මේකත් වෙසක් කාලෙ වෙච්ච දෙයක්..
වෙසක් එකට එක්තරා පාසලක එක්තරා සංවිධානයකින් වෙසක් කූඩු තරගයක් පැවැත්වූවා..තරගයට කලින් ඒ ගැන පණිවිඩය ඉස්කෝලෙ ළමයින්ට දෙන්න වුනා..ඒක කලේ ela_eluwa120 ඇතුලු තව දෙන්නෙක්..
ඉතිං හය වසරේ පන්තියකට ගිහින් ඒ පණිවිඩය දෙනකොට අවශ්‍ය වුනා නිර්මාණශීලිව තමන්ගේ කූඩු ඉදිරිපත් කරන්න කියලා දන්වන්න..(හැමදාම හදන අටපට්ටම නැතිව)
ඉතිං එදා අපේ ela_eluwa120 මේ කාර්යය භාරගත්තා..එයා මෙන්න මෙහෙම කීවා..
"මල්ලි මේ ඔයාලා කූඩු හදන කොට ටිකක් නිර්මාණශීලි ව හදන්න..දන්නවානෙ පැටව් දාලා හදන්න.."
කිව්වා විතරයි හැමෝම හිනාවෙන්න ගත්තා..පස්සෙ තමයි වැඩේ තේරුනේ..ඉතිං..ශේප් එකේ ලිස්සලා ගියා තවත් බයිට් වෙන්නෙ නැතිව..
