ඔතනින් අදහස් වෙන්නෙ මේ වගේ දෙයක් නේද..
යම් කෙනෙක් චේතනාත්මකව ද්වේශයෙන් යුතුව අලුත උපන් අසරණ දරුවන්ව මළමූත්‍ර ගොඩවල් වල දාලා දැඩි ලෙස එයාලට දැඩි දුක්දෙනවා..එතකොට අකුසල කර්මයක් සිදුකරගන්නවා..
නිරයේ දී යමපල්ලන් විසින් ඒ අකුසලය ඔහුට සිහිකොට දෙනවා..එයට දඩුවම් දෙනවා වගේ අදහසක් තමයි මටනං මේ සූත්‍රයෙන් තේරෙන්නේ
අනිත් දේවදූතයන් ගැනත් මේ ආකාරයෙන් සැලකුවොත් අපිට පුලුවන් නේද නිරයට යන්නෙ මොනා කරපු අයද කියලා යම් අදහසක් ගන්න..
නෑ එළුවො. ඔතනින් අදහස් කරන්නෙ අපට එදිනෙදා ජීවිතයෙදි වැහිලා තිබුණු සත්‍යය වටහා ගැනීමට උපකාරී වුණු අවස්ථා.
නිකම් හිතල බලන්නකො අපේ ජීවිත දිහා. කනව, බොනව, නිදියනව, සිංදු කියනව, නටනව, ට්‍රිප් යනව, විහිළු තහළු කරනව, හරි හම්බ කරනව.... ඔහොමනෙ ගත වෙන්නෙ. වැඩි දෙනෙක් අකුසලෙන් මිදෙන්න ඕනෙ, කුසල් වඩන්න ඕනෙ කියල හිතන්නෙ වයසට ගියාට පස්සෙ. එහෙම නැත්නම්, ඒව අපි කල් දානවා, අනික් වැඩ සේරම ඉවර වුණාට පස්සෙ කරන්න. ඔහොම ගත වෙන අපේ ජීවිතවලට මේක එහෙම කල් දාන්න පුළුවන් දෙයක් නොවෙයි කියන පණිවිඩය ලැබෙන ක්‍රමයක් තියෙන්න ඕනෙ. සමහර අයට කළ්‍යාණමිතුරන් ලැබෙනවා, මේ මගට යොමු කරන. එහෙම නොලැබුණත්, මේ කියන 'දේව දූතයන්' අඩු වැඩි වශයෙන් අපි හැමෝටම දකින්න ලැබෙනවා.
අලුත උපන් දරුවෙක් දැක්කම අපි පුරුදු වෙලා තියෙන්නෙ 'අනේ ස්වීට්' කියන්න විතරනෙ.

ඒ ළමයා ඇත්තටමනම් අසරණ අවස්ථාවක ඉන්නෙ; කවුරුහරි මතක් කරල දුන්නෙ නැත්නම් බඩගින්නෙ මැරෙනවා; මළමූත්‍ර ගොඩේ ඉන්න වෙනවා; තනියෙන් පෙරළෙන්නවත් බෑ. අනතුරකින් බේරෙන්න බෑ. එහෙම වෙලාවට අපි මතක් කර ගන්න ඕනෙ අපිත් මෙහෙම හිටියා; ඉස්සරහටත් එහෙම වෙන ස්වභාවයෙන් අපි මිදිලා නෑ කියන එක. නැවත නැවත උපත ලබමින් යන සසරින් මිදෙන්න උත්සාහ කළ යුතුයි කියන එක; ඉපදුනත් අඩුවෙන් දුක් විඳින තැනක උපදින්නනම් කුසල් කරන්න ඕනෙ කියන එක.
ලෙඩෙක් දැක්කම, වයසක කෙනෙක් දැක්කම, මිණියක් දැක්කමත් එහෙමයි. අපි මේ තත්ත්වයට පත්වන ස්වභාවය ඉක්මවූ අය නෙවෙයි. අපිත් ඒ වගේ අසරණ වෙනවා කවදා හරි; මේ භවයේ නැත්නම් ඊළඟ භවයකදී. ඒ තත්ත්වයෙන් මිදෙන්න, අඩුවෙන් දුක් විඳින්න අපි මොකක්ද කළ යුත්තෙ?
ඔන්න ඔය විදිහට හිතන්න පොළඹවන නිසයි මේ අය දේවදූතයින් විදිහට පෙන්නුවෙ.