
දයානන්ද දිශානායක, තොප තවම හෙලුවෙනි | Shame! Election Commissioner, Shame!! 
අපි දෙන්නා එක්වීලා, සහයෝගෙන් වැඩේ දෙන්නේ...
“හරිමි රජ සැපා…මම ලක්දිව තී නිසා…” මැතිවරණ කොමසාරිස් ධුරන්ධර දයානන්ද දිශානායක තෙමේ පරැණි රසාංගයක්ද ශ්රැතියෙන් පිට පැන ගායනා කෙරෙමින් විඩාබර දවසක අවසානයේ උල්පැන් ගෙය තුළට වැද සිහිලාරෙක පහස විඳ ගන්නේය. ඔහු අරමුණ මොහොතෙකට ඉහත ගන්නා ලද බියර් වීදුරු දෙකෙහි මත නිවී යන්නට මත්තෙන් කලෙකින් ඉසඹුවක් නොලද ලෝකාස්වාදරතියෙහි නිරත වීමය. කාටත් තේරෙන බාසාවෙන් කීවොත් පොඩි සොමියක් ගැනීමය.
සාළුවක් ඉණවටා දවටා ගෙන උල්පැන්ගෙයින් එළියට එන හෙතෙම ඉස්සකු සේ ඒ උනා දමමින් සයනයට පනියි. මෙතෙක් බොරු නින්දක් මවා පා සිටි ඔහු ඇඹෙණියද හැඳි සළු පිළි සමඟ පුරුදු විලිබියද ඉවත ලන්නී, ඔහුට උණුසුමට තුරුළු වෙමිනි.
අවාසනාවෙක මහත! “මට මහළු වයසේ, බැරිය වෙණ ගායනා පෙරසේ” කීවාක් මෙන් දිශානායකගේ ඉන්ද්රියයෝ ඔහුට කීකරු නොවෙති. කිහිප වතාවක් උත්සාහ දැරීමෙන් අනතුරුවද කටයුත්ත සාර්ථක නොවන කල්හි ඔහුට මළ පනින්නේය.
“මළ කෙළියයි. මට ඕනැ වෙලාවට මේකා කෙළින් වෙන්නේ නෑනේ. අනේ ඩාලිං ඉතින් මං මොනව කරන්ඩද? ඔයා වෙන කෙනෙකුට කියල හරි කර ගන්ඩ බලන්ඩ හොඳේ!” දිශානායක පියඹට මුමුණන්නේය.
මේ දයානන්ද දිශානායකගේ අප නොදුටු, සිතින් මවාගත් නිශා හැසිරීමය. මොහුගේ අප දකින රාජකාරි හැසිරීමද ඊට නොවෙනස්ය.
Source :- http://taboosubjects.wordpress.com/2010/01/21/111/
Thanks a lot Taboo Subjects.





