- විල්පත්තු ජාතික වනෝද්‍යානය -
- විල්පත්තු ජාතික වනෝද්‍යානය -
විල්පත්තුව ජාතික උද්‍යානය 1938 පෙබරවාරි 25 වැනිදා ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එහි වර්ග ප්‍රමාණය හෙක්ටයාර 131667.1ක්. අක්කරවලින් බැලුවොත් අක්කර ලක්ෂ 3කට වැඩියි.
image credit nishan.sl
අපේ රටේ විශාලතම ජාතික වනෝද්‍යානයද මෙයයි. විල්ලු 40ක් ඇති මෙරට එකම ජාතික උද්‍යානය වන මෙහි ශාක විශේෂ 624ක් මෙන්ම සත්ව විශේෂ 370ක් වාර්තා වී තිබෙනවා. මෙරට දිවියන් බහුලම වන උද්‍යානය මෙයයි. ලංකාවේ උසම කුරුල්ලා වන මහ කොකාද ලංකාවේ විශාලතම ජලජ පක්ෂියා වන බහුරු මානාවා ද මෙහිදී දකින්නට පුළුවන්.
විජය රජු මේ රටට පැමිණියේ ද මේ වන උයන හරහායි. විජය - කුවේණි සිටි මාලිගාවල ගල් කණු, පුරාණ විහාරාරාම 65ක පුරාවිද්‍යාත්මක නටඹුන් සමඟ තවත් පුරාවිද්‍යාත්මක ලෙස වැදගත් ස්ථාන රැසක් මෙහි තිබෙනවා.
image credit lakdasun
1985 න් පසුව කොටි ත්‍රස්තවාදීන් නිසා විල්පත්තුව වන උයන බැලීමට යන්න එන්න අපේ ජනතාවටත් පිටරට අයටත් හරියට අවස්ථාව ලැබුණේ නැහැ. 2002 – 2003 දී තරමක් මෙය බැලීමට අවස්ථාව ලැබුණත් 1985 සිට 2007 වකවානුවේදී වනජීවී නිලධාරීන් 40ක් පමණ මේ වනය සුරැකීමට ගොස් කොටි ත්‍රස්තවාදීන් අතින් මරණයට පත්වුණා. එහි මුල්ම ප්‍රහාරය එල්ල වුණේ 1985 දි. එදා මෙහි සිටි සේවකයන් 24 එකට පෙළගස්වා එල්.ටී.ටී.ඊය විසින් මරා දමනු ලැබුවා.
ඒ අනුව 1985 සිට ම දෙස් විදෙස් සංචාරකයන්ට අපේ ලොකුම ජාතික උද්‍යානය බැලීමට හරියට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් මේ සුන්දර වන උයනේ අක්කර ලක්ෂ 3 පුරාම ගොස් එය නැරඹීමට ඔබට දැන් අවස්ථාව ලැබී තිබෙනවා.
image credit lakdasun
image credit mahavilachchiya modelvillage
කොළඹ සිට මීගමුව හලාවත පුත්තලම හරහා අනුරාධපුර මාර්ගයේ පැමිණ විල්පත්තු හන්දියෙන් හැරී කිලෝමීටර් 8ක් ඔබ්බෙන් පිහිටි හුනුවිලගම පිහිටි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පිවිසුම් කාර්යාලයට පැමිණිය හැකිය. කොළඹ සිට දුර කිලෝමීටර් 185කි. මීට අමතරව කොළඹ, වරකාපොළ, කුරුණෑගල, ගල්ගමුව සහ පුත්තලම හරහා ද හුනුවිලගමට පැමිණීමට පුළුවන්.
මේ වන උයන අනුරාධපුර පුත්තලම මන්නාරම යන දිස්ත්‍රික්කවලට මායිම්ව හා වයඹ – උතුරු මුහුදු වෙරළට යාබදව පිහිටා තිබෙනවා.
විල්පත්තුවට ඒ නම ලැබී ඇත්තේ එහි ඇති විල්ලු 40 නිසයි. මේ විල්ලු මේ ජාතික උද්‍යානයට ආවේණික සුවිශේෂ දෙයක්. මෙහි ඇති ප්‍රධාන විල්ලු ගණන 27ක්. වනාන්තරයේ සිටින සතුන් වැඩිපුරම මේ විල්ලු අසල ගැවසෙනවා. විල්ලු අතරින් කාලිවිල්ලුව පුරා විද්‍යාත්මක අතින් වැදගත් එකක්. කුවේණි හා විජය සිටි රජ මාලිගාව පිහිටා තිබී ඇත්තේ මේ විල්ලුව අසලයි. එහි ගල් කුලුනු තවමත් තිබෙනවා. එම මාලිගාවට පිරිසුදු මිරිදිය ලබාගත්තේ මේ විල්ලුවෙන් බව පැවසෙනවා. මේ ස්ථානයට විල්පත්තු ප්‍රධාන වනජීවී කාර්යාලයේ සිට කිලෝමීටර් 40ක් දුරයි. මේ විල්ලුවේ ජලය අදත් ඉතා පිරිසුදු ලෙස පවතිනවා.
මේ විල්ලු එක එක ප්‍රමාණයෙන් තිබෙනවා. සමහර ඒවා අපේ වැව්වලටත් වඩා විශාලයි. විල්පත්තුව වනජීවී අඩවි ආරක්ෂක කේ.බී.දසනායක මහතා පවසන පරිදි විල්ලු අතරින් කොක්කාරිය හා ලුනුවිල කරදිය විල්ලු ඒ අතර ප්‍රධාන වෙනවා. දෙමටවිලේ ඇත්තේ කිවුල් දියයි. මීට අමතරව තවත් ප්‍රධාන මිරිදිය විල්ලු 24ක් ද තිබෙනවා.
image credit Adeesha
image credit Adeesha
මේ සියලු විල්ලුවලින් විශාලතම එක කොක්කාරිය විල්ලුවයි. එය මුහුදු මට්ටමේ සිට අඩි 250ක් ඉහළින් ද මුහුදේ සිට සැතපුම් 10ක් රට ඇතුළතට වන්නට ද පිහිටා තිබෙනවා. මෙහි ජලය වසරේ දින 365 පුරාම පවතින බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
මේ ජාතික උද්‍යානයේ සත්ව හා ශාක පරපුර ද බහුලයි. ජෛව විවිධත්වය ඉහළ මට්ටමක පවතිනවා. මෙහි වියළි කලාපීය කාෂ්ඨක ශාක වැඩියෙන් තිබෙනවා. පලු, වීර, දිවුල්, බුරුත, කොහොඹ, කකුල්කටු හා තම්මැන්න ආදී ගස් මෙහි බහුලව දකින්න පුළුවන්. වනාන්තර කටුපඳුරු සහිත ලඳු කැලෑ, ගංගාධාර වනාන්තර තෘණ භූමි හා කඩොලාන වැනි පරිසර පද්ධති මෙහි වැඩියෙන් දකින්න පුළුවන්. ශාක විශේෂ 624කට අධිකව මෙහි ඇතැයි පර්යේෂණ මඟින් පවසනවා. ඉන් විශේෂ 27ක් අපේ රටට ආවේණිකයි.
image credit cona2133b
විල්ලු සහිත පරිසරය නිසා සත්ත්ව පරපුරට ජලය ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දිවියන් බහුලව මෙහි සිටින අතර මෙරට දිගම හා විශාලතම දිවියන් මෙහි දකින්නට ලැබී ඇති බව උද්‍යානයේ වනජීවී නිලධාරීන් පවසනවා.
image credit Adeesha
අප මුලින් පැවසූ පරිදි ශ්‍රී ලංකාවේ විශාලතම ජලජ පක්ෂියා වන බහුරු මානාවා නම් පක්ෂියා ද ලංකාවේ උසම පක්ෂියා වන අඩි 4 1/2ක් උස මහ කොකාද මෙහි සිටිනවා.
ඊට අමතරව අළු කෑඳැත්තා, වලිකුකුළා, මල් කොට්ටෝරුවා, මුදුන් බෝර දෙමලිච්චා, ඇඹල කොකා, කළපු කිරලා, සුදු දෑතුඩුවා, කළු රාජාලියා, සර්ප රාජාලියා, සිළු රාජාලියා, ලබු ගිරවා, කොළ පරවියා, පොරව කෑඳැත්තා, වැනි ඉතා විරල පක්ෂි විශේෂ ද 86ක් දැකගන්න පුළුවන් බව මේ පිළිබඳව අධ්‍යයන කළ අය පවසනවා.
දෑකැත්තෝ - සේයාරූ - සුදම් ගුණසිංහ
මොනරා - සේයාරූ - සුදම් ගුණසිංහ
බිම්බස්සා දුර්ලභ සත්වයෙකි - සේයාරූ - සුදම් ගුණසිංහ
Green Bee-eater - image credit lakdasun
අලි පරපුර ද මෙහි බහුලය. මේ ජාතික වන උයන විවෘත කිරීමෙන් පසු තබ්බෝව හා ගල්ගමුව ප්‍රදේශවල අලි - මිනිස් ගැටුමට ලක්වී ඇති අලි ඇතුන් මෙම ස්ථානයට ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.
විල්පත්තුව උද්‍යාන පාලන වීරසිංහ මහතා පවසන පරිදි තිත් මුවන්, ගෝනුන්, මීහරකුන් මෙහි වැඩිපුර දකින්නට පුළුවන්. විල්පත්තුව බටහිර මායිමේ මුහුදු තීරුවේ දාර කැස්බෑවන් සහ මුහුදු ඌරන් ද දකින්නට ලැබෙනවා. අලුත්ම පර්යේෂණ අනුව මෙහි සිටින සත්ව විශේෂ ගණන 370ක්.
ඉන් විශේෂ 21ක් අපේ රටට ආවේණිකයි.
මුවෝ - සේයාරූ - සුදම් ගුණසිංහ
image credit lakdasun
image credit lakdasun
image credit lakdasun
image credit mherath
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ වයි.පී.ජී.කරුණාරත්න මහතා පැවැසුවේ පෙරවරු 6 සිට සවස 6 දක්වා විල්පත්තුව ජාතික උද්‍යානය මහජනතාවට විවෘත වී පවතින බවයි. “ඉදිරියේදී ත්‍රස්තවාදී ප්‍රහාර නිසා අබලන් වී ඇති තලවිල, මහවිල, කොක්මොටේ, පැනිකෑවිල යන ස්ථානවල පිහිටි බංගලා ප්‍රතිසංස්කරණය කර ජනතාවට මේ බංගලාවල නැවතීමේ පහසුකම් ලබාදෙනවා. කෙසේ වුවත් මෙහි මහාමාර්ග සියල්ල දැන් ප්‍රතිසංස්කරණය කර ආරක්ෂාව තහවුරු කරලයි තියෙන්නේ. ඉදිරි මාස 2 – 3 තුළදී වන උයන ඇතුළත සියලු පහසුකම් ලබාදීමට කටයුතු කරනවා.’ වයි.පී.ජී.කරුණාරත්න මහතා පැවැසීය.
උපුටා ගැනීම සිළුමිණ