අචේල සූත්‍රය

hpalpola

Well-known member
  • අචේල සූත්‍රය කියවලා තියෙනව ද? සංයුක්ත නිකායේ සළායතන වග්ගයෙ තමයි මේ සූත්‍රය තියෙන්නෙ. සමහර වෙලාවට මේ සූත්‍රය අචෙල කාශ්‍යප සූත්‍රය කියලත් හඳුන්වනවා. ධර්මය තුළ අවස්ථා කීපයකදී අචේල කාශ්‍යපලා හම්බවෙනවා. ඒ වෙන වෙන සූත්‍රවල. ඉතින් මේ සූත්‍රයෙ තියෙන විදියට චිත්ත ගෘහපතිත් අචේල කාශ්‍යපත් යහළුවො. මෙයින් අචේලා නිරුවත් පරිබ්‍රාජකයෙක් වෙනවා. චිත්ත ගෘහපති බෞද්ධ උපාසකයෙක් වෙනවා. වරක බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කෙනෙක් ව අනුලමනය කරන්න හිතනවා නම් චිත්ත ගෘහපතිව අනුලමනය කරන්න කියලා. ඉතින් අවුරුදු 30 කට විතර පස්සෙ මේ දෙන්නා හම්බවෙනවා. ඒ හම්බවෙලා කතා කරද්දි චිත්ත ගෘහපති අහනවා අචේලගෙන් දැන් පරිබ්‍රාජකයෙක් වෙලා කොච්චර කාලයක් ද කියලා. අචේල උත්තර දෙනවා අවුරුදු 30 ක් බව. ඊට පස්සෙ අචේලත් චිත්ත ගෘහපතිගෙන් අහනවා උපාසකයෙක් වෙලා කොච්චර කල්ද කියලා. චිත්ත ගෘහපති කියනවා අවුරුදු 30 ක් කියලා. පස්සෙ චිත්ත ගෘහපති අචේලගෙන් අහනවා මේ ගෙවුන අවුරුදු 30 ට මොනවද තමුන් ලබාගත්ත අධ්‍යාත්මික දියුණුව කියලා. අචේල කියනවා අවුරුදු 30 ට මට ලැබුනෙ නිරුවත් කමයි, තට්ටෙයි, වැලි පිහිදන මොනරපිලයි විතරයි කියලා. අචේලත් අහනවා චිත්ත ගෘහපතිගෙන් අවුරුදු 30 ට උපාසකයෙක් වෙලා මොකක් ද ලබපු අධ්‍යාත්මික දියුණුව කියලා. ඒකට චිත්ත ගෘහපති මෙහෙම උත්තර දෙනවා.

    “ස්වාමීනි, කුමක් හෙයින් නැත්තේද? ස්වාමීනි, මම වනාහි යම් විටෙක කැමැත්තේ නම් කාමයෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමි. ස්වාමීනි, මම වනාහි යම් විටෙක කැමැත්තෙම් නම් විතර්ක විචාරයන් සංසිඳීමෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම වනාහි යම්විටෙක කැමැත්තෙම් නම් ප්‍රීතියගේ වෙන්වීමෙන් හටගත් සැපය ඇති තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම වනාහි යම් විටෙක කැමැත්තෙම් නම් සැපයාගේ ප්‍රහාණයෙන් හටගත් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සති දෙදෙනාගේ පිරිසිදුකම ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට පළමුව කාලක්‍රියා කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ යම් සංයෝජනයකින් යුක්තවූ චිත්ත ගෘහපතිතෙම නැවත මේ ලෝකයට එන්නේනම් ඒ සංයෝජනය නැතැයි යම්බඳු මට මෙසේ ප්‍රකාශ කරන්නේ නම් එය පුදුම නොවේයයි” කීයේය.

    ඊට පස්සෙ අචේලක කාශ්‍යප ඒ ගැන පැහැදිලා ඉල්ලලා හිටිනවා මටත් ඒ ශාශනේ මහණ වෙන්න සලස්වලා දෙන්න කියලා. චිත්ත ගෘහපතිත් යාළුවව පන්සලකට එක්ක ගිහින් කැපකරු වෙලා මහණ වෙන්න අවස්ථාව සලසා දෙනවා. අචේල කාශ්‍යප ටික දවසකින් ම රහතන්වහන්සේ නමක් බවට පත් වෙනවා.

    අද අපේ රටේ බෞද්ධයො තමයි බහුතරයක් ඉන්නෙ. ඒ අය එකට එක්කාසු කරලා ඒ අයගෙන් ඇහුවොත් බුද්ධ ධර්මය නිසා මොනවද ලැබිලා තියෙන්නෙ කියලා බහුතරයකට මුකුත් නැහැ. මෙතන ඉන්න පුළුවන් විවිධ වයස්වල අය. වයස කීය වුනත් උත්තරය මීට වඩා වෙනස් වෙන්නෙ නැහැ. ඒක ධර්මයේ වරදක් ද? බුද්ධ ධර්මය සාන්දිට්ඨිකයි, අකාලිකයි. ඒ ධර්මය අනුව හැසිරෙන කෙනාට ප්‍රතිඵල ලබන්න පුළුවන්. හැබැයි ධර්මය අනුව හැසිරෙන කෙනාට විතරයි. නිකමට හිතන්න, දුක්ඛ සත්‍යය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙන දේ අපි එදිනෙදා දකින්නෙ නැද්ද? හැබැයි ඒක අපිට අවබෝධ වෙන්නෙ නැහැ. අපේ හිතවත්තු මැරෙන මැරෙන සැරයක් ගානේ අපි අඬනවා, වැලපෙනවා. කොණ්ඩෙ ඉදෙන්න ඉදෙන්න, මුහුණ රැලි ගැහෙන්න ගැහෙන්න අපි දුක්වෙනවා. ඒ දේවල් ගැන කොයිතරම් අත්දැකීම් තිබුනත් අපිට නැත්තෙ මොකක් ද? අවබෝධය විතරයි. හැබැයි අපිට අවශ්‍යත් මේ අවබෝධයමයි.

    ධම්මචක්කපවත්තන සූත්‍රයේ දී බුදුරජාණන්වහන්සේ දේශනා කලේ ආලෝකය පහල වුනා කියලා. ඒ ආලෝකය බුද්ධ කාලයේ ඉඳන් අද වෙනකනුත් සෑහෙන පිරිසකට පහල වෙලා තියෙනවා. පහල වෙනවා. කලින් කියපු චිත්ත ගෘහපති ඒ වගේ කෙනෙක්. අචේල කාශ්‍යප කියන්නෙත් එයින් එක්කෙනෙක්.

    දවසක අපෙන් අන්‍යාගමිකයකු ඇහුවොත් මොනවද ඔයාට බුද්ධ ධර්මයෙන් ලැබිලා තියෙන්නෙ කියලා සාධාරණ උත්තරයක් දෙන්න බැරි නම් අපි බෞද්ධ ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ස්වාමීනි, කුමක් හෙයින් නැත්තේද? ස්වාමීනි, මම වනාහි යම් විටෙක කැමැත්තේ නම් කාමයෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නෙමි. ස්වාමීනි, මම වනාහි යම් විටෙක කැමැත්තෙම් නම් විතර්ක විචාරයන් සංසිඳීමෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම වනාහි යම්විටෙක කැමැත්තෙම් නම් ප්‍රීතියගේ වෙන්වීමෙන් හටගත් සැපය ඇති තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, මම වනාහි යම් විටෙක කැමැත්තෙම් නම් සැපයාගේ ප්‍රහාණයෙන් හටගත් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සති දෙදෙනාගේ පිරිසිදුකම ඇති චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරමි. ස්වාමීනි, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට පළමුව කාලක්‍රියා කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ යම් සංයෝජනයකින් යුක්තවූ චිත්ත ගෘහපතිතෙම නැවත මේ ලෝකයට එන්නේනම් ඒ සංයෝජනය නැතැයි යම්බඳු මට මෙසේ ප්‍රකාශ කරන්නේ නම් එය පුදුම නොවේයයි” කීයේය.

    මේ කොටස තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
     
    • Like
    Reactions: NRTG and Kalegana

    hpalpola

    Well-known member
  • මේ කොටස තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
    චිත්ත ගෘහපති අනාගාමී ගිහියෙක්. ඒ වගේම ධ්‍යාන ලබා ගෙන තිබුනා, චතුර්ථ ධ්‍යානයට යනකන්. එතුමා මරණයෙන් පස්සෙ බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා එහෙදි පිරිනිවන් පාන උත්තමයෙක්. අචේල කාශ්‍යපට චිත්තගෘහපති විස්තර කරන්නෙ තමුන් දැන ගත්ත ධර්මය තුළින් ලබා ගත්ත දේ. ඒ ඒ ධ්‍යානවල තියෙන ස්වභාවය තමයි කෙටියෙන් මෙතැනදි හඳුන්වලා දෙන්නෙ.

    Ai ban methara amaru sinhalaen sutra liyanne?melo ekekta terenne nane
    යාළුවා මේ එදා භාවිතා වුන භාෂාව. අද අපි ඒ භාෂාවට වඩා වෙනස් භාෂාවක් භාවිතා කරන්නෙ.
    ------ Post added on May 24, 2024 at 3:19 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Ai ban methara amaru sinhalaen sutra liyanne?melo ekekta terenne nane
    ඉස්සර හිටපු පඬිවරු මටනම් හිතෙන්නේ සාමාන්‍ය උන්ට තේරෙන්නේ ලියන්න කැමති උනේ නැහැ. උන්ගේ මොනොපොලි එකක් තියාගන්න. සාමාන්‍ය උන් උගත්තු වෙනවට උන් උදැල්ල දාන්න තමයි ඔහොම අප්‍රභංස ලියන්න ඇත්තේ
     
    • Like
    Reactions: kinkon and Emios