සිංහල බෞද්ධ සංව්ධානය

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මං එ්කට ඔබට තේරුම් ගන්න උපමාවක් කියන්නම්.අපි කියමු මෙතන ඉන්නවා කියල පන්දාහක්. අපි
    ඔක්කොටම ලැබිලා තියෙනවා, පොඩි පොඩි ඉඩම් කෑලි.හැබැයි ගෙයක් නෑ. ඉඩම විතරක් තියෙනවා. ගෙයක්
    නැතුව ඉඩම විතරක් තියෙනවා නම් එයා ස්වාභාවික විපත්වලට මුහුණ දෙන්න ඕන. වැස්සට මුහුණ දෙන්න
    ඕන. අව්වට වේලෙන්න ඕන. පිනිබාන්න ඕන. මෙයා ගේ හදාගන්න දන්නෙත් නැති කෙනෙක්. හැබැයි ඉඩම් කෑල්ල විතරක් තියෙනවා. එතකොට කරුණාවන්ත කෙනෙක් ඇවිත් එයාට ගේ හදන්න බඩු මුට්ටු ඔක්කොම දෙනවා.ගල්, වැලි, සිමෙන්ති ඔක්කොම දෙනවා. ගේ හදන හැටි,ගඩොල් මෙහෙමයි තියන්නේ. මේ තැන්වලයි කණු ගහන්නේ. ගෙට ප්ලෑන් එකත් දෙනවා.දැන් එක එක්කෙනාට හම්බ වෙනවා එ්ක. කෙනෙකුට
    බඩු මුට්ටු ටික ඔක්කොම හම්බ වෙනවා. ප්ලෑන් එකත් හම්බවෙනවා. නමුත් මෙයා බඩු ටික තියාගෙන ඉන්නවා,
    ගේ හදන්නේ නැතුව. ගේ හදන්නේ නැති නිසා එයාට අර ස්වාභාවික විපත්වලින්, සතුරු කරදරවලින් නිදහස්
    වෙලාද ඉන්නේ? නෑ. ‘ගේ හදන හැටි මම දන්නවා’ කිය කිය කයිවාරු ගැහුවට එයා ගේ හදාගෙන නෑ. ‘මට බඩු
    මුට්ටු ඔක්කොම තියෙනවා’ කිව්වට ගේ හදාගෙන නෑ.

    තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට බඩු මුට්ටු ඔක්කෝම තියෙනවා. එයත් ගේ හදාගෙන ඉන්නෙ කියලා
    පෙන්නන්න අට්ටාලයක් ගහගෙන ඉන්නවා. හැබැයි එ් අට්ටාලෙ හයිය නෑ. ඕන වෙලාවක එ් අට්ටාලෙ සුළඟට,
    ලොකු විපතකට කඩා වැටෙන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා උත්සාහයෙන්, වීර්යයෙන් ගේ හදාගන්නවා.
    තමන්ගේ ගේ ප්රමාණය හඳුනාගෙන වුවමනා කරන විදිහට අත්තිවාරම් කපාගෙන ගේ හදාගෙන ඉන්නවා. තව
    කෙනෙක් ඉන්නවා, ගේ හදන්න ඕන බඩු දාලා දාලා විශාල අත්තිවාරමක් දාගන්නවා, මේ සම්මජ්ජාතියෙ
    හදන්න බැරි විදිහට.අපේ මනුස්ස ජීවිතය, අපිට ලැබිච්ච ඉඩම් කට්ටිය වගේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගේ හදන්න ලැබිච්ච ගඩොල්, සිමෙන්ති, වැලි ආදියයි.

    ධර්මය මාර්ගයේ ඉන්න තියෙන විනය ගේ හදන ක්රමය වගෙයි. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් ඔය ගේ හදාගන්නවා. අනිත් අය වැලි, සිමෙන්ති ගොඩගහගෙන ඔහේ ඉඩම් කෑල්ලට වෙලා ඉන්නවා. මෙහෙම තමයි, මට පේන මේ බෞද්ධ ලෝකය.

    ඉතින් එ් නිසා අපි බුදුරජාණන් වහන්සේගේ දහම තුළින් ඉස්සෙල්ලාම තමා විසින් තමාව ගොඩනගා
    ගන්න ඕන. අන්න එ් කරුණු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් විතරයි අපිට ලැබෙන්නෙ. මම එ්කයි කිව්වෙ
    බුද්ධිමත් කෙනා වෙන් වෙන් වශයෙන් අවබෝධ කරනවා කියල. එක රංචුවට අවබෝධ කරනවා නොවෙයි. අපි
    හිතමු පන්සියයක් සමාධිය වඩනවා, එකතු වෙලා. එ්ත් වෙන් වෙන් වශයෙන් තමයි කරන්න තියෙන්නෙ. එහෙම
    නම් මේක තම තමන් විසින් තම තමන් ගැන වගබලා ගත යුතු කරුණක්.

    ඉතින් බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපිට දේශනා කළා, මේ ලෝකයේ තියෙන්නේ අනිත්ය දේවල්.
    එ් අනිත්ය දේවල් ගැන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් පළල්ද කියලා බලන්න.
    දේ දේශනාවේ නම ‘ඉරවල් හතක් උදාවීම ගැන වදාළ දෙසුම’. සත්ත සුරියුග්ගමන සූත්රය. මේ දේශනාව
    බුදුරජාණන් වහන්සේ වදාළේ විශාලා මහනුවර අම්බපාලී වනයේදී. රැුස්වුන භික්ෂුසංඝයාට බුදුරජාණන් වහන්සේ
    මෙහෙම වදාළා.

    ”(අනිච්චා භික්ඛවේ, සංඛාරා* (එතන සංඛාර කිව්වෙ හේතු ඵල දහමින් හටගත්තු සියලූ දේට.* මහණෙනි, මේ
    සංස්කාර අනිත්යයයි. (අද්ධුවා භික්ඛවේ, සංඛාරා*මහණෙනි, හේතු ඵලයන්ගෙන් හටගත්ත සියලූ දේම
    අස්ථිරයි. (අනස්සාසිකා භික්ඛවේ සංඛාරා* පින්වත් මහණෙනි, හේතු ඵලයන්ගෙන් හටගත්ත දේ අස්වැසිලි
    රහිතයි. (යාවඤ්චිදං භික්ඛවේ, අලමේව සබ්බසංඛාරේසුනිබ්බින්දිතුං* මහණෙනි, එම නිසා හේතු ඵලයන්ගෙන්
    හටගත්ත සියලූ දෙය ගැන අවබෝධයෙන්ම කළකිරෙන්නමයි වටින්නෙ. (අලං විරජ්ජිතුං*අවබෝධයෙන්ම නොඇලෙන්නමයි වටින්නෙ. (අලං විමුච්චිතුං* අවබෝධයෙන්ම නිදහස් වෙන්නමයි වටින්නෙ.”

    මනුෂ්යයන් හැටියට බුදුරජාණන් වහන්සේගේ මේ පණිවිඩය අපි හරියට අල්ලගෙන හිටියා නම්, අපි කවුරුවත්
    හිස් අතින් මැරෙන්නෙ නෑ. මේ පණිවිඩය අල්ලගන්නට බැරිවීම නිසා අනිත්ය දේවල්ම ගොඩ ගහගෙන, අනිත්ය
    දේවල්ම සතුටින් පිළිඅරගෙන, එ් තුළම අපේක්ෂා සහිතව ඉඳලා, අස්වැසිලි රහිතවම මැරිලා යනවා.

    ..........සත්ත සුරියුග්ගමන සූත්රය.........
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, දැන් මම එ් ආර්ය සීලය අවබෝධ කර ගත්තා. ආර්ය සමාධිය
    අවබෝධ කර ගත්තා. ආර්ය ප්රඥාව අවබෝධ කර ගත්තා.ආර්ය විමුක්තිය අවබෝධ කර ගත්තා. දැන් මට මේ භව
    තණ්හා සියල්ල නැති වෙලා තියෙන්නෙ. භව රැුහැන් සියල්ල බිඳිල තියෙන්නෙ. ආයෙත් නම් උපතක් නැහැ.
    බුදුරජාණන් වහන්සේ එ්ක දේශනා කරල, ගාථා දේශනා කරනවා.

    සීලං සමාධි පඤ්ඤා ච විමුත්ති ච අනුත්තරා
    අනුබුද්ධා ඉමේ ධම්මා ගොතමේන යසස්සිනා

    බුදුරජාණන් වහන්සේ වදාළා සීල, සමාධි, ප්රඥා අනුත්තර වූ විමුක්තිය යන මේවා අවබෝධ කර ගත්තා.
    කීර්තිමත් ප්රඥා ඇති ගෞතම බුදුරජාණන් වහන්සේ.

    ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මමක්ඛායි භික්ඛුනං
    දුක්ඛස්සන්තකරෝ සත්ථා චක්ඛුමා පරිනිබ්බුතෝ

    එ් බුදුරජාණන් වහන්සේ ආර්ය සීල, ආර්ය සමාධි,ආර්ය ප්රඥා, ආර්ය විමුක්ති අවබෝධ කරගෙන භික්ෂූන්
    වහන්සේලාට ධර්මය කියා දුන්නා. මේ දුක් අවසන් කරපුශාස්තෘන් වහන්සේ පිරිනිවන් පානවා.

    බලන්න මේ දේශනාව කොයිතරම් අංග සම්පූර්ණද?බුදුරජාණන් වහන්සේගේ දේශනා මේ විදිහට අංග
    සම්පූර්ණව අපිට අහන්න ලැබෙන්න ඕන. එතකොට තමයි අපිට බුදුරජාණන් වහන්සේ කවුද? උන්වහන්සේගේ
    අවබෝධය කුමක්ද? උන්වහන්සේ අපට ශාස්තෘන්වහන්සේ වන්නේ ඇයි? මේ සියල්ල අපට වටහා ගන්න
    පුළුවන් වෙන්නේ. මේකෙ විශේෂත්වය මේකයි.

    මේ සූත්ර දේශනාව ඇහුවා ම ඔබට ඇතිවෙන්න ඕන ප්රශ්නයක්.එකම එක ප්රශ්නයක්. ගොඩක් ප්රශ්න ඇතිවුනොත් එහෙම පටලවා ගෙන තියෙන බව පේනවා.දැන් ඔබට මතක ඇති මේ සූත්රයේ අනිත්ය ගැනයි,ඉරවල් හතක් පෑයීම ගැනයි, සිනේරු පර්වතය හා පෘතුවිය විනාශ වීම ගැනයි, සුනෙත්ත ශෘස්තෘන් වහන්සේ ගැනයි,ධ්යාන සමාපත්ති ගැනයි, සුගතියේ උපත ගැනයි, මේවානේවිස්තර වුනේ.

    මේ ඔක්කොමත් එකක් මේවායේ හරය ප්රශ්නයක් හැටියට ඔබට එන්න ඕන. මං එ් ප්රශ්නය ඔබ
    තුළ නගන්නම්, මොකක්ද එ් ප්රශ්නය?

    ‘අපි කවදා නම් ආර්ය සීලය ඇති කර ගන්නද? අපි කවදාද ආර්ය සමාධිය ඇති කර ගන්නේ? ආර්ය ප්රඥාව
    කවදාද ඇති කර ගන්නේ? ආර්ය විමුක්තිය කවදාද ඇති කර ගන්නේ?’

    ඔය ප්රශ්න ටික විතරක් ඇති වුනා නම් ඔබට මේ සූත්රය තේරිලා තියෙනවා. එ් අදහස අහුවෙන්නෙ
    නැතිව වෙන වෙන දේවල් අහු වුනා නම් අර්ථය අරගෙන නෑ. මම මේ සූත්රය කියා දීල අර්ථය ගන්න හැටි මේ කියා
    දුන්නෙ. ඉතින් මේ ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්රඥා,ආර්ය විමුක්ති අවබෝධ කරගන්නා තාක් අපිට ඉපදීමෙන්,ජරා, මරණ යෙන් හෝ සුසුම් හෙලීම් වලින් නිදහස් වීමක් නැහැ.කෙළවරක් නැති සංසාර ගමනේ අපට යන්න සිද්ධ වෙනවා.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පේ්රත වස්තුවේ සඳහන් වෙන විදිහට පෙරේතයින්කන කෑම දැක්කාම උපත කියන එක අන්තයටම පිළිකුල්
    වෙනවා. මෙවැනි සංසාරයක අපිට යන්න තියෙන්නෙ කියල. මෙවැනි ජරාවද කන්න තියෙන්නෙ කියලා. එ්වා
    එච්චරටම පිළිකුල්. ලොකු ඕනකමක් ඇති වෙන්න ඕන,‘අනේ ඉක්මනට සොවාන් වෙන්න ඕන, නැත්නම් අපිත් මේ ගොඩට වැටෙනවානේ’ කියල.අන්න එ් පණිවිඩය තමයි මේ ධර්මයෙන් ගන්න
    තියෙන්නේ. සමහරු කියනවා සුනාමිය දිහා බලලා, ‘අනේ මෙවන් විපතක් උපනූපන් ආත්මයක වෙන්න එපා!’ කියල.නමුත් යන්න තියෙන්නේ එ්වාට මුහුණ දිදී මයි. ජරා,මරණ, සෝක, වැළපීම්, දුක්, දොම්නස්, සුසුම් හෙළීම්වලින් තොර උපතක් බුදුරජාණන් වහන්සේ දන්නවා නම් උන්වහන්සේ එ්කාන්ත වශයෙන්ම එ්ක අපිට කියනවා.

    එ්කයි බුදුරජාණන් වහන්සේ වදාළේ ප්රමාද වීම අන්තිම භයානක දෙයක් කියල.

    මතකද අර කාන්තාවන් පිරිසක් මත්පැන් බීලා,බුදුරජාණන් වහන්සේ වදාළේ මොකක් ද?

    කෝ නු හාසෝ කිමා නන්දෝ - නිච්චං පජ්ජලිතේ සති
    අන්ධකාරේන ඕනද්ධා - පදීපං න ගවෙස්සථ

    ”මොනවට උඹලා හිනා වෙනවද? උඹලට මොකක් ලැබිලද? උඹලා හැම තිස්සෙම ගිනි ගන්නවා. අවිද්යාව
    නැමැති අන්ධකාරයේ ගිලී සිටින පිරිස ප්රඥාව නැමැති පහන නොසොයන්නේ ඇයි?”

    බලන්න එ් පණිවුඩය, අපිත් අල්ලගන්න ඕන. එ් පණිවුඩය අල්ල ගත්තෙ නැත්නම් අපිත් ඔහේ කියවපු
    පිරිසක් වෙලා, ඔහේ ඉපදි ඉපදි යයි. අපි හොඳට මතක තියාගන්න ඕන, යථාර්ථය කියන එක සියලූ දෙනාම
    අල්ලන්නේ නෑ. සමහරු නම් කියනවා මේ ඔක්කෝම නිවන් දැක්කොත් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ
    වදාළේ මෙහෙමයි. මහණෙනි, මේ ධර්මය අවබෝධ නොකරන පිරිස මහ පොළොව හා සමානයි. නිවන් අවබෝධ කරන පිරිස,නියපොත්තට පස් චුට්ටක් අරගෙන වදාළා, මෙන්න මෙච්චරයි කියල. අනික් අය දිගින් දිගටම දුක් විඳ විඳ සංසාරෙ යන්නේ

    බලන්න කොයිතරම් දුර්ලභ දෙයක්ද මෙය. ආර්ය සීල, ආර්ය සමාධි, ආර්ය ප්රඥා, ආර්ය විමුක්ති ඇති කර
    ගන්න ඕන. ආර්ය කියන්නේ සම්මා දිට්ඨියෙන් යුතු නිසා.සම්මා දිට්ඨියෙන් යුතු සීලය ආර්ය සීලයයි. සම්මා
    දිට්ඨියෙන් යුතු සමාධිය ආර්ය සමාධියයි. ආර්ය මාර්ගය තුළින් ඇතිවන ප්රඥාව ආර්ය ප්රඥාවයි. ආර්ය අෂ්ටාංගික
    මාර්ගය ප්රගුණ කිරීමෙන් ඇති වන අවබෝධයෙන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ප්රහාණය වීමෙන් ලබන විමුක්තිය ආර්ය විමුක්තියයි.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මෙන්න මේ කරා යන්න අපට උපකාර වෙන්නේ,බුදුරජාණන් වහන්සේගේ ධර්මය පමණයි. බුදුරජාණන්
    වහන්සේගේ ධර්මයෙන් තොරව ලෝකයේ කිසිම කෙනෙකුට ආර්ය සීලය පණවන්න බැහැ. බුදුරජාණන්
    වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය සමාධියක් පණවන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්
    තොරව ආර්ය ප්රඥාවක් පණවන්න බැහැ. බුදුරජාණන්වහන්සේගේ ධර්මයෙන් තොරව ආර්ය විමුක්තියක්
    පණවන්න බැහැ.

    එහෙනම් යමෙක් සීලය කුමක්ද කියල දැනගන්න ඕන නම් එ් ධර්ම විනය තුළින් මයි දැන ගත
    යුත්තේ. සමාධිය කුමක්දැයි කියා දැන ගන්න ඕන නම් එ් ධර්ම විනය තුළින් මයි දැන ගත යුත්තේ. ප්රඥාව කුමක්
    දැයි දැනගන්න නම් එ් ධර්ම විනය තුළින් මයි දැන ගත යුත්තේ.ධර්ම විනයෙන් තොර සීලය අංග සම්පූර්ණ සීලයක්
    නොවෙයි. ධර්ම විනයෙන් බැහැර වූ සමාධිය අංග සම්පූර්ණ සමාධියකුත් නොවෙයි. ධර්ම විනයෙන් බැහැර
    වෙච්ච ප්රඥාව අංග සම්පූර්ණ ප්රඥාවකුත් නොවෙයි. එම නිසා ධර්ම විනය බැහැර වුන තැන විමුක්තියක්ද නැහැ.

    එ් නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනයම අපි කියවියයුතුයි.

    එ්කයි රහතන් වහන්සේලා එ් එ් බුද්ධ දේශනා රහත් පරපුරවල්වලට භාරගත්තේ, කට පාඩමින් මේ ධර්මය රැුගෙන එන්න ඕන කියල.

    මහණ වෙන අයට කට පාඩම් කෙරෙව්වා, රහතන් වහන්සේලා ලඟ පැවිදි වෙච්ච පිරිස එ් ධර්මය කට පාඩම්
    කර කර සීලය ප්රගුණ කළා. සමාධිය ප්රගුණ කළා. ප්රඥාව ප්රගුණ කළා. අරහත්වයට පත් වෙනකම් සිත දියුණු කර
    ගත්තේ ධර්ම විනය කට පාඩම් කරගන්න ගමන්.

    එ් නිසයි පිරිසදු ධර්මය මුඛ පරම්පරාවෙන් දිගටම පැවතුනේ. දැන් එ්ක අපිට අලූතින් පටන් ගන්න වෙලා තියෙනවා. දැන් ලෝකෙ නැහැ.

    මේ ධර්මයේ එකම එක ඉලක්කයයි තියෙන්නේ. එ් චතුරාර්ය සත්යය අවබෝධය කරගැනීම.
    මේ යන ගමනේදී අපිට මුලින්ම වුවමනා වෙන්නෙ ශ්රද්ධාවයි.
    අපි එක එක්කෙනාගේ අවබෝධය ගැන පහදින්න නෙමෙයි මේ ශාසනයට ඇතුල් වුනේ. අපි මේ ශාසනයට ඇතුල්
    වෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමටයි.

    තථාගතයන් වහන්සේ ගේ අවබෝධය ගැන පහදින්න ඕන. පැහැදිලා එ්ක අදහාගන්නවා. ”අරහං” බුදුරජාණන්
    වහන්සේ රාග, ද්වේෂ, මෝහ නැති කෙනෙක් කියල.චතුරාර්ය සත්යය ධර්මය ගුරූපදේශ නැතිව අවබෝධ කරපු
    කෙනෙක් ”සම්මාසම්බුද්ධ.” එ් අවබෝධයට අනුවම ජීවිතයට අනුව ජීවිතය පවත්වා වාදාළ කෙනෙක් ”විජ්ජා
    චරණසම්පන්න.” ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කොට නිවන අවබෝධ කරපු කෙනෙක් ”සුගත.” සකල ලෝකයන් ගැන අවබෝධයෙන් ඉඳලා එ් සියලූ ලෝකවලින් නිදහස් වෙච්ච කෙනෙක් ”ලෝකවි¥.” දමනය කළ නොහැකි වූ අය දමනය කිරීමේ අනුත්තර වූ උත්තමයන් වහන්සේ,”අනුත්තරෝ පුරිසදම්ම සාරථි.” දෙවියන්ගේත්,මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ ”සත්ථා දේවමනුස්සානං.” අවබෝධ කොට වදාළ උතුම් ධර්මය අන්අයට අවබෝධ කරගැනීමට මහා කරුණාවෙන් දේශනා කළ කෙනෙක්, ”බුද්ධ.” මේ සියලූ ගුණ දරාගැනීමට තරම් භාග්යවන්ත කෙනෙක් ”භගවා.”

    අන්න එ් පැහැදීම තමයි ධර්මයේ හැසිරීමේ ආරම්භය.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    එ් පැහැදීමට ආපු නැති කෙනා කැරකි කැරකි එන්නේතමාගේ මතයටයි. තමන්ගේ දේම හුවා දක්වනවා. නමුත්
    ශ්රද්ධාවට පැමිණිච්ච කෙනා එහෙම නෑ. ශ්රද්ධාවට පැමිණිච්ච කෙනා තමන්ගේ දේ අත්හැරලා ධර්මය
    පිළිගන්නවා. අන්න එ්ක තමයි, අවබෝධයෙන්ම ශ්රද්ධාවට පැමිණච්ච කෙනා තේරුම් ගන්නට තියෙන ලක්ෂණය.මොකද, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරල තියෙනවා, සප්ත අපරිහානීය ධර්ම. එ් වගේම කරුණු හතරක් ගැන නිතරම විමසා බලන්න කියල.

    මොනවද එ්?

    සමහර විට ලෝකෙ ප්රසිද්ධ කෙනෙක් කියන්න පුළුවන් ධර්මය මෙයයි, විනය මෙයයි, ශාස්තෘ ශාසනය
    මෙයයි කියල. බුදුරජාණන් වහන්සේ වදාළා එ්ක පිළිගන්නත් එපා, ප්රතික්ෂේප කරන්නත් එපා. ධර්මයට
    විනයට දාල බලන්න. ධර්මය හා විනයට ගැලපෙන්නෙ නැත්නම් එ්ක බැහැර කරනවා මෙය ධර්මය නෙවෙයි
    කියලා. මෙය විනය නෙමෙයි, මෙය ශාස්තෘ ශාසනය නෙවෙයි කියලා.
    ඊළඟට සංඝයා සම්මත කරනවා අසවල් භික්ෂුව ධර්ම විනය මනාකොට කියනවා කියල. එ්කත් ධර්මයෙහි
    විනයෙහිලා බලන්න කියනවා.
    එහෙම නැත්නම් සංඝ පිරිසක් එකතු වෙලා කියනවා මෙයයි ධර්මය, මෙයයි විනය කියලා. එ්කත් ධර්මයෙහිලා විනයෙහිලා බලන්න කියනවා. ධර්ම විනයට ගැලපෙන්නේ නැත්නම් පිළිගන්න එපා කියනවා.

    මේවාට කියන්නේ සතර මහාපදේශ කියල.
    ආනන්ද චෛත්යස්ථානයේදී අපට බුදුරජාණන් වහන්සේ වදාළේ. අනාගතයේදී මේ යම් ආරවුල් ඇති වුනොත් ධර්ම විනයේ බහා බලන්න කියලා.මේ කරුණු ඉගෙන ගන්න කෙනා ධර්ම විනයේ බහා බලමින් කිසිම ගැටළුවක් නැතිව ධර්ම විනයේ ඉදිරියට යනවා.

    මොකද? මම එහෙම කිව්වෙ ධර්ම විනයේ බහා බලන්න බැරි අය තමයි මේ ලෝකෙ ඉන්නෙ ධර්ම විනය
    නොහඳුනන කෙනෙක්, ධර්ම විනයේ බහා බලන්නෙ නෑ.

    එතකොට ධර්මය කියලා හිතාගෙන ධර්මයේ ස්වරූපයෙන්තිබෙන වෙනත් දෙයක් පුරුදු කරන්න පුළුවන්.

    ධර්මය දන්න කෙනාට ප්රශ්නයක් නෑ. එයා ඕනෑම පරිසරයක, ඕනෑම සමාජයක, ඕනෑම පිරිසක් මැද්දේ
    ප්රශංසා කරන්නේ ධර්මයටමයි. එ්කට හේතුව රහතන්වහන්සේලා තමාව හුවා නොදැක්වීම. රහතන් වහන්සේලා
    කවදාවත් තමාව හුවා දැක්වුවේ නෑ ‘මේක මගේ අත්දැකීම. මේක මගේ අවබෝධය’ කිය කියා. උන්වහන්සේලා හැම තිස්සෙම ප්රශංසා කරන්නෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි.

    සොතාපන්න කෙනාත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි ප්රශංසා කරන්නේ. මාර්ගයේ ගමන් කරන
    පිරිස හඳුනා ගන්න පුළුවන් තැනක් තමයි ඔතන. එයා මේ මාර්ගයේ ගමන් කරද්දී තමන්ගේ නායකත්වයක්,
    තමන්ගේ අවබෝධයක්, තමන්ගේ අත්දැකීමක් අන් අයට දීමක් කරන්නෙ නෑ. එයා බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා, මේ විදිහට දේශනා කළා කිය කියා ධර්මයම කියා දෙනවා. එ්ක මේ සූත්ර දේශනා කියවද්දි ඉතාම පැහැදිලිව අපට තේරෙනවා.

    අපිට ඕන කරන්නේ අන්න එ් වගේ ශ්රද්ධාවක්.
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    සමහරු හිතන් ඉන්නවා බුද්ධ ශාසනය කියන්නේ මහා ගොඩනැගිලි, මහා පින්කම් කියල. ඉතින් එ්වා හදල
    එයා සතුටු වෙනවා මම ශාසනය වෙනුවෙන් සෑහෙන්න කළා කියල. ශාසනය වෙනුවෙන් එයා කරපු දෙයක් නෑ.
    සමහරු සීලය සම්පූර්ණ කර ගන්නවා. එයා හිතනවා මම ශාසනයෙන් ප්රයෝජනය ගත්තා කියල. ප්රයෝජනය ගත්තාමදි.

    බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගහක් වගේ. ගහක තියෙනවා කොළ, දළු, මල්, අතු පතර, පොතු, එලය, අරටුව.බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අරටුව හැටියට තියෙන්නේ ආර්ය විමුක්තියයි.එතකොට කෙනෙක් මේ අරටුව කරා යනකම්ම සෑහීමකට පත් නොවී අවබෝධයෙන්ම මේ ධර්ම මාර්ගයේ යන්න ඕන.

    දුක සේ හෙමිහිට අවබෝධ කරන. දුක් වූ ප්රතිපදාව තිබෙන අය කරුණු පහක් පුරුදු කරන්න ඕන කියනවා.

    සමාධිය ඇතිවෙන්නේ නෑ කියල දුක් දොම්නස් ඇති කර ගත්තොත් සතිපට්ඨානය වඩන්න
    බැහැ. සිහියෙන් ඇලීමයි, ගැටීමයි දුරුකරන්න ඕන.සමහරු සමාධිය වැඩෙන්නෙ නෑ කියලා පසු තැවි තැවී
    භාවනා කරනවා. එයා මොකද කරන්න ඕන. එයා බලන්න ඕන කයේ ඇත්ත. එයා නිතර නිතර අසුභය වඩන්න
    ඕන. එ්ක තමයි කයේ ඇත්ත බලනවා කියන්නේ.ඊලඟට එයා ආහාරයේ ඇත්ත බලන්න ඕන. කන
    බෙන දේට අන්තිමට මොකද වෙන්නේ කියල. ඊළඟට එයා මරණසතිය වඩන්න ඕන. මරණසතිය වැඞීමෙන් තමයි කැරකි කැරකී ධර්මයට එන්නේ. අප්රමාදී වෙන්නේ.

    බුදුරජාණන් වහන්සේ මරණය ගැන වදාළේ මෙහෙමයි.

    ”අජ්ජේව කිච්චං ආතප්පං - කෝජඤ්ඤා මරණං
    සුවේ” හෙට මැරේවිද කවුද දන්නෙ?
    අද අදම මේ නිවන් මගේ හැසිරෙන්න. මේ මරණසතිය සිහි කිරීම හරිම ප්රයෝජන යි.

    මරණසතිය නොවැඩුවොත් එයා ජාති මදයෙන් මත්වෙනවා. ධන මදයෙන් මත් වෙන්න පුළුවනි.
    ආරෝග්ය මදයෙන් මත් වෙන්න පුළුවනි. මේ වගේ මද වලින් මත් වෙනවා, මරණසතිය නොවඩන කෙනා.
    මරණසතිය වඩන කෙනා මද වලින් මත් නොවී සුළු කාලයයි මට ඉන්න තියෙන්නෙ. එ් සුළු කාලයේ මම
    සීලය සම්පූර්ණ කරන කෙනෙක්ද? මම මේ සුළු කාලය තුළ සමාධිය කරා යන කෙනෙක්ද? තමා ගෙන් අහනවා
    එයා. මම මේ සුළු කලය තුළ ධර්මය වෙනුවෙන් කැප වුන කෙනෙක්ද? නැවත නැවත එයා තමන් අමතනවා,
    මරණසතිය වඩන කෙනා කරන්නේ එහෙමයි.

    ඊළඟට හටගත්ත සැම දෙයක්ම අනිත්යයි කියල නුවණින් විමසනවා. එහෙම විමසන කෙනා මේ අනිත්ය
    ලෝකය තුළ ඉතාම ධාර්මිකව සීල සම්පන්නව ජීවත් වෙනවා. අනිත්ය ලෝකයට බැඳෙන්නෙ නැති වෙන්න
    සිත පවත්වනවා. මේ ලෝකෙ උපදින්න එයා කැමති නෑ.එ්කට කියනවා ”සබ්බ ලෝකේ අනභිරත සඤ්ඤා” කියලා.උපදිනවා කියන එක එයාට අප්පිරියයි. එ්ක ඇතිවෙන්න පෙරේත ලෝකෙ ගැන, නිරය ගැන, තිරිසන් ලෝකය ගැන දැනුම් තේරුම් කමක් තියෙන්න ඕන. එතකොට තමයි,එයා අකමැති වෙන්නේ. නැත්නම් හිත පිහිටනවා.
    කවුරුහරි ලස්සන කෙනෙක් දැක්කම අන්න මේ වගේ ලස්සන වෙනවා නම් මාත්. මිහිරි හඬක් ඇහෙන කොට
    අනේ මේ වගේ හඬක් ලබන ආත්මෙ මට ලැබෙනවා නම්, මේ වගේ උගත්කමක් ලැබෙනවා නම්, මේ වගේ
    ප්රසිද්ධියක් ලැබෙනවා නම් කියලා මුලා වෙනවා. එ් වගේ සත්ව පිරිසක් මේ සංසාරෙ යන්නේ.

    එ් ලෝකයෙන් මිදෙන්න නම් ඔය කියපු විදිහට කයේ ඇත්ත, ආහාරයෙහි ඇත්ත, මරණය මේ හැම දෙයක්ම සිහි කරන්න ඕනෙ.එතකොට එයා කෙමෙන් කෙමෙන් ධර්මය කරාපැමිණෙනවා.

    මම මේ කිව්වෙ සමාධිය ලබන්න දුෂ්කර කෙනා කරන්න ඕන පිළිවෙල.

    එයාගේ හිත තැන්පත් වෙන වෙලාවක් එනවා. එ් වෙලාව අපිට කියන්න බැහැ. එක ලෝකෙ කාටවත්
    කියන්න බැහැ. මොකද මොහොතක් සිත සමාධිමත් නොවී අවුරුදු 25 ක් භාවනා කළ බුදුරජාණන් වහන්සේගේ
    ශ්රාවකයන් විසි වෙනි අවුරුද්දෙදි අරහත්වයට පත් වූ හැටි ථේර ථෙරී ගාථාවල අපූරුවට සඳහන් වෙනවා. එ්ක නිසා කෙනෙකුගේ ජීවිතය තුළ සමාධිය, ප්රඥාව වර්ධනය වෙන ආකාරය කිව හැක්කේ බුදුරජාණන් වහන්සේට පමණයි.

    සාරිපුත්ත මහරහතන් වහන්සේටත් එ්ක ප්රකාශ කරන්න බැහැ. එක්තරා අවස්ථාවක තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ ලකුණ්ඨක භද්දිය මහරහතන් වහන්සේට අඬ ගහලා සීල, සමාධි, ප්රඥා වඩන්න උපදෙස් දෙනවා. ලකුණ්ඨක භද්දිය ස්වාමීන් වහන්සේ අරහත්වයට පත් වෙලා. රහත් වෙලා ඉද්දිත්, උපදෙස් දෙනවා. බුදුරජාණන් වහන්සේ එ්කෙදි ගාථාවක් වදාළා ‘හික්මිච්ච කෙනා අයෙ ආයෙමත් හික්මවන්න දෙයක් නැහැ’ කියල. ප්රඥාවෙන් අග්ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ඉන්ද්රිය පරෝපරියත්ති ඤාණය නැහැ. එ්ක තියෙන්නේ බුදුරජාණන් වහන්සේටම පමණයි.

    එ්ක නිසා අපි හැම තිස්සේම බුදුරජාණන් වහන්සේටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්රාවක සංඝරත්නයටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාවටමයි ගෞරව කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ සමාධියටමයි ගෞරව කරන්න ඕන. අන්න එතකොට තමයි නියම මාර්ගය පෑදෙන්නෙ.

    ඉතින් එබඳු ආකාරයේ පැහැදීමක්, එබඳු ආකාරයේ අවබෝධයක් ඇති කර ගන්න ඕන, තමාගේ යහපත කැමති කෙනා.

    මිනිස් ලෝකෙ හිටපු අය දන්නවානෙ කරදරවලට වැටිලා දුක් විඳපු හැටි. අපේ රටේ මේ සුනාමියත් එක්ක
    බොහෝ දේවල් හිතන්න ඉතුරු වෙලා තියෙනවා. එ්වා හිතන්න පුළුවන් කෙනාට පමණයි. අනිත් අයට එ්ක
    තේරෙන්නෙ නෑ. මේකෙන් අපි අවබෝධ කර ගත යුත්තේ මේ මනුස්ස ජීවිතය කොයි තරම් කෙටිද? කොයි තරම්
    ඉක්මනින් නැති වෙලා යනවද?

    එ් නිසා අපි මේ ලැබුණු මනුස්ස ජීවිතයේදී වත් ඉක්මනින් ආර්ය සීල, ආර්ය සමාධි ,ආර්ය ප්රඥා, ආර්ය විමුක්ති ඇති කරගෙන මේ සංසාර දුකින් නිදහස් වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.

    සාදු! සාදු!! සාදු!!!"
     

    bonapart

    Member
    Feb 24, 2010
    145
    4
    0
    bhumiputra
    user_offline.gif


    Banned

    Last Activity: Today 07:13 PM

    welldone GT lokka:cool::cool::yes:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    දැන් අපේ අයත් bhumiputra Quote කරපු ඒවා මකලා දැම්මනම් වැඩේ සුද්දයි.........

    එහෙම වුනොත් නැවත මෙතන පිරිසිදු කර ගන්න අපිටම පුළුවන් වෙයි.....

    තෙරුවන් සරණයි
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    දැන් අපේ අයත් bhumiputra Quote කරපු ඒවා මකලා දැම්මනම් වැඩේ සුද්දයි.........

    එහෙම වුනොත් නැවත මෙතන පිරිසිදු කර ගන්න අපිටම පුළුවන් වෙයි.....

    තෙරුවන් සරණයි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ඔව් සහෝදරයා.......

    අපි මෙතන ඉඳලාවත් අපේ මාතෘකාවට අදාලව කතා කරමු...

    මේක කඩාකප්පල් කරන්න උත්සහ කරන අය දාන පෝසට් වලට

    උත්තර නොදී ඉමු.....

    එහෙම වුනොත් අපේ බලාපොරොත්තුව ඉටු කර ගන්න ලැබේවි.

    මෙතන බලන් ඕනෑම කෙනෙකුට ඉන්න ආස හිතෙන තැනක් කරමු...

    මේ තුලින් අපට එකට එකතු වෙන්න පුළුවන්.........

    මේ ලැබුණු අවස්ථාව අන්තිම අවස්ථාව කියලා හිතමු........

    ආයෙත් අවස්ථාවක් එනකම් බලන් හිටියොත් අපි පරක්කු වැඩි වෙයි.

    තීරණය සිංහල ඔබගේ අතේ.......

    තෙරුවන් සරණයි