වෙසමුණි හෙවත් වෛශවණ

Little DJ

Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    වෙසමුණි හෙවත් වෛශවණ

    2.jpg


    හෙල යක්ෂ සභාවේ නායකයා ලෙස හැඳින්වෙන්නේ වෙසමුණි යක්ෂ රජුයි. අති විශාල යකඩ යගදාවක් හා රන්කඩුව ඇත. ඔහුගේ දරුණු දඩුවම් ක්‍රම 32ක් ඇතිබව කියවේ. වද 32 ලෙස කියවෙන්නේ එයයි(දෙතිස් වද) .යක්ෂාධිපති වෛශ්‍රාවන සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකි.වෙසමුනි යක්ෂ සේනාධිපති වේ.වෛදික සාහිත්‍යයෙහි යක්ෂයන්ගෙන් ශීග්‍රගාමී, ශීග්‍රපති, ක්ෂණික රශ්මි දහර, ක්ෂණික වාසස්තානය වෙනස් කරන බව දැක්වේ.


    වෙසමුණිගේ බිරිද කෞවේරි. ඔවුන්ට

    1.වර්ණකවි(මණිග්‍රීව )
    2. නලකුබර (මයුරාජ )

    නමින් පුතුන් දෙදෙනෙක් සහ
    3.මීනාක්ෂි නමින් දුවක්ද සිටි බව කියැවෙනවා.


    කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.

    කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්‍යයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය. උපනිශ්ද් සාහිත්‍යයේ යක්ෂයෝ කුවේරාගේ පිරිවර සේනා ලෙස සේවය කරයි.



    කවුද මේ වෙසමුණි / කුවේර / වෛයිශවණ


    ඔයාලා දැකලා ඇති සීවලි යන්ත්‍රය වටේට දෙවිවර් හතර දෙනෙක් ඉන්නවා. එ අය තමා
    1.ධෘතරාශ්ඨ
    2.විරුඩ
    3.විරුපාක්ශ
    4.වෛශවණ



    මේ අයගෙන් වෛශවණ තමා වෙසමුණි කියන්නේ.ශක්‍රයාගේ විශ්වාසවන්තම සේවකයෙක්.ඔහුගේ රාජකාරිය වන්නේ ශක්‍රයා ආරක්ශා කිරිමයි.එ නිසා ඔහුට යකුන් පාලනය කිරීමේ බලය ලැබී ඇත. ශක්‍රයා විනෝද වීමට උයන් කෙළියට යන විට යුගන්දර පර්වතයට උතුරු දිග්භාගයේ පූර්ණ ආරක්‍ෂක කටයුතු භාර වන්නේ ඔහුට ය. සක්‌ රජු තම දිව්‍ය සභාව කැඳවා සාකච්ඡා පවත්වන විට ද වෙසමුණි මෙම උතුරු ප්‍රදේශයේ ආරක්‍ෂකයා විය යුතුය. එහෙත් එහි අපූරුවක්‌ ද වේ. එනම් ඔහු උතුර ආරක්‍ෂා කළ යුත්තේ දකුණු දෙසට මුහුණලා ගෙනය.


    වෙසමුණි මහා බලවතෙකි. ඔහුගෙන් වරම් නොගෙන සිතුමතේ ක්‍රියා කිරීමට සෙසු යක්‍ෂයන්ට නොහැකියි. යක්‌ තොවිල් පවිල්වලදී ද, වෙසමුණි ගැන සඳහන් වන්නේ යක්‍ෂයනට පමණක්‌ නොව ප්‍රේත පිසාච කුම්භාණ්‌ඩ ආදී භූතයන් සැමට නායකයා බැවිනි. වෙසමුණි අණ දුන් විට සෙසු යක්‍ෂයන් එම රාජකාරිය හරියටම ඉටු කළ යුතුය. සිරිසඟබෝ රජු දවස රක්‌තාක්‍ෂී නම් යක්‍ෂයකු පැමිණ මිනිසුන් ලෙඩ කළ බවක්‌ එළු අත්තනගලු වංශයේ සඳහන් ය. එමෙන්ම වරින්වර මිනිස්‌ ලොවට පැමිණ සොහොන් පිටිවල රැඳී සිටීම, ලෙඩ රෝග බෝ කිරීම, හදි හූනියම් කිරීම පමණක්‌ නොව, මළ මිනී ගසා කෑමට ද ඔවුනට හැක. එහෙත් ඒ සඳහා වෙසමුණිගෙන් වරම් ගත යුතුමය. කාලි යක්‍ෂණිය ද මිනිසුන්ට හිංසා කර ඇත්තේ වෙසමුණිගෙන් වරම් ලබා ගෙනය. එහෙත් එයට පිටු පෑ අවස්‌ථා ගැන ද කියවේ. විදුර ජාතකයෙහි සඳහන් වන පරිදි පූර්ණක නම් යක්‍ෂයා එරන්දතී ලබා ගැනීම සඳහා වෙසමුණිගෙන් වරම් ලබා ඇත්තේ අයථා ලෙසය. බලධාරීන් ලවා එවන් දේ අද මෙන් එදා යක්‍ෂයන් අතරත් සිදුව ඇති බවය එයින් පෙනෙනුයේ.


    ඔහුට ධන නිධාන 09 ක්‌ තිබුණි. කඡ්ව, මුකුන්ද, නන්ද, මකර, නීලසම්බ, යදිත, වර්ග යදිම, මහා පද්ම ඒ නවයයි. කෙතරම් ධන නිධාන තිබුණ ද කුවේරට මුල් කාලයේ, ස්‌ථිර වාසස්‌ථානයක්‌ නොවීය. පෙර සිටම ඔහුට පරම්පරාගතව ලංකාපුර පැවරී තිබුණද, ඔහුගේ සොහොයුරු රාවණා එම ලංකාපුරය අත්කර ගෙන තිබුණු බැවිනි ඒ. ලංකාපුරය යනු යක්‍ෂ රාක්‍ෂයන් සඳහාම විශ්මකර්ම විසින් නිර්මාණය කරන ලද ධනයෙන් පිරි දූපතකි.වෙසමුණි දෙවියෙකු ලෙස ද පෙනී සිටියෙකි. දිව්‍ය ලෝක හයෙන් පහළම පිහිටි දිව්‍ය ලෝකය පාලනය කිරීමේ බලය ද ඔහුට පැවරී තිබිණි.

    කෙතරම් බලයක්‌ ඇතත්, ධනයක්‌ ඇතත් වෙසමුණිගේ ශරීරය නම් විරූපීය. අවලස්‌සනය. ඔහු අංග විකලයකු ලෙස ද දේව කතාවල හැඳින්වේ. වෙසමුණිට පාද 03 ක්‌ ඇති අතර ඉන් එකක්‌ නොණ්‌ඩිය. දත් ඇත්තේ 08 පමණි. ඒවා ප්‍රමාණයෙන් විශාලය. එසේ අවලස්‌සන රූපයක්‌ ඇතත් ශරීරය පුරා රන් මිණි ආභරණ පැළදි බව දේව කතාවල සඳහන් වෙයි.
    වෙසමුණිගේ බිරිඳ යක්‍ෂණි, කුවේර, භූCඳ්ඡවතී ආදී නම් කිහිපයකින් හැඳින්වේ. වෙසෙමුණිට දාව වෙනත් ස්‌ත්‍රියකගෙන් උපන් විභීෂණ සහ කුම්භකර්ණ යන දෙදෙනා ද බලවතුන් ය. විශේෂයෙන් කැලණිපුරයට අධිපති දෙවියා වශයෙන් සැලකෙන්නේ විභීෂණය. අදත් ඔහුට බැතිමත්තුහු පුද පූජා පවත්වති. එහෙත් කුම්භකර්ණ නම් තද නින්දේමය. ඔහු ඇස්‌ හැර ලොව දෙස බලන්නේ මාස 06 ට වරකි. දැස්‌ හැර බැලූ පමණින් යළිත් නින්ද්‍ර්‍රෝපගත වෙයි. විභීෂණ රජෙකු වුවද මෙම නින්ද්‍රෝපගත සොහොයුරා නැගිට වීමේ කාර්යය කිරීමට ඔහුට වරම් නැත. අප රට බොහෝ දෙනා ද කුම්භකර්ණයන් මෙන් නිදා සිටිනුයේ ඔවුන් අවදි කිරීමට බලයක්‌, කොතැනකවත්, කිසිවෙකුටත් නැති බැවිනි.




    මෙය ලංකා ඉතිහාසය ඇසුරෙන් හා විවිධ ලිපි ග්‍රන්ථ වලින් උපුටා සකස් කරන ලද්දකි.

    ඉස්සුවේ මෙතනින්


     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    දැන් ඉන්න උන් ඉතිහාසෙ අලුතින් ලියනව.
    මිනිස්සුන්වයි දෙවිවරුන්වයි පටලවන්න එපා යකෝ
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    දැන් ඉන්න උන් ඉතිහාසෙ අලුතින් ලියනව.
    මිනිස්සුන්වයි දෙවිවරුන්වයි පටලවන්න එපා

    හතරවරම් දෙවි රජවරැ චතුර්මහාරාජිකය දෙවි ලොව පාලනය කරන්නෙ

    google search karanna
    ආටානාටිකය සූත්‍රය කියවන්න
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් ඉන්න උන් ඉතිහාසෙ අලුතින් ලියනව.
    මිනිස්සුන්වයි දෙවිවරුන්වයි පටලවන්න එපා යකෝ
    :yes::yes::yes::yes:
    මේ ලිපියේ ඔක්කොම කලවමේ තියෙන්නේ. වෛශවණ දිව්‍යරාජයා ගැනත් තියෙනවා. රාවණා චරිතත් තියෙනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    වෙසමුනි කියලා කියන්නේ කවුද කියලා දැනගන්න ඕන නම් එක එක පිස්සෝ ලියපුව කියවන්නේ නැතිව මේ සම්බුද්ධ දේශනාව අසා තේරුම් ගන්න
     
    • Like
    Reactions: RandomGuy