Neth FM Ahana Aya innawada?

anu99

Member
Oct 15, 2007
3
0
0
නෙත් ‍එෆ්.එම්. එකේ මඩි‍හේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ තමයි පිරිත් කියන්නේ. ඒක හොඳ නැහැ කියන්නේ පිරිත් ගැන දන්නේ නැති ඔලමොට්ටලයෝ. ඔය දැන්වීම් ප්‍රචාරය කරලා සල්ලි දීල කරන ඒවා වගේ නෙවෙයි. අනික මඩිහේ හාමුදුරු‍වෝ කියන්නේ අපේ සංඝ පීතෘන් වහන්සේ නමක්. ඒකවත් දන්නේ නැති අය තමයි මේ පිරිත් ගැන කතා කරන්නේ.
අනික ලංකාවේ මිනිස්සුන්ට පිරිත් අහන්න මුලින්ම උගන්නපු චැනල් එක තමයි නෙත් එෆ්.එම්. කියන්නේ. මොකද මම ඒ දවස්වල චැනල් 6 - 7ත් අහපු කෙනෙක්. ඒත් එකකවත් පිරිත් ගියේ නැහැ. නෙත් එක තමයි මුලින්ම පිරිත් පටන් ගත්තේ. ඊට පස්සේ ඔය ලංකාවේ අංක ‍එකේ රේඩියෝ නාලිකා කිහිපයක්ම පිරිත් කොපි කළා. ඒවා කැත වැඩ. ඇයි නෙත් එෆ්.එම්. වගේ අනන්‍යතාවයක් අනෙත් චැනල්වලට ගොඩ නගා ගන්න බැරි.
එකක් මතක තියා ගන්න ලංකාවේ හොඳ දැනුමක් ඇති ශ්‍රාවකයන් ඉන්නකම් නෙත් එෆ්.එම්. වට්ටන්න බැහැ.
 
Last edited: