
    uba maha cha porak ne ban
    shame shame kiyala topic eka demmata
    shame on u 2 machan:baffled:

    :lol::lol::lol::lol::lol::lol::lol: cha maxxx who helps thief's to steel more, they are called as bigger thief's machang :P:P:P:P:P:P