අකුණු

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචන් අකුණු ඇති වෙන්න වායුගොලයක් තියෙන්න ඕනෙ නේද?
    පෘතුවිය ඇති උන මුල් කාලේ වායුගෝලයක් තිබ්බද නැත්තනම් ඒක පස්සෙ ඇතිඋන එකක්ද?

    මොනව උනත් වටින පෝස්ට් එකක් ඔන්න මාත් රෙපක් දැම්මා

    මගේ දැනුමෙ හැටියටනම් තියෙන්න ඕන මචන්....මොකද මචන්....ඔක්සිජන් අවශ්‍යයි නේ වලකුලු වලට
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනිවා ඔන්න පැහැදිලි කිරීම මතක ඇතුව දාන්න ඕන......මගේ ගාවත් තියෙනව විද්‍යාත්මක පැහැදිලි කිරීමක්...මම ඒක දැම්මේ නැත්තෙ කියවන්න කම්මැලි වෙන නිසා...දැන් දාන්නම්

    අකුණු ඇතිවන්නේ කෙසේද?

    ලෝක ගෝලයේ ඇතිවන අකුණු වලින් වැඩිම ප්‍රමාණයක් වර්ධනය වන්නේ කැටිවැහි වලාවළය. හොඳින් ආරෝපණය වු කැටි වලාකුළක පහළ කොටසේ ඍණ ආරෝපණ (-) හා ඉහළ කොටසේ ධන ආරෝපණ ( +) පවතී. මෙසේ හොඳින් ආරෝපණය වු වලාකුළු අතර ප්‍රේරණය (Induction) නිසා වලාකුලට පහළ පෘථීවිය මතුපිට ධන ආරෝපණ හට ගනී. මෙසේ ආරෝපණ කේන්ද්‍ර අතර වර්ධනය වන විද්‍යුත් ක්ෂේත්‍ර වාතයේ බිඳවැටීම් ක්ෂේත්‍ර දක්වා වර්ධනය වු විට ආරෝපණ කේන්ද්‍ර අතර විද්‍යුත් විසර්ජන හටගනි. පෘථීවියට ආසන්න වායුගෝලයේ බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්‍රය මීටරයට කිලෝවෝල්ට් 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් වෙයි.

    එහෙත් වායුගෝලයේ ඉහළට යනවිට පීඩනයේ අඩු වීම නිසා බිඳවැටිම් විද්‍යුත් ක්ෂේත්‍රයේ අගය ක්‍රමයෙන් අඩුවේ. වියළි වාතයේදී ට වඩා ජලවාෂ්ප සහිත වාතයේ සන්නායකතාව හෙවත් විදුලිය ගලා යාමේ හැකියාව (Conductivity) වැඩිය.

    මේ හේතුව නිසා වලාකුළක් තුළ පවතින බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්‍රය පෘථීවිය ආසන්න ස්තර වල තිබෙන බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්‍රයට වඩා අඩුය. මේ නිසා බොහෝ අවස්ථාවලදී පෘථීවිය වෙතට අකුණු ගලා ඒමට පෙර වලාකුළ තුළ විද්‍යුත් විසර්ජන හෙවත් වලා අකුණු ආරම්භ වේ.

    අකුණු පහරක අඩංගු ශක්තිය කොපමණද?

    පෘථීවි අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර 25000 ක් පමණ වන අතර වෝල්ටීයතාව වෝල්ට් මිලියන 100 ක් පමණ වේ. ඒ අනුව කුලෝම්බ 5 ක පමණ විද්‍යුත් ආරෝපණයක් පෘථීවිය වෙත ගෙන එන අකුණු ධාරාවක් සතු ශක්තිය ජූල් මිලියන 500 ක් පමණ විශාල අගයකි. මෙයින් අකුණු පහරකට කොපමණ විනාශයක් කළ හැකිද යන්න තීරණය කිරීමට පුළුවන.

    එල මචන් මේක දැක්කේ දැන්නේ...නියමයි..:):)
     
    • Like
    Reactions: RuZZa

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    good post bro

    nice maxxa

    valuble thread... :cool::cool:
    thanks bro.. :)

    keep posting..

    +6 :)

    11.gif
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මචන් අකුණු ඇති වෙන්න වායුගොලයක් තියෙන්න ඕනෙ නේද?
    පෘතුවිය ඇති උන මුල් කාලේ වායුගෝලයක් තිබ්බද නැත්තනම් ඒක පස්සෙ ඇතිඋන එකක්ද?

    මොනව උනත් වටින පෝස්ට් එකක් ඔන්න මාත් රෙපක් දැම්මා

    අකුණු ගහන්න වායු ගෝලයක් අවශ්‍යයි සහෝදරයා. අකුණු ගැසීමක් කියන්නේ අධික විද්‍යුත් ධාරාවක් කියලා සරලව කියන්න පුලුවන්. වායු ගෝලය හරහා සාමාන්‍ය තත්ව යටතේ විදුලිය ගමන් නොකලත් අධික විභව අන්තර යටතේ වායුගෝලය හරහා ධාරා ගමන් කිරීමක් ( ඉලෙක්ට්‍රෝන ) සිදුවෙනවා.
    පෘථිවිය මුල් කාලයේ වායුගෝලයක් තිබුණා. ඒකට හේතුව පෘථිවියේ තිබෙන ගුරැත්වාකර්ෂණ බලය නිසා දුහුවිලි අංශු, ජල අණු ( CO2, CH4 ) වැනි දේවල් වැනි පෘථිවි ගෝලය වටා වායුගෝලයක් ලෙස එකතු වෙනවා. ගුරැත්වාකර්ශණකයක් තියෙන ඕනෑම ග්‍රහලෝකයක් වටා වායුගෝලයක් ඇතිවෙනවා.
    හැබැයි අකුණු ගැසීමත් එක්ක වායුගෝලීය සංයුතිය වෙනස් වුනා. ජීවය ඇති වීමටත් ඒක හේතුවක් කියලා විද්‍යාඥයින් සොයාගෙන තියෙනවා....

    • Like
    Reactions: RuZZa

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    එලම කිරි බන් ඔන්න දුන්න මමත් rep එකක්

    අපොයි බන් සොරි

    You must spread some Reputation around before giving it to RuZZa again. :(
     
    :):)
    11.gif
    11.gif