ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකාය(Sri Lanka Army Special Forces Regiment)
ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකාය...
Sri Lanka Army Special Forces Regiment
අධිෂ්ඨානයෙන්, අභීතව අරමුණකරා
Determined, Dared and Done
1985 දී නිලධාරීන් 2ක් හා සෙබලුන් 38ක්, එකල කැකෑරෙමින් පැවති ත්‍රස්තවාදී අරගලය මුලින් උපුටා දැමීමට එක්විය. ඔවුන් තීරණය කරේ කුඩා කණ්ඩායමක් ලෙස ත්රස්තවාදීන්ගේ බල ප්‍රදේශවලටම ඇතුළු වී ක්ෂණිකව ප්‍රහාරයක් එල්ලකර නැවත පැමිණීම සාර්ථක බවයි.(combat tracker team)
මේජර් ජනරාල් ජී.හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් මෙය ආරම්භවිය.
මෙය පළමුව අසාර්ථකවිය.එයට පුහුණු කිරීමේ ගැටළු හේතුවිය.
පසුව 1988දී කර්නල් A.F. ලෆීර් නැවත් මෙහි නම විශේෂ බලකාය ලෙස වෙනස් කර පුහුණුව ආරම්භ කරවීය.
1988 දෙසැම්බර් මස සීදූවේදී පළමු විශේෂ බලකා රෙජමේන්තුව විසිර ගියේය.
වර්තමානයේදී රෙජමේන්තු 3කින් සමන්විතවේ.
ප්‍රධාන කාර්යය භාරයන්....
►සතුරු ප්‍රදේශ තුළට රහසින් ඇතුළුවී බුද්ධි තොරතුරු රැස් කිරීම.(Intelligence collection)
►සතුරු ප්‍රදේශවල ප්‍රහාරයකට අවශ්‍යය ඉලක්ක ලබාගැනීම/ප්‍රහාරයේ ආකාරය සකස් කිරීම.(Battlespace preparation by sabotage and offensive raiding)
►ත්‍රස්තමර්ධන ක්‍රියාන්විත.(Counter Terrorism operations)
►නාගරික හා දුෂ්කර ප්‍රදේශවල විශේෂ මෙහෙයුම්,රහසිගත දිගුදුර මෙහෙයුම්(overt and covert operations)
►විශේෂ හා දරුණු මෙහෙයුම්(unforeseen circumstances), ගලවා ගැනීම්(rescues), ක්ෂණික ප්‍රහාර(surprise attacks), හමුදාවන්ට සහාය කණ්ඩායම් ලෙසද විශේෂ බලකාය සේවය කරයි.
යකා සළකුණ....
මෙය ලබාදෙන්නේ අතිවිශේෂ පුහුණුවක් සම්පූර්ණ කළ පසුවය. අඩි 80 ඉහළ සිට පහළින් ඇති කුඩා තටාකයකට පැනීම වැනි ඉහළම නිර්භීත භාවයක් තිබිය යුතුය.
යෝග්‍යතාවය හා පුහුණුව....
පුහුණුවට බැඳීමට පවා අසාමාන්‍ය ශාරීරික යෝග්‍යතාවයක් හා අධිෂ්ඨානයක් තිබිය යුතුය.
පුහුණුවේ අරමුණවන්නේ නොබිඳෙන මනසක් හා ශරීරයක් තැනීමයි.
මාස 8ක තෝරාගැනීම් පුහුණුවේදී,
►සැතපුම් 50ක් පැය 12කදී ගමන්කිරීම,
►සියලුම උපාංග සහිතව සැතපුම් 5ක් විනාඩි 40ක් තුළ සම්පූර්ණ කිරීම,
►වෙහෙසකර පිහිනුම් අභ්‍යාස,
►දුෂ්කර කඳු තරණය,
►දින 45ක් කැලයේදී කිසිඳු උපකරණයක් රහිතව ජීවත්වීම(surviving skill training)
වැනි අතිදුෂ්කර අභ්‍යාස සම්පූර්ණවිය යුතුය. නැතහොත් ඉවත්වේ.
තෝරාගැනීමෙන් පසුව,
►විශේෂ වෛද්‍ය පුහුණුව-තමාට හෝ වෙනත් සාමාජිකයෙක්ට ඇතිවන අනතුරු සඳහා ප්‍රතිකාර කිරීම.
►වනාන්තර හා සතුරු සළකුණු හඳුනාගැනීම(tracking the enemy)
►අතිවිශේෂ හමුදා ක්‍රියාන්විත ක්‍රම(special tactics)
►නායකත්ව පුහුණුව(leadership skills)
වැනි දේ ගැනද පුහුණුව ලබාදේ.
සටන් ක්‍රමය....
►සැම විටම කුඩා කණ්ඩායම් හෝ තනිව මෙහෙයුම්වල නිරතවේ.
►කුඩා කණ්ඩායමට සෙබලුන් 8 සිටී.
►කණ්ඩායමට
sniper, explosive specialist, tracking specialist, assault specialist, medic ලෙස සාමජිකයන් සිටී.
►එක් කුඩා කණ්ඩායමක් අංශක 360ක් ආවරණය වන ලෙස ගමන්කරයි.(lane firing)
වෙඩිතැබීම කරන අවස්ථාවේ කණ්ඩායමේ අඩක් වෙඩිතැබීම ආවරණය කරන(covering fire) අතර අනෙක් කොටස ඉදිරියටයයි.
►මොවුන් සාමාජිකයෙක් මරණයට පත්වූ විට කෙසේ හෝ තම මෙහෙයුම සම්පූර්ණකර මරණයට පත්වූ සාමාජිකයාද රැගෙන නැවත පැමිණිය යුතුය.
►තම කාර්යය සම්පූර්ණවන තෙක් දින ගණනක් එකම ස්ථානයේ නොසෙල්වී සිටීම වුවද විශේෂ බලකාය කලයුතුය.
(පසුගිය දිනවල L.T.T.E නායකයන්ට එල්ලවූ ගුවන්ප්රහාර වලට ඉලක්කය ගත්තේ විශේෂ බලකා සාමාජිකයිනි, ඔවුන් එනතෙක් සතුරු කඳවුරු අසලට වී නොසෙල්වී සිටීම ඉතාම වැදගත්වේ.)
භාවිතා කරන ආයුධ....
HK PSG1
Steyr AUG
HK G3
Chinese Type-81/56 rifles
Colt M4 Carbines
MP5
Barrett M82
Dragunov SVD Semi-automatic rifles
ශ්‍රී ලංකා යුධ හමුදා විශේෂ බලකායේ සාමාජිකයන් දුටුවිට ත්රස්තවාදීන් අවි ආයුධ පවා අතහැර දිව යන්නේ ඔවුන්ගේ හැකියාව අත්විඳ ඇතිබැවිනි..

ශ්‍රී ලංකා හමුදා කමාන්ඩෝ බළකාය(Sri Lanka Army Commando Regiment)
~~අපේ කාලයේ වීරයන්වන මොවුන්ව අමතක නොකරමු~~
~ඔබගේ පණිවිඩයත් ඔවුන් වෙත මෙහි ලියාතබන්න~