EK Mega Party - Season 04 !!

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
එන්න මදනලේ….. එන්න මදනලේ…..

ශෝක පණිවුඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝ දූතයා කළා
මට කොයින්ද එම වළා ආමි සුළඟෙ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා දෑස ඈගෙ රතු වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
කියන්නකෝ මගෙ දුක ඇගෙ කණට ළං වෙලා
එන්න මදනලේ….. එන්න මදනලේ…..

සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ
ආ….. ආ….. ආ…..
සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ
හංස ගිරා ළිහිණි කොවුල් කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි
කීවොත් මගෙ දුක සදහට ඔබට මා ණයයි

එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට ඇගේ
එන්න මදනලේ….. එන්න මදනලේ…..
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
පාළුව දෙවනත් කර නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇති වෙනවා
උල ලේනෝ... උල ලේනෝ...

හීත හුළං හිරිකඩයි කැලේ අපට උරුමේ
නුඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා පල නෑ
නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ... උල ලේනෝ...

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගියදා මේ හැම දුක නැති වන්නේ
උල ලේනෝ... උල ලේනෝ...
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
කල්ප කාල මං තල වල හිනා වෙවී
කල්ප කාල දුර ආවා වෙනස් නොවී
සෙනේ සිතින් ළඟ ඉඳගෙන කතා වෙවී
පැතූ පැතුම් මල් වරුසා හෙටත් වහී
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හිමි නැති පෙමකට ඉකිබිද හැඩුමට
සිත මගෙ බොළදවෙලා
:(
හුටාස් පටාස් ......... :eek: දැන් මොකෝ කරන්නෙ? :baffled:

ඔන්න ඔහෙ ඇඬිල්ල පැත්තකට දාලා ස්කයිප් එන්න...... අපි ශිංඩුවක් කියමු :)
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
බලිතරු රාවණ ගැමුණු විජයබා නිරිඳුන් ලද ලංකා
පුලතිසි දැමි සිරි රහල් කුමරතුඟු පඬුවන් ලද ලංකා
විදු සක්විති මහ පැරැකුම් කිවිසුරු කිවියන් ලද ලංකා
ඔබ රැකුනොත් ලෝ කුඹුවද අප හට සීත ගඟුල ලංකා
මටත් අහන්න ඕනීඊඊඊඊ :D
 

uocanu

Member
Aug 11, 2006
5,346
106
0
In Lions Land
  • Like
Reactions: Amalka101