Saudi girl, 13, sentenced to 90 lashes after she took a mobile phone to school

Sakibura

Member
Sep 20, 2009
226
10
0
ප‍්‍රජතන්ත‍්‍රවාදී පාලනයේ අගය නොවැටෙන මිනිස්සුන්ටයි Written by ලක්මාල් ප‍්‍රනාන්දු Saturday, 23 January 2010 02:52 Top Lanka News ජනවාරි 22
saudi.jpg
අපි බාලවියේ පටන් අධිරාජ්‍යවාදය භංගවේවා යයි මොරදෙන නායකයින් දැක ඇත්තෙමු. අපි ඔවුන්ගේ සෙවන යටතේ ඔවුන් පස්සේ ගමන්කර ඇත්තෙමු. එහෙත් මේ එකම නායකයෙකුගේ හෝ දරුවෙක් මුණුබුරෙක් රුසියාවේ චිනයේ කියුබාවේ වියට්නාමයේ නැතිනම් උතුරු කොරියාවේ පදිංචියට හෝ රක්ෂාවකට ගොස් නැත. ගිය හැමෝම ධනපති රටවල්වලටම ගොහින් ඇත. ඒ මන්ද? කොමියුනිස්ට් රටවල් ඔවුන් කියන තරම් අගෙයි නම් ඔවුන්ගේ දරුවන් පදිංචියට කොමියුනිස්ට් රටවල් තෝරා නොගත්තේ මන්ද?
මැද පෙරදිග රටවලට යන බොහෝ දෙනෙක් එසේ යන්නේ ඇමරිකාව ඕසටෙ‍්‍රලියාව කැනඩාව නැතිනම් යුරෝපීය රටකට යාම අපහසු බැවිනි. ඒත් සියයට අනුනවයක්ම පදිංචිය සදහා නොව රැුකියා සදහාම ඒ රටවලට යති. අඩුම තරමින් ඉස්ලාම් ආගමිකයෙක් හෝ ඉස්ලාම් ආගමේ මවුරට වශයෙන් සකලමින් සවුදියේ පදිංචියට යාමට නොසිතයි. ඒ මන්ද කියා මගේ හිතමිතුරු ඉන්දියානුවෙකුගෙන් ඇසිමි. ඔහු මුස්ලිම් වෛද්‍යවරයෙකි. සවුදියේ නීති බොහොම සැරයි නිදහසක් නෑ ඔහු පැහැදිලි කළේය.

නිදහස යනු ඉතාම වටිනා දෙයක් බව මේ හැම කාරණාවකින්ම පැහැදිලිවේ. නිදහස නැතිවු තැනේදී නිදහසේ වටිනාකම ලොකුවට දැනේ. ආඥාදායකයින් හමුදා නායකයින් පාලනය කරන රටවල් ආඥාදායකයින්ගේ රටවල් වෙති. මේ රටවල් සමහරක නීතිය බොහොම තදේට ක‍්‍රියාත්මක වේ. ඒත් දුෂණ පවතී. ආඥාදායකයාගේ නෑ හිතවතුන් දුෂණ කරති. ඒත් දුෂණයට එරෙහිව තබා සිවිල් අයිතිවාසිකම් ගැනවත් සාමාන්‍ය වැසියෙකුට කතා කිරිමට නොහැක.
ආඥාදායකයින්ට එරෙහිව අදහස් පළකරන හා කටයුතු කරන සියල්ලෝ බිහිසුණු දඩුවම් ලබති. නීතිය යනු සමහරවිට පුද්ගලික නිදහසට හානි කරන්නකි. සවුදිය වැනි රටක ජීවත්වී අත්දැකීම් ඇතතෙකුනම් මේ කතාවේ අර්ථය වැටහේ. සවුදියේ බොහෝ ජනයාට නිදහස අවශ්‍යව තිබේ. ඒත් ඔවුන්ට නිදහස භුක්ති විදින්ට නොහැක. පාසැලට සෙල්ෆෝනයක් ගෙනා මේ බාල වයස්කාර ගැහැණු ළමයාට දඩුවම්කරන හැටි බලන්න. සවුදිය වැනි රටක ජීවත්වී නැති අයෙකුට මෙය හොදට නිතිය ක‍්‍රියාත්මකවීම යයි සිතෙන්ට පුඵවන. එහෙත් මේ නීතිය සවුදියේ පාසැල් දරුවන් සියයට අනුනවයක්ම කැමති එකක් නොවේ. ඒත් ඔවුන් ඊට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන්නේ කොහොමද?

ලංකාවේ නීතිය නෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෑ යි ඝෝෂාකරන වැඩිම පිරිස ලාංකිකයින් නොවේ. ඇමරිකාව එංගලන්තය කැනඩාව ඕස්ටෙ‍්‍රිලියව නැතිනම් යුරෝපීයේ ජිවත්වෙන ශ‍්‍රී ලාංකිකයෝ වෙති. ඔවුන් තමන් ජිවත්වෙන රට අනුව ශ‍්‍රී ලංකාව ගැන සිතති. මේ වගේ ලස්සනට ශ‍්‍රී ලංකාව නැත්තේ මොකද කියා සිතති. ශ‍්‍රී ලංකාවත් තමන් ජිවත්වෙන රට වගේ හදන්ට නම් දැඩි පාලකයෙක් ලංකාවට උවමනා යයි සිතති. ජෙනරාල් සරත් ෆොන්සේකා වැන්නෙක් ලංකාවට ගොඩ නැගීමට අවශ්‍යයි කල්පනා කරති.

මේ සම්පුරණයෙන්ම වැරදි කල්පනාවකි. ලංකාව නිදහස පවතින රටකි. ලෝකයේ වඩාත්ම නිදහස පවතින රටවල් අතරින් ලංකාව එකකි. අප අසල්වාසි රටවල් වු මාලදිවයින් මලයාසියා බංගාලිදේශ ආදි රටවල් දෙස බලන්න. ඉන්දියාවේ ලංකාවේ තරමට නිදහස පවතිනවාද සොයා බලන්න. නැත. ඉන්දියාවේ රටේ නිතිය ඉක්මවු සමාජ නිති පවතී. ලංකාව බෞද්ධ රටක් නිසා පුද්ගලයාට හිරිහැර කරන සමාජ නීතිද නැත. කාන්තාව වහලියක් කරන සදාචාර නිති ද නැත

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සංවේදී නායකයෙක් යයි කියන්නේ ඔහු නිදහස ප‍්‍රියකරන නායකයෙක් බැවිනි. මහින්ද පාසැල් යන කාලයේ පටන් සංවේදි චරිතයකි. කිසිවිටක නිදහස උදුරා ගැනිමට හෝ නිදහස ඇහිරීමට වෙහෙසුන අයෙක් නොවේ. නිදහස උදෙසා සටන්කළ අයෙකි. ජෙනරාල් ෆොන්සේකා ඊට හාත්පසින්ම වෙනස් අයෙකි. ඔහු නීතිය අකුරට ඉටුකළ අයෙකි. මේ නිසාම දෝ 88 89 කාලයේ කන්තලේ ප‍්‍රදේශයේ ජවිපෙ යයි සැලකු කිසිම පුදගලයෙකුට ෆොන්සේකාගෙන් සමාවක් නොලැබුනි. ඔහු හමුදාවේත් කටයුතු කළ ආකාරය එයයි.
පාරේ යන්නෝ දකුණෙන් යා යුතුයයි නීතියක් ඇත. මෙම නිතිය ෂලකමින් පාරේ වමෙන් යන මිනිසුන් අල්ලා දඩුවම් දෙන්ඩ ගිියොත් අපිට මං මාවත් අවශ්‍ය නැතැයි මහජනයාට සිතේ. සවුදිය වැනි රටක ජිවත්වීමේදීත් මෙවැනි සිතුවිලි පහළ වේ. ජෙනරාල් ෆොන්සේකාගේ පාලනයක් සිතන්නෝ බොහෝ දේ පිළිබදව දුරදිග නොසිතති.
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වටිනා යමක් තියනවද කියල බලන්න ආවා.
    දේශපාලනය මේ පැත්තටත් ඇවිත්නෙ.