Menna me wage thread thamai udeta danna one.... Udema polotical thread dakkama oluwa kachal wenawa.......Thanks friend
Ape Aya Eka Terum Ganne Ne nay...

ThanX Yahaluwa...
Comment Kelatha..
Menna me wage thread thamai udeta danna one.... Udema polotical thread dakkama oluwa kachal wenawa.......Thanks friend

දෙකම රැක ගැනීම
සැමියා අලුත් ම මෝටර් රථයක් මිලට ගත්තේ ය. රථය රැගෙන වෙළෙඳපළට යෑමට ඔහු ගේ බිරිඳට වූයේ බලවත් ආසාවකි. එහෙත් බිරිඳ අලුත් ම මෝටර් රථය ධාවනය කිරීම පිළිබඳව සැමියා කිසිදු කැමැත්තක් නො දැක්වීය. දිනක් බිරිඳ සුපුරුදු ලෙස ම ඇගේ ඉල්ලීම ඉදිරිපත් කළාය.
බිරිඳ - “අනේ මට අද වත් කාර් එක ඩ්‍රයිව් කරන්න දෙන්න කෝ”
සැමියා - “බෑ... මම සැරයක් කිව්වා නේ”
බිරිඳ - “ඔයාට මාවද ලොකු කාර් එක ද ලොකු?”
සැමියා - “මට කවදත් ලොකු වුණේ ඔයා නේ”
බිරිඳ - “එහෙනං ඇයි මට කාර් එක නො දෙන්නේ?”
සැමියා - “... ඔයාට තියෙන ආදරේ නිසා. බලන්න ඔයා කාර් එක එළවන්න ගිහිං ඇක්සිඩන්ට් එකක් වුණොත් මොකද වෙන්නේ?”
බිරිඳ - ඒක තමයි මම කිව්වේ ඔයාට මට වඩා ලොකු කාර් එකයි කියලා”
සැමියා - “නෑ.. නෑ.. ඇක්සිඩන්ට් එකක් වුණොත් පොලීසිය ඔයාගේ ඩ්‍රයිවින් ලයිෂන් අරගෙන ඒ විස්තර පොලිස් පොතේ ලියා ගන්නවා. ඊට පස්සේ ඒ විස්තරේ පත්තරේටත් වැටෙනවා නේ.
බිරිඳ - “ඉතිං?”
සැමියා - “ඉතිං කියන්නේ.. ඔයාට තේරෙන්නේ නැද්ද.. එතකොට ඔයා ගේ නියම වයස හැමෝම දැන ගන්නවනේ..”
බිරිඳ - “අනේ ඩාලිං ඔයා නං මට ඇත්තටම ආදරේ බව අද හොඳටම දැන ගත්තා”
සැමියා අලුත් ම මෝටර් රථය හා බිරිඳ ගේ ආදරය යන දෙකම රැක ගත්තේ එසේ ය.






ඔය ඇති
පාර අයිනේ නැවතී කතා කරමින් සිටි තරුණ යුවළක් කුලී රථයක් නවත්වා එයට ගොඩ නැඟුණේ ය. තරුණ යුවළගේ් මඟ පෙන්වීමට අනුව ටික දුරක් ඉදිරියට ගිය රථය එක්වරම නැවතුණි.
”මොකද නැවැත්තුවේ?” තරුණිය රියැදුරාගෙන් ඇසුවේය.
”ඇයි නෝනා කිව්වේ, ‘ඔය ඇති, ඔතනින් නවත්තන්න.’ කියලා.” රියැදුරා පිළිතුරු දුන්නේය.
”තමුසෙ යනවා. ඒ කිව්වේ තමුසෙට නෙමෙයි.” තරුණිය, තරුණයා දෙස රවා බලමින් කීවාය.
+ Rep me if You Like This Thread![]()
![]()
![]()
