ශ්‍රී ලංකාවේ ජීවත්වූ යක්ෂයින්...........
යක්ෂ යන පදය ඇසූ පමණින් සිහියට නැගෙන්නේ විශාල උදරයක් සහිත, පිටට නෙරූ දළ ඇති බොකුටු හිසකේ ඇති භයංකාර රූපයෙකි. මෑත කාලීන විහාර වලද යකුන් එලෙස නිර්මාණය වී ඇත.
වේද සාහිත්‍යයට අනුව පැරණි දේව ගණයට අයත් සියල්ලන් යක්ෂ නම්වේ.
යක්ෂාධිපති වෛශ්‍රාවන සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකි.
වෙසමුනි යක්ෂ සේනාධිපති වේ.
වෛදික සාහිත්‍යයෙහි යක්ෂයන්ගෙන් ශීග්‍රගාමී, ශීග්‍රපති, ක්ෂණික රශ්මි දහර, ක්ෂණික වාසස්තානය වෙනස් කරන බව දැක්වේ.
බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කරන අතරතුර මහියංගනයට වැඩම කර යකුන් දමනය කර ඔවුන් ගිරි දිවයිනට නෙරපූ බව පවසන මහාවංශය, පිරිනිවන් පෑ දිනයේ 700ක් පිරිවර සමඟ විජයකුමරු මෙරටට ගොඩබැස කුවේනිය නම් යක්ෂ කන්‍යාවකගේ උපකාර ඇතිව ලංකාවේ යක්ෂ නායකයන් පලවා හැර රජවූ බවත් සඳහන් කරයි.
මහා වංශයේ පණ්ඩුකාභය රජු හා බැඳි යකුන් දෙදෙනෙක් ගැන සඳහන්ය. චිත්තරාජ, කාලවේල පණ්ඩුකාභයගේ උප්පත්තිකතාව හා මොවුන් සම්බන්දය.
චිත්තරාජ අභය වැවට අධිගෘහිත යක්ෂයා විය.
අනුරාධපුර නැගෙනහිර වාහල්කඩ ආසන්නයේ කාලවේල යක්ෂය වෙනුවෙන් දේවාලයක් තිබේ.
යක්ෂාධිපති වෛශ්‍රාවන වෙනුවෙන්ද පණ්ඩුකාභය රජු සමයේ වන්දනා පැවැත්විණි. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වූ "ගෝඨම්බර" යක්ෂයෙක් වූ රිටිගල ජයසේන හෝ මහසෝනා සමඟ සටන් කර පරාජය කළබව සඳහන්වේ.
අනාර්ථ ගෝත්‍රයට අයත් බලසම්පන්න ජන කොටසක් ලෙස වෛදික සාහිත්‍යයේ යකුන් හඳුන්වා ඇත. උපනිශ්ද් සාහිත්‍යයේ යක්ෂයෝ කුවේරාගේ පිරිවර සේනා ලෙස සේවය කරයි.
කුවේරා
~☺☺make a reply or add a rep if u like my thread☺☺~