►►►♫♥☺memories☺♥♫◄◄◄

හැට වසරක මධුර නාදය සුජාතා අත්තනායක
සුජාතා අත්තනායකගේ සිනමා ගීත රාවයට
වසර 60 ක්‌ පිරීම නිමිත්තෙනි

suja4.jpg
ඇය ගැයූ ගීතයක්‌ අපගේ දෙසවන් පුරා රඳවා ගැනීමෙන් අප ලද ආශ්වාදය මෙතෙක්‌ කල් නොනැසී පවතින්නේ එහි රැඳී තිබූ මිහිරියාව කිසිවිටෙකත් සිඳී නොගිය බැවිනි. ඇයට මුහුණදීමට සිදුවූ කිසියම් වේදනාත්මක සිදුවීමක්‌ මත ගායනා දිවියට සමුදීමට ගත් තීරණය ගීත රසික අප හදවත් තුළ ද වේදනාවක්‌ මතු කළ ද එය අප වෙත කළ මහත් වූ අසාධාරණයක්‌ යෑයි හැඟුණ ද එම ගීතයන් සිහිපත් කරමින් හෝ ඇය සිනමා ගීත ක්‍ෂේත්‍රයට සිදු කළ අමිල මෙහෙවර පිළිබඳව මෙසේ සටහනක්‌ තබන්නේ මෙය ඇගේ ගීතයන් රස විඳි රසික අප කෙරෙන් ඇය වෙත පුද කළ හැකි කෘත ගුණ සැලකීමක්‌ වශයෙනි.

suja1.jpg

පී එල් ඒ සෝමපාල සංගීත වේදියාණන්ට ස්‌වර්ණ
සංඛ සම්මානය ඡේ ආර් ජයවර්ධන ජනපතිතුමා
අතින් පිරිනැමුණු දා පණ්‌ඩිත් අමරදේවයන් සමග
සුජාතා.....

suja2.jpg

ගාමිණී - සන්ධ්‍යා
suja3.jpg

පරසතු මල් ගාමිණී - අනුලා​
suja5.jpg

1950 ඔක්‌තෝබර් මස 05 දින සිසිර කුමාර මානික්‌කආරච්චිගේ පද රචනයට හා ඒ. ඡේ. කරීම්ගේ සංගීත රචනයට ගුවන් විදුලියට ගැයූ "මල් සේ දිලේවා" ගීතයෙන් ඇයගේ ගීත චාරිකාව ඇරඹෙද්දී වඩාත් හොඳින් එම ගීත රාවය අප සවන් පුරා රැඳුනේ 1954 දී තැටිගත කරන ලද චන්ද්‍රසේන වීරසේකරයන්ගේ පද රචනයට ගැයූ "සාධු දන්තදා වඳිම් සාන්ත සාර ශ්‍රී විශාලා" ගීතයෙනි. අදටත් ආධුනික ගායනා තරගවලදී ආධුනික ගායිකාවන් එයට මුල් තැනක්‌ දීමෙන්ම එහි ජනප්‍රියතාවය වටහා ගත හැක.

1958 මාර්තු මස 15 දින තිරගත වූ සොහොයුරෝ චිත්‍රපටයට ඩබ්. බෙනඩික්‌ ප්‍රනාන්දුගේ පද රචනයට හා ආර්. මුත්තුසාමිගේ සංගීත රචනයට ගැයූ "සුරතල් මගෙ මුව පැටියා" සිංහල සිනමා ගී කෙත සරු කිරීම සඳහා ඇය තැබූ මුල් පියවර විය. එතැන් සිට මේ දක්‌වා තිරගත වූ චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට (අද ඇය ගායනයෙන් සමුගෙන සිටියද) ඇය ගැයූ ගීතයන් පිළිබඳව මෙසේ නැවතත් මතකය අවදි කරවන්නේ තවත් වසර ගණනක්‌ පුරාවට ඇයගේ මෙම ගීත මුමුණන්නට සැදී පැහැදී සිටින රසික රසිකාවියන්ගේ හිත සුව පිණිසමය. එම ගීතයන් සඳහා රංගනයෙන් දායක වූ නිළියන් පිළිබඳව ද ඒ සමඟම සටහන් කර තබනුයේ වඩාත් පැහැදිලිව එම ගීතයන් හා රංගනයන් අතීත චිත්‍රපට රසකාමීන්ගේ මනස්‌ තිරය මත ප්‍රදර්ශනය වේවා යන පැතුමන් සමගිනි.
 
  • Like
Reactions: nwnbs
කුමාරි මානෙල් - ගංතෙරයි කැළෑ හඳපානයි, පෙම් මල් කැකුළ වටා - වනමල

පද්මිණී දහනායක - ගෙදරට සිරියාවයි හිනැහෙන පොඩි දරුවා - දරුවා කාගේද?

පුන්‍යා හීන්දෙනිය - ඔරු පැද පැද කිරි මුහුදේ - සිකුරු තරුව

ක්‌ලැරිස්‌ ද සිල්වා - ආදරයෙන් හදවත් බැඳිලා - පාඩම් කළා ඉතිං ඉවරයි- කළ කළ දේ පල පල දේ- පියා සලන ඉගිල්ලී, සාගර රැජිනට ආදරෙයි කියා - සුවබර සුන්දර දෙපසෙ - සැතපෙන කල විඳ නිsදි සුවේ, පායන ඉර වාගේ- කොකා හොදි බීවද තැටියෙ ගෙනා, අල්ලපු ගෙදර - පුතා සුදු පුතා, අටවැනි පුදුමය- හිම අරණේ තුරු සෙවනේ, රණගිරෙන් එන සුළං - ආත්මපූජා.

නාලනී අබේපාල - නෑනේ යන්නද ඔයාදාලා මං -කල කල දේ පල පලදේ,

සන්ධ්‍යා කුමාරි - මාළිගාවේ මා රැජිණි - ධීවරයෝ, නිල්වලා පෙන්නේ - සිතක මහිම, හිතන්න දන්න හිතේ - යටගිය දවස, මගෙ හර්දේ ගිනි ඇවිලේ - මල්සරාට ප්‍රේම ලෝකෙ- ඔබ පානා ඔය බැල්මේ, චන්ද්‍රd මේ රෑ පායා ආවා- සත පනහ නිරතුරුවම පහළට ගලනා- ජීවන විල මැද වැජඹුන කැකුළකි - මහ රෑ හමුවූ ස්‌ත්‍රිය - දුර දිග නොබලම යනවා, තරුණ නෙත් ජයමංගලේ- ඇතුල්a වීම තහනම්- හොඳින් කියන්නම් පලයං අහා දෙලොවකි දෙනෙත ඔබේ - ඔංචිල්ලා තොටිලි කොහෙන්දෝ - සූර චෞරයා - ගංගා සයුරු නැඟී "ඇමැතිකම - ප්‍රේමේ දෑසේ - හංසරාණි ආදරේ, හැංගි හොරා - වසන්තේ ජිවන මල් උයනේ, සිංගප්පූරු චාලි - හර්දේ රස මාළිගේ- සකුන්තලා.

රීටා රත්නායක - පායන පුන්සඳ නීලා කාසේ- මධුර යාමේ සුහද යාමේ - සිතක මහිම

හිලරින් ස්‌ටවුටර් - වනමලට ආසාවේ වන බඹරා ආවාසේ - හිතට හිත.

විජිත මල්ලිකා -ආවා පෙම්වතා යන්නේ, ස්‌වීප් ටිකට්‌, පුළුවන්ද පුළුවන්ද - ළඳක මහිම- ආදරේ කරලා වෙනවා පරාදේ, ළඳක මහිම - සැඟවෙන සෙවනැල්ල - පෙම් කූඩුවෙ ඉඳලා ඇවිල්ලා - කපටිකම - නැන්දගෙ තුරුල්ලේ හඬ හඬා වැලපීලා - සුදු දුව - අසමඟිකම් නවතී - සිඟිති සුරතල් - කොහේදෝ කොහේදෝ ඈත ජන්මේ - සුළි සුළං.

ප්ලොරිඩා ජයලත් - දෙතොල රස - සිනහ රැලි නැංවී ආවානේ - ස්‌වීප් ටිකට්‌, ආනන්ද මේ රෑ හරි හැඩයිනේ - සුදු දුව.

මානෙල් පෙරේරා - සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා, වීණාවේ සත්සර රාවේ - සැකය.

ශ්‍රීමා අබේරත්න - සුපුන් සඳක්‌ නැඟීලා, රන් තරු පුන්සඳ ගිලුනාදෝ - සිහින හතක්‌.

සුනිලා ජයන්ති - පිරුණා හඳ සන්තානේ - සීගිරි කාශ්‍යප.

ජීවරාණි කුරුකුලසූරිය - ගී ගයන එකතුවෙලා - කපටිකම - විවාහ වී තරුණ බිරිඳ පතා එනසුවේ - හතර කේන්දරේ, ආදරේ මන්දිරේ සඳලු තලඑළිවෙලා, ඔක්‌කොම හරි, කොහෙද විද්දේ කොහෙද වැදුනේ- සුවඳ කැකුළු වැනි රන් දෙරණේa - සිඟිති සුරතල් , ගලනා සුන්බුන් පාවෙන පරඬැල් - බඩුත් එක්‌ක හොරු,නිල් නිල් පාරු තොටිල්ලේ - ගොපලු හඬ.

අනුලා කරුණාතිලක - පරවුණු මල්වල සුවඳ අතීතේ - සරසවි සම්මාන උළෙල 1967- හොඳම ගායිකාව පරසතු මල් - මහා චණ්‌ඩ සුළඟක මැදිවී- ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා.

දරු දුක- ජෙනී විනිsප්‍රීඩා - කිකිණි දැල් ගිගිරි වැල්

සරු බිම - ලීනාද සිල්වා, හද මල් පඳුරේ, සාගරෙ සිහිලැල් පාවෙන නලවැල් - රන්රස.

සිරිමතී රසාදරී - ගමන දුරයි කිරියෝ - හැංගිහොරා

සෝනියා දිසානායක - මුතුමාල පටසේල රන්තෝඩු ලා -කොහොමද වැඩේ? - රන්තරු සේ, පුන්සඳ සේ- කවුදෝ මෙ ආවෙ කොයිබින්දෝ - තුෂාරා

ජානකී කුරුකුලසූරිය - නුරා ලඳුන් සුරා බඳුන් වාගේ - බඩුත් එක්‌ක හොරු - පැන පැන එන සඳේ, මසිත විල්ගල චංචල වේ. දකින දසුනේ දෙනෙත රැඳුනේ - ගීතා.

එඩ්නා සුගතපාල - ඔබේ මව් බිම සිංහලයි - සූරයන්ගෙත් සූරයා, ස්‌වර්ණා කහවිට - මල් මල් වන මල් මැද පිපි - බිනරමලී.

මාලනී පොන්සේකා -ආදරේ සිහිනයකි කීවේ එදා - චුටි දූ මාගේ සෙනේ - ප්‍රවේසම්වන්න, අකල්වැස්‌ස තුරල්වෙලා -මේ සිත සුවදෙන රැයේ - දැන් මතකද? ගන අන්ධකාරයෙන් වෙලී, මේ දෑස කුමටද? මීදුම් වලාවන් ගලාලා - ගංගා ආදර ලොවේ ආසිරි සැලේ, සීතල රටේ මීදුම වැටේ , සකුන්තලා - ආදර පූජාසනේ - දෙවියනේ ඔබ කොහෙද?- මාගේ ජීවිතේ මාගේ ආදරේ - කෝකිලා.

කාන්ති ලංකා - ඈත වනපෙත සරසාලා- සුජීවා.

ශිරාණි කුරුකුලසූරිය - සූකිරි කන්දක්‌ මුදුනේ ප්‍රාර්ථනා මල් වැහැලා - හත්දින්නත් තරු

හෙලන් කුමාරි- හද සන්තානේ නැඟී සන්තෝසේ - සුනේත්‍රා

සුමනා අමරසිංහ - පායයි මේ රෑ සඳවතී- සුනේත්‍රා - අලංකාර රාත්‍රී යාමේ - ඔබයි මමයි.

ශ්‍රියානි අමරසේන - පුතුනේ මේ අහගන්න -1976 සරසවිය , ජනතා - ප්‍රියතම කලාකරුවන් තේරීමේ තරගය - 1974 වසර සඳහා- හොඳම ගායිකාව - කල්‍යාණි ගංගා- හද සල් ගසේ එතෙනා - රත්තරන් අම්මා.

නීටා ප්‍රනාන්දු - බොඳ මීදූම් කඳු රැල්ලේ - දුහුලු මලක්‌.

ජෙනීටා සමරවීර - ආශා රැළී - සිතුදේ පැතු දේ ඉටු වී යයි - යකඩයා

ශ්‍යාමා ආනන්ද - අරුමෙකී උපන්නේ ලොවේ - චණ්‌ඩි ශ්‍යාමා.

ගීතා කුමාරසිංහ - සොඳුරු ලොවට මල් වැහැලා - අපේක්‍ෂා

වීණා ජයකොඩි - මාගේ මතකේ ඔබේ රුව ඇඳේ, මිනිසුන් අතර මිනිසෙක්‌ - සුදෝ මං ආදරෙයි - මයුරිගෙ කතාව.

ප්‍රධාන චරිතයන් නොවන, සමූහ හා වෙනත් ගීතයන්a කිහිපයක්‌ද මෙසේ මතකයට නැඟෙයි.

ස්‌ත්‍රියට හද දෙවොලකි - සැමියා බිරිඳගේ දෙවියාය, චන්දන කස්‌තුරි ගාලා - සුජාගේ රහස, බන්දා ජය කෙහෙළී මන නන්දා - මුද්‍රd නාට්‍ය - සාරවිට. සුපෙම් සිනා මවනා - සොඳුරු යුවළ, සක්‌වල ලෝකයක්‌ වෙලා - සිහින හතක්‌, දම් සුගන්දේ මල් සුගන්දේ - කිංකිණි පාද, කෙල්ලො නැත්නම් විනෝදේ කොහෙන්දෝ- සුදු දුව, ඉරවරි වරි සඳ වරි වරි වරෙල්ලා -සරු බිම, ගාමිණි මෑණී සෝමාදේවී - ඉපදුනේ ඇයි හා මුහුදු වෙරළ දිගේ - පිණිබිඳු මලක්‌ වුණොත් මල පිපෙන්න -ඔබ නැති නම්.

අපගේ මතකයෙන් ඉවත් නොවන ඇය ගැයූ මෙම ගීතයන් සඳහා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, කරුණාරත්න අබේසේකර - චිත්‍රානන්ද අබේසේකර, ඒ. ඡේ. ද සොයිසා- විල්ප්‍රඩ් සිල්වා - මහගමසේකර, බී. ටී. මෙන්දිස්‌, හර්බට්‌ එම්. සෙනෙවිරත්න, සිරිල් ඒ සීලවිමල- කරුණාසේන ජයලත් -නිහාල් ඒ. ජයසිංහ, ජෝර්ඡ් ලෙස්‌ලි රණසිංහ, ධර්මසිරි ගමගේ, මුදලිනායක සෝමරත්න, අජන්තා රණසිංහ ලීලානන්ද ආර්. ගුණවර්ධන, ගාමිණී ෆොන්සේකා ගීත රචනයෙන්ද ආර්. මුත්තුසාමි, ඩබ්. ඩී. අමරදේව, එම්. කේ. රොක්‌සාමි, මොහොමඩ් සාලි, ටී. ආර්. පාපා, සිසිර සේනාරත්න, පී. එල්. ඒ. සෝමපාල, තිලක්‌ කරුණාතිලක, ෂෙල්ටන් ප්‍රේමරත්න, ලයනල් අල්ගම, නාරද දිසාසේකර, ෂෙල්ටන් පෙරේරා, පී. වී, නන්දසිරි, සෝමදාස ඇල්විටිගල, ගලගෙදර එම්. එම්. ඒ හක්‌. ටී. එෆ්. ලතීෆ්, ප්‍රේමලාල් දන්වත්ත, සුමේධ හේවාවිතාරණ, සරත් දසනායක, ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන, ඒ. ඡේ. දොඩංවල සංගීතයෙන්ද එච්. ආර්. ජෝතිපාල, මොහිදින් බෙග්, ඩබ්. ඩී. අමරදේව, ආර්. මුත්තුසාමි, මිල්ටන් පෙරේරා, හරූන් ලන්ත්‍රා, නාරද දිසාසේකර, ෂෙල්ටන් පෙරේරා, ටෝනි හසන්. අබේවර්ධන බාලසූරිය, වික්‌ටර් රත්නායක, ලතා වල්පොල, ජී. එස්‌. බී. රාණි පෙරේරා, මල්ලිකා කහවිට යන ගායික ගායිකාවන් සහාය ගායනයෙන් මෙම ගී පොකුර සරසා ඇත.

සිංහල සිනමාවේ පළමු සංගීත අධ්‍යක්‍ෂවරිය වශයෙන් වාර්තා තැබූ ඇය ගැයූ ගුවන් විදුලි ගීත රාශියද කිසිදිනෙක අපගේ මතකයෙන් ගිලිහී නොයනු ඇත.

සුජාතා ඔබ ගීතගායනයෙන් සමුගෙන ඇති බැවින් ඉදිරියේදී ඔබගේ නැවුම් ගීත අපට අසන්නට නොලැබුණ ද ඔබ ගැයූ මෙම ගීත රාශිය මතු මතුත් අප දෙසවන් සනහාලමින් තවත් බොහෝ කාලයක්‌ පුරාවට අපගේ මතකයේ රැඳී පවතිනවාට සැක නැත.
http://www.divaina.com/2010/02/19/kala.jpg
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේකත් වෙසක් කාලෙ වෙච්ච දෙයක්..

වෙසක් එකට එක්තරා පාසලක එක්තරා සංවිධානයකින් වෙසක් කූඩු තරගයක් පැවැත්වූවා..තරගයට කලින් ඒ ගැන පණිවිඩය ඉස්කෝලෙ ළමයින්ට දෙන්න වුනා..ඒක කලේ ela_eluwa120 ඇතුලු තව දෙන්නෙක්..
ඉතිං හය වසරේ පන්තියකට ගිහින් ඒ පණිවිඩය දෙනකොට අවශ්‍ය වුනා නිර්මාණශීලිව තමන්ගේ කූඩු ඉදිරිපත් කරන්න කියලා දන්වන්න..(හැමදාම හදන අටපට්ටම නැතිව)

ඉතිං එදා අපේ ela_eluwa120 මේ කාර්යය භාරගත්තා..එයා මෙන්න මෙහෙම කීවා..
"මල්ලි මේ ඔයාලා කූඩු හදන කොට ටිකක් නිර්මාණශීලි ව හදන්න..දන්නවානෙ පැටව් දාලා හදන්න.."

කිව්වා විතරයි හැමෝම හිනාවෙන්න ගත්තා..පස්සෙ තමයි වැඩේ තේරුනේ..ඉතිං..ශේප් එකේ ලිස්සලා ගියා තවත් බයිට් වෙන්නෙ නැතිව..:P:P
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේකත් වෙසක් කාලෙ වෙච්ච දෙයක්..

    වෙසක් එකට එක්තරා පාසලක එක්තරා සංවිධානයකින් වෙසක් කූඩු තරගයක් පැවැත්වූවා..තරගයට කලින් ඒ ගැන පණිවිඩය ඉස්කෝලෙ ළමයින්ට දෙන්න වුනා..ඒක කලේ ela_eluwa120 ඇතුලු තව දෙන්නෙක්..
    ඉතිං හය වසරේ පන්තියකට ගිහින් ඒ පණිවිඩය දෙනකොට අවශ්‍ය වුනා නිර්මාණශීලිව තමන්ගේ කූඩු ඉදිරිපත් කරන්න කියලා දන්වන්න..(හැමදාම හදන අටපට්ටම නැතිව)

    ඉතිං එදා අපේ ela_eluwa120 මේ කාර්යය භාරගත්තා..එයා මෙන්න මෙහෙම කීවා..
    "මල්ලි මේ ඔයාලා කූඩු හදන කොට ටිකක් නිර්මාණශීලි ව හදන්න..දන්නවානෙ පැටව් දාලා හදන්න.."

    කිව්වා විතරයි හැමෝම හිනාවෙන්න ගත්තා..පස්සෙ තමයි වැඩේ තේරුනේ..ඉතිං..ශේප් එකේ ලිස්සලා ගියා තවත් බයිට් වෙන්නෙ නැතිව..:P:P

    :lol::lol:;);)