සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    ටක් ගානව ටික් ගානව ටිකක් කනව දොර වහනව
    මොකක්ද???
    3.gif
    :lol:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ටක් ගානෙ ටික් ගාන්නෙ මොනවද කියලනම් දන්නෙ නෑ
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ටං ටං ගාන්නා තෝරා එවාපන්
    ටිං ටිං ගාන්නා තෝරා එවාපන්
    මගවැලි පිසින්නා තෝරා එවාපන්
    දෙගම්බඩ රජා තෝරා එවාපන්
     

    rskkelum

    Member
    Oct 22, 2009
    302
    16
    0
    ‍‍‍‍රෙද්ද අස්සෙ කූරු කූරු...
    කුඩය
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ලේනද???

    මෙතන සතුන් 4 දෙනෙක් ගැන කියනවා. ටිං ටිං ගාන්නා කියන්නෙ ලේනට. පිළිතුරු කවියක් තියෙනවා. අහල නැද්ද?
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0

    නැහැනෙ
    no_clue.gif

    ටං ටං ගාන්නා ගෝනා නොවේදෝ
    ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ
    මගවැලි පිසින්නා කුකුළා නොවේදෝ
    දෙගම්බඩ රජා කිඹුලා නොවේදෝ

    පරණ පොත්වල තිබුණු ජනකවියක්. මේවා දැන් අහන්න නෑනෙ.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ටං ටං ගාන්නා ගෝනා නොවේදෝ
    ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ
    මගවැලි පිසින්නා කුකුළා නොවේදෝ
    දෙගම්බඩ රජා කිඹුලා නොවේදෝ

    පරණ පොත්වල තිබුණු ජනකවියක්. මේවා දැන් අහන්න නෑනෙ.
    දෙපා දෙකෙන් දුර ගමනක් බෑ හේමා
    නෙත් දෙකකුත් ඇත නිදිමත නැත හේමා
    කුස තුල බඩගිනි උන්දෑට නැත හේමා
    මෙතුන් පසේ තෝරන්නට බෑ හේමා
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දෙපා දෙකෙන් දුර ගමනක් බෑ හේමා
    නෙත් දෙකකුත් ඇත නිදිමත නැත හේමා
    කුස තුල බඩගිනි උන්දෑට නැත හේමා
    මෙතුන් පසේ තෝරන්නට බෑ හේමා

    වනන්ත‍රේ ගල් උණූවෙනවා හේමා
    ගමේ කම්මලේ මිටියෙන් වැඩ ‍හේමා
    ජල බොර දියෙන් පණ රැකුණා හේමා
    මෙතුන් පදේ ගිරයට කිව්වා හේමා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මේක නම් සමහර විට දාල තියෙන්න ඇති..හැමෝම දන්න එකක්
    මුලින් කකුල් හතරෙන් ගිහිල්ලා පස්සේ කකුළ් දෙකකින් යන සතා කවුද?
    මේකා ඊට පස්සේ කකුළ් තුනෙන් ගිල්ලා අන්තිමට යන්නේ උඩින්ළු
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේක නම් සමහර විට දාල තියෙන්න ඇති..හැමෝම දන්න එකක්
    මුලින් කකුල් හතරෙන් ගිහිල්ලා පස්සේ කකුළ් දෙකකින් යන සතා කවුද?
    මේකා ඊට පස්සේ කකුළ් තුනෙන් ගිල්ලා අන්තිමට යන්නේ උඩින්ළු

    ටිකක් බොන්න ඕන ප්‍රශ්නයක්. ඒත් අද පෝය හින්ද බොන්න විදිහක් නෑ. :P
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
    පා දසයකි අට පයකින් ගමන් යනා
    මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
    මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා

    මේකට උත්තරේ ඕන කවියෙන්ම
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
    පා දසයකි අට පයකින් ගමන් යනා
    මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
    මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා

    මේකට උත්තරේ ඕන කවියෙන්ම

    උත්තරේනම් හොයාගත්තා. කවිය හොයන්න ඕනෙ. :D මේවනම් වෙනම හොයල එකතු කරල තියන්න වටිනවා.