• ශ්‍රී ලංකාවේ සර්පයෝ ~ Snakes of Sri Lanka •

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
• ශ්‍රී ලංකාවේ සර්පයෝ ~ Snakes of Sri Lanka •

ශ්‍රී ලංකාවේ සර්පයෝ

4188086822_1a6b4fc479.jpg

පොල්මල් කරවලා



අප රටේ සර්ප විශේෂ 96 ක් පමණ හමුවන අතර ඉන් 35 දෙනෙකු පමනක් විෂ සහිතය. එනම් ඉතිරි සර්ප විශේෂ 61 ම විෂ රහිත හෝ මිනිසාට හානි කල නොහැකි තරම් අඩු විෂ සහිතය.

සර්පයන් අප අවට පරිසරයේ තුල්යතාව කෙරේ විශාල බලපෑමක් ඇති කරයි. එනම් පරිසර සමතුලිතතාව කෙරේ ඔවුන්ගේ ඇති බලපෑම අති මහත්ය.

" විෂගෝර සර්පයා, දෑක නෑර මෝඩයා " යන්න අප සමාජයේ ප්‍රකට කියමනක් වන අතර එය මුලින්ම ප්‍රකාශ කල කෙනා සැබැවින්ම අදහස් කලේ කුමක්ද යන්න පිලිබදව අදටත් වාද විවාද පවතී. අයෙක් පවසන්නේ විෂ සහිත සර්පයා දුටු තැන මරා නොදමන්නේ මෝඩයන් බවය. තවත් අයෙක් එය එසේ නොවන බවත් විෂ සහිත සර්පයා මග නොහැරීම මෝඩ කමක් බව පවසති. තවත් විවිධ ආකාරයේ විග්‍රහයන්ද මේ වටා පවතී...

කෙසේ නමුත් අප සමාජය සර්පයා නමින් හදුන්වන මේ උරග ජීවියා කෙරෙහි දක්වන්නේ අතිමහත් බියකි. එම නිසා දුටු දුටු තැන මෙම සතුන් මරා දැමීම බොහෝ දෙනා සර්පයන් කෙරේ අනුගමනය කරන පොදු ක්‍රමයයි. මාද අත්විද ඇති පරිදි එය සත්යකි.

දිනක් මා වෑන් රියක ගමනක් යමින් සිටියදි මහා මාර්ගය හරහා ගැරඩියෙකු ගමන් කරමින් සිටි අතර රියදුරැ මහතා මට පැවසුවේ " ගැරඩියෙක් නිසා මග හරිනවා නයෙක් පොලගෙක් වගේ නම් ඔලුව උඩින්ම රෝදෙ අල්ලන " බවයි. තමන්ගේ පාඩුවේ ගමන් කරමින් සිටි සර්පයෙක් මරා දැමීම මහා වීරකමක් ලෙස පෙන්වීමට ඔහු උත්සාහ කලේය. මෙය බොහෝ තැන්වලට සත්ය තියරියකි..
බොහෝ දෙනා සර්පයන් මරා දමන්නේ නිවසේ වත්තේ හෝ පාලු වත්තක උන් සැගවී සිටින අවස්තාවලයි. එසේම සර්පයා මරා දමන්නේද ඉතා කෘර ආකාරයටයි. කොටින්ම සර්පයාගෙන් පලිගැනීමට මෙන් කිසිදු වග විභාගයකින් තොරවය. විෂ සහිත මෙන්ම විෂ රහිත සර්පයන්ද මේ දඩුවමට බොහෝ අවස්ථාවල හසුවේ... අප හදවත් තුලට කාවද්දා ඇති Anaconda භීතිකාවදෙ මෙයට එක් හේතුවක් වන්නට ඇත. එනම් සර්පයින් සොයා විත් පලිගන්නා බවයි. නමුත් ඔවුන්ට එතරම් බුද්ධි මට්ටමක් නොමැත..

කෑ ගසා තම වේදනාව පල කිරීමට නොහැකි වුවත් ඔවුන්ටද අන් සතුන්ට මෙන්ම වේදනාව දැනෙන බව ඔබත් අවබෝධ ක්අරගත යුතුය...

තමන්ගේ වත්ත පිරිසිදුව තබා නොගෙන මීයන් වැනි සතුන්ට අතවනා අඩගසා ගන්නා අය ඊලගට ගැරඩියෙක්, නයෙක්, පොලගෙකුගේ පැමිණීමද බලාපොරොත්තු විය යුතුය. මන්ද යත් සර්පයන්ද සාමාන්ය ජීවී කාණ්ඩයක්ම වන අතර ඔවුන්ද ආහාර සොයා ගමන් කරන නිසාය...

කෙසේ හෝ ඉවක් බවක් නැති ගාතනයන්, වැඩිවන ජනගහනය, පරිසර වෙනස්වීම් ආදිය නිසා දැනටත් අප භූමිය ( ශ්‍රී ලකාව ) තුලින් සර්ප විශේෂ දෙකක් සම්පූර්ණයෙන්ම වද වී ගොස් ඇත. තවත් විශේෂ 5ක් වද වී යාමේ තර්ජනයට ලක්වී ඇති අතර තවත් විශේෂ 13ක් දුර්ලභ තත්වයට පත්වී ඇත. විශේෂ 41ක් තර්ජනයට ලක්වී ඇති අතර තවත් විශේෂ 37 කගෙ තොරතුරැ සොයා ගැනීමට අපහසු තත්වයට පත්වී ඇත...

එනම් ලංකාවේ දැනට සිටින සියලුම සර්ප විශේෂ තර්ජනයට ලක්වී ඇති ජීවීන් බවයි...



ලංකාවේ වසරකට සර්පයන් නිසා වසරකට මරණ 600 ක් පමන සිදුවේ. එයින් 97%ක් ටම වග කිව යුතු වන්නේ නයා, තිත් පොලගා, තෙල් කරවලා යන සර්පයන්ය. මෙයිනුත් මරණ බොහොමයක් වාර්ථා වන්නේ වියලි කලාපයෙනි.

කෙසේ නමුත් පෙරෙත් මා සදහන් කල පරිදි සර්පයා යනු ගුප්ත ජීවියෙක් වුවත් මේ පාරිසරික තුල්යතාවයටත්, ස්වභාව සෞන්දර්යටත් අත්යාවශ්ය ජීවියෙක් බවයි. මාගේ මේ සටහන් වල අරමුණ මේ වටිනා ජීවී කොට්ටාශය වටා ඇති සත්ය තොරතුරැ පිලිබද ඔබව දැනුවත් කර ලංකාවේ සර්පයින් පිලිබදව ප්‍රමාණවත් දැනුමක් ( එදිනෙදා ජීවිතයට අවැසි තරමේ ) ලබා දීමයි...

මේ සටහන දිග හැරෙන්නේ අප ස්වභාවධර්මයාගේ විශිෂ්ට නිර්මාණයක් වූ ශ්‍රී ලංකා භූමියේ දැනට වාසය කරන සර්පයින් පිලිබදවය...
නමුත් ඒ තවත් එක් ජීවී කාණ්ඩයක් වෙනුවෙන් විතරක්ම නොවේ....



Killing an innocent takes only few minutes but.....
 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
පෙරත් මා සදහන් කර ඇති පරිදි ලංකාවේ සර්ප විශේෂ 96ක් පමණ හමුවන අතර ඉන් 35 දෙනෙකු පමණක් විෂ සහිතය.
මෙම විෂ සහිත සර්පයන් විෂෙහි ස්වභාවය අනුව කොටස් 2කි.


  1. උග්‍ර විෂ සහිත සර්පයන්
  2. මද විෂ සහිත සර්පයන්

මොවුන් අතරින් එදිනෙදා හමුවිය හැකි සතුන් පමණක් මෙහි පින්තූර සහිතව ඉදිරියට ඉදිරිපත් කරන අතර එමගින් ඔවුන් නිසි පරිදි හදුනා ගෙන ඔවුන්ගෙන් ආරක්ෂා වීමටත්, එමෙන්ම ඔවුන්ව ආරක්ෂා කිරීමටත් ඔබට හැකිවනු ඇතැයි සිතමි....






 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
උග්‍ර විෂ සහිත සර්පයන් විශේෂ 20ක් මෙරට තුල හමුවේ. මෙයින් 13ක්ම කරදියවාසී වන අතර මුහුදු සර්පයන් / වාලක්කඩියන් නම්වේ. ලංකාව තුල දෂ්ට කිරීම් වාර්ථා වීම ඉතා දුලබය. ගොඩබිම වසන අනෙක් සර්පයින්ට වඩා ඉතා විෂ සහිතය..

platslive3.jpg


sea_snake_Laticauda_colubrina.jpg



 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
ලංකා භූමිය තුල බහුලව හමුවන උග්‍ර වීෂ සර්පයන් ගණන 7කි. ඔවුන් නම්

  1. වැලි පොලගා
  2. තිත් පොලගා
  3. තෙල් කරවලා
  4. මුදු කරවලා
  5. නයා
  6. දෙපත් කලුවා
  7. පොලොන් තෙලිස්සා
ඔවුන් පිලිබදව මීලගට දැක්වේ...
 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
වැලි පොලගා - Saw scalle viper


img159.gif


SawScaleCloseup1cmp.JPG


sawscaledviper.jpg








නිශාචරයි. උග්‍ර විෂ සහිතයි කිපෙන සුලු ගතියක් ඇති සර්පයෙකි. එසේ කිපුනු අවස්ථාවල ශරීරය එකට අතුල්ලා පිඹිනවා වැබි ශබ්දයක් නිකුත් කරයි.

වියලි කලාපයේ බහුලයි. මන්නාරම සිට යාපනය දක්වා වෙරලබඩ කලාපයේ සුලබව ඇත. කටු පදුරැ සහිත පරිසර වලට වඩා කැමැත්තක් දක්වයි.

අඩි 2ක් පමණ වේ.


හදුනාගැනීමට

හිස මතුපිට ඇති ඊතලයක් වැනි සලකුණ
සම මතුපිට ඇති අලුවා කැට වැනි සලකුණු උදව් කර ගත හැක.


 
Last edited:

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
thank u for this great thread , keep updating :D

එකිනෙක ඉදිරිපත් කරන්නම්...

valuable thread
if u have more,post them pls
thx!


එකිනෙක ඉදිරිපත් කරන්නම්...

Nice thread Bro.
Keep it up....
:)


අදහස් ඉදිරිපත් කලාට සියලු දෙනාටම බොහොම ස්තුතියි...
 
Last edited:
  • Like
Reactions: DiLakshika

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
තිත් පොලගා - Russell's Viper


russell%27s-viper--daboia-russelii.jpg


russellsviperdefensive.jpg


daboia-430.jpg







නිශාචරයි, නමුත් දවල් කාලයේද දැකිය හැකි සර්පයෙකි. උස් කදුකරයේ හැර දිවයිනේ අන් සියලු ස්ථානයකම ජීවත් වේ. අප රටේ වැඩිම මරණ සංඛ්යාවකට වගකිව යුතු සර්පයා වෙයි. ප්‍රමාණයෙන් වැලි පොලගාට වඩා විශාල අතර කුඹුරැ ආශ්‍රිතව ජීවත් වීමට කැමැත්තක් දක්වයි.
වහා පහර දීමට පෙලඹේ.
දිග අඩි 5ක් පමණ වේ.

හදුනාගැනීම

ලංවූ කල ඉතා තදින් පිඹී.
පහර දෙන විට දුන්නක් මෙන් එක්වර දිග හැරෙමින් පනින ස්වභාවයක් තිබුණද එය වැඩි වේලාවක් සිදු කල නොහැක.
ත්‍රිකෝණාකාර හිසක් ඇත.
ඉහල පෘෂ්ටයේ ඇති කිරිබත් කැට මෙන් සලකුණු.

ගුලි ගැසී පරිසරයේ වර්ණයට සමාන ආකාරයට සැගවී සිටින නිසා විමසිල්ලෙන් නොබැලුවහොත් හදුනාගැනීම අපහසු වනු ඇත.




 
  • Like
Reactions: thilzz

tdevinda

Member
Nov 16, 2006
858
19
0
41
Mattegoda
ela. keep it up.
හම්බ වෙන හැම සතාවම මරන අයට මේක හොඳ ලිපියක් වෙයි!
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
තෙල් කරවලා - Common Krait



common-krait_1560.jpg


80614655_c74a99e879.jpg


common-krait.jpg






ගොඩබිම වාසය කරන උග්‍ර විෂ සහිත සර්පයින් අතරින් උග්‍රම විෂ සහිත සර්පයායි. නිශාචරයි.
ජලාශ්‍රිතව සිටීමට ප්‍රියකරයි.
පහත රට පමණක් දැකිය හැක.
වියලි තණකොල, දිරාපත් වන කොලරොඩු වැනි දේවල් වල සැගවී සිටීමට ප්‍රියකරයි...


හදුනාගැනීම

කදෙහි උඩ පැත්ත කලු පැහතියි. උදරීයව සුදු පැහැතියි.
තෙල් දමා පිරිමැද්දාක් සේ දිලිසේ.
ශරීරයේ සුදු පැහැති මුදු 2ක බැගින් ඇත.






 

RajaPassa

Member
Jan 21, 2010
32
1
0
Machan Me sampurana Artical Eka PDF Vidihata Hadala Download Kara Ganna Danna Puluwan Da..?
Maxxa Thread aa !!