ෆොනී, අනුර පරස්පර කතා කියති
ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද (26)දින ඡන්දය භාවිත නොකළ බවට තොරතුරු ප්‍රචාරය වීමත් සමග ෆොන්සේකා මහතාගේ සම මාධ්‍ය ප්‍රකාශක අනුර කුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ජනරාල්වරයා අද උදෑසන ඔහුගේ ගම් ප්‍රදේශය වන අම්බලන්ගොඩ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක දී සිය ඡන්දය ප්‍රකාශ කළ බවයි.
මේ අතර සරත් ෆොන්සේකා මහතා උදෑසන ඡන්දය ප්‍රකාශ කළ බවත් ආරක්ෂක හේතූන් මත එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය වලට ඉඩ ලබා නොදුන් බවත් ෆොන්සේකා මහතාගේ කාර්යාලය ද සඳහන් කළේය.
එහෙත් මීට සුළු වේලාවකට පෙර ජනරාල් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමන් ඡන්ද හිමි නාම ලේඛණය සඳහා අයදුම් කළ නමුත් 2008 ඡන්ද හිමි නාම ලේඛණයේ තමාගේ නම ඇතුළත් වී නොමැති බවය. ඒ අනුව තමන් අද (26) දින ඡන්දය ප්‍රකාශ නොකළ බව ඒ මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.