කුණකටුවා ලෙස සමාන්‍යයෙන් හැදින්වුවත් විශේෂ 3කින් සමන්විත Hypnale (තෙලිස්සන්) ගණයේ එක් විශේෂයක් තමයි කුණකටුවා හෙවත් පොලොන් තෙලිස්සා.
දැනට ලංකාවේ ඉන්න තෙලිස්සන් විශේෂ 3,
1. Hypnale hypnale
පොළොං තෙලිස්සා/කුණකටුවා
Merrem’s hump nosed pit viper
2. Hypnale nepa
කඳුකර මූකලන් තෙලිස්සා
Highland hump nosed pit viper
3. Hypnale zara
පහතරට මූකලන් තෙලිස්සා
Lowland hump nosed pit viper
එමෙන්ම Hypnale sp. amal
අමල්ගේ තෙලිස්සා
Amal's hump nosed pit viper ලෙස හැදින්වෙන විද්‍යාත්මක නාමකරනයට ඇතුලත් නොවන සතෙකුද වේ.
Viperidae / වයිපෙරිඩේ (පොළගුන් හා වල පොළගුන්) කුලයට අයිති වේ. මොවුන්ට ආවේණික වූ පැතලි සාපේක්ෂව විශාල හිසක් පිහිටයි. ශරීරය කුඩා නමුත් පෘෂ්ඨිමත් වේ. අමල්ගේ තෙලිස්සගේ හැර අනෙක් විශේෂ වල බොහෝ විට පෘෂ්ටීය වර්ණයන් වෙනස් විය හැක. අලු කලු පැහැයේ සිට තැඹිලි, රතු-දුඹුරු දක්වා වර්ණ පරාසයක් ඇත. ශරීර පෘෂ්ටීයව දිවයන කළු හෝ දුඹුරු පැහැ පුල්ලි යුගල වශයෙන් පිහිටයි.
ලංකාවේ වැඩිම දෂ්ඨන ප්‍රමාණයකට වගකියන්නේ Hypnale hypnale (පොලොන් තෙලිස්සා) විශේෂයයි. මොවුන්ගේ විෂ වකුගඩු වලට බලපාන අතර ඉක්මන් සහ නිසි ප්‍රතිකාර නොමැතිව රෝගියා මරණයට වුවත් පත්විය හැක. Solenoglyphous වර්ගයේ දියුණු විෂ දළ පද්ධතියක් ඇත.
තෙලිස්සන් Pit Vipers, එනම් ඇස හා නාස් සිදුර අතර තාප සංවේදනයට උදව් වෙන සිදුරක් ( Loreal pit) ඇති පොළගුන් විශේෂ වේ. ප්‍රධාන වශයෙන් නිශාචරයි. භෞමික වුවත් ගස් නැගීමේ හැකියාව ඇත. කොලරොඩු, දරගොඩවල් හා කොටන් යට හෝ අසල සැගවී සිටී. හූනන්, සිකනලුන් වැනි කුඩා උරගයින්, ගෙම්බන්, මැඩියන්, විටෙක වෙනත් සර්පයින් මෙන්ම කුඩා බිත්තර හා කුඩා ක්ෂීරපායි සතුන්ද ආහාරයට ගනි. වල්ගය අග සොලවමින් එය ඇමක් ලෙස යොදා ගනියි.
මොවුන් බෝ වන්නේ පැටවුන් මගිනි.
1. Hypnale hypnale
පොළොං තෙලිස්සා/කුණකටුවා
Merrem’s hump nosed pit viper
පැහැදිලි ලෙස හොබු අග එසවී නැත. උග්‍ර විෂ ලෙස සලකයි. ලංකාවේ වැඩිම දෂ්ඨන ප්‍රමාණයකට වගකියන්නේ මෙමෙ විශේෂයයි.40-50cm දක්වා සමාන්‍යයෙන් වැඩෙයි. දිවයින පුරා මුහුදු මට්ටමේ සිට උස මීටර 1000 දක්වා හමුවේ. මිනිස් ජනාවාස අසල බහුලව හමුවේ. වැසි වනාන්තර ඇතුලත හමු නොවේ. රටට ආවේණික නොවේ.
2. Hypnale nepa
කඳුකර මූකලන් තෙලිස්සා
Highland hump nosed pit viper
පැහැදිලි ලෙස හොබු අග එසවී නැත. උග්‍ර විෂ විය හැකි ලෙස සලකයි. 30-40cm දක්වා සමාන්‍යයෙන් වැඩෙයි. මු.ම.උ.මී. 1000-2140 දක්වා කදුකර වනාන්තරවල හමුවේ. (නකල්ස්, ශ්‍රී පාදස්ථාන වනාන්තරය, රක්වාන, හෝටන් තැන්න ඇතුලු මධ්‍යම කදුකරය). ලංකාවට ආවේණිකය.
3. Hypnale zara
පහතරට මූකලන් තෙලිස්සා
Lowland hump nosed pit viper
පැහැදිලි ලෙස හොබු අග එසවී ඇත. උග්‍ර විෂ විය හැකි ලෙස සලකයි. 30-45cm දක්වා සමාන්‍යයෙන් වැඩෙයි. මු.ම.උ.මී. 1000 දක්වා පහතරට තෙත් වර්ෂා වනාන්තරවල හමුවේ. ලංකාවට ආවේණිකය. රාත්‍රී කාලයේ හා වැසි අවස්ථාවලදී කුඩා පදුරු හා ගස් මත හමුවේ.
Hypnale sp. amal
අමල්ගේ තෙලිස්සා
Amal's hump nosed pit viper
ගාල්ල වටරැක ප්‍රදේශයෙන් හමුවූ එක් නිදර්ශකයකින පමණක් නම් කල සර්පයෙකි.
කොරළ අතින් බොහෝ සෙයින් පොලොන් තෙලිස්සාට (Hypnale hypnale) සමාන නිසා එම විශේෂයේම විකෘතියක් වියහැකි බව පැවසේ.
පැහැදිලි ලෙස හොබු අග එසවී නැත. උග්‍ර විෂ විය හැකි ලෙස සලකයි.
උපුටා ගැනීම Imesh Jayalath