අනිවා ඔන්න පැහැදිලි කිරීම මතක ඇතුව දාන්න ඕන......මගේ ගාවත් තියෙනව විද්‍යාත්මක පැහැදිලි කිරීමක්...මම ඒක දැම්මේ නැත්තෙ කියවන්න කම්මැලි වෙන නිසා...දැන් දාන්නම්
අකුණු ඇතිවන්නේ කෙසේද?
ලෝක ගෝලයේ ඇතිවන අකුණු වලින් වැඩිම ප්‍රමාණයක් වර්ධනය වන්නේ කැටිවැහි වලාවළය. හොඳින් ආරෝපණය වු කැටි වලාකුළක පහළ කොටසේ ඍණ ආරෝපණ (-) හා ඉහළ කොටසේ ධන ආරෝපණ ( +) පවතී. මෙසේ හොඳින් ආරෝපණය වු වලාකුළු අතර ප්‍රේරණය (Induction) නිසා වලාකුලට පහළ පෘථීවිය මතුපිට ධන ආරෝපණ හට ගනී. මෙසේ ආරෝපණ කේන්ද්‍ර අතර වර්ධනය වන විද්‍යුත් ක්ෂේත්‍ර වාතයේ බිඳවැටීම් ක්ෂේත්‍ර දක්වා වර්ධනය වු විට ආරෝපණ කේන්ද්‍ර අතර විද්‍යුත් විසර්ජන හටගනි. පෘථීවියට ආසන්න වායුගෝලයේ බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්රය මීටරයට කිලෝවෝල්ට් 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් වෙයි.
එහෙත් වායුගෝලයේ ඉහළට යනවිට පීඩනයේ අඩු වීම නිසා බිඳවැටිම් විද්‍යුත් ක්ෂේත්රයේ අගය ක්‍රමයෙන් අඩුවේ. වියළි වාතයේදී ට වඩා ජලවාෂ්ප සහිත වාතයේ සන්නායකතාව හෙවත් විදුලිය ගලා යාමේ හැකියාව (Conductivity) වැඩිය.
මේ හේතුව නිසා වලාකුළක් තුළ පවතින බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්රය පෘථීවිය ආසන්න ස්තර වල තිබෙන බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්රයට වඩා අඩුය. මේ නිසා බොහෝ අවස්ථාවලදී පෘථීවිය වෙතට අකුණු ගලා ඒමට පෙර වලාකුළ තුළ විද්‍යුත් විසර්ජන හෙවත් වලා අකුණු ආරම්භ වේ.
අකුණු පහරක අඩංගු ශක්තිය කොපමණද?
පෘථීවි අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර 25000 ක් පමණ වන අතර වෝල්ටීයතාව වෝල්ට් මිලියන 100 ක් පමණ වේ. ඒ අනුව කුලෝම්බ 5 ක පමණ විද්‍යුත් ආරෝපණයක් පෘථීවිය වෙත ගෙන එන අකුණු ධාරාවක් සතු ශක්තිය ජූල් මිලියන 500 ක් පමණ විශාල අගයකි. මෙයින් අකුණු පහරකට කොපමණ විනාශයක් කළ හැකිද යන්න තීරණය කිරීමට පුළුවන.