සිංහල බෞද්ධ සංව්ධානය

ninenet9

Member
Feb 9, 2007
1,795
73
0
අනුරාධපුර
mata meka dakinamakota ape somahamuduruwo matak wenawa. ea wachana ea vidiyata ape lankawat me iranama ath wenna puluwn mehema giyoth ape aya mekata monanwahari kare nattanam. we should have atlest 3 sinhala chidrents for a family. but this is not goanna working out now. :( so sad about our sinhala jathiya.

අපේ ජාතියේ ඉතිහාසය ගැන සෝම හාමුදුරුවන් කළ විග්‍රය
අපේ ජාතියට දැනට උද්ගත වි ඇති ප්‍රශ්නය පිළිබඳ කළ සෘජු ප්‍රකාශය

මම ඉල්ලා සිටිනවා අපේ සියළුම සහෝදර සහෝදරියන්ට මෙයට හොඳින් සවන් දෙන්න කියලා..

(මේ ධර්ම දේශනාව මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ එකක් නොවේ)

මේ සංවාදය ඉදිරියට යාමට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙයි...

තෙරුවන් සරණයි

අපේ ජාතිය 01 - පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

මේක අහන්න පුළුවන්නම් බොහෝම වැදගත්........

මේක අහන්න .........
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
නිවැරදි කිරීමක් .... නිවැරදිව බුද්ධ ධර්මය පිළිපදින්නා අන්‍යයන්ද පවෙන් බේරා ගනියි.

ඔයා හරියටම හරි
"නිවැරදිව බුද්ධ ධර්මය පිළිපදින්නා අන්‍යයන්ද පවෙන් බේරා ගනියි".

අපි අපේ ආගම හරියි කියලා හිතනවා වගේ අන්‍ය ආගමිකයොත්
එයාලගෙ ආගම ගැන හිතනවා.
අනික කිසිම ආගමකම වැරදි දේ කරන්න උගන්වන්නෙ නැහැ.
ඒ නිසා අපි රණ්ඩු කර ගන්නෙ නැතිව මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයොජනයක් ගමු.
අපි අනිත් ආගම් ගැන නොදන්න දේ ඒ ආගම් අදහන අයගෙන් දැන ගමු.
එයාලට අපේ ආගම ගැන දැන ගන්න අවශ්‍ය දේ කියලා දෙමු. :)
 
ගංගොඩවිල සෝම හිමිපාණෝ
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ අපවත් වී වදාල පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ බුදු දහමත් සිංහල ජාතියත් රැකගැන්මෙහිලා අමරණීය වූ සේවාවාක් ඉටුකරන ලදී.

සෝම හිමියඟේ අගනා දහම දේශනා මාලවක් මෙයින් බාගත හැකි බව දන්වා සිටිමි...​
1. සතර අගති
2. ධර්ම චින්තා
3. ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය 1
4. ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය 2

ninenet9 සොයුර ඔබ ලබා දුන් අදහස හේතුවෙන් මෙම කර්තව්‍ය මම පටන් ගතිමි... ඔබට බොහොම පින්......
 
  • Like
Reactions: KHz

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ඔයා හරියටම හරි
"නිවැරදිව බුද්ධ ධර්මය පිළිපදින්නා අන්‍යයන්ද පවෙන් බේරා ගනියි".

අපි අපේ ආගම හරියි කියලා හිතනවා වගේ අන්‍ය ආගමිකයොත්
එයාලගෙ ආගම ගැන හිතනවා.
අනික කිසිම ආගමකම වැරදි දේ කරන්න උගන්වන්නෙ නැහැ.
ඒ නිසා අපි රණ්ඩු කර ගන්නෙ නැතිව මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයොජනයක් ගමු.
අපි අනිත් ආගම් ගැන නොදන්න දේ ඒ ආගම් අදහන අයගෙන් දැන ගමු.
එයාලට අපේ ආගම ගැන දැන ගන්න අවශ්‍ය දේ කියලා දෙමු. :)

:yes::yes:
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,669
    4,520
    113
    ඔයා හරියටම හරි
    "නිවැරදිව බුද්ධ ධර්මය පිළිපදින්නා අන්‍යයන්ද පවෙන් බේරා ගනියි".

    අපි අපේ ආගම හරියි කියලා හිතනවා වගේ අන්‍ය ආගමිකයොත්
    එයාලගෙ ආගම ගැන හිතනවා.
    අනික කිසිම ආගමකම වැරදි දේ කරන්න උගන්වන්නෙ නැහැ.
    ඒ නිසා අපි රණ්ඩු කර ගන්නෙ නැතිව මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයොජනයක් ගමු.
    අපි අනිත් ආගම් ගැන නොදන්න දේ ඒ ආගම් අදහන අයගෙන් දැන ගමු.
    එයාලට අපේ ආගම ගැන දැන ගන්න අවශ්‍ය දේ කියලා දෙමු. :)

    අපේ අතින් වැරදි උනා :yes:, ''තම්බි කපලා මුහුදෙ දන්න ඔන'' හා "ඉස්ලම් අගමක් නෙමෙයි වගෙ කතා ", මම මගෙ මුස්ලිම් යලුවන්ගෙන් සමාව ඉල්ලනවා හිත් රිදිමක් උනා නම් :D, එවගෙම බුදු දහමට උන අපහසය ගෑන ඔගොල්ලන් නිහතමනිව සමාව ගනිවි කියලා මම හිතනවා:)
     
    smganewatta

    Member
    Nov 18, 2009
    713
    33
    0

    කිසිම සතෙක් නො මරමි මම නො මරවමි.
    මරණ අයට කිසිසෙත් අනුබල නො දෙමි.
    කිසිවෙකු නො වෙහෙසෙමි සෑමට ම සුව පතමි.
    මේ ලෙස පළමු සිකපද සපුරා රකිමි.

    අනුන් සතු නුදුන් දෙය සොරෙන් නො ගනිමි.
    නො ගන්වමි සොරුන්හට අනුබල නො දෙමි.
    තමන් සතු දෙයින් සතුටුව දවසරමි.
    දෙවෑන්න ද මෙමන් සපුරා රෑකගනිමි.

    මිහිසරිනිදු දිවිහිම් කොට ම වලකමි.
    දරු කලෑ කුමර බඹසර නිසිසේ පුරමි.
    තුරුණුවෑ සදර සතුටින් සෑනසී වෙසෙමි.
    මෙවිලස තෙවෑන්න ද සපුරා රකිමි.

    බොරු නො ම කියමි අනුනුදු එහි නො ම යොදමි.
    කියනුවනට ද කිසිසෙත් අනුබල නොදෙමි.
    නිසි තෑන පමණ දෑන ඇත්තක් ම පවසමි.
    සිවු වන සික ද මෙලෙසින් සපුරා රකිමි.

    මත්පෑන් නො බොමි නො පොවමි තුමුදු නොම බොමි.
    බොන්නන්හට ද අනු දෑනුමක් නොම කරමි.
    මත්වන හෑම දෑයින් සිහිනෙදු වළකිමි.
    පස්වන සික ද මෙලෙසින් සපුරා රකිමි.

    උපුටා ගෑනිම.
    බෞද්ධ ළමයා.
     
    ඔයා හරියටම හරි
    "නිවැරදිව බුද්ධ ධර්මය පිළිපදින්නා අන්‍යයන්ද පවෙන් බේරා ගනියි".

    අපි අපේ ආගම හරියි කියලා හිතනවා වගේ අන්‍ය ආගමිකයොත්
    එයාලගෙ ආගම ගැන හිතනවා.
    අනික කිසිම ආගමකම වැරදි දේ කරන්න උගන්වන්නෙ නැහැ.
    ඒ නිසා අපි රණ්ඩු කර ගන්නෙ නැතිව මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයොජනයක් ගමු.
    අපි අනිත් ආගම් ගැන නොදන්න දේ ඒ ආගම් අදහන අයගෙන් දැන ගමු.
    එයාලට අපේ ආගම ගැන දැන ගන්න අවශ්‍ය දේ කියලා දෙමු. :)

    සහෝදරී , කරුණාකරල අනික් ආගම් වල වැරදි දේ නොකරන්න උගන්වන හැටි මට කියල දෙනවද ? මොකද මම දන්නේ නැහැ අනික් ආගම් වල වැරදි දේ නොකරන්න උගන්වනවා කියලා. විශේෂයෙන් ඉස්ලාමයේ. ඒනිසා මම නොදන්න එත් ඔබ දන්න ඒ දේ ගැන අපිට කියල දෙනවද කරුණාකරල ?
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පායනා සඳ සේම....​

    චන්දූපම සූත්රය
    පුන් සඳ උපමා කොට වදාළ දෙසුම

    සැවැත් නුවරදී....

    moonn.jpg

    පින්වත් මහණේනි,දායක ගෙවල්වලට යන විට සඳක් වගේ යන්න.ඔවුන්ගෙන් කය ඉවත් කරගෙනම,ඔවුන්ගෙන් සිත ඉවත් කරගෙනම(ආගන්තුකයෙක් වගේ ම )යන්න.හැම තිස්සේම අළුත් කෙනෙක් වගේ යන්න.දායකයින් එක්ක අනවශ්යය කුළුපගකම් තියා ගන්නේ නැතුව යන්න.

    පින්වත් මහණෙනි,ඒක මේ වගේ දෙයක්.පුරුශයෙක් ගරා වැටුණු ලිඳක් ලඟට යනවා.එහෙම නැත්නම් භයානක කඳු ප්රපාතයක් ලඟට යනවා.එහෙමත් නැත්නම් ඉවුර සිඳී ගිය ග්ං ඉවුරක් ලඟට යනව කියා හිතමු.එවිට ඔහු කය ඈත් කරගෙනමයි එඹේ බලන්නේ.අන්න ඒවගේ පින්වත් මහණේනි,දායක ගෙවල්වලට යන විට සඳක් වගේ යන්න.ඔවුන්ගෙන් කය ඉවත් කරගෙනම,ඔවුන්ගෙන් සිත ඉවත් කරගෙනම(ආගන්තුකයෙක් වගේ ම )යන්න.හැම තිස්සේම අළුත් කෙනෙක් වගේ යන්න.දායකයින් එක්ක අනවශ්යය කුළුපගකම් තියා ගන්නේ නැතුව යන්න.

    පින්වත් මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ?කොයි වගේ භික්ෂුවක්ද දායක ගෙවල් වලට යන්න සුදුසු වෙන්නේ?

    ස්වමීනි,අපගේ මේ ධර්මය භාග්යවතුන් වහන්සේමයි මුල් කරගෙන තියෙන්නේ,භාග්යවතුන් වහන්සේමයි ප්රධාන කොට ගෙන තියෙන්නේ.භාග්යවතුන් වහන්සේමයි පිළිසරන කරගෙන තියෙන්නේ.ස්වාමේනි,ඔය වදාළ කරුන ගන භාග්යවතුන් වහන්සේටම වැටහෙන සේක්වා!භාග්යවතුන් වහසේගෙන් අසාගෙනයි භික්ෂූන් මතක තබා ගන්නේ"

    එතකොට භාග්යවතුන් වහන්සේ අවකාශයෙහි තම ශ්රී හස්තය ඔබ මොබ සොළොවා වදාලා."පින්වත් මහණෙනි,ඔය විදිහටම දායක ගෙවල් වලට පිවිසෙන යම් භික්ෂුවකගේ හිත ඇලෙන්නේ නැත්නම් ගැටෙන්නේ නැත්නම් බැඳෙන්නේ නැත්නම් 'පින් කැමති උදවිය පින් ලබා ගනිත්වා!පින් කැමති උදවිය පින් කර ගනිත්ව!'කියල.තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නව.ඔය විදිහට අනුන්ගේ ලාභයෙදේත් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නව.පින්වත් මහණෙනි,අන්න එබඳු භික්ෂුවක් තමයි දායක ගෙවල් වලට යන්ට සුදුස්සෙක් වෙන්නේ..

    පින්වත් මහණේනි දායක ගෙවල් වලට පිවිසෙන කස්සපගේ සිත දායකයන් ගැන ඇලෙන්නේ නෑගැටෙන්නේ නෑ බැඳෙන්නේ නෑ 'පින් කැමති උදවිය පින් ලබා ගනිත්වා!පින් කැමති උදවිය පින් කර ගනිත්ව!'කියල.තමන්ට ලැබිච්ච දෙයකින් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නව.ඔය විදිහට අනුන්ගේ ලාභයෙදේත් සතුටු වෙලා සතුටු සිතින් ඉන්නව.පින්වත් මහණෙනි,අන්න එබඳු භික්ෂුවක් තමයි දායක ගෙවල් වලට යන්ට සුදුස්සෙක් වෙන්නේ.

    පින්වත් මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ?කොයි වගේ භික්ෂුවකගේ ධර්ම දේශනාවද පිරිසිඳු වෙන්නේ?

    ස්වමීනි,අපගේ මේ ධර්මය භාග්යවතුන් වහන්සේමයි මුල් කරගෙන තියෙන්නේ,භාග්යවතුන් වහන්සේමයි ප්රධාන කොට ගෙන තියෙන්නේ.භාග්යවතුන් වහන්සේමයි පිළිසරන කරගෙන තියෙන්නේ.ස්වාමේනි,ඔය වදාළ කරුන ගන භාග්යවතුන් වහන්සේටම වැටහෙන සේක්වා!භාග්යවතුන් වහසේගෙන් අසාගෙනයි භික්ෂූන් මතක තබා ගන්නේ"

    "පින්වත් මහණෙනි ,එහෙනම් හොඳින් අහගෙන ඉන්න.නුවණින් මෙනෙහි කරන්න.මා කිය දෙන්නම්.""එසේය ස්වාමිනි"කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්යවතුන් වහන්සේට පිළිතුරු දුන්න.භාග්යවතුන් වහන්සේ මෙය වදාළා.

    පින්වත් මහණෙනි,යම් කිසි භික්ෂුවක් අනුන්ට ධර්ම දේශනා කරන විට මෙබඳු සිතකින් යුක්ත නම්,'අනේ මා කියන මේ ධර්මය මේ උදවිය අහනවා නම්!අහල මං ගැන පහදිනවා නම්!පැහැදිලා ඒ පැහැදුන බව මට කියනවා නම්!' කියල.පින්වත් මහණෙනි,අන්න එබඳු සිත් ඇති භික්ෂුවගේ ධර්ම දේශනාව අපිරිසින්ඳුයි.

    පින්වත් මහණෙනි,යම් කිසි භික්ෂුවක් අනුන්ට ධර්මය දේශනා කරන විට මෙබඳු සිතකින් යුක්ත නම්,එනම් භාගයවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනා කොට දේශනා කරලයි තියෙන්නේස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ).මේ ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කරන්න පුළුවන්(සන්දිට්ඨිකෝ)ඕනෑම කාලයකදී අවබෝධ කරන්න පුළුවන්(අකාලිකෝ).ඇවිත් බලන්න කියා පෙන්වන්න පුළුවන් (ඒහිපස්සිකෝ).තමා තුළට පමුණුවා ගත යුතු දෙයක් (ඕපනයිකෝ)බුද්ධිමතුන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කරගත යුතු ධර්මයක්.(පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහී).ඇත්තෙන්ම ඒ ගුණ වලින් යුක්ත මේ ධර්මය මේ උදවිය අසනවා නම්,ඇසූ ධර්මය අවබෝධ කරගන්නවා නම්,අවබෝධකරගෙන ඒ අනුව පිළිපදිනවා නම් කොතරම් හොඳද' කියලා ධර්ම සුධර්මත්වය හේතු කොටගෙන ඒ ධර්මය දේශනා කරනව නම්,කරුණාව හේතු කොටගෙන ධර්මය දේශනා කරනව නම්,දයාව හේතුකොටගෙන ධර්මය දේශනා කරනව නම් ,අනුකම්පාව හේතුකොටගෙන ධර්මය දේශනා කරනව නම්,පින්වත් මහණෙනි අන්න එබඳු භික්ෂුවගේ ධර්ම දේශනාව නම් පිරිසිඳුයි.

    පින්වත් මහණේනි,මේ කස්සප අනුන්ට් ධර්මය දේශනා කරන විට මෙබඳු සිතකින් යුක්තයි,එනම් භාගයවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනා කොට දේශනා කරලයි තියෙන්නේස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ).මේ ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කරන්න පුළුවන්(සන්දිට්ඨිකෝ)ඕනෑම කාලයකදී අවබෝධ කරන්න පුළුවන්(අකාලිකෝ).ඇවිත් බලන්න කියා පෙන්වන්න පුළුවන් (ඒහිපස්සිකෝ).තමා තුළට පමුණුවා ගත යුතු දෙයක් (ඕපනයිකෝ)බුද්ධිමතුන් විසින් තම තම නැණ පමණින් අවබෝධ කරගත යුතු ධර්මයක්.(පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහී).ඇත්තෙන්ම ඒ ගුණ වලින් යුක්ත මේ ධර්මය මේ උදවිය අසනවා නම්,ඇසූ ධර්මය අවබෝධ කරගන්නවා නම්,අවබෝධකරගෙන ඒ අනුව පිළිපදිනවා නම් කොතරම් හොඳද' කියලා ධර්ම සුධර්මත්වය හේතු කොටගෙනයි ඒ ධර්මය දේශනා කරන්නේ,කරුණාව හේතු කොටගෙනයි ධර්මය දේශනා කරන්නේ,දයාව හේතුකොටගෙනයි ධර්මය දේශනා කරන්නේ ,අනුකම්පාවයි හේතුකොටගෙනයි ධර්මය දේශනා කරන්නේ.....

    මහණෙනි,...

    මම කස්සපයන් වාගේ වෙනවා කියා හික්මෙන්නට අවවාද කරන්නෙමි. කස්සපයන් විසින් අවවාද කරන ලද්දාවුවන් එසේ වනු ස’දහා පිළිපැදිය යුත්තේය.

    සාදු!සාදු!!සාදු!!!
    ඒ භාග්යවත් අරහත් සම්බුදුරජාණන් වහසේට නමස්කාර වේවා!

    සංයුක්ත නිකාය ,නිදාන වර්ගය,කස්සප සංයුක්තය
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පිටියෙ_අප්පු;7070808 said:
    සහෝදරී , කරුණාකරල අනික් ආගම් වල වැරදි දේ නොකරන්න උගන්වන හැටි මට කියල දෙනවද ? මොකද මම දන්නේ නැහැ අනික් ආගම් වල වැරදි දේ නොකරන්න උගන්වනවා කියලා. විශේෂයෙන් ඉස්ලාමයේ. ඒනිසා මම නොදන්න එත් ඔබ දන්න ඒ දේ ගැන අපිට කියල දෙනවද කරුණාකරල ?

    මෙහෙම දෙයක් තියෙනවා .. අන් හැම ආගමකම තියෙන්නේ ලෞකික ජිවිතය සැපවත් කර ගැනීමට අවශය දේවල් ...සමහර විට ඒ දේවල් .. වැරදි වෙන්න පුලුවන් ...

    මම මේ මුස්ලිම් ආගමට අගෞරවයක් කරනව නෙවෙයි ... එත් මුස්ලිම් ආගමේ තියෙනවා ..දුප්පතුන්ට තම ධනයෙන් කොටසක් දෙන්න කියල ..එත් තම ආගමේ අයට පමණයි ...මේ දේ අපේ පිලිගැනීම් ඉගැන්වීම් අනුව නන් වැරදී ...
     
    ඒකත් කමක් නෑ කියමුකෝ , ඊටත් වඩා වැරදි දේවල් අනුමත කිරීමනෙ මෙතන තියෙන ප්‍රශ්නේ.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පිටියෙ_අප්පු;7071012 said:
    ඒකත් කමක් නෑ කියමුකෝ , ඊටත් වඩා වැරදි දේවල් අනුමත කිරීමනෙ මෙතන තියෙන ප්‍රශ්නේ.

    අපිට කාවවත් හදන්න බැනෙ ... අපි අපේ ආගම ගැන බලාගමු ... මම හිතන්නේ එක තමා කරන්නෙ පුලුවන් ලොකුම දේ
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    yeahh yarr :) i got it :) :) thank you :) :)

    we do this together :) :) ... :)

    මෙත්සිරි මල්ලියා ඔයා දිගටම ඔය යන විදිහට ලියන්න ..ඔයා ඉන්නේ හරි මාවතේ..ඔයාගේ සේවය ඉතා අගේ කොට අපි කවුරුත් සලකනවා...

    කාටවත් පහර ගැසීම් නොකොට පරමාර්ථ සපුරා ගැනීම් වස් ඉදිරියටම පිය නගමු..

    සැමට තෙරුවන් සරණයි...
     
    අපිට කාවවත් හදන්න බැනෙ ... අපි අපේ ආගම ගැන බලාගමු ... මම හිතන්නේ එක තමා කරන්නෙ පුලුවන් ලොකුම දේ

    අපි අපේ ආගම විතරක් බලාගෙන හිටපු කාලේම නේ කූරගල වගේ ආක්‍රමණ සිදුවුනේ. අපේ හතුරො කොරන්නෙ අපි පහර දෙනකොට හුඹස් වලර රිංගන එක. ඒනිසා අපේ ආගම විතරක් බලං ඉදල හරියන්නේ නෑ. වැරදි දේ හොයල එවා එලි කරන්න ඕනා.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියමයි අද කවුරුත් ෆේක් කාරයන්ට අහුවුනේ නෑ..හෙටත් එයි නේ නොවැරදීම.අපි අද වගේම ඉමු :yes: :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පිටියෙ_අප්පු;7071146 said:
    අපි අපේ ආගම විතරක් බලාගෙන හිටපු කාලේම නේ කූරගල වගේ ආක්‍රමණ සිදුවුනේ. අපේ හතුරො කොරන්නෙ අපි පහර දෙනකොට හුඹස් වලර රිංගන එක. ඒනිසා අපේ ආගම විතරක් බලං ඉදල හරියන්නේ නෑ. වැරදි දේ හොයල එවා එලි කරන්න ඕනා.

    ඒ කතාව මම පිලි ගන්නවා ..එත් ඇයි පිට මිනිස්සුන්ට පුලුවන් උනේ අපේ ආගමට ඇගිලි ගහන්න ... මෙච්චර සත්‍ය් වාදි දර්ශනයකට ඇගිලි ගහන්න පුලුවන් උනේ කොහොමද ???

    මම හිතන්නේ ඒ අපේ වැරදි හින්ද ...අපිට අපේ ආගම ගැන තියෙන දැනුම අල්ප හින්දා ...අපිට ඒකෙ තියෙන වටිනාකම නොතේරෙන හින්ද ... අපි මෙකෙන් අපෙ බුද්ධාගමේ වටිනාකම ලොකෙට කියමු :)
     
    • Like
    Reactions: sudunone

    එවගේම වැරදි දේත් වැරදි කියල පෙන්නල දෙන්න බය විය යුතු නැහැ.