අපි පරාදයි

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
කාලෝචිත විග්‍රහයක් යාලු!

අපි පරාදයි...
පාට තරඟය,
පිල් බෙදී ඇන කොටා ගන්න,
දුර දකින්න උත්සාහ නොකරන,
දිනන්න කෙටි පාර සොයන
නිසා.
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මම නම් හිතන්නේ මෙහෙමයි...

මොකා ඈවිත් කොහොම දිනුවත් අපි පරාදයි.....
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේකයි සහෝ.. ඔයා ඔය එලියට අරගෙන තියෙන්නේ අළු යට තියෙන ගින්දරක්...

    මේ කාරණය ගැන අපේ නායකයෝ බලන්නේ හරිම පටු විදිහට. අවුරුදු 30 ක් තිස්සෙ විදවපු යුද්ධය ඇති වෙච්චි හේතුවත් නායකයන් සුළු ජාතීන්ගේ ඕනෑ එපාකම් එක්ක සෙල්ලම් කරපු හින්දයි.. සිංහල දෙමළ දෙගොල්ලන්ගෙම නායකයන්...

    සහෝ හැමදාමත් වගෙ කියන්න ඕනේ දේ කියලා තියෙනවා.. ඒ වෙනුවෙන් මගේ ආචාරය සහෝ...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කාලෝචිත විග්‍රහයක් යාලු!

    අපි පරාදයි...
    පාට තරඟය,
    පිල් බෙදී ඇන කොටා ගන්න,
    දුර දකින්න උත්සාහ නොකරන,
    දිනන්න කෙටි පාර සොයන
    නිසා.

    බොහෝම ස්තුතියි යාළු..

    ඔව් ඔය දේවල් කවදහරි නැති වෙනකම් අපි පරාදයි
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හ්ම්ම්ම්... ඇත්තටම කවුද දිනුම්... මේවයින් දිනන්න පුළුවන්ද ඇත්තටම?
    හොඳ නිර්මාණයක් මිත්‍රයා...

    ඇත්තටම අපි පරාදයි

    බොහෝම ස්තුතියි යාළුවා
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මොනව කරන්නද?...... මේ ගැටළුව දිහා වගකිවයුතු හැමෝම (හැමෝම කියන්නෙ රටේ ජනතාවත් ඇතුළුව) හරියට ඇස් ඇරල බලනකම් ..... බලලා පවතින තත්වය වෙනස් කරන්න පියවරක් ගන්නකම් අපි පරාදයි.

    අපූරු කාලෝචිත නිර්මාණයක්........

    + රෙප්
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මම නම් හිතන්නේ මෙහෙමයි...

    මොකා ඈවිත් කොහොම දිනුවත් අපි පරාදයි.....

    ඇත්තටම කවුරු දිනුවත් අපි පරාදයි තමයි.

    ඒත් අපේ රට දිනුවොත් ඒක අපි හැමගේම ජයක්..
    :yes::yes::yes::yes:
     

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,894
    511
    113
    Sri Lanka
    ජන්ද කාලෙ දාගෙන හිටපු පාට පාට කණ්ණාඩි ගලවල මේක කියවන්න..



    ubeta thaggak denna hitenawa yaluwa me nirmaneta.oya 100, 200% hari.api maha jathiya washayen kerana wada welin wenne api apema wala kapa ganna eka :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    2009 මැයි 18 මකලා දැම්ම ඊළාම් සිතියම ආපහු ඇතිවෙලා තියෙන්නේ නිකන්ම නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඒවට විශාල හේතු තියනවා. රටේ බහුතරයකට පුලූල් මතයක් නැති එක ඒකට එක හේතුවක්. ඒ දුබල කමින් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න. ඩොලර් කපුටෝ ඒකට තව හේතුවක්. කවුරැ දිනුවත් අපි පරාදයි කියන මතයට මට නම් එකගවෙන්න බෑ කොහොමත්. ඒක හරියට රට යකාට ගියත් අපිට මොකෝ කියන සිතුවිල්ලට යම් තරමක සමානකමක් තියනවා කියලයි මට හිතෙන්නේ.
    දේශපාලනය මෙහි සාකච්ඡා නොකලත් අද රටේ පෙර නොවූ විරෑ ලෙස ජාතිකත්වය, ජාත්යානුරාගය ඉස්මතු වෙලා තියෙන අවස්ථාවක්. මෑත ඉතිහාසයේ මේ සා හැගීමකින් රට අවධි වුනේ සුනාමි ව්යසනයෙන් අපි බැට කෑ අවස්ථාවේ විතරයි කියලයි මට හිතෙන්නේ. නමුත් වත්මන අප මාතෘ භූමිය පෙර නොවූ විරෑ අභියෝග රැසක් ජයගෙන ඉදිරියට යන අවස්ථාවක මිය ගිය ඊළාම් සංකල්පය යලි කරලියට ඇදෙන්නේ ප්‍රභල හේතු සාධක සහිතව බව මා හැගීමයි. එමනිසා ලක්වැසියන් හෝ ලක්බිමේ උපත ලද අප භූමියට සැබෑ ආදරය දක්වන දනා වඩාත් පුලුල්ව මෙම ගැටලුව සංවාදයට ලක් කිරීමට මෙය කාලය වනු ඇත...

    නිර්මානයක් ලෙස මෙය ඉදිරිපත් කර ඒ තැත දැරීමට ඔබ ගත් උත්සාහය අගය කරමි.....



     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඇත්ත
    නැවතත් බෙදුම් වාදයට අත වනනව
    පටු දේශපාලන හෙන්චයියන් නිසා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කවුරු දිනුවත් අපි පරාදයි කියන මතයෙ මම ඉන්නෙ ඇයි දන්නවද ?

    මේ අමන දේශපාලන කරළියේ රටට ආදරය ඇති එකෙක්වත් නැති නිසයි. එන උන් එන්නේ උන්ගෙ මල්ල තර කරගන්න බලාගෙන මිසක් රටට ඇති ආදරයකට නෙමේ.....
    පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකම්ම සිද්ධ උනෙත් සිද්ධ වෙන්නෙත් ඕකමයි....මොකා ආවත්

    එක්කො මේ රටට සැබෑවටම සේවය කරන්න කැමති එකා දේශපාලනයට එන්නෙ නෑ. නැත්තම් ඌ තාම ඉපදිලා නෑ....

    බලේ හිගාකාල උන්ගෙ මඩි තර කරගන්න මේ අමන දේශපාලනය නැතිඋන දවසට අපිත් දිනුම් රටත් දිනුම්....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කවුරු දිනුවත් අපි පරාදයි කියන මතයෙ මම ඉන්නෙ ඇයි දන්නවද ?

    මේ අමන දේශපාලන කරළියේ රටට ආදරය ඇති එකෙක්වත් නැති නිසයි. එන උන් එන්නේ උන්ගෙ මල්ල තර කරගන්න බලාගෙන මිසක් රටට ඇති ආදරයකට නෙමේ.....
    පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකම්ම සිද්ධ උනෙත් සිද්ධ වෙන්නෙත් ඕකමයි....මොකා ආවත්

    එක්කො මේ රටට සැබෑවටම සේවය කරන්න කැමති එකා දේශපාලනයට එන්නෙ නෑ. නැත්තම් ඌ තාම ඉපදිලා නෑ....

    බලේ හිගාකාල උන්ගෙ මඩි තර කරගන්න මේ අමන දේශපාලනය නැතිඋන දවසට අපිත් දිනුම් රටත් දිනුම්....


    එහෙම දවසක් කවදාවත් එන එකක් නැහැ
    "එක්කො මේ රටට සැබෑවටම සේවය කරන්න කැමති එකා දේශපාලනයට එන්නෙ නෑ. නැත්තම් ඌ තාම ඉපදිලා නෑ...."
    එහෙම නැත්නම් ඌට ඉපදෙන්න දෙන්නේ නැහැ