ශ්‍රි_ලංකාවේ_ජනාධිපතිවරයා

Nov 24, 2008
14,813
575
0
78
ශ්‍රි_ලංකාවේ_ජනාධිපතිවරයා

ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා

ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියද, සන්නද්ධ සේවාවන්හී ප්‍රධානියාද වේ. ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කර ගනු ලබන අතර, ඔහු අවුරුදු 6ක් එම ධූරයේ කටයුතු කරයි.

ජනාධිපති ධුරය සදහා සුදුසුකම්

  • ජනධිපතිවරයා තෝරාපත් කර ගැනීම සදහා පුරවැසියෙකුගේ නම,
1\ පිලිගත් දේශපලන පක්ෂයක් විසින් හෝ
2\ ඔහු ව්‍යස්ථාදායකයේ පත්කල මන්ත්‍රීවරයෙක්ව සිටී නම් හෝ එසේ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටියේ නම් හෝ වෙනත් දේශපාලන පක්ෂයක් විසින් හෝ යම්කිසි ඡන්ද හිමි නාම ලේඛනයක නම ඇතුලත් ඡන්ද හිමියෙකු විසින්, හෝ යෝජනා කල හැක.
  • දෙවරක් ජනාධිපති ධුරය දැරූවෙකු, නැවත එම ධුරය සදහා පත් කිරීමට සුදුස්සෙක් නොවන්නේය.
  • ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ, දැනට එම ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුරකාලය අවසන් වීමට මාසයකට අඩු නොවන හා මාස දෙකකට වැඩි නොවන කාලසීමව තුලය.
ජනාධිපති ධුරය භාර ගැනීම.

  • ජනාධිපතිවරයා වශයෙන් තොරා පත්කර ගනුලබන තැනැත්තා, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිට හෝ ඒ අධිකරණයේ වෙනත් යම් විනිශ්චයකාරවරයෙකු ඉදිරිපිට දිවුරුම් දී, අත්සන් කල යුතුය.
  • ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ඇතිකරන ලද යම්කිසි ධුරයක් හෝ පිළිගන්න ලද ධුරක් දැරීම අවසාන කල යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නම් එයින් ඉවත් විය යුතුය. එසේම ජනාධිපතිවරයා වෙනත් කිසිම ලාභදායී ධූරයක්/තනතුරක් දැරිය නොහැක.

ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන්

  • පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාර ආරම්භයේහි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමේ බලය,

  • තානපතිවරුන්, මහ කොමසාරිස්වරුන්, පූර්ණාධිකාරි රාජ්‍ය දූතයන් පත්කිරීමට,
  • අග්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරුන් සහ අනිකුත් විනිශ්චයකාරවරුන් පත්කිරීමට,
  • ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප්‍රධානීන් පත්කිරීමේ බලය,
  • ඇමතිවරුන්ට විවිධ විෂයන් පැවරීම හා ඕනෑම අවස්ථාවක ඒවා වෙනස් කිරීමේ බලය,
  • යුද්ධය හා සාමය ප්‍රකශ කිරීමේ බලය,
  • හදිසි අවස්ථා ප්‍රකශ කිරීමේ බලය හා, පාර්ලිමේන්තුවේ සම්මත කිරිම් වලට යටත්ව නියෝග සෑදීමේ බලය ඇත.

සමාව දීම

ශ්‍රි ලංකාවේ කවර හෝ අධිකරණයක වැරදිකරුවෙකු වූ පුද්ගලයෙකුට,

  • පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් ලබා දීම,
  • නියම කරන ලද දඩුවම, ක්‍රියාත්මක කිරීම කාලසීමාවක් නොමැතිව හෝ ජනාධිපතිවරයා විසින් කල්පනා කරන ඕනෑම කාලසීමවකට කල් තැබීම
  • ඒ වරදකරුට ලද දඩුවම වෙනුවට ලිහිල් දඩුවමක් ලබාදීම,
  • රජයට අයවිය යුතු කිසියම් දණ්ඩනයක් හෝ, වස්තුවක් රාජසන්තක විය යුතුනම් ඒයින් කොටසක් හෝ සම්පූර්ණ වස්තුව රාජසන්තක වීම අත්හිටුවීම.

ජනාධිපතිවරයාගේ වැටුප

  • ජනාධිපතිවරයාගේ වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප රජයේ ඒකාබද්ධ අරමුදලට වැය බරකි.

  • පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප වැඩිකල හැකි නමුදු, එය අඩුකල නොහැක.

ජනාධිපති ධුරය හිස්වීම

  • ජනාධිපතිවරයා මිය ගියහොත්,

  • කථානයකවරයා වෙත යවන ලිපියකින් ඉල්ලා අස් උවහොත්,
  • ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම නතර උවහොත්,
  • මීලග ව්‍යස්ථාවක විධිවිධාන පරිදි ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරනු ලැබුව හොත්,
  • ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලැබූ තැනැත්තා මාසයක් ඇතුලත එම ධූරය බාර නොගත හොත් ජනාධිපති ධූරය හිස්වේ.
එසේ නොමැති නම්,

  • ශාරීරික දුබලතාවයන් නිසා නියත වශයෙන්ම ධුරයේ කටයුතු කල නොහැකි නම් හෝ,
  • චේතාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය කිරීම,
  • රාජ්‍යදෝහී වීමේ වරද,
  • අල්ලස සම්බන්ධ වරද,
  • ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් භාවිත කිරීම,
යන වැරදි හේතුවෙන් ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරි පත්කල හැකි නමුදු, එය ක්‍රියාත්මක වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් 2\3 ක් යෝජනා සම්මතකර අත්සන් කර හෝ කථානායකවරයා විසින් සෑහීමකට පත්වී මන්ත්‍රීවරුන්ගෙන් 1\2 ක් අත්සන් කර තිබිය යුතුය.

jr.gif
R-Premadasa..jpg
2586089833_07751f16e4.jpg
z_p01pr.jpg
Mahinda-Rajapaksa.jpg

Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,518
    113
    Inside Your Laptop ;)
    Nice post bro.....!! :) :)

    But dan enna janadhipathiwaru, අල්ලස සම්බන්ධ වරද, ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් භාවිත කිරීම, meewa karanne ahu wenna newei nee...........!! :( :(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Nice post bro.....!! :) :)

    But dan enna janadhipathiwaru, අල්ලස සම්බන්ධ වරද, ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් භාවිත කිරීම, meewa karanne ahu wenna newei nee...........!! :( :(

    අහු උනත් ජනාධිපතිවරයෙකු ඉවත් කරන්න ලේසි නෑ:rolleyes::no:
    පාර්ලිමේන්තුවේ 2\3 ගන්නව කියන්නෙ....:lol: කොහොමටවත් බැරි වැඩක්.:nerd:
     
    • Like
    Reactions: 1118lakmalkumara

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    menna thawa karana weradi wedak

    Ape game hama threeveel park ekakama threeweel policiyata yanna one
    Ita passe MR photo eka gahagena gama wate polimata yanna one
    meka waradakda danne ne

    Samaharavita policiya deshapalanikaranaya welada koheda:shocked:
     
    :rolleyes:මම හිතන්නෙ වැරදි ත්‍ර්ඩ් එකෙ රිප්ලයි කරලා තියෙන්නෙ....
    මම මේ ත්‍ර්ඩ් එක දැම්මෙ ජනාධිපතිවරයා, ඔහුගේ කාරය පිළිබදව මිසක්....
    පොලීසියෙන් කරන වැරදි වලට නෙමෙයි... ඔයා වෙනම ම ත්‍ර්ඩ් එකක ඕක කියන්න:P

    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala
    :rolleyes:මම හිතන්නෙ වැරදි ත්‍ර්ඩ් එකෙ රිප්ලයි කරලා තියෙන්නෙ....
    මම මේ ත්‍ර්ඩ් එක දැම්මෙ ජනාධිපතිවරයා, ඔහුගේ කාරය පිළිබදව මිසක්....
    පොලීසියෙන් කරන වැරදි වලට නෙමෙයි... ඔයා වෙනම ම ත්‍ර්ඩ් එකක ඕක කියන්න:P

    ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් භාවිත කිරීම

    Dan inna janadhipathiwarayage niyogayak thamai
    Onna Dan inna janadhipathi warayage thathwe
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ජනාධිපති ධුරය හිස්වීම

    • ජනාධිපතිවරයා මිය ගියහොත්,

    • කථානයකවරයා වෙත යවන ලිපියකින් ඉල්ලා අස් උවහොත්,
    • ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වීම නතර උවහොත්,
    • ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලැබූ තැනැත්තා මාසයක් ඇතුලත එම ධූරය බාර නොගත හොත් ජනාධිපති ධූරය හිස්වේ.

    :P:rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ස්වකීය ධුරයේ බලතල අයුතු අන්දමින් භාවිත කිරීම

    Dan inna janadhipathiwarayage niyogayak thamai
    Onna Dan inna janadhipathi warayage thathwe

    කෝ සාක්ෂි:P

    පොලීසිය කරන වැරදි සම්බන්ධව ජනාධිපතිවරක්, කෙලින්ම වගකීමට යටත් වෙන්නේ නෑ...:no:
    උදාහණයක් වශයෙන් අගුලාන තරුණයින් දෙදෙනා ඝතනය, බම්බලපිටිය තරුණයා ඝතනය සම්බන්ධ්යෙන් ජනාධිපතිවරයා වගකීමට යටත් වෙන්නෙ නෑ... ඒ ඒ වැරදි සම්බන්ධයෙන් වගකීමට යටත් වෙන්නෙ අදාල පොලිස් නිලධාරින්.:oo:
    පොයින්ට්ලස් කතා කරන්න එපා:rolleyes:
    ------------
    මම මේ ත්‍ර්ඩ් එක දැම්මෙ ජනාධිපතිවරයා, ඔහුගේ කාරය පිළිබදව මිසක්...., මඩ ගැසීම් වලට නෙමෙයි. ඔබතුමා මේ ත්‍ර්ඩ් එකෙ එක එක අයට මඩ ගහලා.., ඔබතුමාගේ දේශපාලන නිරුවත පෙන්නන්න එපා:P

    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    nice post
    amMo owa O/L kaledi patta gagaha padan karane
    history anthima lesson eka
     
    shaku_p

    Member
    Nov 8, 2008
    2,928
    36
    0
    Kurunegala

    කෝ සාක්ෂි:P

    පොලීසිය කරන වැරදි සම්බන්ධව ජනාධිපතිවරක්, කෙලින්ම වගකීමට යටත් වෙන්නේ නෑ...:no:
    උදාහණයක් වශයෙන් අගුලාන තරුණයින් දෙදෙනා ඝතනය, බම්බලපිටිය තරුණයා ඝතනය සම්බන්ධ්යෙන් ජනාධිපතිවරයා වගකීමට යටත් වෙන්නෙ නෑ... ඒ ඒ වැරදි සම්බන්ධයෙන් වගකීමට යටත් වෙන්නෙ අදාල පොලිස් නිලධාරින්.:oo:
    පොයින්ට්ලස් කතා කරන්න එපා:rolleyes:
    ------------
    මම මේ ත්‍ර්ඩ් එක දැම්මෙ ජනාධිපතිවරයා, ඔහුගේ කාරය පිළිබදව මිසක්...., මඩ ගැසීම් වලට නෙමෙයි. ඔබතුමා මේ ත්‍ර්ඩ් එකෙ එක එක අයට මඩ ගහලා.., ඔබතුමාගේ දේශපාලන නිරුවත පෙන්නන්න එපා:P

    Ok:P
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මේ එක්කම ජනාධිපතිවරයා පත් කරගන්න ආකාරයත් දැම්මනම් හොඳයි නේද්? ජනාධිපති වීමට 50% ට වඩා එක් ඡන්දයක් හෝ ලභාගත් යුතු වීම. එසේ නොවුනහොත් අනුගමනය කරන ක්‍රියා පටිපාටිය ආදිය. :)

    කාලීන පෝස්ට් එකක්. රෙප්+ ඇඩඩ් ;)
     
    Similar threads