Questions and Answers About Buddhism

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:)


:baffled:


:dull:

සිත යනු කුමක් ද?

මේ පැහැදිලි කිරීම ඇසුරෙන් තේරෙන දෙයක් තමයි සිත කියන දේ නිත්‍ය දෙයක් නොවේ අනිත්‍ය දෙයක් කියලා..ඒ කියන්නේ සලායතන වල ස්පර්ශය හේතුකොට ගෙන හටගන්නා දෙයක් බව. මෙතනදී සලායතන වල ස්පර්ශය විතරක් මදි, සක්කාය දිට්ඨිය නිසා ඇතිවන ස්පර්ශ උපාදානයත් සිතක් ඇතිවීමට බලපානවා. උපාදානයෙන් තොරව සිටීනම් ස්පර්ශ මාත්‍රයක් පමණයි හටගන්නේ.. සිතක හටගැනීමක් නෑ..එතකොට සිතෙන් නිදහස්..භවයෙනුත් නිදහස්..එහෙම නේද..:)
 
Last edited:

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අයියණ්ඩිගේ පෝස්ට් එකට මම +rep එකක් දුන්නා..දැන් user control panel එකේ ඒ බව සදහන් වෙනවා ඇහෙන් දැක්කම (ඇසේ ස්පර්ශය ඇතිවුනාම) අයියණ්ඩිට මානසික සැපයක්, සොම්නසක්, ආශ්වාදයක් ඇතිවේවි, එතකොට ඒක ආශ්‍රය කරගෙන සිතක් පහල වේවි. ඒ ඇතිවන සිත මනසේ ස්පර්ශය ඇතිවෙලා තව සිතක් පහල වේවි.......ඔය ආකාරයට තනිව (ඒකචරං) දුර ගමනක් (දුරංගමං) යන්න පුලුවන් :shocked: නමුත් ඇත්තටම බැලුවොත් මේ ඇතිවන සිත් දාමයෙන් මොන සිතද අයියණ්ඩිගේ සිත?????? කිසි එකක් නෙමේ (අනාත්ම)

ඔක්කොම හේතුන්ගෙන් හටගන්නා ඵලයන් විනා අන්තිමට මගේ කියලා ගන්න කිසි දෙයක් නෑ...
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
දුරංගමං-ඒකචරං ගාථාවේ එන "ගුහාසයං" පදයට සමහරු "හදවත නැමති ගුහාව ආශ්‍රය කරගෙන සිත පවතිනවා" කියලා වරදි ලෙස අර්ථ දක්වනවා. නමුත් සිත ඇතිවන්නේ කුමන ස්ථාන 18ක් ඇසුරෙන්ද කියලා අයියණ්ඩිගේ පෝස්ට් එකේ කියලා තියනවා. එනම්, ඒ ඒ ආයතනයන්ගේ ඇතිවන ස්පර්ශයන් හෙවත් ශරීරය ඇසුරු කරගෙන බව.:yes:
 

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
ඇත්තටම මෙන්න මෙහෙමයි...සිතේ හැසිරීම ගැන බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.
"දූරං ගමං" කියල බුදු රජාණන් වහන්සේ සිත හදුන්වා දී තිබෙනවා. ඒ කියන්නේ...මේ සිතට දුර
ගමන් තිබෙනවා කියන එකයි. ඒ දුර ගමන් පිටත් වන්නේ මේ දේශනාවේ තියෙන අවකාශ 18
හරහා ය.

අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරමු.

ඔන්න ඔබ පා‍ර අයිනේ බස් නැවතුම් පළක නැවතිලා ඉන්නවා. හදිසියේ ම ඔබ නොයන පාරක යන
බස් එකක් ඇවිල්ල එතන නවත්තනවා. මේ බස් එකේ...ඔබට හිතාගන්නවත් බැරි තරමින් ලස්සන
රූමත් තරුණියක් ජනේලය අයිනේ ආසයේ ම ඉදගෙන සිටිනවා. ඔබ ඇයව දකිනවා. මේ වෙනකං
ඔබ කුමක් හිත හිත හිටියත්...මෙතැන් සිට ඔබේ සිතට කුමක් සිදු වේද..?

දැන් අර දේශනාව මතක් කරගන්න....

"(01) ඇසින් රූපයක් දැක්කට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ රූපයේ සිත හැසිරෙනවා."

බලන්න...දැන් ඔබේ ඇස රූපයක් දකිනවා. ඒ රූපය ඔබේ මනස තුළ සැපය ඇතිකරවන රූපයක්.
ඉතින් දැන් මීට කලින් ඔබේ සිත කොහේ තිබුණත් දැන් ඒ සිත හැසිරෙන්න ගන්නේ ඒ රූපයේ නේද?

ඒ වෙලාවෙ සිත ඒ රූපයේ තමයි හැසිරෙන්නේ..."ශා....හ්...! මාර ලස්සන කෙල්ලෙක්නෙ. කියල
වැඩක් නෑ. මොකදද දන්නෙ ‍නෑ නම? සිරා ඇස් දෙක..! මූණ හරියට හින්දි නිළියෙකුගෙ වගේ...!
හිනා වෙද්දි මාර ලස්සනයි. ගෙවල් කොහෙද දන්නෙ නෑ. කොල්ලෙක් ඉන්නවද දන්නෙ නෑ"
මෙහෙම හිතෙනව නේද? බලන්න දැන් සතුට ඇතිවන රූපය ඔස්සේ හිත හැසිරෙන්නට පටන් ගත්තා.
දැන් සිත ටිකක් දුර ගියා.

දැන් බැරි වෙලාවත් ඒ කෙල්ල ඔබ දෙස බැලුවොත්. "පිස්සු හැදෙයි...මෙන්න මෙයා මං දිහා බැලුවා."
"මාර ලස්සන ඇස් දෙක" "බලං ඉන්නත් ලැජ්ජයි...අහක බලන්නත් ලොභයි" දැන් කලින්ට වඩා
හිත දුර ගියා නේද? දැන් මේ අස්සෙ මේ ලස්සන ගෑණු ළමය හිනා වුනොත් මොනවයින් මොනව
වෙයි ද? දැන් ගමන්ගෙ ගමන යන්න පරක්කු වෙලා බස් එක එනකං හිටියේ. ඒ ගැනයි හිත හිත
හිටියේ..!

"මල කෙළියයි..! හිනාවුනා නේද..!" "මොන ක්ලාස්ද කොල්ලෝ...නැගපං බස් එකට. ගිහිං තනියම
හරි පොඩ්ඩක් පස්සෙන් පළ" දැන් මොනව වෙයි ද...! දැන් අර තමන් කලින් හිත හිත හිටි
පරක්කුවත් අමතකයි දැන් සිත ගියේ අර සතුට ඇතිවුණ රූපය ඔස්සේ..!
මතකනෙ, අපි කතාවටත් කියන්නේ...හිත ගියතැන මාළිගාව කියලා..:)

ඔන්න බස් එක ගියා...නැගගන්න බැරිවුනා. දැන් මොකද වෙන්නේ..! හිතේ දුකක් ඇති වෙනවා.
ඒ කෙනාව ආයෙ කවද දකින්නද කියල මානසික දුකක් ඇති වෙනවා.

දැන් පාඩම් කරන්නත් බෑ. ඒ රූපය සිහි වෙනවා. කන්නත් බෑ. ඒ හිනාව සිහි වෙනවා. ඊ ළගට
නිදා ගන්නත් බෑ. ඒ මුහුණ මතක් වෙනවා. හීනෙනුත් පේනවා. පැය ගණන් කල්පනා කරනවා.
දැන් ඔන්න මනසත් එක්කයි යුද්ධෙ. දැන් මනසට එයා ගැන සතු‍ට ඇති වෙන සිතිවිල්ලක්
ඇති වුනොත් ඒ ඔස්සේ හිත හැසිරෙන්න පටන් ගන්නවා.

"(16)මනසින් යම් සිතිවිල්ලක් සිතුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා."

ඉතින් මොකද වෙන්නේ...පැය ගණන් මනෝ පාර. :eek:

දැන් දවසට කිලෝමිටර් ගාණක් හිත දුවනවා. හනිමුන් වලට පැරිස් යාවි. බබාට බේත් ගන්න
සිංගප්පුරු යාවි. නෑයො බලන්න ජීප් එකෙන් යාවි. අවුරුද්දකට සැරයක් මාළිගාවට යාවි.
බලන්න සිහින මන්දිර බදිමින් සිත දුවන දිවිල්ල...!

මේ වගේම තමයි අනිත් ආකාර දා හත ඔස්සේත් හිත හැසිරෙන්නේ...! ඉතින් ඒව ගැන
උදාහරණ කල්පනා කරන්න මේ ඇසෙන් දකින රූපය ඔස්සේ සතුටක් ඇතිවෙන අවස්ථාව
ගැන වදාළ ධර්ම පාඨයට මම දුන්න උදාහරණෙත් භා‍විතා කරන්න පුලුවන්නෙ..:nerd:
හිතල බලන්න. අනිත් තැන් වලටත් හොද උදාහරණ මතක් වෙනව නං ලස්සනට ගලපලා
මෙහි දාන්න. අපි හැමෝම ධර්මය කියවලා සතුටු වෙන්න කැමතියි.

ඔන්න "දූරං ගමං" කියන එක දැන් පැහැදිලි ඇති නේද :) "ඒක චරං" කියන්නේ..
තනිව හැසිරෙනවා කියන එකයි. බලන්න...:nerd: මේ හැම තැනම සිත යන්නෙ තනියම නෙ.
දෙන්නව පැරිස් එක්ක ගියෙත් ඔබේ සිතයි. ඒ වෙලාවෙ අනිත් කෙනා මොනව හිතුවත් ඔබේ සිත
හැසිරෙන්නෙ තනිව යි. එ‍කිනෙකාගෙ සිත් වෙනස්. ඒ සිත් දෙක එකක් කියල හිතුවත් ඇත්තටම
දෙකක්. තනි තනිවයි හැසිරෙන්නේ.

හිතේ ස්වභාවය ගැන තව විශාල ප්‍රමාණයක් බුද්ධ දේශනා පවතිනවා. ඒ නිසා, මේ පුංචි
දහම් කරුණු ටික සිත හැසිරෙන තැන් ගැන තේරුම් ගැනීම පිණිස ඔබට උපකාරී වේවි යැයි
මා සිතනවා. බලන්න මේ ආකාර දහ අටේ නේද දවස තිස්සේ අපේ සිත තියෙන්නේ...!

*මෙහි මනස යනුවෙන් සදහන් වනුයේ...ඇස කණ ආදී වශයෙන් පවතින ආයතනයකි.
එය ද හේතු ඵල පැවැත්මක් සහිත දෙයක්. සිත සහ මනස කියන්නේ දෙකක්. ඒ ගැනත්
පැහැදිලි විස්තර සහිත බුද්ධ දේශනා තිබෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි...!

ජය වේවා..!

අයියණ්ඩි
:nerd::nerd::nerd::nerd:


හොදට පැහැදිලි කරල තියෙනවා. මම නැවතත් මේක කියවලා බලන්න ඕනෙ. ඔබට ගොඩක් පිං සිදු වෙනවා අයියන්ඩී...
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හරි මම ඉන්නවා :) එළු "පුනර්භව" ගැන අපි කතා කරමුද...? මට ටිකක් වැඩිපුර දැනගන්න ඕනේ ඒ ගැන..:)

පුනර්භවය කියන්නේ මරණින් මතුව මේ පවතින සිත් පරම්පරාවේ අවසාන සිත ඇසුරු කරගෙන නව සිත් පරම්පරාවක් නව රූපයක් ආශ්‍රය කොටගෙන ක්‍රියාත්මක වීම.(කෙටියෙන් කීවොත්):yes:

මූලික අවබෝදයට මේකත් බලන්නකෝ:)
http://www.dahamsayura.org/index.php?option=com_content&view=article&id=313&Itemid=329
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
50
Kottawa
පුනර්භවය කියන්නේ මරණින් මතුව මේ පවතින සිත් පරම්පරාවේ අවසාන සිත ඇසුරු කරගෙන නව සිත් පරම්පරාවක් නව රූපයක් ආශ්‍රය කොටගෙන ක්‍රියාත්මක වීම.(කෙටියෙන් කීවොත්):yes:

මූලික අවබෝදයට මේකත් බලන්නකෝ:)
http://www.dahamsayura.org/index.php?option=com_content&view=article&id=313&Itemid=329

ඔයා මෙතින් අදහස් කලේ... මනුස්සයෙක් මරණින් පසු තවත් මනුස්සයකු වී මව් කුසක ඉපදීමද නැතිනම්, ඒ මනුස්සයා සතර අපායක හෝ ඊට ඉහල දෙව්, බඹුන් වී ඉපදීමද ? (ටිකක් පැහැදිලි මදි ... :) )
 
සිංහල බෞද්ධ සංගමයේ ප්‍රථම ධර්ම සාකච්ඡාව සුදුනොනේ ප්‍රධානත්වයෙන් හෙට දහවල් 12ත් හවස 4ත් අතර අන්තර්ජාලයේදි පැවැත්වේ. පිං කැමැත්තො වඩිත්වා.
 
Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
සුරතල් මසුන් අති කිරිම පවක්ද ?

මෙක සමහරවිට ඔයගොලන්ට විහිලුවක් වගෙ හිතේයි. ඒත් මට මෙගෑන අත්ත දෑනගන්න ඔනෙ.

සුරතල් මසුන් අති කිරිම පවක්ද ?
මම දවසක් බනකට අහුවා ඔනම සතෙක් අතිකිරිම පව් කියලා.
එත් මරනත්තම් මලු අති කරන එක පව්ද ?
මට අසයි මලු ටෑකියක් හදන්න
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
මෙක සමහරවිට ඔයගොලන්ට විහිලුවක් වගෙ හිතේයි. ඒත් මට මෙගෑන අත්ත දෑනගන්න ඔනෙ.

සුරතල් මසුන් අති කිරිම පවක්ද ?
මම දවසක් බනකට අහුවා ඔනම සතෙක් අතිකිරිම පව් කියලා.
එත් මරනත්තම් මලු අති කරන එක පව්ද ?
මට අසයි මලු ටෑකියක් හදන්න

mulinma balanna ona pawak sidda wenne kohomada kiyala budun wahanse chethanawa thamai karmayak wenne kiyala deshana kare (chethanaham bikkawe kamman wadami)

pawak sidda wenna karunu 5k hethu wenna ona okkoma mathaka na kipayak pana thibena sathaku wima, pana thibena bawa dena genima wage thawa karunu thunak ekathu wenna ona karmayak sidda wenna. saralawa thora gana puluwan sathekwa maranna ho hinsa karanna chethanawak naththan karma res (pawak) wikamk sidu wenna. namuth thamange sithe pahala wana sithiwili gena thamanta awabodayak naththam bohoma darunu wipaka dena karma patha sakas wenna puluwan.
budun wahansege hisa radeta hethu wechcha karma wipake wage.

 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0
මෙක සමහරවිට ඔයගොලන්ට විහිලුවක් වගෙ හිතේයි. ඒත් මට මෙගෑන අත්ත දෑනගන්න ඔනෙ.

සුරතල් මසුන් අති කිරිම පවක්ද ?
මම දවසක් බනකට අහුවා ඔනම සතෙක් අතිකිරිම පව් කියලා.
එත් මරනත්තම් මලු අති කරන එක පව්ද ?
මට අසයි මලු ටෑකියක් හදන්න

අකුසල් මොනවද කියල ඉස්සෙල්ල බලමු.
කයින්- ප්‍රාණඝාතය; සොරකම; කාමමිත්‍යාචාරය; මත්ද්‍රව්‍ය/මත්පැන් පානය
වචනයෙන්- බොරු කීම; හිස් වචන කීම; කේළාම් කීම; පරුෂ වචන කීම
සිතින්- ලෝභ; ද්වේෂ; මෝහ

කයින් හා වචනයෙන් වන අකුසල් වලින් වැළකීමට තමයි සිල් තියෙන්නෙ.

ඉතින් මූලික ශික්ෂා පද අරන් බැලුවොත් සුරතලයට මාළු ඇති කිරීම පවක් නොවෙයි.
නමුත් මේවා ශික්ෂා පද- හික්මීම සඳහා ඇති චර්යා; අපි පන්සිල්, අටසිල්, ආජීව අෂ්ඨමක ශීලය ආදී වශයෙන් කියන්නෙ මේ හික්මීමෙ ආරම්භය.

හික්මීම දියුණු කරගන්නකොට අපි ඔය මූලික සිල්පදවලින් එහාට යනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක සත්ව හිංසනයෙන් වැළකීම තෙක් උසස් වෙනවා. අන්න එතනදිනම් මාළු ඇති කරන එක ටිකක් ප්‍රශ්නයක් වෙන්න පුළුවනි- මොකද, අපි උන්ව ඇති කරන්නෙ කුඩා ඉඩ ප්‍රමාණයක සිර කරගෙන නිසා. අනික අපි උන්ව ඇති කරන්නෙ අපේම විනෝදය උදෙසා මිස උන්ගෙ යහපත පිණිසත් නොවන නිසා. නමුත් ඒක ප්‍රාණඝාතය තරම් බරපතල අකුසලයක් නෙවෙයි.

මේ අන්තිමට කිව්ව කාරණය නිසා සතුන් ඇති කිරීම පවක්ය යන අදහසත් සමග මම එකඟ වෙන්නෙ නැහැ. අපේ ගෙදරට ගෙනා හැම සතෙක්ම වගේ පාරෙ අසරණ වෙලා හිටි සතුන්; නැත්නම් මරණයට ලක් වීමට ඉඩ තිබුණ සතුන්. උන්ව අපි ගෙදරට ගෙනත් කන්න බොන්න දීලා, ආදරය හා ආරක්ෂාව දීලා හදන එකෙන් උන්ට යහපතක් වුණා. නමුත් සතුන්ව හැම වෙලේම කූඩුවල හිර කරලා තියනවනම් (උදා: ලව්බර්ඩ්ස්), සළකන්නෙ නැත්නම් එතනදි සත්ව හිංසනයක් සිදුවෙනවා- ඒ කියන්නෙ පවු සිදු වෙනවා.