මං එ්කට ඔබට තේරුම් ගන්න උපමාවක් කියන්නම්.අපි කියමු මෙතන ඉන්නවා කියල පන්දාහක්. අපි
ඔක්කොටම ලැබිලා තියෙනවා, පොඩි පොඩි ඉඩම් කෑලි.හැබැයි ගෙයක් නෑ. ඉඩම විතරක් තියෙනවා. ගෙයක්
නැතුව ඉඩම විතරක් තියෙනවා නම් එයා ස්වාභාවික විපත්වලට මුහුණ දෙන්න ඕන. වැස්සට මුහුණ දෙන්න
ඕන. අව්වට වේලෙන්න ඕන. පිනිබාන්න ඕන. මෙයා ගේ හදාගන්න දන්නෙත් නැති කෙනෙක්. හැබැයි ඉඩම් කෑල්ල විතරක් තියෙනවා. එතකොට කරුණාවන්ත කෙනෙක් ඇවිත් එයාට ගේ හදන්න බඩු මුට්ටු ඔක්කොම දෙනවා.ගල්, වැලි, සිමෙන්ති ඔක්කොම දෙනවා. ගේ හදන හැටි,ගඩොල් මෙහෙමයි තියන්නේ. මේ තැන්වලයි කණු ගහන්නේ. ගෙට ප්ලෑන් එකත් දෙනවා.දැන් එක එක්කෙනාට හම්බ වෙනවා එ්ක. කෙනෙකුට
බඩු මුට්ටු ටික ඔක්කොම හම්බ වෙනවා. ප්ලෑන් එකත් හම්බවෙනවා. නමුත් මෙයා බඩු ටික තියාගෙන ඉන්නවා,
ගේ හදන්නේ නැතුව. ගේ හදන්නේ නැති නිසා එයාට අර ස්වාභාවික විපත්වලින්, සතුරු කරදරවලින් නිදහස්
වෙලාද ඉන්නේ? නෑ. ‘ගේ හදන හැටි මම දන්නවා’ කිය කිය කයිවාරු ගැහුවට එයා ගේ හදාගෙන නෑ. ‘මට බඩු
මුට්ටු ඔක්කොම තියෙනවා’ කිව්වට ගේ හදාගෙන නෑ.
තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට බඩු මුට්ටු ඔක්කෝම තියෙනවා. එයත් ගේ හදාගෙන ඉන්නෙ කියලා
පෙන්නන්න අට්ටාලයක් ගහගෙන ඉන්නවා. හැබැයි එ් අට්ටාලෙ හයිය නෑ. ඕන වෙලාවක එ් අට්ටාලෙ සුළඟට,
ලොකු විපතකට කඩා වැටෙන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා උත්සාහයෙන්, වීර්යයෙන් ගේ හදාගන්නවා.
තමන්ගේ ගේ ප්‍රමාණය හඳුනාගෙන වුවමනා කරන විදිහට අත්තිවාරම් කපාගෙන ගේ හදාගෙන ඉන්නවා. තව
කෙනෙක් ඉන්නවා, ගේ හදන්න ඕන බඩු දාලා දාලා විශාල අත්තිවාරමක් දාගන්නවා, මේ සම්මජ්ජාතියෙ
හදන්න බැරි විදිහට.අපේ මනුස්ස ජීවිතය, අපිට ලැබිච්ච ඉඩම් කට්ටිය වගේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගේ හදන්න ලැබිච්ච ගඩොල්, සිමෙන්ති, වැලි ආදියයි.
ධර්මය මාර්ගයේ ඉන්න තියෙන විනය ගේ හදන ක්‍රමය වගෙයි. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් ඔය ගේ හදාගන්නවා. අනිත් අය වැලි, සිමෙන්ති ගොඩගහගෙන ඔහේ ඉඩම් කෑල්ලට වෙලා ඉන්නවා. මෙහෙම තමයි, මට පේන මේ බෞද්ධ ලෝකය.
ඉතින් එ් නිසා අපි බුදුරජාණන් වහන්සේගේ දහම තුළින් ඉස්සෙල්ලාම තමා විසින් තමාව ගොඩනගා
ගන්න ඕන. අන්න එ් කරුණු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි අපිට ලැබෙන්නෙ. මම එ්කයි කිව්වෙ
බුද්ධිමත් කෙනා වෙන් වෙන් වශයෙන් අවබෝධ කරනවා කියල. එක රංචුවට අවබෝධ කරනවා නොවෙයි. අපි
හිතමු පන්සියයක් සමාධිය වඩනවා, එකතු වෙලා. එ්ත් වෙන් වෙන් වශයෙන් තමයි කරන්න තියෙන්නෙ. එහෙම
නම් මේක තම තමන් විසින් තම තමන් ගැන වගබලා ගත යුතු කරුණක්.
ඉතින් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපිට දේශනා කළා, මේ ලෝකයේ තියෙන්නේ අනිත්‍ය දේවල්.
එ් අනිත්‍ය දේවල් ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් පළල්ද කියලා බලන්න.
දේ දේශනාවේ නම ‘ඉරවල් හතක් උදාවීම ගැන වදාළ දෙසුම’. සත්ත සුරියුග්ගමන සූත්‍රය. මේ දේශනාව
බුදුරජාණන් වහන්සේ වදාළේ විශාලා මහනුවර අම්බපාලී වනයේදී. රැුස්වුන භික්ෂුසංඝයාට බුදුරජාණන් වහන්සේ
මෙහෙම වදාළා.
”(අනිච්චා භික්ඛවේ, සංඛාරා* (එතන සංඛාර කිව්වෙ හේතු ඵල දහමින් හටගත්තු සියලූ දේට.* මහණෙනි, මේ
සංස්කාර අනිත්‍යයයි. (අද්ධුවා භික්ඛවේ, සංඛාරා*මහණෙනි, හේතු ඵලයන්ගෙන් හටගත්ත සියලූ දේම
අස්ථිරයි. (අනස්සාසිකා භික්ඛවේ සංඛාරා* පින්වත් මහණෙනි, හේතු ඵලයන්ගෙන් හටගත්ත දේ අස්වැසිලි
රහිතයි. (යාවඤ්චිදං භික්ඛවේ, අලමේව සබ්බසංඛාරේසුනිබ්බින්දිතුං* මහණෙනි, එම නිසා හේතු ඵලයන්ගෙන්
හටගත්ත සියලූ දෙය ගැන අවබෝධයෙන්ම කළකිරෙන්නමයි වටින්නෙ. (අලං විරජ්ජිතුං*අවබෝධයෙන්ම නොඇලෙන්නමයි වටින්නෙ. (අලං විමුච්චිතුං* අවබෝධයෙන්ම නිදහස් වෙන්නමයි වටින්නෙ.”
මනුෂ්‍යයන් හැටියට බුදුරජාණන් වහන්සේගේ මේ පණිවිඩය අපි හරියට අල්ලගෙන හිටියා නම්, අපි කවුරුවත්
හිස් අතින් මැරෙන්නෙ නෑ. මේ පණිවිඩය අල්ලගන්නට බැරිවීම නිසා අනිත්‍ය දේවල්ම ගොඩ ගහගෙන, අනිත්‍ය
දේවල්ම සතුටින් පිළිඅරගෙන, එ් තුළම අපේක්ෂා සහිතව ඉඳලා, අස්වැසිලි රහිතවම මැරිලා යනවා.
..........සත්ත සුරියුග්ගමන සූත්‍රය.........

....mama mewa uputa gaththe Facebook eken ... 