කරුණා-පිල්ලෙයාන්ට සේම ජෙනරාල්ටත් නිදහස-ම
විධායක බලයෙන් කරුණා-පිල්ලෙයාන්ට ඇමැතිකම් දුන්නා සේම ජෙනරාල්ටත් නිදහස ලබා දෙන්න - මහ නාහිමිවරු ජනතපතිගෙන් ඉල්ලති
ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 13 වෙනි සෙනසුරාදා, 10:59
අරන්තලාව භික්ෂු ඝාතනය සිදු කළ, දළදා මාලිගාවට බොම්බ ප්‍රහර එල්ල කළ කරුණා අම්මාන්ට හා පිල්ලෙයාන්ට නිදහස ලබාදී රජයේ ඇමැතිකම් ලබා දුන්නා සේම ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටද සිය විධායක බලය උපයෝගී කොට ගනිමින් සියලු චෝදනාවලින් නිදහස් කොට අත්අඩංගුවෙන් මුදවා නිසි ආරක්ෂාව ලබා දෙන ලෙස ත්රෛනියාකිය මහ නාහිමිවරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක අතිගරු තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිගරු උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත, අමරපුර මහ නිකායේ මහ නායක අතිගරු දවුල්දෙන ඤාණිස්සර, රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිගරු වේවැල්දෙණියේ මේධාලංකාර යන නායක ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුත් ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
එම ලිපියේ උන්වහන්සේලා වැඩිදුරටත් දක්වා ඇත්තේ අතීතයේ සිටම රාජ්‍ය පාලකයා හා සෙසු අය අතර ඇතිවූ අරබුද, අසමගිකම් හා ගැටුම් නිරාකරණය වෙනුවෙන් තත්කාලීනව වැඩවිසූ මහා සංඝරත්නය ඉදිරිපත් වූ බවත්, ඒ බව වංශ කතා ආදියෙන්ද සනාථ කර ඇති බවයි. මේ සම්ප්රදාය අනුව යමින් අප රටේ වර්තමානයේ පවත්නා ගැටළු සහගත තත්ත්වය සමනය කර ජාතික සමගිග ඇති කර ගැනීම වෙනුවෙන් මේ ආකාරයෙන් තමන් වහන්සේ ජනාධිපතිවරයා අමතන බවයි.
වෛරයෙන් වෛරය නොසන්සිදෙන බවට වූ බුදුන් වහන්සේගේ දේශනාව අනුව යමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා හා පවතින මතභේද අසමගිකම් නතර කරන ලෙසත්, ත්‍රස්තවාදී යුධ සමයේ භික්ෂූන් වහන්සේ ඝාතනය කරමින් ද, ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය ඇතුළු වෙහෙර විහාර විනාශ කරමින් ද, රට දෙකඩ කිරීම සඳහා දරුණු ලෙස ත්‍රස්තවාදී කටයුතුවල නිරත වෙමින්ද, හමුදාවේ ඇතුළු පොදු සාමාන්‍ය ජනතාවගේ ජීවිත රැසක් බිලිගනිමින් ද ක්‍රියා කළ දරුණූ ත්රස්තවාදීන් ලෙස සැලකූ විනයාගමූර්ති මුරලිදරන් (කරුණා) හා චන්ද්‍රකාන්තන් පිල්ලෙයාන් වැනි අයට රජයට භාර ගෙන මැති ඇමැතිකම් ආදිය පවරා බලවත් සේ ආරක්ෂාව ද සලසා දිය හැකි වූ වා සේ රටේ ඒකීය භාවය හා ස්වෛරීත්වයත්, ජනතාවගේ ජීවිතාරක්ෂාවත් ඇති කිරදීමට ස්වකීය ජීවිත පරදුවට තබා උපන් සේශයට අනුපමේය සේවාවක් ඉටු කළ සරත් ෆොන්සේකා මැතිතුමා ඇතුළු පිරිස ජනාධිපතිවරයාගේ ජනාධිපති බලතල භාවිත කොට හෝ අදාල සියලු චෝදනාවලින් නිදහස් කොට අත්අඩංගුවෙන් මුදවා නිසා ආරක්ෂාවද සලසා දෙන ලෙස ඉල්ලා ඇත.
මහ නායක ස්වාමීන් වහන්සේ ජනපතිට යැවූ ලිපිය
විධායක බලයෙන් කරුණා-පිල්ලෙයාන්ට ඇමැතිකම් දුන්නා සේම ජෙනරාල්ටත් නිදහස ලබා දෙන්න - මහ නාහිමිවරු ජනතපතිගෙන් ඉල්ලති
ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 13 වෙනි සෙනසුරාදා, 10:59
එම ලිපියේ උන්වහන්සේලා වැඩිදුරටත් දක්වා ඇත්තේ අතීතයේ සිටම රාජ්‍ය පාලකයා හා සෙසු අය අතර ඇතිවූ අරබුද, අසමගිකම් හා ගැටුම් නිරාකරණය වෙනුවෙන් තත්කාලීනව වැඩවිසූ මහා සංඝරත්නය ඉදිරිපත් වූ බවත්, ඒ බව වංශ කතා ආදියෙන්ද සනාථ කර ඇති බවයි. මේ සම්ප්රදාය අනුව යමින් අප රටේ වර්තමානයේ පවත්නා ගැටළු සහගත තත්ත්වය සමනය කර ජාතික සමගිග ඇති කර ගැනීම වෙනුවෙන් මේ ආකාරයෙන් තමන් වහන්සේ ජනාධිපතිවරයා අමතන බවයි.
වෛරයෙන් වෛරය නොසන්සිදෙන බවට වූ බුදුන් වහන්සේගේ දේශනාව අනුව යමින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කළ හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා හා පවතින මතභේද අසමගිකම් නතර කරන ලෙසත්, ත්‍රස්තවාදී යුධ සමයේ භික්ෂූන් වහන්සේ ඝාතනය කරමින් ද, ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය ඇතුළු වෙහෙර විහාර විනාශ කරමින් ද, රට දෙකඩ කිරීම සඳහා දරුණු ලෙස ත්‍රස්තවාදී කටයුතුවල නිරත වෙමින්ද, හමුදාවේ ඇතුළු පොදු සාමාන්‍ය ජනතාවගේ ජීවිත රැසක් බිලිගනිමින් ද ක්‍රියා කළ දරුණූ ත්රස්තවාදීන් ලෙස සැලකූ විනයාගමූර්ති මුරලිදරන් (කරුණා) හා චන්ද්‍රකාන්තන් පිල්ලෙයාන් වැනි අයට රජයට භාර ගෙන මැති ඇමැතිකම් ආදිය පවරා බලවත් සේ ආරක්ෂාව ද සලසා දිය හැකි වූ වා සේ රටේ ඒකීය භාවය හා ස්වෛරීත්වයත්, ජනතාවගේ ජීවිතාරක්ෂාවත් ඇති කිරදීමට ස්වකීය ජීවිත පරදුවට තබා උපන් සේශයට අනුපමේය සේවාවක් ඉටු කළ සරත් ෆොන්සේකා මැතිතුමා ඇතුළු පිරිස ජනාධිපතිවරයාගේ ජනාධිපති බලතල භාවිත කොට හෝ අදාල සියලු චෝදනාවලින් නිදහස් කොට අත්අඩංගුවෙන් මුදවා නිසා ආරක්ෂාවද සලසා දෙන ලෙස ඉල්ලා ඇත.
මහ නායක ස්වාමීන් වහන්සේ ජනපතිට යැවූ ලිපිය

මූ වගේ කාලකන්නියෙක්...