බුදු දහම රැකගන්න සටන් කිරීම වරදක්ද?
අවිහිoසාවෙන් ලෝකය දිහා බලන්න බුදුහාමුදුරුවො අපිට උගන්වපු එක ඇත්ත. නමුත් බුදු දහමට තර්ජනයක් එල්ල උන හැම විටම හෙළයේ අපේ මුතුන් මිත්තො එය රැකගන්න සටන් කලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා...
එකක් තමයි මේ ලන්කාව කියන්නෙ බුදුන්ට පූජ කරපු බුදුන්ගේ දේශය. බුදු දහම රැකගන්න බුදුන්වහන්සේ භාර දෙන්නෙ ලක්වැසියන්ට. ඒ වගේම ඔය සමහරු හිතන් ඉන්නවා වගේ බුදු දහම ඉබේ රැකෙන්නෙ නෑ. අපි රැකගන්න ඕනෙ. දුටුගැමුණු, වළගම්බා වගේ රජවරු පමණක් නෙමේ, මෑත ඉතිහාසයේ වෙල්ලස්සෙ කැරැල්ලට මුල් වුණ හැබෑ හේතුවත් කාටවත් අමතක නැතුව ඇති කියලා මම හිතනවා.
ඒ දේවල් එහෙම නම්, අපේ සිoහල බෞද්ධයා මෙසේ සoවිධානය වීම යුගයේ අවශ්‍යතාවයක් හැටියටයි මම දකින්නෙ