මහියංගනය පුදබිම

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහියංගනය පුදබිම

    කාලයේ වැලිතලාවෙන් සැඟවුනු ඔබේ අවධානය ඉක්මනින් අවැසි බුදුන් වැඩි මහියංගනය පුදබිම.
    වර්ෂ 1948 අද වැනි දිනක නැවත ප්‍රතිසංස්කරණය කළ මහියංගනය පුදබිම.


    oNLK4hT.jpg

    අපි අපේ සබෑ හෙළ ඉතිහාසය සොයා යන ගමනට බුදු දහමෙන් ලැබෙන්නේ මහත් පිටුවහලකි. ත්‍රිපිටකයේ ඇති සූත්‍ර දේශානා මහායානයේ ඇති සූත්‍ර දේශානද මේ අතර වේ. බුදුන් වහන්සේ දේශනා කල ධර්මය මෙන්ම බුදුන් වහන්සේගේ පාද ස්පර්ශයට ලක් වූ ස්ථාන කෙරේහිද බෞද්ධයන්ගේ ඇත්තේ අති මහත් වූ ශ්‍රද්ධාවක් බව කිය යුතු නොවේ යැයි සලකමි. මේ අතරින් මහියංගණය පුද බිමට ලැබෙන්නේ ප්‍රධාන ස්ථානයකි, බුදුන් වහන්සේගේ අකුධාතුව නිධන් කල සෑදු චෛත්‍යටත් වඩා බුදුන් වහන්සේ යක්කු එළවීමට බණ කිවූ ස්ථානය ලෙස මෙම පුදබිම බෞද්ධයන් අතර වඩාත් ප්‍රසිද්ධව ඇත. අද අපි අපේ සබෑ හෙළ ඉතිහාසය සොයා යන ගමනේ ඔබ වෙත ගෙන එන්නේ බුදුන් වහන්සේ මහියංගනයේදී යකුන් එළවීමට දේශනා කලා යැයි සැලකෙන සිරි දෙසුමයි.
    බිම්තැන්න හෙවත් මහියංගනය කියූ සැනෙකින් අපේ මතකය බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කලටම රැගෙන යයි. ගිරිදුර්ග තරණය කරමින් විඩාව නිවා ගන්න බිම්තැන්න නගරයට නොගිය කෙනෙක් නැති තරම්ය. එසේත් නැතිනම් බිම්තැන්නේ සිටි කදුකරයේ අසිරිය විදින්න නොගිය කෙනෙක්ද ලංකාවේ නොමැති තරම්ය. කෙසේ වෙතත් අප මේ යන්නේ බුදු පියාණන් වහන්සේ ජීවමාන සමයේ වැඩම කරන ලද බුදු පහස ලත් මහියංගනය පුදබිම වෙතටයි.


    4gKJ4MN.jpg


    ඌවේ සංස්කෘතික වටිනාකම අතර ආගමික පුදබිම් ප්‍රමුඛ වෙයි. බුදුහිමි පළමුවර වැඩි මහියංගනය, කිරිවෙහෙර තෙවැනි වර වැඩි මුතියංගනය, බදුලු නාගදීප, ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිටම පූජනීයත්වයට පත් සිද්ධස්ථානයන් ය. යුදඟනාව, දෙමටමල් විහාරය, දෝව රජමහා විහාරය, දිවුරුම්වෙහෙර ආදිය දුටුගැමුණු, වළගම්බා, සද්ධාතිස්ස රජවරුන්ගේ අනුග්‍රහය ඇතිව ගොඩනැඟුණු පුද බිම් ය. මාලිගාවිල බුදු පිළිමය හා එහි අවට ප්‍රදේශය, ඓතිහාසික පුරා විද්‍යාත්මක වටිනාකම් රැසක් ම සපිරි පුද බිමකි. ඌවේ අභිමානයට මෙන් ම සහජීවනය ඉස්මතු වන රුහුණු කතරගම දෙවොලත් බදුලු - කතරගම මහා දේවාලයත් පෙරහරත් බොදු, හින්දු සංස්කෘතික සංහිඳියාවේ සලකුණකි. 1818 ඉංග්‍රීසීන් මවිත කළ වෙල්ලස්සේ කැරැල්ලට පිඹුරු පත් ඇන්දේ භික්ෂුන් වහන්සේ ප්‍රමුඛව පොතුබද්දන විහාරයේදී ය.
    ඌවේ සංස්කෘතික උරුමයන් පිළිබඳව විමසන විට මේ පුදබිම් පිළිබඳව වෙසෙසින් ම හඳුනාගත යුතුම ය.
    දීපවංශයේ විස්තර වන අන්දමට බුද්ධත්වයෙන් නව වැනි වස පළමු දුරුතු පහළොස්වක පොහොය දින බුදුහිමියන් පළමු වරට ලංකාවට වැඩියේ බිංතැන්න ප්‍රදේශයේ යක්ෂයන් දමනය කිරීම සඳහායි. මේ ලංකා ගමන පිළිබඳව මහාවංශ කතුවරයා විස්තර කරන්නේ මෙසේ ය.
    ලංකාදීපයේ මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දින එක් යොදුන් පුළුල් වූ රම්‍ය වූ මහානාග වන නම් උයනෙහි යක්ෂයෝ යුද්ධ භූමියෙහි ලක්දිව වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය. ඒ මහා යක්ෂ සමාගමට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස් මතුයෙහි මහිංගන ථූපය ඇති ස්ථානයෙහි අහස් කුස වැඩ සිටි සේක.
    ජනප්‍රවාදයට අනුව ද යක්ෂයින් දමනය කළ ස්ථානයේ මහියංගන චෛත්‍ය ඉදිකර ඇතැයි සඳහන් වේ. මහියංගන චෛත්‍යය රාජයාණන් වහන්සේ ශ්‍රී ලංකාවෙහි පළමුවරට තනවනලද ජීව සර්වඥ කේශධාතූන් නිදන්කළ, පිරිනිවනින් පසුව උන්වහන්සේගේම ශ්‍රීවාස්තීධාතුවද නිධන් කරනු ලැබූ දාගැබ්වහන්සේ මහියංගන දාගැබ නම් වේ.මහියංගනයෙහි පුරාණ සිංහල නාමය බිම්තැන්න නම් වේ. පාලියෙන් ලියනවිට බිම් යන්න මහී යයිද, තැන්න යන්න අංගනය නමින්ද මහියංගනය යන්න සෑදි ඇත.ශ්‍රී ලංකාවේ ආදි ම ස්ථූපය වශයෙන් වංශ කථාවල සඳහන් වන්නේ මහියංගන චෛත්‍යය යි. සුමන දෙවියන් විසින් කේශ ධාතු නිධන් කොට නිල්මිණියෙන් සත් රියන් කොට බඳවන ලද බව සඳහන් වේ. ක්‍රි.පූ.267 දී පමණ දෙවනපෑතිස් රජුගේ සොහොයුරු උද්ධචූලාභය රජු දොළොස් රියන් දාගැබ වසා තිස්රියන් දාගැබක් සාදවන ලදී. ක්‍රි.පූ. 161 දී අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජු අසූරියන් උස මහා චෛත්‍යයක් කරවීය. වසර විසි හතරක් (24) පමණ සිරිලක සරු සාරවත් කරමින් බුදු සසුන බැබළ වූ මෙම රජු සවවඥ ධාතූන් වහන්සේ 160 නමක් සහිත කරඬුවක් මෙම චෛත්‍යයේ තැන්පත් කරවීය. වරින්වර රජ වූ ධාතුසේන, සිරිසඟබෝ, අග්බෝ, පරාක්‍රමබාහු ආදී රජවරු මෙම සෑය ප්‍රතිසංස්කරණය කොට අලංකාර කළහ.බුදුන් වහන්සේ ජීවමාන කාලයේම ලොව බිහි වූ මුල් ම චෛත්‍යය මහියංගන චෙෙත්‍යය බව ඉතිහාසයේ දැක්වෙයි.වර්ෂ දෙදහස් පන්සියයකටත් පෙර මෙම චෙෙත්‍ය කර්මාන්තය කෙරී ඇත. ලොව රහතන්වහන්සේ නමක් නිමකළ එකම චෛත්‍යයද මෙයයි.
    ඒ අනුව බුදුන් වහන්සේ ජීවමානව සිටිය දීම ඉදිකළ මහියංගන චෛත්‍යය ලංකාවේ ඉදි වූ පළමු දාගබ වන බවට ද මතයක් පවතී. තවත් පුරා වෘතයකින් කියැවෙන්නේ බුදු හිමියන් සිහිවීමට යමක් ඉල්ලූ සමන් දෙවියන්ට ගෞතමයන් වහන්සේ දුන් කෙස් රොද නිදන් කර සමන් දෙවියන් විසින් ම මියුගුණ සෑය ඉදිකළ බවකි.​

    CdKblCP.jpg


    b3WxYck.jpg


    උපුටාගැනීම

    https://www.facebook.com/sridaladamaligawa?ref=stream

    මේක කරන කට්ටියට හය්යක් වෙන්න like එකක් වත් දාන්න
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    кσяη ησρє;17086524 said:
    TFS


    You must spread some Reputation around before giving it to maxboysl again.

    මචං මේක කරන වුන්ට උදවුවක් විදියට fb like එකක් දාපන
    මන් කොපි පේස්ට් කල විතරයි