මෙය ඉතාමත්ම ගැඹුරු අරුතක් සරලව ඉදිරිපත් කරන නිර්මාණයක්.
ජීවත් වෙන කල්හි නොමැති ගෞරවය, බුහුමන මැරුණු දා කුමටද? මෙය අප කෙරෙහි අන් අය දක්වන ආකල්පය සඳහා පමණක් නොව අප අන් අය කෙරෙහි දක්වන ආකල්පය සඳහා ද අදාල වේ. අප පුංචි පුංචි දේවල් වලට නෝක්කාඩු වීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත. එහෙත් යම් කෙනෙක් මිය ගිය විට අපට නිරන්තරයෙන් ඒ තැනැත්තා ජීවත්ව සිටියදී අප සමඟ ආදරයෙන් ගතකල අවස්ථා සිහියට එයි. ඒත් ඒ වන විට අප පරක්කු වැඩිය.
"ගුණ ගී වරුසා පැසසුම් ගෝසා රැව් දෙන්නේ මරණින් පස්සේ....
කීවොත් නැවතී මෙතුවක් පැවතී හොඳ මතුවේ මරණින් පස්සේ....."
මොහිදින් බෙග් මහතා ගායනා කළ ඒ ගීතය මට නිතර නිතර ඔබගේ නිර්මාණයේ ඇති අර්ථය සිහි ගන්වනවා. මේ අදහස මට ඉතාම සමීපයි.
ඉතා හොඳ නිර්මාණයක් සහෝ...
Rep +++